Friday, July 29, 2011

පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව

හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේ
සරස්වතී කුමරිය මෙහි වඩින්නේ
වැරදි නැතිය හරි දෙයකුයි කරන්නේ
සැම දෙස බලා සැමට සෙත සදන්නේ

සොදුරු දෙයකි අරඹන්නට හදන්නේ
සැමට සෙතක් ඇති බවකුයි සිතන්නේ
අද දින අපි කවි මඩුවක් කරන්නේ
කවි කම් මතින් හොද මිනිසුන් හදන්නේ

රතු පාවඩ නැත කවි පලසකි එලන්නේ
කවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේ
කවි කියන්න සැමටම සුබ පතන්නේ
පිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේ

පහන් සිලක් දැල්වීමේ ආරාධනය

සමාව අවසර මිතුරනි පිළිගන්න
සම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්න
සැම දෙනාම එකාවන්ව ගොඩවන්න
ඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්න

පහනේ තෙල් සුවදින් සිත් සැනසේවා
පහනේ ආලෝකය දසතම පැතිරේවා
පහනේ උණුසුම සැමටව සුවදේවා
පහනේ දැල්ල නිම වන තුරු නොනිවේවා


මුල්ම මාතෘකවලෙස "මත්පැන් හොඳද , නරකද?" ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්නා ලදී


කවිමඩුවට මෙතනින් යන්න http://kavimaduwa.lankeeya.lk/index.php


උපුටා ගැනිම ලාංකීය සිතුවිලි


ඔබ

Sunday, July 17, 2011

අවසර දෙනවද අම්මේ‍

කලකට පසුවයි අම්මේ
ඔබ සමගින් එක මග යන්නේ
සැමදා දුටුවත්, ඔබේ රුව අම්මේ
කරුණා සේ‍නෙහස බුදු ගුණ වින්ද නිසා,
නුදුටුව ගානයි ඔබ මනු රුව අම්මේ
වියපත් වි ඇති බව දුටුව නිසා
මව් ස්නෙහස වැඩි වූවා අම්මේ

ඔබේ විඩාවට සවියක් වන්නට
දානය අරගෙන ගමේ පන්සලට
එන පෝයට එන්නද මා අම්මේ
සිල් සුවඳයි ඔබේ සුවඳයි
විඳින්න මට අවසර දෙනවද අම්මේ‍

මා ඔබ පුතුම නිසා අම්මේ
අවසර ඇත මා හැර යන්නට
නිවන් පුරට වඩිනා දා සිට, අම්මේ
යන මග එලි කර හරි මග කී නුඔඋබ
මගේ සවියගෙන මටම මවම වි එතකල් හිඳින්නඉඳපන් අම්මේ








හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....