Thursday, December 31, 2009

2010 අලුත් යාලුවො ටික

මුලින්ම වැප්ගේන් අලුත් අවුරැද්දට සුබ පැතුම් !!!!!!!!!!

ජංගම දුරකතනය අතට ලැබුනු දා ඉදන් අලුත් අවුරැද්දට, දැකලා තියන අඩුම ගානේ වචනයක් හරි කතා කරලා තියන යාලුවන්ට විතරයි සුබ පතලා එස්එම්එස් එකක් යැව්වෙ. ඒත දැන් ක්‍රමය ටිකක් වෙනස්, මෙ වෙනසට හේතුව අපිට සිංහල යුනිකොඩ් ලැබනු එක. උ.පෙ.ලෙන් පස්සේ සිංහල වලින් ලියන එක සෑහෙන්න අඩුඋනා [කඩ්ඩ පාවිච්ච කලා කියන එක නෙමෙයි හොදේ]. ඇයි ඉතින් ලියන කියන වැඩ උ.පෙළත් එකක්ම ඉවර උනානේ.

ඔන් ඉතින් මාතෘකාවෙන් පිට පැන්නා. කියන්න‍ ‍ගියේ...., මෙ අවුරැද්දේ දැකලා නැති අඩුම ගනේ නමවත් දන්නේ නැති ගොඩ දෙනෙකුට අපේ විදිහටම සුබ පතන්න ලැබුණා. එක අතකින් මෙක මට ලැබුනු ලොකුවාසනාවක්. මොකද දැන් යලුවො අම්බානට ඉන්නවා. එවගේම ‍ඔක්කොම මේ පොලවේ පය ගහලා ඉන්න උන්. අපේකමට ආදරයක් තියන කට්ටිය. ඒ හින්දා පහුගිය අවුරැද්ද - 2009 මට ගොඩාක් වැදගත් අවුරැද්ක් උනා.


පහුගිය අවුරැද්දේ මතකයේ රැදුනු නම් කිහිපයක්

Kalinga Athulathmudali /නීනු / Saranga Rathnayake
ගීත් / දුකා / kanirockz / Pathum Herath / Sahan Weerasinghe / Buddhika Ranasinghe /
Supun Sudaraka / Kanishka | කණියා / නුවර පාර /
ඉන්දරේ / ත‍රිඳු / පිස්සා / ශාකුන්තල / මාරයාගේ හෝරාව / රවා / මල් මාමා / තව ඉතින් මෙතන නොතිබෙන එවා ගොඩකුත් තියනවා.

සමාවෙන්න ඔනා....... ‍ඔක්කොම මතක නැහැනේ මටත් ඉතින් !!!


ඔය අතරෙ මට මීදුම The mist හා සිතිජ ඉම වඩා වැදගත් උනේ ලොකු පොඩි හැමෝම Blog කෙරැවාවත් එක්ක එකතුවෙලා ඉන්න හින්දම තමයි.

ලැබුවා වු නව අවුරද්ද කිරයේන පැණයේන ඉතිරියන සුබම සුබ නව වසරක්ම වේවා!!!
වැප්...

Friday, December 25, 2009

සෝම හාමුදුරුවෝ

තරුණ හා කුඩ ළමුන්ගේ හදවතට කතා කීරිමේ හැකියාවෙන් යුතු, හා ගැඹුරැ ධර්ම කරණු එකිනේක ගෙන ඉතා සරළව පහදා දෙමින් මනා ලෙස තම වාග් කෞෂ්‍යල්‍යයය මෙහෙයවු ඒ මාහා සංඝ පිතෘවරයාණෝ අපවත් වි වසර හයද ඉකමවා ගොස් ඇත.

රටම වල්මත් වි, හරිමගක් ‍පෙනෙන මානයක නොතිබුණු යුගයක මෙරට සකලවිද වු ජනී ජනයාගෙම වාසනාවට පහළවු සෝම හිමි මුලු රටම වහල් මානසිකත්ව‍යෙන් එගොඩ කලහ. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට නිවැරදි මගපෙන්විමක් කරමින් රටෙ අනාගතය නිවැරදි දිශාවට යොමු කලේ විවධ වු බාදකයන් මැඩගෙනය.

උන්වහන්සේ මෙරට බෞද්ධ ජනතාවට පමණක්ම ආමන්ත්‍රණය නොකලහ. විශේෂයෙන් ඉස්ලම් භක්තිකයන් උන්වහන්සේට මහත් සේ ‍ගෞරව කලහ. රටට නව මනයක් කිහිපයක් ඇතුලු කර එතුලින් රට නවමගට යොමු කිරිම සෝම හිමිගේන් සිදුවු මහඟු සේවව වෙයි.

අන්‍යගමීකරනය
දේව සංකල්පය හා මිත්‍යය විශ්වාස
සිංහල ජාතියට වන හානිය

යන මෙ මුලික කරැනු මත පිහිටමින් තම දෙශණ චතුරත්වය ‍සමාජගත කරමෙ ප්‍රතිපලයක් ලෙස අද තරැණ පෙලතුල රටට ජාතියට හා ආගමට ඇති ලැදියා තවමත් අත හැර නැත.

ස්වධින රැපවාහිණියේ අඳුරෙන් එළිය වැඩසටහන තුලින් වඩාත් ජනතාව අතරට ලංවුවත් පසු ඇතිවු තත්වයන් මත ටි එන් එල් සේවව තුල ධර්ම ප්‍රදීප වැඩසටහන් මෙරට ජනතාව ඇමුතු උනවහන්සේගේ ගමන නතර කරවිමට විදේශ බලවෙගයන්ට හැකිවීම මෙරට ජනයාට සිදුවු මහත් පාඩුවකි.

රටට අවශ්‍යම වු මොහොතක මෙරට තුල මහත් වු වෙනසක් සිදු කර අප අතරින් "රහසින්ම නික්ම ගිය" උනවහන්සේ නිවන් දකිනා තුරා මෙරටම යලි යලිත් ඉපදේවයි එක සිතින් ප්‍රර්තණා කරන්නෙමි.


වැඩිදුරත්
විකි

Thursday, December 24, 2009

වැප් බ්ලොග් එකට

'මම' කියා කෙනෙකු නැති මෙලොව තුල, 'මම' යයි සම්මත කොට රාමු කරගත් අප සමාජය, 'මම' යන්න පමණක්ම තම හිස් මුදුනින් තබා ගෙන යනුයේ අවැසි වෙලාවට හා තම වාසියට 'අපි' යන්න ටික වෙලාවක් ඉඩ දෙමෙනි, එමගින් සමාජය තුල අමුතු ඉපිලිමක් ලබා එකවිට 'අපි' හලා 'මම' යන්න නැවතත් හිස මතට ගනී. කරුනු එසේ වුවත් 'මම' නමින් නිශාන්ත වුවත්, හැකීලු මුලකුරැ වැප් ලෙසද ඇති බැවින් හා වඩා පහසු නිසාත් 'මම' කැමති නිසාත් 'වැප්' යන්නම වඩ වඩා පරිශිලනයට කැමති නිසාත් වැප් නමින් බ්ලොග් අඩවි අවකාශතුල සැරිසරන බව, සිංහල බ්ලොග් කියන ලියන ඔබ සැමගෙන් ඉතා යටහත් පහත් ලෙස හා මහත් වු අඩම්බරයෙන් මෙසේ සටහනක් තබන්නෙමු.

බ්ලොග් ලිවිම සඳහා මා අධුනකයෙකු වුවත්, මාස කිහිපයක් බ්ලොග් කියවා හා කමෙන්ට් දැමිමෙන් ලද පන්නරය උපයෝගියෙන් මෙම සිංහල බ්ලොග වඩා වැඩදායි හා උසස් අයුරින් පවත්වාගෙන යාමට මහත් සේ උත්සාහා දරන්නෙමි.

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....