Saturday, July 24, 2010

HACCP කියන්නේ මොකක්ද?

වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන්

එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්න ඔනා කියලා හිතුන හින්දා ඕන් අද මේක ලියනවා. මේක ටිකක් විතර බර වැඩිද මන්දා. ඇත්තටම කිව්වොත් මාත් එච්චර බර වැඩි ලිපි වලට කැමති නැහැ. ඒත් ඉතින් මේක දැන ගෙන ඉන්න එක වටිනවා. අඩුම ගානේ මෙහෙම එකක් තියනවා කියලා දැන ගන්න එකවත්. හරි කෙලිනම් මාතෘකාවට එමු.

මොකක්ද හැසප් කියන්නේ HACCP - Hazard Analysis and Critical Control Points

අර්ත දැක්වීම - [ දායකත්වය - විකි ]
Hazard Analysis Critical Control Point (HACCP) is a systematic preventive approach to food safety and pharmaceutical safety that addresses physical, chemical, and biological hazards as a means of prevention rather than finished product inspection.

භෞතිකව, රසායනිකව හෝ ජීව විද්‍යත්මකව, ආහාර හෝ බෙහෙත් වල ඇතිවිය හැකි විෂමතාවයන් වලක්වාලීම හා එසේ විය හැකි තත්වයන් කලින් අඳුනා ගැනිම. [ මේක වැප්ගේ සිංහල අර්ත දැක්වීම :D ]

මට තේරෙන සරළ සිංහලෙන් කියනවා නම්, මේක අදාල වෙන්නේ අපි කන බොන දේවල් වලටයි ඖෂධ වලටයි තමයි. ඒ කියන්නේ අපි කන බොන හෝ බෙහෙත් වලන් අපේ ශරිරයට විය හැකි කරදර නැති කර ගැනීම. සරළ උදාහරණයක් කිව්වොත්. හාල් වල ගල් තීබිම. මෙක නිසා අපේ දත් කැඩෙන්න පුලුවන්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ........... ආ හෝව් හෝව් ........ කියන්න බැරි උනානේ මේක මෙන කෙහෙල් මලක්ද කියලා තාම


හරි HACCP කියන්නේ හරියට ISO 19000 හෝ 20000 වගේ තත්ව සහතිකයක්. මේක දෙන්න වෙනම ආයතන තියනවා. ඒ වගේම අන්තර් ජාතික ප්‍රමිති කරණයක්. හැබැයි තියෙන්නේ කන බොන හෝ ඖෂධ වලට නැත්නම් මිනිසාගේ ශරිර සෞඛ්‍ය නිසිපරිදි පවත්වාගෙන යාමට. ම්ම් ඔය ඇති.

මෙතන කාරනා දෙකක් තියනවා, එකක් තමයි Hazard Analysis (විෂමතාවයන් විශ්ලේෂණය). අනික තමයි Critical Control Points ( යමක පැවතිය හැකි අවම අගය ).

මුලින්ම ගමු Hazard Analysis (විෂමතාවයන් විශ්ලේෂණය)
මේ කෑල්ල ඉතින් විශ්ලේෂනය තමයි. මේක වඩා වැදගත් වෙන්නේ අලුතෙන් නිශ්පාදනයක් වෙළඳ පලට හඳුන්වලා දෙනකෙට තමයි. මොකද කියලා කියනවා නම් එතකොට පුලුවන් ඒ නිශ්පාදනය නිසා අපට වෙන්න පුලුවන් හැම ආකාරයකම වින්නැහියක් හඳුන ගන්න. උදාහරණයක් විදිහට කියනාව නම් හිතන්න, අපි පටන් ගන්න යනවා පකඩ නිශ්පාදන කර්මාන්ත ශාලාවක් [ පකඩ දන්නේ නැත්න්ම් නිකන් හිටපල්ලා :D ]. මෙතනදි අපි සලකා බලනවා මේ නිශ්පාදනය අතර තුරදි ශරිරයට අහිතකර දේවල් වෙන්න පුලුවන්ද කියලා. තව දුරටත් කියනවා නම් මේකත් එක්ක යම් විදිහකින් වැලි කැට පැකට් වෙන්න පුලුවන්ද කියලා. ඒ කිව්වේ නිශ්පාදනයේ මොන යම් අවස්ථාවක හරි පකඩයි වැලි කැටයි එකට පැකට් වෙන්න පුලුවන්ද කියලා. බැරි වෙලාවත් එහෙම ඉඩ කඩක් තිබුනොත් අන්න ඒ අවස්තාව මග ඇරලා නිශ්පාදනය කොහොමද කරන්නේ කියලා ආයිත් නිශ්පාදන ක්‍රියාවලිය වෙනස් කරනවා. එහෙම නැත්නම් තීරනයකට එනවා එක පැකට් එකක වැලි කැට 5 ක් තිබිය හැක කියලා.

දෙවෙනි එක - Critical Control Points ( යමක පැවතිය හැකි අවම අගය )
දැකලා තියනවාද ගෙදරට ගේන සමහර කන බොන එවෑ තියනවා මේච්චර උෂ්නත්වයක රත් කරගන්න කියලා. අන්න එක තමයි Critical Control Points කියන්නේ. අපි ඊට වඩා අඩු හෝ වැඩි උෂ්නත්වයට මේක පාවිච්චි කලොත් අපේ ශරිර කුඩුව ලෙඩ වෙන්න පුලුවන්. එවගේම ඒක වැඩි පුර රත් ‍කලොත් එකේ තියන ගුණාත්මක භවය උනත් නැති වෙලා යනවා.

දැන් ඉහත කරුණු දෙක ලාවට වගේ මොලේට යන්න ඇති. මේක එකපාරක් කරලා නවත්වලා දාන ක්‍රීයාවලියක් නෙමෙයි. මේක කරුණු හතක් පදනම් කරගනිමින් ඉදිරියට තව තව වැඩි දියුණු කිරිම් වලට භජනය කරනවා.එවා ඔනා නැහැ. ඔනා අය ඉන්නවා නම් ඉහත විකි බැඳියට ගොඩවන්න :D


යම්කිසි කෑමකට මේ හැසප් සහතිකය තියනවා නම්. ඒ අදාල කර්මාන්ත ශාලවට මෙන්ම පාරිබෝගික අපිටත් වසි තියනවා. ආයතනයට නම්බුවක්, ඒ එක්කම මේ සහතිකය පෙන්න පෙන්න අලෙවිකරණය ( මාකටිං) කරගන්න පුලුවන්. අහිංසක අපිට ඉතින් බය නැතුව කන්න පුලුන් ඒ කෑම. මොකද ෂුවර්නේ මේක කැවොත් බඩ යන්නේ නැහැ කියලා :D

ඔන්න ඔකයි කතාව කෙටියෙන්. මීට පස්සේ කෑම බීම බෙහෙත් ගද්දි බලන්න හැසප් සහතියක ලත්ද කියලා.

වැප්

12 comments:

  1. බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට....ඒත් අනේ අපේ උන්ගේ එකත් අනික්වා වාගෙම තමා මචෝ ඔය HACCP එකත්....අනිත් රටවල නම් මම දන්නේ නෑ...නමුත් අපේ බොහොමයක් තැන්වල ඕක නිකම්ම නිකම් ලේබලයක් විතරයි......ඒකත් හරියට අර සිමෙන්ති ජාතිවල නම් කාලෙන් කාලෙට මාරුවෙනවා වාගෙ වැඩක්.......:).....

    ReplyDelete
  2. වටිනා ලියවිල්ලක්. නොදන්නා දෙයක් දැන ගත්තා. පකඩ දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කඩල කාරයෙක් ගෙන් අහලා බැලුවනම් හරි මයේ හිතේ.

    ReplyDelete
  3. දනුවත් කිරීමගැන බොහොම ස්තුතියි......

    ReplyDelete
  4. තැන්කූ වැප්... ඊළඟ ලෙක්චර් සීරිස් එකේ ප්‍රශ්ණ වලටත් පැන පැන උත්තර‍ දේනන පුලුවන් වෙයි වගේ මට... තැන්කූ අනේ...

    ReplyDelete
  5. පකඩ කියන්නේ........ අර අපිට පාං කියාගන්න බැරි වෙලාවට කියවෙන එකක්...නේ....

    පකඩ විස්කිරිඤ්ඤා ඔන්න ඔය වගේ..........

    ReplyDelete
  6. ඔබගේ නිර්වචනය බොහෝසේ නිවැරදියි.මහාචාර්ය ජගත් බණ්ඩාරණායකයන්ට අනුව උසස්පෙළ සිසුන් Hazard Analysis and Critical Control Point යන්න අර්ථ දක්වන ආකාරය "උපද්‍රව විශ්ලේෂණ තාර්කික පාලන ලක්ෂ්‍ය" යන්නයි.
    ලංකාවේ මෙම ප්‍රමිතිය භාවිතා වන්නේ මස්,මාළු ඇතුළු මුහුදු ආහාර අපනයනය සදහා.ඊට අමතරව අපනයන බෝග වන තේ සහ කෝපි වලටත් අපනයනයේදි මේ සහතිකය ලබාගැනීම අත්‍යවශ්‍යයයි.

    වැදගත් ලිපියක්‍ HACCP ගැන නොදන්න තොරතුරු ගොඩක් දැනගන්න ලැබුණා.මේ වගේ කරුණු අපිත් එක්ක බෙදාගන්නවාට බොහෝම ස්තුතියි..!උසස් පෙළට පාඩම් කරන්න තිබුනු මේ මාතෘකාව පහසුවෙන්ම ආවරණය කරගන්න ලැබුණා

    ReplyDelete
  7. එතකොට ඔය සහතිකේ තියෙනවනම් අපේ ආච්චිට හාල් ගරන්න ඕනි වෙන්නෙ නෑ නෙ...මොකද හාල් වල ගල් වැලි නෑ නෙ..

    ReplyDelete
  8. @Shadow/හේමලයා
    ස්තුතියි ප්‍රතිචාරයට
    එක් තමයි මේවා ලංකාවේ ක්‍රීයාත්මක වෙන්නේ මාකටිං පැත්තෙන් විතරයි.ගුණාත්මක භාවය ගැන සොයනවා අඩුයි

    @ගීත් (සහෘදයා)
    ස්තුතියි ප්‍රතිචාරයට
    ම්ම් නොදන්න උන් ඉන්නවා බන්

    @wath / @සොදුරු සිතැත්තී
    ස්තුතියි ප්‍රතිචාරයට
    ඇම් ඇස්සී වලටයි උපෙළටයි දෙකටම දැන් මං ලෙක්චර් දෙනවා :D

    @සහන්
    ස්තුතියි ප්‍රතිචාරයට
    පකඩ දන්නේ නැහැති උබ ඉඳලා වැඩක් නැහැ මලේ :D


    @indi
    ස්තුතියි ප්‍රතිචාරයට
    මචෝ මේ ලංකාව :D

    ReplyDelete
  9. උසස් පෙළ කරන කාලෙ ඉගනගත්තා මතකයි..:Z
    උඹ නිසා මතකය අලුත් වුනා..

    ස්තූතියි..

    ReplyDelete
  10. අද තමා එහෙම දෙයක් ගැන දැනගත්තේ..
    අපව දැණුවත් කලාට බොහෝම ස්තූතියි...
    ජයවේවා!!!

    ReplyDelete
  11. හිතාගන්න බෑ බන් මොකද්ද කියන්නෙ කියලා. එක නිසා ඔන්න මොකුත්ම කියනෙන් නෑ.

    ReplyDelete
  12. වැදගත් ලිපියක් මචෝ ජයවේවා...

    ReplyDelete

දානිගල | Alien Mountain

මෙවර චාරිකා සටහන දිනය  :- 2017/08/19-20  ස්ථානය  :-  දානිගල  | Alien Mountain කොළඹ සිට දුර යාමට හා ඒමට  :- ආසන්ව කිමි 500(කොළඹ->පොලො...