Thursday, January 14, 2016

නැගෙනහිර ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය දිසාවට සංචාරයක් ගියේ පළමු වතාවට. පසුගිය සතිඅන්තයේ සෙනසුරාදා ඉරිදා කලින් සැලසුම් කරපු විදිහට ත්‍රිකුණමලය අාවරණය කලා. ඒ විස්තරය ඔන්න පහළින් තියනවා

මෙවර චාරිකා සටහන

ස්ථානය :-  ත්‍රිකුණාමලය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 700 (කොළඹ->හිරිවඩුන්න->මාබල් බිච්->ත්‍රිකුණාමලය->නිලාවෙලි->;තිරියාය->නිලාවෙලි->වෙල්ගම්වෙහෙර->කන්නියා උණුවතුර ලිං-> සේරුවාවිල->කොළඹ )
නැරඹිය හැකි දේ :-  හිරිවඩුන්න, කෝනේෂ්වරම්, lovers leap, කන්නිය උණුවතුර ලිං, නිලාවෙලි වෙරළ, මාබල් වෙරළ(marble beach), තිරියාය ගිරිගඩු සෑය , වෙල්ගම් වෙහෙර, සේරුවාවිල


නවතින්න ස්ථානයක් කලින් වෙන් නොකර උදෑසන හයට පමණ කොළඹින් පිටත් විය, ප්‍රථමයෙන් හිරිවඩුන්නට ලඟාවිය. ‍සිදුහත් බෝසතානණ්වහන්සේ ලංකාවේ ඉපදුනා යයි විශ්වාස කරන පිරිස, උන්වහන්සේ සම්බෝධිත්වයට පත් වූයේ යයි පවසන ස්ථානය හිරිවඩුන්න නම් ගම්මානයයි. මෙම ගම්මානය පිහිටා ඇත්තේ හබරණට ආසන්නවය. පහතින් ඡායා රූප සහ උඩුගුවනේ සිට ගත් චලනචිත්‍රපට සටහනකුත් නැරඹිමට පුලුවන. බොහොම අලංකාරව කාපට් කරන ලද මාවතක් නැති මේ ගමේ හේන් වගාව දැනුඳු සිදු වෙයි නමුත් එම පන්සල භාරව සිටින නායක හාමුදුරුවෝ නම් පැවසුවේ 

අපි - කොළඹ ඉඳන් ආවේ, අන්තර්ජාලයේ තියනවා, බුදු හාමු.....
නායක හාමුදුරුවෝ - මොන පිස්සුද මහත්තයෝ. උන්වහන්සේ බුදු උනේ ඉන්දියාවේ, ඕක කියන්නේ අර මනුස්සයා
අපි - එතකට හාමුදරු‍වනේ අර වජ්‍ර්‍රාසනය
නායක හාමුදරුවෝ- ඒක අහන්න ඕනේ ඒක කියන කෙනාගෙන්ම තමයි. අන්න බෝධිය තියනවා ඒක බලලා යන්න

උක්තයෙන් සඳහන් කල දෙබසින් පසු අපි නැවත කිසිවක් ඇසීමට නොගියෙමු. සත්‍ය අසත්‍ය සෙවිම පසෙකින් තැබූ විට, නොදියුණු එම පන්සල දියුණු කිරිමට මිනිසුන් ගෙන්වා ගැනීමට උන්වහන්සේට හොඳටම අවස්ථාව ඇත. නමුත් උන්වහන්සේ එසේ නොකරණ සේක.  රහත් බව පවසමින් මමත්වය ඉස්මතු කරන පැවද්දන් සිටින අද සමාජය තුල උන්වහන්සේගේ අහිංසක ප්‍රතිරෝධය උන්වහන්සේ කෙරේ ගෞරවය තව තවත් වැඩි කරයි.

හිරිඩවුන්නට පසු ත්‍රිකුණාමලය දක්කවා යන අතර තුර හමු වන මුල්ම වෙරළ තීරය මබල් බීච්ය. නාවික හමුදාව විසින් නඩත්තු කරන එයට අැතුලු වීමට අවසර පතක් ගතයුතුය. දිගු වෙරළ තිරයකින් හෙබි එහි මුහුදු ජලය ලුණු රස අඩුය. 

අනෙකුත් ගිය ස්ථාන ඉහතින් සඳහන් කර ඇති පරිදි වන අතර, වෙල්ගම් වෙහෙර ගැන පමණක් වැඩි සටහනක් මේසේ ගෙන එමි. කොටි ත්‍රස්ථාවදි සමයේ දැඩිව ප්‍රහාරයට ලක්වූ එම ස්ථානය සුරක්ෂිත කරමින් එහි නායක ස්වාමින්වහන්සේ එහිම වැඩ සිට ඇත. බෝධින් වහන්සේට පවා මෝටර් ප්‍රහාර එල්ලි වී ඇත. වාර්තමානයේ කාපට් කරන ලද හොඳ පිවිසුම් මාර්ගයක් ඇත. වල් වැදි ඇති නටබුන් විශාල වශයෙන් ඇත. සටහනක් කියවා දල අදසක් ගත්තද, ඒ පෙදෙස් වලට ගොස් දැක බලා ගැනිම අවධාරණය කිරිමට කැමැත්තෙමි.

ගමන සඳහා එක් වූ තිසර හා අනුරාධ ට විශේෂ ස්තුතිය පුදකරමි. 

ගිහින් අවාට පස්සේ කට්ටිය ගොඩ දෙනෙක් කිව්වා ඇයි අපිට කිව්වේ නැත්තේ කියලා. එහෙම එන්න කැමති නම් ඊලඟ ගමනට සල්ලි එහෙම ලැස්ති කරන් ඉන්න අනිවා කියනවා, හැබැයි දැන්ම නම ලකුණු කරලා තියන්න;D ලංකා පටුනට යන්න හිටියට, වාහනයේ යට වදින හින්දා එහේ ගියේ නැහැ:D dutch beach pigeon island  ගියේ නැහැ :D සේරුවාවිල පන්සලේ රන් වැටක් තිබේ, එය පෞරාණීක්වයට සැහෙන හානියකි.  ඔඩෙල් එකෙන් ඇදුම්, රන් මාල, දාන එකෙක් කීවේ රන් වැටේ මුදලින් රට සංවර්ධනය කල හැකි බවයි.  එය අසත්‍යයක් නොවේ නමුත් ඔහුටත් එයට දායක විය හැකි බව මං කිව්වේ මේ විදිහටය //නිකන් ටි එකක් දාගෙන, සිප්පි කටු මාලයක් දැම්මා නම් ඉතුරු මුදල් රට සංවර්ධනයට දාතැහැකි නේද කියාලාය.:D \\ ඒ ගමන ගොස් එන විටදීය, නැතිනම් ගමන යාමට ඩයිවරයෙක් නැති වනවාය. ඊලඟ පාර යන්න තාම තැනක් නැතුවාය. තැනක් ඇතිනම් කියන්ඩල‍ා



හිරිවඩුන්න

හිරිවඩුන්න පන්සල

හිරිවඩුන්න - සංචාරක කර්මාන්තයට යොදා ගන්නා ගොන් බාන :D

හිරිවඩුන්න පන්සල අසල සිට උඩුගුවනට

කෝනේෂ්වරම්

ත්‍රිකුනාමලය

ගිරිගඩු සෑය

ගිරිගඩු සෑය

ගිරිගඩු සෑය

ගිරිගඩු සෑය

ගිරිගඩු සෑය

ගිරිගඩු සෑය

සමුද්‍ර විහාරය

සමුද්‍ර විහාරය

සමුද්‍ර විහාරය

වෙල්ගම් වෙහර විහාරයේ විහාරාධිපති හිමි

වෙල්ගම් වෙහර

වෙල්ගම් වෙහර

වෙල්ගම් වෙහර

වෙල්ගම් වෙහර

වෙල්ගම් වෙහර

වෙල්ගම් වෙහර



හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....