Monday, October 24, 2016

Great Western - ග්‍රේට් වෙස්ටර්න්

බතලේ ගල, බැරැන්ඩි රොක්, කඳු මුදුනට ගොස් ඇත. එතරම් දුෂ්කර නැතිව ග්‍රේට් වෙස්ටර්න් තරණය කළෙමු. එයට ප්‍රධාන හේතුව නම් වැසි රහිත කාලයක් වූ පසු ගිය සෙනසුරාදා දිනය( 2016/10/21 -22) ඒ සඳහා යොදාගත් බැවිනි. අපේ පුද්ගලික වාහන වල නොගොස් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් වලට ‍යාම මුලින් තිරණය වි තිබුණි. නමුත් අවසාන මොහොතේ දුම්රිය ප්‍රවේශපත් ලබා ගත නොහැකි වූ නිසා නැවත පුද්ගලික වාහන වල යාමට තීරණය කල තිබුණද, ඒ වන විටත් මගේ වාහනය හදිසි  අනතුරකින් ඇතිවූ හානියක් පූර්ණය කරගැනිම සඳහා සේවා ස්තානයට දමා තිබුණි. එය ලබා ගැනිමට සති දෙකක් වත් යනු ඇත. ඒ තරම් එම ආයතනය කාර්යක්ෂමය. එලෙසම නිශ් මහතාගේ වාහනයත් හදිසි අලුත් වැඩියාවකට සේවා සපයන ආයතනයකට දමා තිබුණු නිස, දුම්රියෙන් යෑම නැවතත් ස්තීර විය. හදිසියේම දුම්රිය වෙන්කරවා ගැනිමට නොහැකි නිසා එක්වරම මතකයට නැගුනේ, සුප්‍රසිද්ධ සංචාරක අයාතනයක(මා කලින් රැකියාව කල ස්ථානයේ  PEAK COLOMBO) වැඩ කරන  කෝසල (kosala.abeyratna) මහතායි. ඉක්මන් ප්‍රතිචාර දැක්වූ ඔහු ගමනට අවශ්‍ය සියලු විස්තර හා දුම්රියේ තත්වය විස්තර කර ‍ දීම පිළීබඳුව ඔහුට කෘතගුන වෙමි. ඒ අතර තුර සත් ගුණවත් රවිඳු මහතා දෙවන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත් වෙන්කරගැනිමට  සමත් වී තිබුණී. 

මෙවර චාරිකා සටහන
දිනය :- 2016/10/21-22 
ස්ථානය :-  Great Western - ග්‍රේට් වෙස්ටර්න්
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 200(කොළඹ->ග්‍රේට් වෙස්ටර්න් )
නැරඹිය හැකි දේ :-  Great Western - ග්‍රේට් වෙස්ටර්න්, දහවල් 12.20 ට පමණ ඔබ කඳු මුදනේ සිටියහෝත්,දුම්රිය දෙකක් මාරුවන ආකාරය
ගනං හිලව් :- උදෑසන ආහාරය රු සියක්ටද දිවා. රාත්‍රි ආහාර වෙලක් සදහා රුපියල් 130ක් ද බැගින් වෙයි



තවමත් සතිඅන්තයක කණ්ඩායම් එකක් හෝ දෙකක් එන ස්ථානයකි. එහෙයින් මෙම ස්ථානය තවම අපවිත්‍ර වී හෝ සංචාරක වෙලඳුන්ගේ කූට ග්‍රහණයට ලක්වී නොමැත. එසේ නොවේවායිද එකසිතින් පතමි. එම ගමෙහි ජීවත් වන මෝගන් මහතා හා තවත් එක් අයෙකු පමණක් ඒ පිළිබඳව උනන්දුවක් දක්වයි. ඒ හැරෙන්නට කොළඹීන් ගිය පුද්ගලයන්ට/පිටස්තරයෙකුට එය නතු වී නොමැත.  මේ සමග අතුරුකතාවක් ලිවිමට වඩා වැඩදායි යැයි සිතේ, මීට වර්ශගනාවකට පෙර අප මෙලෙසමට මීමුරේට ගියෙමු. ඒ කාලයේදි මිමුරේ යනු, සංචාරක වෙළදුන්ගේ උගු ග්‍රහණයට ලක් නොවූ ගම්මානයකි. නවරත්න නම් වූ එම ගමෙහිම පුද්ගලයෙකු පමණක් සංචාරකයන්ට සේවා සැපයුයේය. නවාතැනට රුපියල් 2000කුත්, උයාපිහාදීම වෙනුවනේ තවත් පන්සීයකුත් පමණක් වූ එම වියදම අද වන විට එක් අයෙකුට රුපියල් 5000ක් වූ තරමටම වානිජකරණය කර ඇත. ඒ සිදුවූ දෙය මෝගන්ට හෝ එම ගම්වැසියන්ට හෝ ග්‍රේට් වෙස්ටර්න් ට නොවේවායි එක සිතින් පතමි. 

අප සංචාරයකට යන්නේ නම් එහි යාමෙන් සිදුවන සියලු අවාසි එම ස්ථානයට හෝ ගම්වැසියන්ට සිදුවන්නා සේම. එහි වාසියද ඔුවන්ට අත්කර දීමට හැකි පමණ උත්සුක වෙමු. එසේ නොවුන හොත් එම ස්ථානය උග්‍ර වානිජකරණය වී, ඒකාදිකාරයකට ලක් වනු ඇත. අද වන විට මී මුරේ, ජගල් බිච් හා තවත් බොහෝ ස්ථාන මෙලෙස සංචාරක කාක්කන්ගේ මූල්‍ය උත්පාදන ස්ථාන වී හමාරය.

රාත්‍රි 8 බදුල්ල බලා යන දුම්රියෙන් සිකුරාදා රාත්‍රියෙහි දුම්රියට ගොඩ වී පසු දින උදෑසන 4 ට පමණ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පළට ලඟා විය. දැඩි සීතලක් සහිත වූ ඒ උදෑසන දුම්රිය ස්තානයෙන් බසින් විට තවත් කණ්ඩායමක් ග්‍රේට් වෙස්ටර්න් තරණයට එම දුම්රියෙන්ම පැමිණ තිබුණි. මෙලෙස අප කණ්ඩායම් දෙකම මෝගන් මහතාගේ නිවස බල ගියෙමු.  කෙටි නින්දක් ලැබ උදෑසන 8ට පමණ ගමන ආරම්භකිරිමට සැරසෙන විටත්,උදෑසන ආහාරය හා දිවා ආහාරය පාර්සල් කර තිබුණි. නමුත් රොටි සමඟ ලුනුමිරිස් හා පරිප්පු වූ උදෑසන වේල , මෝගන් මහතා ගේ ගෙදර සිටිම බුක්ති විඳ සැනෙකින් අවසන් කර දැමුවෙමු. එහි ප්‍රතිපල කන්ද නැගිීමට පටන් ගත් අවස්ථාවේදීම අයෙකුට බලවත් පීඩා ගෙනදුන්නේ ඉස්මුරැත්තාවක් ඇතිවීමෙනි.


වර්ෂාව රහිත දිනක් වූයෙන් කූඩැල්ලන්ගෙන් හා ලිස්සීමෙන් හානි‍ ඇති නොවූවද,අංශක 80වේ පමණ කඳු කොටස් තරණය ඉතා අපහසු විය. නමුත් මෝගන් මහතා හා ඔහුගේ සහායකයා අප සමඟ සිටි බැවින් ඒ ගැන එතරම් තැකිය යුතු නොවිණි. ගමන් කළ යුතු මාර්ග හොඳින් පැදී ඇති හෙයින් මුදුනට යන මාවත ඉතා පැහැදිලිය. නමුත් ගමේ අයකු ගමනට සම්බන්ධ කරගැනිමට වඩා යෝග්‍යය. එයට එතරම් මුදලක් වැය නොවනුු ඇත(උපරිම රුපියල් 2000 කි) එය සාධාරණ මුදලක් යයි මට සිතේ.

තවත් අතුරු කතාවාක් ලියනු රිසියෙමි. මෝගන් මහතාගේ පියා එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පලට අනුයුක්තව සේවය කර ඇත. එකල කොටි තස්ත්‍රවාදි සමයක් වන අතර, දුම්රිය පිල්ලක් මත තිබුණු ක්ලේමෝ බොම්බයක් සොයා දිමෙන් නිහඩ විරුවෙකු වී සහතිකපත්‍රයක්ද ලබා ඇත. නමුත් එයින් එහාට ගොස් ඔහුට කිසිම මුදල්මය හෝ වෙනයම් ආධාරයක් කර නැත. අවම වශයෙන් කරනු ලැබූ දෙයට නිසි ඇගයීමක් වත් සිදුව නැත. මේ සිද්ධිය සිදු වී ඇත්තේ වර්ෂ 2000 දී පමණය



පින්තූර ඉස්සසුවේ තිසර, අමිල, රවිඳු හා පුබුදු ගෙනි!


නැගිය යුතු කන්ද
කන්ද පාමුළ

උඩට කන්ද පේන විදිහ - පින්තූර අයිතිය පුබුදු
පහළ පෙනෙන අයුරු - පින්තූර අයිතිය රවිඳු



දුම්රිය දෙක මාරුවන අවස්ථාව - පින්තූරය අයිතිය තිසර


මං තුමා - පින්තූරය අයිතිය අමිල

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....