ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණය
ඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණය
අපි මිල දී ගන්නේ ?????? කටය
මාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකි
දෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන් සූදානම් වන මොහොතේ කොළඹ පොල් හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා අද උදෑසන පොඩි සංචාරයක යෙදුනි. පහතින් දැක්වෙන්නේ විඩියෝ දර්ශන හා ඡායා රූපයි.
කුලියාපිටිය, හලාවත කුරුනෑගල වැනි දුර පාළාත් වලින් මෙන්ම කොළඔ අවටිනුත් පොල් ලොරි පැමිණ තිබුණි. කතාබහේදි දැනගත් පරිදි බොහෝ ලොරි පැමිණෙන්නේ සතියට දෙතුන් වරක් පමණී. එලෙසම ඔවුන්ට හිමි පොල් වතු නැත. ඒ අතර සෑම දාම පැමිණෙන පොල් වෙළෙන්දන්ද සිටිති. උදෑසන දෙකට පමණ ආරම්භ වන වෙලදාම පාන්දර 7 පමණ වන විට අවසන් වෙයි. බොහෝ දෙනා පැවසුයේ වෙළදාම සරු නොවන බවයි. නමුත් නිසරු බවක් හෝ පෙනෙන්ට නොතිබුණි. බොහෝ විට ඔවුන් පොල් ගෙඩියකින් රුපියල් පහත් දහයත් අතර ගනනක් තබා ගනියි.
තැඹිලි වල තත්වයත් මේ හා සමානය. නමුත් තැඹිලි ගෙනවිත් තිබුනේ කොළඹ හා තාදාසන්න පෙදෙස් වලින්. මෙම වෙළඳාම හොඳින් දැක බලා ගැනිමට නම් පාන්දර යැ යුතුව තිබුණි :DDD
විඩියෝ දර්ශන සංස්කරණය -
අනුරාධ