Monday, February 22, 2021

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

 


 කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019.  කවුරුත් ට්‍රිප් යන්නෙත් නැහැ යන්ඩ ඒ් හැටි කැමැත්තකුත් නැහැ. ආදායම අඩු වෙලා වියදම වැඩි වෙලා. කාලෙකට පස්සේ ඔෆිස් ඒකේ කට්ටයත් ඒක්ක ට්‍රිප් ඒකක් යනන් සෙට් උනා. කල් දාලා කල් දලා අන්තිමට ගිය සෙනසුරාදා දෙයියනේ කියලා ට්‍රිප් ඒක මේ මහපොළවේ යතාර්තයක් බවට පත්කරගත්තා. 

Sailors' Bay - Hikkaduwa  

හික්කඩුව කියන්නේ ලංකාවේ ආකර්ශණීීීීයම මුහුදු තීරයක්. ඒ්ත් අද සංචාරකයන්ගෙන් තොර කලාපයක්. වීදේශිය තියා දේශියවත් නැහැ. මූහුදු තීරයේ ඒ් කොනේ ඉඳන් මේ කොනට වෙනකල් අයාලයේ යන බල්ලෙක්, ඉඳලා හිටලා යන සංචාරක නවාතැනක වැඩ කරන සේවකයෙක් හැර වෙන කිසිම කෙනෙක් නැහැ. ධිවර බෝ්ට්ටු නම් රාජකාරය හරියට කරනවා. සංචාරකයෝ හිටියත් නැතත් මුහුදු රළ ඒ් විදිහටම වෙරළ දෙසට ඇවිත් යනවා. කුණු කසලත් ඒච්චර දකින්න නම් නැහැ.

අපි නවාතැන් ගත්ත Sailors' Bay - Hikkaduwa   හරි අපූූූරු තැනක්. ඒහි හිමිකරු ධීවර බෝට්ටු හිිිිිිිිමියෙක්. දැන් හෝටලයේ අයිිිිිිිතිකරු. පුතාලා දෙන්නත් ඒක්ක ඉතාම පිරිසිඳුව ක්‍රමවත්ව සුහද ශීලි ආගන්තුක සත්කාර කරන ඔවුන්ට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙන්න ඔ්නේ. හික්කඩුව පැත්තේ ගියොත් ඒතනටත් ගිහින් බලන්න. මුහුදට මුහුණලා පිහිටි කාමරය වෙන් කරගන්න පුලුවන් නම් ඉතාම වටිනවා. කොවිඩ් හින්දා අපිට අවස්ථාව උදා උනා.  උදේ ආහාරය ඔවුන්සකසා දෙනවා. අපිට හම්බුනේ ඉදියප්ප / රොට්  ඒක්ක සම්බෝල පරිප්පු සහ මාලූ


මේ ඉන්නේ අයියායි මල්ලියි හෝටලය කරන.

ඔන්න ඒහෙනම් ෆොටෝ





















Sunday, September 22, 2019

2009 පසු අමතක කල වීරුවන්

සැත්තම්බර් මාසය කියන්නේ සමහරු පොත් ගන්නත් තවත් අය නූඩ්ලිස් කන්නත් BMICH යන කාලේ. 2009 ඉඳන් නිදහසේ කොළඹ ඇවිදින්න, බියක් සැකක් නැතිව බස් එකක දුම්රියක යන්න අපිට අවස්ථාව ලබා දෙන්න ඔවුන් සිය දහස් ගනනක් මිය ගියා, පූර්ණ අබාදිත උනා, සදා කල් ඔත්පල උනා, සමහරු අදටත් අතුරු දහන්, ඔවුන් අද කොළඹ කොටුවේ උද්ගෝෂනයක්, ඉල්ලන්නේ අයිතියක් හිමිකමක්, ඒ වෙනුවෙන් ආණ්ඩුකරපු අයත් කරන අයත් දක්වන්නේ මහා උදාසීන කමක්. පාර්ලිමේන්තුවේ රණවිරුවන් ගැන කතා කරන්නේ බොහොම අල්පයක් දෙනා සමහර විට ඒකත් වාසියකට වෙන්න ඇති. 225 ටයි මහතැනටයි බැන බැන ඉන්න වෙලාවේ අපිට පුලුවන් ඔවුන්ව බලලා එන්න. එකා දෙන්නා එතනට රැස් වෙනකොට හැමෝගෙම ඇස් ඇරෙයි. ඒත් අපිට වෙලාවක් නැහැ අපි හොදටම කර්ය බහුලයි. 

කොළඹ යන්න බැරිව බොම්බ පිපිරෙනකට, උතුරෙන් ප්‍රභාකරන් ගම්මාන පිටින් සමූල ඝාතනය කරනකොට රැකවරණයට හිටියේ වීරෝධාර රණවිරුවන්. මම හිටියේ ගෙදර, මම තුවල වෙනවාට බයයි, මැරෙනවාට බයයි, අපේ අම්මා තාත්තා ඊට වඩා බයයි. අපේ ඉස්කෝළ අම්මලා තාත්තාල මුර කලා, බස් එකක යනකොට එක පවුලේ හැමෝම එකම බස් එකේ ගමනක් ගියේ නැහැ. කැළණී ගඟ පැලීයගොඩින් පැනලා කොළඹට ගියා කියන්නේ අයේ එනකල් අපේ ජීවිත වලට රැකවරණයක් තිබුනේ නැහැ. ඊට පස්සේ කොළඹ විතරක් නෙමේ ලංකාවේ හැම තැනම ත්‍රස්ථවාදය පැතුරුණා. සංගීත සංදර්ශනයක්, වෙසක් එකකට තොරණක් විතරක් නෙමේ ‍ලංකාවේ කොහේවත් යන්න බැරි තරමට ත්‍රස්ථවාදය උඩුදිව්වා. 

සාගර ඔහු බෞද්ධ, එත් රට බේරගන්න ත්‍රස්ථවාදයෙන් මඩු පල්ලිය බේරගනන්න. කතෝලික ජනතාවට ඔවුන්ගේ වැඳුම් පිදුම් කරන්න තම ජීවිතය පරදුවට තියලා ඉස්සරහට ගිහින් අද කකුල් දෙකම නැතිව කොටුව ඉස්ටේෂම ලඟ අසරණ වෙලා ඉන්නවා. අද ඔහුගේ වයස අවුරුදු 36 ක් ඒ කියන්නේ මීට වසර 11 කට පෙර 2008 දී ඔහුට වයස 26 යි ඒ කියන්නේ තමුන්ගේ ජීවිත‍යේ හොඳම කාලේ ඔහුට ඉන්න උනේ රෝද පුටුවක් උඩ. මට කරන්න බැරි උන දෙයක් ඔහු කලා. ඉතින් මට අද පුලුවන් කමක් නැත්නම් අඩුමගානේ අදවත් ඔවුන්ව කොටුවේ ඉස්ටේෂම ලඟට ගිහින් බලන්න, මටම දැනෙනවා මම කුහකයෙක් කියලා, දෝහියෙක් කියලා, ඒ හන්දා කොච්චර වැඩ තිබ්බත්, කොළඹ යනවා කියන්නේ එපා කරපු වැඩක් උනත්, අවුරුදු දෙකකින් විතර කොටුව පැත්තට නොගිය මම, මගේ බිරිඳත් එක්කම ගියා ඊයේ කොළඹ. ගිහින් කතා කලා ඔවුන් සමඟ ඒක ඔවුන්ට මාරම හයියක් සහයෝගයක්. බුක්ෆෙයර් එකට BMICH යන එක පුරුද්දක් උනත් ඒ හැම එකකටම කලින් රණවිරුවෝ ටික බලලා එන්න මට පුදුම අසාවක් උනන්දුවක් තිබ්බා. ගහින් කතා බහ කරලා ඔවුන්ට හයියක් වෙන එක අපේ වගකීමක්. ඒත් අපි වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න කාලය හොයනවා. අනික් වැඩ ඔක්ක‍ොම කරලා වෙලාව ඉතුරු උනොත් විතරයි දැන් රණවිරුවෝ ගැන බලන්න පුරුදුවෙලා ඉන්නේ.

සමරු කියයි දෙවියන් වහන්සේගේ කැමැත්ත, කර්මය එහෙමත් නැත්නම් අටපාස් උන්ට ‍හොඳ වැඩේ කියලා. ඒත් මතක තියා ගන්න අද අපි බියක් සැකක් නැතිව අවුරුදු 10ක්  2009 ඉදින් ජීවිතය විඳින්නේ ඔවුන් නිසා කියලා. සමරහ විට මේ ප්‍රශ්නයත් හෙට අනිද්දා විසඳිලා යයි. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, එතකල් ඔවුන් කොටුව ඉස්ටේෂම ලඟ දහදුක් විදිමින් ඔවුන්ගේ අයිතිය ඉල්ලයි. ඔබටත් පුලුවන් නම් ගිහින් කතා කරලා බලලා එන්න. අපි එකා දෙන්නා එතනට ගියොත් එතන ලොකු ජනබලයක් ගොඩ නැගෙයි. පාලකයන්ට සද්ද නැතිව ඉන්න බැරිවෙයි, රණවිරුවන්ගේ 1982 ඉඳන්  තියන මේ ප්‍රශ්නය එක පෑන් පාරකින් විස‍‍ෙඳෙයි.










Saturday, April 21, 2018

පොළොන්නරුවෙන් ත්‍රිකුණාමලය බලා

අනුරාධපුරය කියන්නේ මම කැමතිම නගරයක්. කවදා හරි දවසක පුලුවන් උනොත් අනුරාධපුරයෙන් ඉඩං කෑල්ලක් අරන් පොඩි කාමර කැල්ලක් ගහගන්නවා. නිවාඩුවට ගිහින් ඉන්නයි, නිවාඩුවට යන අයට දීලා කියක් හරි හොයා ගන්නයි. ඒතන තියෙන්නේ අරමුණු දෙකයි. ඒකක් මට ඉන්න අනික අතිරේක අාදායමක්. ඔය දෙකටම වඩා මම කැමති පොලොන්නරුවේ ගල්විහාරය බලන්න මහන්සි නැතිවි විවේකයක් ගන්න පුලුවන් අතරමැදි තැනක් ලෙස අනුරාධපුරය යොදාගන්න පුලුවන්වීම. ගල් විහාරයේ පිළිම දිහා ඔ්නතරම් වෙලාවක් බලන් ඉන්න පුලුවන්. පහුගිය සිංහල අවුරුද්ද ඉවර උනත් ඒක්කම 15 වෙනිදා ගෙදර කට්ටියත් නෑදෑයෝ කිහිප දෙනක් සමඟ පහළ තියන සිතියෙම් විදිහට ගමන පටන් ගත්තා. අනුරාධපුරය , සේරුවාවිල , තිරියාය, නිලා වේලි , උණුවතුර ලිං අදි කිහිපි තැනකට ගියත් මෙම ලිපියෙන්විස්තර කිරිම අවැසි වන්නේ ගල්විහාරය පමණි

විද්‍යාධර ගුහවේ අැතුලටම යන්න අවස්ථාවක් අහම්බෙන් මෙන් ලැබුණි.




පොලොන්නරුවෙන් සෝමාවතිය හරහා සේරුවාවිල යන්න හිතං හිටියට, පාර ටිකක් සවුත්තු නිසා අයිත් හබරණ අැවිත් ත්‍රිකුනාමලයෙන් සේරුවාවිල ගිහින් තිරියාය හරහා අනුරාධපුරයෙන් ගෙදර අවා. මුලු දුර කිලෝමිටර්ම 845 ක් උනා.

පොළොන්නරුවේ ගල් විහාරය
  1. පටිමාලෙන
  2. විඡ්ඡාධර ගුහා
  3. නිපන්න පටිමාලෙන  අාදීවශයෙන් කොටස් තුනකින් සමන් විතයි
ගල්විහාරයට ගියාම මුලින්ම හමුවෙන්නේ පටිමාලෙන. ඒතන තියන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාවක්. ඒහි වටිනා කම අැත්ත්තේ බුදුරුවට පිටුපසින් කළාත්මක තොරණ නිර්මාණය විමයි. ඊලඟට හමුවන විඡ්ඡාදර ගුහාවේ බොහෝ විට ඔබ උනන්දුවෙන් බැලිය යුතු ස්ථානයක් වනුයේ ගුහාවේ අති චිත්‍රයි. ඉතා කූඩා තීරුවක් ලෙස දැනට ඉතිරිව අැති මම චිත්‍ර දැනටද හඳුනා ගත හැකි මට්ටමේ අැත. බොහෝදුරට ඒම චිත්‍ර සිගිරියේ චිත්‍ර වලට සමාන කම් දක්වයි.

ඊලඟ තිබෙන නිපන්න පටිමාලෙන තුල හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් අැත. හිටි පිළිමය අනඳ තෙරුණුවන්ගේ බවට මතය ඉදිරිපත් වී අැත්තේ ඊට මත්තෙන් තිබෙන සැතපෙන පිළීමය පිරිනිවන් මංචකය ලෙස හඳුනා ගත්විට පමණි. ඒනමුදු. හිටි පිළිමය නෙලුම් මලක් මත හා තිවකං ලෙස පොළවට බරක් නොවන ලෙස පෙන්වා දෙමින් නිර්මණය කිරිම බුදුරුදුන්ගේ පීලීමයක් බවට සනාත කරන බව අැතෙමක් පවසයි. සැතපෙන පීළීමය පිළිබඳ අදහස් දෙකක් පවති. ඒනම් පරිනිර්වණ මුද්‍රාව හා සිංහසෙයියා මුද්‍රාවයි. ඒකිනෙක සනාත කිරිම පහත පරිදි විද්වතුන් කරුනු ගෙනහැර දක්වති

පරිනිර්වාණය මුද්‍රාව

  1. වම්පාදය මදක් පසුපසට වීම, පිරිණිවන් පාන අවාස්ථාවේ දෙපාවල ගොප් අැට ඒකිනෙක ගැටිීමෙන් අැතිවන වේදනවා මඟ හැරිවීමට
  2. සිවුර කඩ හැලිම
  3. ලම්භකර්න මුහුණ දිගේ තිබීම
  4. හිස තබා තිබෙන  කොට්ටය ඒබී තිබිම හා ඒහි නිරූපිත මාරයාගේ දිව ඒලියට තිබිමෙන් සිනාසෙන මාරයා දිනූ ලෙස අැඟවීම
  5. කොට්ටය තබා අැති අත මදක් ඉදිරියට තිබීම
  6. සිරස් පත නොතිබීම
  7. සිරිපතුලේ සිට බැලීමේදි පපු ප්‍රදේශය අැතුලට ඒබී තිබිම
  8. පියවි ගිය අැස්
  9. සිරිපතුලේ නෙලුම් මල් පමණක් තිබිම
සිංහසෙයියා මුද්‍රාව

  1. වම්පාදය මදක් පසුපසට ලෙස නිර්මාණය කරතිබීම

කොට්ටය මත තබා අැති අතෙහි වර්තමානයේ පලුවක් ගැලවී අැත. සමහරුන්ගේ මතය මෙය සුද්දෙකු විසින් තැබූ වෙබි පහරකින් සිදුවූ බවයි. නමුත්  ඒය ගල් කනුවක් පෙරලී සිදුවු දෙයක් බවත්. සුද්දා වෙඩි තැබූ තැන වෙනම අැති බවත් සනාත කිරිම පැරණි පිළිමයෙි ඡායාරූප ගෙන හැර දක්වන පුද්ගලයෙක් අපි ගිය ගමනේදි අපිට හමු විය

ඡායාරූප කිහිපයක් පහතින්

ගල්විහාරය පිටිපස්සේ වැඩි දුරක් නැති නවතින්න පුලුවන් ගානත් අඩු තැනක් තමයි අපිට සෙට් උනේ .. කුමාරි රිසෝට්

Monday, October 16, 2017

දානිගල | Alien Mountain

මෙවර චාරිකා සටහන
දිනය :- 2017/08/19-20 
ස්ථානය :-  දානිගල  | Alien Mountain
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 500(කොළඹ->පොලොන්නරුවේ->දිඹුලාගල ->දෙහිඅත්තකණ්ඩිය-> අරලගංවිල->දම්මින්න ->කන්දේගම ධනංජය රජමහවිහාරය. )
නැරඹිය හැකි දේ :-  දානිගල  | Alien Mountain
ප්‍රවාහනය  :- මොටර් රථයක්
පිරිස :- හතරයි

ඒකාකාරි පැවැත්ම හෝ සංකල්පයක් දැන් මට නැත. මක් නිසාද යත් රජයේ පවතින අභ්‍යන්තර අර්බුද, ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන්, මුස්ලම් අක්‍රමණ , එමතුද නොව, කුඹියෝ(ITN සෙන ඉරි රාත්‍රී 8.00) දෙන ගේම් වල අැති සරළබවත්,  සදහටම ඔබ මග‍ේ නට්‍යයේ ඉෂානිට(දෙරණ සතියේ දිනවල රාත්‍රී 8), හීනයක්ද මේ  හි රානාජී, කෝසලා(හිරු සතිෙය් දින වල රාත්‍රී 9), අශෝක(දෙරණ සෙන ඉරි රාත්‍රී 8.30) හි  අඛන්ඩ භාරතයත් මට මගේ ප්‍රශ්න මෙනි. අන්තර්ජාලයට වඩා රූපවාහණියට දැඩ් ඇල්මක් දක්වන සමයකි. ඔෆීස් රාජකාරි වලින් මා එදා හෝ අද හෝ මතුමනාවේ හෝ බිසී නොවන අයෙකි. එමනිසා  ඒ ගැන කතා කිරිමට අවැසි නොවේ. නමුත් කුමක් හෝ කාරණාවක් නිසා අවසන් වරට ටිප් එකක් සෙට් උනේ ගිය පෝයට පානමය. එය වෙනම ලිවිය යුතු මාතෘකාවකි‍. ඊට කලින්‍ ගිය ගමනක්  සඳහා වර්ෂයකට පෙර පෝසට් එකක් ඇත(Great Western - ග්‍රේට් වෙස්ටර්න්). 

හදිසි ට්‍රිපක් ලෙස තිසර ගේ ආරාධනයෙන්, චන්දුලගේ ප්‍රවාහන පහසුකමින්, කවිඳු ගේ ගගන ගත වීමෙන් 19 වනදා රාත්‍රී 12ට  පමණ කොළඹින් පිටත්ව ගියමු. උදෑසන හය පමණ විට දම්මින්නට ලඟ වී අප්ප උදෑසන අාහාරය ලෙස රණසිංහ ස්ටෝස් වෙතින් ලබාගතිමු. දම්මින්න යනු ත්‍රස්තවාදී සමයේ දැඩි ලෙස ප්‍රහාරයට ලක්වූ ගමකි. ඉතාම කුඩා හංදියකි. තොප්පිගලට හා දානි ගල දෙසට පාර බෙදීයන්නේ මෙම මංහසන්දියෙනි.

කන්දේගම රජමහාවිහාරයේ විහාරධිපති ස්වාමින්වහන්සේගෙන් අවසර ලබාගෙන කුඩා හිමිනමකගේ මඟ පෙන්වීමෙන් කන්ද නැගීමට පටන් ගන්නා ස්ථානයට යන විට උදෑසන 7.45 ට පමණ අැත. සංචාරකයන්ගේ පැමිණීම ඉතා අල්ප බැවින් කන්ද මුදුනට ලඟා වීමට අඩිපාරක් නැත. මුල සිටම  සොයාගෙන යායුතුය. අපට මඟ  වැරදුනු පළමු ස්තානය ලෙස සඳහන් කල හැක්කේ කටාරම් කෙටු ගල්  ලෙනකි. ඉන් වමට යන්නේද දකුණට යන්නේද යන ප්‍රශ්නයට පිළිතුර වූ දකුණ තෝරාගැනීම නිසා අපට මඟ වැරදින. නමුත් එතරම් දුරක් දකුණට බර නොවූ නිසා මඟ වැරදුනු බව වැටහීමත් සමඟ අාපසු වම් පැත්ත බලා යාමට නැවත කටාර්ම් කෙටූ එ් ගුහාව ලඟටම පැමිණියමු. එම ගුහාව ලඟින් වම් පැත්තට ඉහළට යන විට දෙපැත්තේ කලු ගල් මත කතිර ලකුණ යොදා තිබිම දැකීම සතුටට කරුණක් උනත්, මඟ දැන ගැනිම සඳහා විසිකරන ලද ප්ලාස්ටික් බෝතල් අවශ්‍ය නැති බව තරයේ මතක තබා ගත යුතුය. කතිර සටහන් එක දිගට නොමැත. එම නිසා ඊලඟ කතිර ලකුණ  සොයාගැනිමට පෙර ඔබට මඟ වැරදිය හැකි නිසා ඉතා කල්පනාවෙන් ගමන් කරන්න.

අතරමඟ හමුවන සැතපෙන බුදු පිළිමය නිදන් හොරුන්ගේ ග්‍රහනය හසුවි අැත. කන්ද තරණයට ඉහළට නැගිය යුතු උවත් මෙම පිළිමගෙය ලඟින් කල් ගල් පර්වතයට සමාන්තරව එය වටා පහළට බැසිය යුතු බව මතක තබා ගැනිම ඔබව අතරමං වීමෙන් වලකාලනු අැත. එලස යන විට සමහරක් තැනක කතිර ලකුනු හෝ ඊතල දැකිය හැක. තවත් තැනක කූඩා ගල් වලින් නිර්මිත ඊතල දැකිය හැක. එය හුදෙක් මාගේ නිර්මාණයකි. ඔබත් කැමති නම් ඊතලක් සදා නව සම්ප්‍රදායක් ගොඩ නගන්න. ගුහාවකට කෝටු සිටුවානවාට වඩා එය  වැදගත් වනු අැත. එලස ඉහළට ගිය අපට උදෑසන 10 පමණ වන විට කන්ද මුදුනට ලඟා වීමට හැකි විය. නමුත් අප සතු වතුර බෝතල් අවසාන මොහොත ගෙවී යමින් තිබුණි.

කන්ද මුදුනේ පැයක පමණ කාලයක් ගත කර නැවතත් පහළට බැසීන විට එකොළහ පසුවී තිබුණි. ගිය මඟ හරි වුවත් එන මඟ අපට වැරදුණි. එ්හි ප්‍රතිඵලයක් ලෙස වටින්ම කලුගල් වලින් වටවූ ගල් ගුහා සහිත තැනක කොටුඋනි. නමුත් අාපසු හැරී ගොස් නැවත නිවැරදි මඟක පල්ලම් බැසීම යනු දුෂ්කර කටයුත්තක් නිසා. තිසර මධුවන්ත අවට විපරම් කරමින් වලෙන් ගොඩ එ්මට උත්සාහ දරණ විට ගල්ගුහාවක් අතරින් ඉතා පහසුවෙන් අප කන්ද නැගිපාරටම අවතීරණ වීමට හැකි විය. අතීතයේදි  සියලු ගල් ගුහා එක් කරමින් විීධිමත් මාර්ග පද්ධතියක් තිබෙන්නට අැත. නමුත් අද සියල්ල වනයට යට වී අැත. දැඩි වතුර පිපාසයකින් යුතුව පහළට බැසගෙන අැති තරම් වතුර පාණය කර ක්ෂනිකයෙන්  කොළඹ බලා පිටත් උනෙමු.

කඳු නැගීමෙන් ලැබන ලබ්බක් නැත. නගින මහන්සියත් , බසින මහන්සියත් හැර කන්දමුදුනට නැගීබව දැනෙන අතීමාංසික ප්‍රීතය අාහාර  කාොට ඊලඟ කන්දත් සොයාගෙන තරණය කරමු.


විඩියෝ හා ඡායාරූප - Sense Imagery









උපදෙස්
1. වතුර රැගෙන යන්න
2. හැකි නම් ගල් ඊතල සාදන්න
3. පන්සලක් නිසා විනීතව හැසිරෙන්න
4. සපත්තු අනිවර්යය නොවේ .. මම නැග්ගේ  DSI රබර් ජෝඩුවෙන්
5. උදෑසනම කන්ද නගින්න.. රෑ උනොත් කෙලියා තමයි
6. මදුරු විරෝධන අලේපන රැගෙන යන්න
7. රිලවුන්ගෙන් පරිස්ම් වන්න.



Friday, September 15, 2017

නැගෙනහිර - අම්පාර රොහින්‍යා නිජ භූමිය වීමට පෙර

අම්පාර දිස්ත්‍රික්කය හා ඒ ආසන්නයේ බලාකියා ගත යුතු ස්ථාන බොහොමයකි. යන මර්ගයයේ දෙපසත් සහිතව ඔබට නැරඹිය හැකි ස්ථාන ආසන්න වශයෙන් හතලියක් පණහකි. එම ස්ථාන සැකවින් දැක ගත හැක ඉන් ස්ථාන බොහොමයක් අවාරණය කිරීමට නොහැකි උවත්, අහම්බෙන් මෙන් පානම බලා යාමට අවස්ථාවක් ලැබුණි. ලංකාව‍ේ මෙහා කෙරවල සිට එහා කෙරවල අවසාන ගම්මානය වූ පානම බලා යාමට කලක පටන් අවශ්‍යතාවය තිබුණි. ඒ සඳහා සැදූ මඟ සිතියමක් පවා පිළියල කෙරණි. නමුත් කල්තියා සැලසුම් කරන ට්‍රිප් කවදාවත් යන්නට වෙන්නේ නැත. එපරිද්දෙන්ම පානම ගමන සැලසුම් කළ පරිදි යාමට නොහැකි උනත්, අහඹුවක් ලෙස පානම බලා ගොස් දානමය පුණ්‍යකර්මයකටද සහභාගි උනෙමි.

මඟ ඇරුණු ස්ථාන බලා කියා ගැනිමට නැවත වරක් පානම සංචාරයක්ට සුදානම්ව සිටිමි. ඔබත් කැමති නම් එන ප්‍රමාණය අනුව සැලසුම් කර යා හැක. මුල්වරට ප්‍රසිද්ධ ආරධනයක් කරනු ලබන්නේ එම ගමන එතරම්ම වටින හා ඔබට පෙන්විය යුතු ඔබ දැකගත යුතුම සංචාරයක් බැවිනි.

පානම යනු කොටි තස්ත්‍රයන් කවදාවත් ගමට විත් පහර නොදුන් එකම ගම්මානයයි. පානම පන්සලේ නායක හාමුදුරුවන් පවසන පරිදි එයට හේතු දෙකකි. එකක් දෙමළ හා සිංහල සම්මිශ්‍රණයක් පැවති හෙයින් තම නෑයන් මරා දැමීමට කොටි කැමති උනත් නැගෙනහිරි කොටි අකමැති වීම. දෙවැන්න නම් ‍‍ නොපෙනෙන බලයක ආශිර්වාදයයි. ඒ කෙසේ වෙතත් දරුණු සුනාමියෙන්ද බැටකෑ මුත් විශාල හානියක් සිදු නොවූ ගම්මානයකි. ලිපිය දිර්ඝ නොවනු පිණිස බැලු ස්ථාන හා වන්දනාවට ලක්වූ ස්ථාන ප්‍රථමයෙන් ලැයිස්තු ගත කර දෙවනුව යාමට නියමිත ස්ථාන ඉදිරිපත්කරමි.


ගූගල් පහසුකම හරහා එම ස්ථානය හා ගමන් මාර්ගය පහත පරිදිය

01. පානම විහාරස්ථානය

අතුබෙදුනු තල්ගස

02. ශාස්ත්‍රවෙල - මණිනාග පබ්බත රජමහා විහාරය
විහාරය අසලටම කොන්ක්‍රීට් කරන ලද පාරකි. නමුත් වන අලින් ගහනය. එම නිසා හවස හතරෙන් පසුව ගමන බිමන සුදුසු නැත



03. මුහුදු මහා විහාරය
ඉතා සුලු ඉඩම් කොටසකි. වටන්ම කියූ පරිදිම කම්බි වැටවල් ගසා අැත. නමුත් පාරවල් කාපට් කර අැත. කඩ නැත. වන්දනා පිරිස් අසල වෙලඳසල් වලින් බඩු ගැනිම අති දුර්ලබ කාරනයකි. එම නිසාම මුස්ලිම් ව්‍යෘපාරික ප්‍රජාවක් බිහිවි නැත. බිහිවිය යුතුද නැත. ඔබ ගියත් එම කඩවලින් නොගැනිමට වග බලා ගන්න. පන්සල තුලින්ම කරන එක් තාවකාලික කඩයක් අැත. වාහන නැවැත්වීමේ පහසුකම් අැත. චෙෙත්‍ය සඳහා අාරක්ෂාව සපයා අැත්තේ කලු තෙල් ප්‍රහාරයකට ලක්වෙතැයි බියෙනි. බොද්ධ රටක බෞද්ධ පුජනිය ස්ථාන වලට පොලිස් අාර්ක්ෂාව සැපැය යුතු තැනට එම පෙදස්වල මුස්ලිම් ජනයා ගේ විනය පහලට වැටී අැත. ඔවුන් සුලුතරය සිටින තැන සහජීවනයත් බහුතරය අැති තැන මුස්ලිම් නිතියත් අැත.




04. මඟුල් මහා විහාරය
කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ විවාහ මංගල්‍යය සිදුවූ ස්ථානය ලාහුගල මඟුල් මහා විහාරය ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ.




05. යුදගනාව
ක්‍රි.පු.2 සියව‍ස දී දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරු සටන් වැදුණු ස්ථානය යුද අංගනයක් ‍‍‍‍‍‍ ලෙස සැලකූ බවත් පසුව එය යුදගනාව වු බව කිය‍යි ඒ හැරුණු විට 12 වන සියවසේ දී මහාපරාක්‍රමබාහු රජු විසින් සිය මෑණියන් වු රත්නාවලී බිස‍ව‍ගේ භෂ්මා‍වශේෂ තැන්පත් ‍‍‍කොට මෙම දාගැබ ඉදිකළ බව තවත් අදහසකි


06. මාලිගාවිල
මාලිගාවිලට අාස්නයේ අැති ස්ථාන පහත පරිදි දැක්විය හැක (07 - 13 දක්වා). මෙතැන් සිට පහළට අැති ස්ථාන දැක බලා ගැනිමට යා යුතුව අැත.


මෙතනින් පහළට අැත්තේ යායුතු තැන්ය. නුදුටු තැනක විස්තරයක් හෝ පින්තූරයක් උස්සා දැමිම තරම් නොවන නිසා නොදමමි.

07. බුදුරුවගල
08. යුධගනාව චූලාංගනිය
09. දෙමටමල් විහාරය
10. ගල්ටැම්මණ්ඩිය
11. අලුත්වෙල විහාරය
12. හැබැස්ස
13. යටියල්ලාෙතාට

14. නීලගිරි ස්ථූපය
15. සමන්ගල වන ආරණ්‍යය
16. කොටවෙහෙරගල විහාරය
17. රජගල ලෙන් විහාරය
18. වෙහෙරගල
19. කුමන ජාතික වනෝද්‍යානය
20. කැබිලිත්ත මහා සියඹලාව දේවාලය
21. කුඩුම්බිගල ආරාමය
22. ආරුගම් බොක්ක
23. නාගපබ්බත විහාරය
24. මාදුරු ඔය ජාතික වනෝද්‍යානය
25. අරන්තලාව
26. බුද්ධන්ගල විහාරය
27. බෝවත්තෙගල ලෙන ආරාමය
28. ගොනගල්ල ආරාමය
29.  සේනානායක සමුද්‍රය
30. මාදුරු ඔය ජලාශය
31. දීඝවාපිය
32. හේනානිගල පංචාවාස රජමහා විහාරය
33. ගල් ඔය ජාතික වනෝද්‍යානය
34. නුවරගල
35. ඔකඳ වෙරල තීරය
36. පල්ලන් හෙල කන්ද
37.  පොතුවිල්හි ගෝලාකාර නිවාස
38.  වඩිනාගල
39. ලාහුගල කිතුලන ජාතික වනෝද්‍යානය
40. හෙනන්නෙගල ලෙන් විහාරය
41. පන්නත්ගොඩ පුරාණ රජමහා විහාරය
42. ගෝවින්ද හෙල
43.  පදියදොර ජය ශ්‍රී මහා බෝධිය
44  මහඔය උණු දිය ලිං
45. රුෆුස් කුලම්
46.  ජයන්ති වැව
47. ඕවගිරිය විහාරය
48.  මොල්ලිකුලමලෙයි
49.  මැදන කන්ද
50. පියන්ගල වන ආරණ්‍යය
51.  කොන්ඩවට්ටාන
52. ජපන් සාම විහාරය
53. ඔමුනුගල ලෙන් විහාරය
54. නිට්ටෑවෝ
55. අලි ඔලුව වැව
56. දිවියගල විහාරය
57. බණ්ඩාරදූව
58. ඔකඳ දේවාලය
59. මකරය
60. සමනබැද්ද ලෙන් විහාරය
61. උදයගිරි රජමහා විහාරය
62. මොට්ටගල ගාමිණී තිස්ස ආරාම සංකීර්ණය


විශේෂ ස්තුතිය -  ඉන්දික මහතා අැතුලු සංවිධායක මණ්ඩලයටත්, ඡායාරූප ලබා දුන් සැමටත්, සහභාගි වූ සැමටත්. දවස් තුනක ගමනක උදෑසන දහවල් හා රාත්‍රී අාහාර සකසා දුන් සැමටත්, අාරක්ෂාකාරීව අපව නැවත ගම්බිම් බලා රැගෙන අා රියැදුරු මහතාටත්

Monday, October 24, 2016

Great Western - ග්‍රේට් වෙස්ටර්න්

බතලේ ගල, බැරැන්ඩි රොක්, කඳු මුදුනට ගොස් ඇත. එතරම් දුෂ්කර නැතිව ග්‍රේට් වෙස්ටර්න් තරණය කළෙමු. එයට ප්‍රධාන හේතුව නම් වැසි රහිත කාලයක් වූ පසු ගිය සෙනසුරාදා දිනය( 2016/10/21 -22) ඒ සඳහා යොදාගත් බැවිනි. අපේ පුද්ගලික වාහන වල නොගොස් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් වලට ‍යාම මුලින් තිරණය වි තිබුණි. නමුත් අවසාන මොහොතේ දුම්රිය ප්‍රවේශපත් ලබා ගත නොහැකි වූ නිසා නැවත පුද්ගලික වාහන වල යාමට තීරණය කල තිබුණද, ඒ වන විටත් මගේ වාහනය හදිසි  අනතුරකින් ඇතිවූ හානියක් පූර්ණය කරගැනිම සඳහා සේවා ස්තානයට දමා තිබුණි. එය ලබා ගැනිමට සති දෙකක් වත් යනු ඇත. ඒ තරම් එම ආයතනය කාර්යක්ෂමය. එලෙසම නිශ් මහතාගේ වාහනයත් හදිසි අලුත් වැඩියාවකට සේවා සපයන ආයතනයකට දමා තිබුණු නිස, දුම්රියෙන් යෑම නැවතත් ස්තීර විය. හදිසියේම දුම්රිය වෙන්කරවා ගැනිමට නොහැකි නිසා එක්වරම මතකයට නැගුනේ, සුප්‍රසිද්ධ සංචාරක අයාතනයක(මා කලින් රැකියාව කල ස්ථානයේ  PEAK COLOMBO) වැඩ කරන  කෝසල (kosala.abeyratna) මහතායි. ඉක්මන් ප්‍රතිචාර දැක්වූ ඔහු ගමනට අවශ්‍ය සියලු විස්තර හා දුම්රියේ තත්වය විස්තර කර ‍ දීම පිළීබඳුව ඔහුට කෘතගුන වෙමි. ඒ අතර තුර සත් ගුණවත් රවිඳු මහතා දෙවන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත් වෙන්කරගැනිමට  සමත් වී තිබුණී. 

මෙවර චාරිකා සටහන
දිනය :- 2016/10/21-22 
ස්ථානය :-  Great Western - ග්‍රේට් වෙස්ටර්න්
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 200(කොළඹ->ග්‍රේට් වෙස්ටර්න් )
නැරඹිය හැකි දේ :-  Great Western - ග්‍රේට් වෙස්ටර්න්, දහවල් 12.20 ට පමණ ඔබ කඳු මුදනේ සිටියහෝත්,දුම්රිය දෙකක් මාරුවන ආකාරය
ගනං හිලව් :- උදෑසන ආහාරය රු සියක්ටද දිවා. රාත්‍රි ආහාර වෙලක් සදහා රුපියල් 130ක් ද බැගින් වෙයි



තවමත් සතිඅන්තයක කණ්ඩායම් එකක් හෝ දෙකක් එන ස්ථානයකි. එහෙයින් මෙම ස්ථානය තවම අපවිත්‍ර වී හෝ සංචාරක වෙලඳුන්ගේ කූට ග්‍රහණයට ලක්වී නොමැත. එසේ නොවේවායිද එකසිතින් පතමි. එම ගමෙහි ජීවත් වන මෝගන් මහතා හා තවත් එක් අයෙකු පමණක් ඒ පිළිබඳව උනන්දුවක් දක්වයි. ඒ හැරෙන්නට කොළඹීන් ගිය පුද්ගලයන්ට/පිටස්තරයෙකුට එය නතු වී නොමැත.  මේ සමග අතුරුකතාවක් ලිවිමට වඩා වැඩදායි යැයි සිතේ, මීට වර්ශගනාවකට පෙර අප මෙලෙසමට මීමුරේට ගියෙමු. ඒ කාලයේදි මිමුරේ යනු, සංචාරක වෙළදුන්ගේ උගු ග්‍රහණයට ලක් නොවූ ගම්මානයකි. නවරත්න නම් වූ එම ගමෙහිම පුද්ගලයෙකු පමණක් සංචාරකයන්ට සේවා සැපයුයේය. නවාතැනට රුපියල් 2000කුත්, උයාපිහාදීම වෙනුවනේ තවත් පන්සීයකුත් පමණක් වූ එම වියදම අද වන විට එක් අයෙකුට රුපියල් 5000ක් වූ තරමටම වානිජකරණය කර ඇත. ඒ සිදුවූ දෙය මෝගන්ට හෝ එම ගම්වැසියන්ට හෝ ග්‍රේට් වෙස්ටර්න් ට නොවේවායි එක සිතින් පතමි. 

අප සංචාරයකට යන්නේ නම් එහි යාමෙන් සිදුවන සියලු අවාසි එම ස්ථානයට හෝ ගම්වැසියන්ට සිදුවන්නා සේම. එහි වාසියද ඔුවන්ට අත්කර දීමට හැකි පමණ උත්සුක වෙමු. එසේ නොවුන හොත් එම ස්ථානය උග්‍ර වානිජකරණය වී, ඒකාදිකාරයකට ලක් වනු ඇත. අද වන විට මී මුරේ, ජගල් බිච් හා තවත් බොහෝ ස්ථාන මෙලෙස සංචාරක කාක්කන්ගේ මූල්‍ය උත්පාදන ස්ථාන වී හමාරය.

රාත්‍රි 8 බදුල්ල බලා යන දුම්රියෙන් සිකුරාදා රාත්‍රියෙහි දුම්රියට ගොඩ වී පසු දින උදෑසන 4 ට පමණ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පළට ලඟා විය. දැඩි සීතලක් සහිත වූ ඒ උදෑසන දුම්රිය ස්තානයෙන් බසින් විට තවත් කණ්ඩායමක් ග්‍රේට් වෙස්ටර්න් තරණයට එම දුම්රියෙන්ම පැමිණ තිබුණි. මෙලෙස අප කණ්ඩායම් දෙකම මෝගන් මහතාගේ නිවස බල ගියෙමු.  කෙටි නින්දක් ලැබ උදෑසන 8ට පමණ ගමන ආරම්භකිරිමට සැරසෙන විටත්,උදෑසන ආහාරය හා දිවා ආහාරය පාර්සල් කර තිබුණි. නමුත් රොටි සමඟ ලුනුමිරිස් හා පරිප්පු වූ උදෑසන වේල , මෝගන් මහතා ගේ ගෙදර සිටිම බුක්ති විඳ සැනෙකින් අවසන් කර දැමුවෙමු. එහි ප්‍රතිපල කන්ද නැගිීමට පටන් ගත් අවස්ථාවේදීම අයෙකුට බලවත් පීඩා ගෙනදුන්නේ ඉස්මුරැත්තාවක් ඇතිවීමෙනි.


වර්ෂාව රහිත දිනක් වූයෙන් කූඩැල්ලන්ගෙන් හා ලිස්සීමෙන් හානි‍ ඇති නොවූවද,අංශක 80වේ පමණ කඳු කොටස් තරණය ඉතා අපහසු විය. නමුත් මෝගන් මහතා හා ඔහුගේ සහායකයා අප සමඟ සිටි බැවින් ඒ ගැන එතරම් තැකිය යුතු නොවිණි. ගමන් කළ යුතු මාර්ග හොඳින් පැදී ඇති හෙයින් මුදුනට යන මාවත ඉතා පැහැදිලිය. නමුත් ගමේ අයකු ගමනට සම්බන්ධ කරගැනිමට වඩා යෝග්‍යය. එයට එතරම් මුදලක් වැය නොවනුු ඇත(උපරිම රුපියල් 2000 කි) එය සාධාරණ මුදලක් යයි මට සිතේ.

තවත් අතුරු කතාවාක් ලියනු රිසියෙමි. මෝගන් මහතාගේ පියා එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පලට අනුයුක්තව සේවය කර ඇත. එකල කොටි තස්ත්‍රවාදි සමයක් වන අතර, දුම්රිය පිල්ලක් මත තිබුණු ක්ලේමෝ බොම්බයක් සොයා දිමෙන් නිහඩ විරුවෙකු වී සහතිකපත්‍රයක්ද ලබා ඇත. නමුත් එයින් එහාට ගොස් ඔහුට කිසිම මුදල්මය හෝ වෙනයම් ආධාරයක් කර නැත. අවම වශයෙන් කරනු ලැබූ දෙයට නිසි ඇගයීමක් වත් සිදුව නැත. මේ සිද්ධිය සිදු වී ඇත්තේ වර්ෂ 2000 දී පමණය



පින්තූර ඉස්සසුවේ තිසර, අමිල, රවිඳු හා පුබුදු ගෙනි!


නැගිය යුතු කන්ද
කන්ද පාමුළ

උඩට කන්ද පේන විදිහ - පින්තූර අයිතිය පුබුදු
පහළ පෙනෙන අයුරු - පින්තූර අයිතිය රවිඳු



දුම්රිය දෙක මාරුවන අවස්ථාව - පින්තූරය අයිතිය තිසර


මං තුමා - පින්තූරය අයිතිය අමිල

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....