Saturday, February 27, 2010

තේරවිලි

ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැහැ .. උත්තර පස්සේ දාන්නම්..

ජන ගී වල එක් අංශක් ලෙස තේරවිලි හැඳින්විය හැකිය. දෙදෙනෙකු අතර සිදුවන මෙම අදහස් හවමාරුව කුඩා කළ සිටම අපේ ජීවිය හා එක්ව පවතී.

තේරවිලි වලින් දැනුම ලැබේ. විනෝදයත් අතිවේ. නිර්මාණකරණයට හැකියාව ලැබේ. තේරවිලි ගද්‍ය පද්‍ය ලෙස දැක්විය හැකිය. කාලය අවස්තාව හ ප්‍රෙද්ශය අනුව තේරවිල්ලක් නොයෙක් අකාරයේන දැකිය හැක. මේ අතර තුන් තේරවිලි වැදගත් තැනක් ගනී

1.
ඇඟේ කටු නැති
අත් පා දෙක නැති
ලිස්සා ලිස්සා යන
මුතු නැති බෙල්ලා

පිළිතුර - ගොලුබෙල්ලා

2.
පැණි රසයි සොයන්නේ
උණු දියයි නාන්නේ
ඔලුවෙනුයි නටන්නේ
කවුද මේ කියන්නේ

පිළිතුර - හැන්ද

3.
කන්ද උඩින් සුද්දෙක් එනවා
එන්ට එන්ට මටි වෙනවා

පිළිතුර - ඉටිපන්දම
4.
නොදිරන කොට දෙක
එළිවෙන කොට රැ වෙන කොට
තුන් දෙනෙක් යනවා
දොළොස් දෙනෙක් බලා ඉන්නවා

පිළිතුර - ඔරලෝසුව


5.
ඉස්පිලි පහක් නමට යෙදෙන සතා
පිළිතුර - ගිණිකිකිළි

6.
කෑවොත් පළතුරකි
වැළදුනොත් රොගයකි
පිළිතුර- පැපොල්

7.
කොළ නැති ගස
පිළිතුර - මොග් ගස

8.
හොරෙන් අරන් යන්නට බැහැ සුවඳ හමයි
හොද්දට මුසු නොවු කල රසගුණ අඩු වෙයි
අවුසදයකි නැටි කන්පෙති සිදුරෙ රුවයි
පඳුරක් නොවෙයි ගසකට තේරුවොත් අගෙයි
පිළිතුර -
හොරෙන් ගෙනයද්දි සුවදත් හමන්නේ
හොද්දට නොදැම්මොත් රස ගුණ අඩුවන්නේ
නැති බැරි අඟනුන්ගේ කන් පෙති සරසන්නේ
රම්පෙ නොවෙයි ගස කරපිංචයි වන්නේ


9.
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට

පිළිතුර -
ගස මුල කටු පොර කටු දෙක නෙවේදෝ
කඳ මැද තටු ඉගිලොන තටු නොවේදෝ
මුදුනේ පිපුණ කරමල නෙවේදෝ
කුකුළට මෙතුන් පද බැදුනා නොවේදෝ

10
දාර දෙකක් එකපිට එක කර තැනුවා
පාර තිහක් තැලුවට බියකුත නැතුවා
කොන් සතරයි කනු සතරය ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මගදි දුටුවා
පිළිතුර -
දාර දෙක්ක එක ළඟ එක ගැවසීය
පාර තිහක් තැලුවට බියකුත් නැතිය
වට පිට යන කලට කනු සතරින් යාය
මට දැනෙන ලෙසට මහ රජ ඉබ්බාය
11
නෙත් දෙක විනා නෙත් නින්දක් නැති සේමා
පා දෙක විනා පා ගමනක් නැති සේමා
මඩ බොර දියේ පණ රැත ගත්තා සේමා
මෙතුන් පදේ තොරන්නට බැරි හේමා
පිළිතුර -
වන්නතරේ ගල් උණුවෙනවා හේමා
ගමේ කම්මලේ මිටියේ වැඩ සේමා
මඩ බොර දියේ පල රැක ගන්නා සේමා
මෙතුන් පදේ කිවේ ගිරයට සේමා

12
සව් සිරි සපිරි මුදුනේ වැඩේන්නේ
නැව් පුරා රුවල් සුළඟට වැනේනනේ
ගව් ගණත් ගොසින් මහතුන් දකින්නේ
මව් මාරා උපන් කුමරා කියන්නේ
පිළිතුර -
සව් සරා සපිරි මුදුනේ වැඩෙන කල
නැව් පුරා රුවල් සුළඟට වැනෙන කල
ගව් ගණන් ගොසින් මහතුන් දකින කල
මව් මරා උපන් කුමරා කෙසෙල් මල

13.
සස්සඳ සසඳ ගල පල්ලේ උපන්නේ
ඹලුව නැතිව කඳමයි සාප දෙන්නේ
නෙත් දෙක උඩ බලා බිම ගොදුරුයි කන්නේ
මෙතුන් පදේ තෝරාලා කියන්නේ
පිළිතුර -
සස්සඳ සසඳ ගලපල්ලේ උපන් සතා
ඔලුව නැතිව කඳමයි සාප දුන් සතා
නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා
දැනගත් මිතුර කක්කුට්ටා නෙවෙද සතා


14
නාග ලොවේ සිට මිනිහෙක් ඇවිදින් බෙල්ල කැඩිලා ගෙයි
තව එක මිනිහෙක් ගසින් වැටිලා හතරට පැලිලා ගෙයි
තව එක මිනිහෙක් ගින්නට දාලා වැස්සට තෙමිලා ගෙයි
යන මේ තුන්දෙන සමගි කරන්න මැරිච්ච මිනිහෙක් එයි

මේ ටික මට හමු උනේ අර කියපු කඩදාසි කවරයේ තිබිල. එහන්ද 14 වන තේරවිල්ලට මට උත්තර නැහැ. අනික් එව්වට උත්තර සඳුදාට දාන්නම් ....


මම දන්න එව්වා. මට මේ තුන විතරයි මතක .. දන්න එව්වා තියනවා නම් ලියන්න .. අපි අපේ දේ සුරැකිය යුතුයි ..

15.
නැට්ට නැති ගෙඩිය
පිළිතුර - බිත්තර ගෙඩිය

16.
අලිය නොයන මග
පිළිතුර - ඉණිමග

17.
අලිය නොකන දල්ල
පිළිතුර - ගිනි දල්ල

18.
කැපුවොත් හිරේ
කෑවෝත් බඩේ
පිළිතුර - බෙලි

වැප්

26 comments:

Anonymous said...

මං හිතන විදිහට 14 වෙනි තේරවිල්ලෙන් කියන්නෙ බුලත් විට ගැන.
1 වෙනි පදය - බුලත් කොළය
2 වෙනි පදය - පුවක්
3 වෙනි පදය - හුණු
4 වෙනි පදය - දුංකොළ

wath said...

14 වෙනි එකට නම් උත්තරය බුලත් විට. බුලත්, පුවක්, හුණු ,දුම්කොළ... අනිත් ඒවනම් ම් ම් ම් ම් .....

wath said...

අයියෝ මම උත්තරේ type කරන අතරේ තව කෙනෙක් උත්තරේ දාලා

wath said...

4 ඔරලෝසුව

වැප් said...

@Anonymous
එලකිරිස්

@wath
හි හි ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි ...

wath said...

6 පැපොල්

wath said...

7 ඉල්ලූම් ගහ

වැප් said...

@wath
එක කමෙන්ටුවක දාන්න ඔක්කොම උත්තර ... නැත්නම් කමෙන් වැටෙයි අම්බනාට අංකය දාලා දාන්න

wath said...

8 කරපිංචා

wath said...

12 කෙසෙල් . ඒක නෙමෛයි මම 18 දන්නෙ නැහැ. ඒ මොකක්ද අප්පා... අනේ සමාවෙන්න ඕනි ප්‍රමාදය පසුතැව්ල්ල නිසයි එහෙම comment කරේ

තරිඳු said...

5. ගිනිකිකිලි
7 මෝල් ගහ
9. කුකුලා ??
10. මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය
11. මෙතුන් පදේ කීවේ ගිරයට හේමා
12. මව් මරා උපන් කුමරා කෙහෙල් මල
15. බිත්තරේ
16. ඉනිමග
17. ගිනි දල්ල

ප්‍රියන්ත කරුණාරත්න said...

18.බෙලි

වැප් said...

@තරිඳු
@ප්‍රියන්ත කරුණාරත්න
තව දන්න් එව්වා තියනවනම් ලියලා දාන්න ....

wath said...

දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා

නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා

කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා

මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා


වනන්ත‍රේ ගල් උණූවෙනවා හේමා

ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා

ජල බොර දියෙන් පණ රැකුණා හේමා

මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා

wath said...

තෑගි මුකුත් දෙනවද දන්නෙ නැහැ නේද?

වැප් said...

@wath

14 වෙනි එකට ලැබෙන උත්තරේ තැගි විදිහටදෙන්නම්

Raven said...

ෂුවර් නැති සමහර ඒවාට ප්‍රශ්නාර්ථ ලකුණු යොදල ඇති.

‍1. හංගොල්ලා/ ගොලු බෙල්ලා (?)
2. කැවුම(?)
3. ඉටි පන්දම (?)‍
4.ඔරලෝසුව
5. ගිණි කිකිළි
6. පැපොල්
7. එල්ලුම් ගස, මෝල් ගස හෝ කෙස් ගස‍
8.කරපිංචා
9. අන්නසි(?)
10. ඉබ්බා
11. පඹයා(?)
12. කෙහෙල් මල
13. කකුලුවා (?)
14. බුලත් විට
15. බිත්තර ගෙඩිය
16. ඉනි මග
17. ගිනි දල්ල
18. බෙලි

වැප් said...

@Raven
සඳුදාට ඇවිත් බලන්න මතක ඇතුව ...

Raven said...

@චැප්
අනිවා මචන්. බලමු එදාට හරි වැරදි :)

රවා said...

වැපා හැමදාමත් වගෙ මම විභාගෙට යද්දි පරක්කු වෙලා. මොනා කරන්නද වෙලාව තමයි.. කැම්ප්ස් එකෙන්ද නෙට් එකට එන්නෙ. මට රැට විතරයි බ්ලොග් එකට සෙට් වෙන්න පුලුවන්... උබ දාන තෙරවිල්ලක් හැන්දැවට දාපන්කො..

රවා said...

ස්තුති උබ තමයි මගෙ පනස් වෙනි හබායන්නා. මට එකට ස්තුති කරන්න බැරුව ගියා.

වැප් said...

@රවා
හපොයි එහෙමද? අනික් දවසේ රැට දන්නම් ... එත් ඉතින් රැ 11 විතර

50 - එලකිරිස් අර්ධ ශතකය මං

LishWish said...

මෙන්න 14ට උත්තරේ
රබ්බඩ පුවකේ නැට්ට කඩාලා හතරට ඉරු කරතෙයි
තෙතෙයි තෙයි හතරට ඉරු කරතෙයි
වෙත්තිල බුලතේ නැට්ට කඩාලා සුනම්බු ගාතෙයි
තෙතෙයි තෙයි සුනම්බු ගාතෙයි
දී කොට නැන්දට මස්සක් දීලා දුම්කොල ඉල්ලා තෙයි
තෙතෙයි තෙයි දුම්කොට ඉල්ලා තෙයි
පිත්තල පෙත්තක් දත මුල ගහගෙන පහතට දත නියතෙයි
තෙතෙයි තෙයි පහතට දත නියතෙයි

hondahitha said...

Thanks wap

වැප් said...

@LishWish
තුති ...

@hondahitha
අවුලක් නැහැ

Anonymous said...

පාවඩ මත ඇවිදින්නේ
ඒ වුණාට බඩගින්නේ

පුළුවන්නම් මේක තෝරන්න

Post a Comment