Tuesday, November 22, 2011

බොහොම පින්

මගේ තාත්තාගේ අභාවය වූ අවස්ථාවේ සිට ඒ ගැන සොයා බැලූ , පැමිණ හා උදව් කල සැමට පින්.

බ්ලොග් අවකාශය තුලින් හදුනා ගත් දුටු නොදුටු සියලු හිත මිත්‍රාදින්ට මාගේ ප්‍රණාමය.

වැප්

23 comments:

මාතලන් said...

මම දන්නෙ දැන්. සමාවෙන්න.
මගේ අවංක කනගාටුව.

දේවා ගේ අඩවිය said...

සමාවෙන්න අය්යා.. එහෙම දෙයක් මම දැන ගෙන උන්නේ නැ අය්යේ...
පිලිගන්වමි මගේ බලවත් ශෝකය....

108543860788859599679 said...

අපේ සංගමයක් නැතිද යමෙකුට කරදරයක් වු විටදී දැනුම් දෙන්ටවත්? ඔබගේ පියාගේ වියෝව ගැන බලවත් ශෝකය.

මයියා ( Mayya) said...

my deepest sympathies....may he attain Nibbana

හිස් අහස said...

එන්න පුලුවන් මානෙක හිටියා නම් මමත් මල ගෙදර ඇවිත් යන්න එනවා වැප් .

අපිටත් බොහොම කනගාටුයි වැප්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මම දන්නෙත් දැන් , මගේ සාතිශය සංවේගය පිලිගන්න

ඕනයා said...

කණගා‍ටුයි මචං . . . එන්න විදියක් තිබුනෙ නෑ

මාතලන් said...

මොකක්ද ඕයි මේ කෙලිය. මෙච්චර එකෙක්ගේ දෙයක් දැනගන්නත් විදියක් නැත්නම්. මේක ජාලයක් නෙමෙයිනේ. සමාවෙන්න......

තීර්ථ යාත්‍රිකයා said...

කෝල් කලා මචං කීප සැරයක්ම.ෆෝන් එක වැඩ කලේ නෑ. මම උඹට කතා කරන්නම්.....

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මගේත් සාතිශය සංවේගය පිලිගන්න

ItalyDilan said...

අපිට එන්න බැරි උනු හේතුව උබ දන්නවා නේ අපි ඇත්තටම දුක් උනා උබ ගැන... බ්ලොග් හරහා බස් වලට ගිහින් ඒ ඇති කරගත් මිත්‍රත්වය එදා මමත් දැක්කා උබත් දකින්න ඇති

samadhi said...

වැප්ගෙ තාත්තට නිවන් සුව පතමි.

බුද්ධි said...

බ්ලොග් මිතුරන් කිහිප දෙනෙක් මේක දැන ගත්තෙ නැත්තෙ මම දකින විදිහට මේකයි.

01. සමහර විට මුණුපොතේ වැප්ගෙ යාලුවෙක් නොවෙන්න ඇති. නැත්තං අපි ෂෙයා කරපුවා දකින්න බැරිඋනේ ෂෙයා කරපු අයගෙත් යාලුවෙක් නොවුන නිසා වෙන්ඩැති.

02. අනිත් එක මම හිතන්නෙ මේකයි ප්‍රධාන කාරණය. මේ කටයුතු ඔක්කොම ගියේ ගූගල් Buzz එක හරහා. යන එන වෙලාවල්, මුණගැහෙන තැන් වගේ සියලුම දේවල්. ඒ හින්දා මඟ ඇරෙන්න තිබුනු ප්‍රවනතාවය වැඩියි.

03. අනික වැපා බස් සංගමේ සභාපති නිසා ගොඩදෙනෙක් අඳුරණ හින්දා කව්රුත් පෝස්ට් එකක් දාන්නත් ගියේ නෑ. කතන්දරගෙ පියාගෙ අභාවය වෙනුවෙන් කතන්දර පෝස්ට් එකක් දැම්ම හින්දනේ අපිත් ඒක දැනගත්තෙ.

පිස්සා පලාමල්ල said...

එන්න පුළුවන් කමක් තිබුනනම් නෑවිත් ඉන්නෙ නෑ... කණගාටුයි මචන්...

Observer said...

මං ගුගල් බස් එකේ ගමං බිමං නොගියට දැනගත්තෙ ගුගල් බස් එකේ යන එන කට්ටියගෙන්.

වැප් ගේ පියාට නිවන් සුව පතනවා.

දුකා said...

අපි අපි අතරේ කතාබහ කරලා සම්මුතියක් ඇති කර ගනිමු මින් මත්තට මේ වගේ දෙයක් උනොත් ඒ කෙනාගේ අවසරය ඇතුව සියලුම බ්ලොග් ලියන්නන් දැනුවත් කිරීම සඳහා ලිපියක් පල කිරීම ගැන . . මොකෝ හිතන්නේ

Podi Kumarihami said...

වැප්ගේ පියාණන්ට නිවන් සුව පතනවා.
දුකාගේ කතාවට එකඟයි.

Chathuranga Perera said...

වැප් අයියේ සමාවෙන්න, දැනුම් මේ වගක් දන්නේ !

ජංජාලේ අපිට වඩා සීනියර් අයියගේ තාත්තගේ මරණෙ ගැනවත් දැනගන්න විදියක් නැති නම් ඇත්තටම මේ ජංජාලේ ඇති වැඩක් නෑ නොවැ. මමත් දුකා අයියගේ යෝජනාවට එකඟයි !

පියතුමාට නිවන් සුව !!!

ලොකු පුතා said...

මම දන්නෙත් දැන්
ඔබගේ පිය තුමානන්ට නිවන් සුව....!!
දුකා කියපු එක හරි, එහෙම වුනානම් අඩු ගානේ එන්න බැරි වුනත් ශෝකය ප්‍රකාශ කරන්න හරි අවස්ථාවක් ලැබෙනවා, දුර බැහැර(හෝ රටින් පිට) ඉන්න අයට

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මාත් දුකා ගෙ යෝජනාවට එකඟයි මොකද අපි බස් පදින අය නෙවෙයි නේ , මුණු පොතේ ඉන්නෙත් අතලොස්සක් බ්ලොක් කරුවන්ගේ ලිස්ට් වල

ඔබ නොදු‍ටු ලොවක්..... said...

දුකා ගේ අයිඩියා එක එළ..ඇත්තටම මම දන්නෙත් මේ දැං..නොදැක්කට යාළුවො නොවුනට අපිත් මනුස්සයොනේ....මගේ බලවත් කනගා‍ටුව.....තාත්තාට නිවන් සුව පතනවා.....

sithuwilimandiya said...

අපගේ සාතිශය සංවේගය.

Anonymous said...

අනේ මචෝ, මං මේ ලිපිය නම් දැක්කේ දැන්. මේල් එක මං ඇත්තටම විශ්වාස කලේ නෑ, සහ ඉතිරි මේල් ටික දැක්කේ පහුවෙලා. එහෙනම් සිද්ධිය ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනකොට පෙරහැර ගිහින්. උඹට මං එදාත් කිව්ව වගේ. අනේ සමාවෙයන් මචන්. [එන්න පුලුවන් දුරක නම් නෙමෙයි නෙව මං කොහොමත් ඉන්නෙ.]
තාත්තාට නිවන් සුව පතනවා.. :(
කවුද කියලා දන්නවා ඇතැයි අනුමාන කරමි. [FB මැසේජ් එකක් දවස් 2කට කලින් එව්ව කෙනෙක්]

Post a Comment