Monday, August 3, 2015

හේයස් (Hayes) වතුයාය - දෙනියාය - සිංහරාජය

කාලෙකට පසුව ලැබුණු දිර්ඝ සති අන්තය, කාලයක් ඉඳලා පෑලන් කරලා යා ගන්න බැරි උන සිංහරාජය, අතපසු උන ලිවීම. කලින් ඔෆිසියේ ඉඳපු කස්ටිය මුණ ගැසීම. ඔය ආකාර නොයොකුත් කාරනා එක්කම ඔන්න පහුගිය අධිඇසල පෝයට දෙනියාය පැත්තෙන් සිංහරාජය බලන්න ගියා. අපේ ගමන් මාර්ගය උනේ

කොළඹ- >රත්නපුර->පැල්මඩුල්ල->මදම්පේ->රක්වාන->සූරියකන්ද->දෙනියාය

ආයෙත් ආවේ ඇඹීලිපිටිය පැත්තෙන්. යද්දි හම්බනෙ ලස්සන තැනක් තමයි වංගු 10, ඇඹීලිපිටිය පැත්තෙන් එද්දි යායුතු තැනක් තමයි මඩුවංගල වලව්ව. ඉඳුම් හිටුම් වල ප්‍රශ්නයක් තිබ්බේ නැහැ හේයස් (Hayes) වතුයායේ  ක්වාටස් හිමි යාලුවෙක්ගේ යාලුවෙක් අපිත් එක්ක හිටපු හින්දා. තේ කර්මාන්තශාලවක දවල්ට මොකෝ වෙන්නේ රෑට මොකෝ වෙන්නේ කියලා හිතේ හැටියට බලා ගත්තා.  සිංහරාජය ගැන මොනවත් ලියන්න යන්නේ නැහැ වෙන රසකතා දෙකක් කියන්න මේ හදන්නේ

නින්දේ තරම- මිනිස්සුන්ට සාමාන්‍යයෙයන් නින්ද යනවා. නින්ද ගිය එකෙක්ව ඇහැරවන්න යන වෙලාව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේ කියන කෙනාට කොච්චර තදට නින්ද යනවා කියලා කිව්වා නම්, දවසක් මහ වැස්සෙදි, බිම නිදාගෙන හිටියාලු, පැදුරටත් වතුර දාලා කොට්ටෙත් තෙමිලා, නහය ගාවට වතුර එනකල් මේකෙනාව ඇහැරවගන්න බැරි උනාලු. උගේ වාසනවාට අපේ කරුමේට මේ කතාව අහන්න මූ එදා නහය ගානට වතුර එන්න කලින් ඇහැරුන එක ගැන ඇත්තටම දුකක් දැනෙනවා

හිඟන්නාගේ බත් එක - මේ ලඟකදි එක්තාර බුවෙක් හිගන්නෙක්ට සල්ලි දෙන්න වාහනයෙන් බැහැලා හිඟන්න ලඟට ගියාලු, මේ හිඟන්න හිටියේ උඩරටපළාතේ එක්තරා සුප්‍රසිද්ද හෝටලයක් ලඟලු. අර මනුස්සයා හිඟන්ට සල්ලි දුන්නාම, හිඟන්න ඇහැව්වාලු, මහත්තයා බත් එකක් තියනවා දෙන්නද කියලා, තක්කු මුක්කු උනු අපේ හාදයට කල්පනාවත් කරන්න වෙලාවක් නැහැලු. අර හිඟන්න කිව්වාලු. මහත්තයා මේ හෝටලේ කෑම තාමත් උනුයි කියලා. ඒ පාර හා දෙන්න කියලා අපේ එකා අර හිඟන්නාගෙන් එක කෑම එකක් ගත්තලු. යන්න හදනකොට හිඟන්න ඇහැව්වාලු මහත්තයා ගෙදරද යන්නේ කියලා. අපේ එකා ඔව් කිව්වාම. තව කෑම එකක් දුන්නලු.

වැඩිය පොටෝ ඇල්ලුවෙත් නැහැ නෙට් එකේ තිබ්බ එව්වා දැම්මේ, වැඩිය විස්තරත් නැහැ. ආයෙත් දවසක හමුවෙමු

වැප්

6 comments:

  1. මඩුවංගල නෙවෙයි මඩුවන්වෙල

    https://en.wikipedia.org/wiki/Maduwanwela_Walawwa

    ReplyDelete
  2. මදැයි හොඳ ට්‍රිප් එකක් ගැන විස්තර කියවන්න ආවා..

    ReplyDelete
  3. ලෝඩ් වෙන්න ඉක්මන් වුනාට මේ ටෙම්ප්ලේ‍ට් එක කිසි ගතියක් නෑ බං.

    ReplyDelete
  4. yes manduwanwela වැප්........

    ReplyDelete
  5. මඩුවංගල නෙමෙයි මඩුවන්වෙල කියලයි කියන්නෙ.
    මෝනිං සයිඩ් බලන්න ගියේ නැද්ද?

    ReplyDelete
  6. මාර හිඟන්නො තමයි ඉන්නේ. කොහොම වුනත් එළ

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....