Monday, March 9, 2015

මඩකලපු බලා ගියෙමු!

ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමනේ ප්‍රධාන අරමුණ උනේ මඩකලපුවේ තිබෙන එකම පන්සල වන මංගලාරාමය දැක බලා ගැනීමයි. ඔබට මතක නම් කූරගල , විල්පත්තු , මීමුරේ වැනී ඈත දුෂ්කර පළාත්වල මීට කලින් සංචාරය කරපු බව.  කූරගල කිව්වාම මතක් උනේ, ෆෙස්බුක් එකේ ඉවෙන්ට් එකක් තිබ්බා මේ වෙසක් පෝයට කූරගල යනවා කියලා. ඒකටත් යන්න හිතාගෙන ඉන්නවා. (https://www.facebook.com/events/1415848362043667/). යන අය ඉන්නවා නම් මාවත් එක්ක යන්න මතක ඇතිව.

මඩකලපුව, යන්න කලින් අන්තර්ජාලය පීරමින් විස්තර හෙව්වා, මොනවද බලන්න තියෙන්නේ, එම ස්ථාන කොහෙද තියෙන්නේ කියන එක ගැන. පහතින් තියෙන්නේ ඔබට මඩකලපුව ගියොත් දැක බලාගන්න තියන වැදගත් යැයි කිව හැකි ස්ථාන කිහිපයක්. සමහර විට අපිට යමක් මඟ අරුනා නම් මතක් කරලා දුන්නොත් යන වෙන කෙනෙකුට උනත් ප්‍රයෝජනයක් වෙයි. අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ මේ විදිහට



යන පාර
කොළඹ ->කුරුණැගල->ගිිරිතලේ->වැලිකන්ද->වාලච්චේන->චෙංකලඩි-> මඩකලපුව

මොරගහකන්ද
යන ගමන් මොරගහකන්දත් බැලුවා



පාසිකුඩා 
යන අතර මඟ වාලච්චේනෙන් හැරිලා පාසිකුඩා වලට යන්න පුලුවන්, ලංකාවේ තියන ලස්සනම මුහුදු තීරයක් තමයි පාසිකුඩා වල තියෙන්‍ෙ



මංගලාරාමය
මඩකලපුව නගරයේ තිබේන එකම බෞද්ධ සිද්ධස්ථානය තමයි, මේ පන්සල, කොටි කලබල කාලේ අත ඇරලා දාපු මේම පන්සල නැවත වර්තාමන නායක හාමුදුරුවෝ තමයි දැන් තිබේන තත්වයට දියුණු කරලා රැකගෙන ඇවිත් තියෙන්නේ. අක්කර එකාහාමාරක පමණ වපසරියේ,චෛත්‍යක්, බොධියක් හා බුදුගෙයක් මෙන්ම අවාසගෙයක් දැක්නට ලැබෙනවා. කිව්ව විදිහට ඒ කාලේ ඒ වටපිටාවේ ඔක්කොම ඉඳලා තියෙන්නේ සිංහල මිනිස්සු, පස්සේ කොටිකලබලත් එක්ක ඒ මිනිස්සු වෙනත් පළාත්වලට ගිහින්. ඒ මිනිස්සුන්ට ඒ දේපල නැවත ලබාගන්න  ක්‍රමයක් නම් දැන් කොහොමත් නැහැ. ඒ කෙසේ වෙතත් රැක ගන්න බැරි දේවල් නැවත මොන එකකට අරන් දෙනවාද? බලධාරින් නිලධාරීන් ඔක්කොම තද නින්දේ ඉන්න කොට, ඒ මිනිස්සුත් දැන් නැත්නම් ඔය දැන් තියෙන විදිහට තිබුණාවේ. සමහර විට ඔබට මතක ඇති ඡන්ද අයිතිය ඉල්ලන්න ගිහින් කොළඹදි ගුටි කන්න සිද්ධ උනෙත් මඩකලපුව නගරයෙන් කිලෝමිටර් 70 විතර ඈත ජිවත් වෙන ගම්මාන වල මිනිස්සුන්ට කියලා.






නවාතැන්
නවාතැන් ගන්න බොහෝ තැන් තියනවා. ඒ අතර අපි තෝරගත්තේ අඩු වියදම් ස්ථානයක්, තිරිච්චන්ද්‍ර කෝවිල ලඟම තියන ගෙදරක තමයි අපි නැවතුනේ. ඒ මිනිස්සුන්ට සිංහල ටිකක් පුලුවන්, ඒ හන්දා අපිට ගැටලුවක් උනේ නැහැ. නමුත් අපිට හරියට තැන හොයා ගන්න බැරිව, අතර මඟ කඩේකින් අහලා ඒ අයත් දන්නේ නැති තැන කෝල් එක්ක අරන් එතන හිටපු කෙනෙක්ට දුන්නා හරියට තැන අහලා කියන්න කියලා, ඉතාමත් උනන්දුවෙන් අපිට උදව් කරලා තියෙන්නේ, ඒ අසල තිබ්බා පොළිස් පොයින්ට් එකක ස්ථානාධිපති තුමා. උවමානවක් උනොත් එතනට එන්න කියලා බොහොම සුහදශීලිව කතා කරපු එතුමාට බොහොම ස්තුති වන්ත වෙන්න ඕනේ. පස්සේ අපි තිරිච්චන්ද්‍ර කෝවිල ලඟට ගියාම. නවාතැන් පලේ අයිතිකාරයා ඇවිත් අපිව එතනට එක්ක ගියා. බොහොම සුහද ශිලි මිනිසෙකු උන සූගිර්ධා මහත්මයාගේ ගදෙර තමයි අපි නවාතැන් ගත්තේ. නොදන්න පළාතක දෙමළ ගෙදරක නේද අපි මේ ඉන්නේ කියලා හිතට කිසි සැක සංකාවක් ඇති උනේම නැහැ.  ඒ තරම් ඒ මිනිස්සු සුහද ශීලි. හැබැයි ඉතින් හැම මනුස්සයෙක්මට චරිත සහතික නම් කිසිසේත්ම දෙන්න බැහැ.

තිරිච්චන්ද්‍ර කෝවිල
නාවාතැන අසලම පිහිටි මේ කෝවිල, 2004 අඩි 50ක් පමණ උස සුනාමියට දැඩිව ගොදුරු වෙලා තියනවා. ඒකේ ප්‍රතිවිපාක බලන්න පුලුවන් ඇලව ගිය පරණ කෝවිලේන්. මේ හරියට කියන්නේ නාවලඩි කියලා.. දිගටම මුහුදු තීරය ඒ වගේ දැක බලා ගන්න පුලුවන් සුනාමි ස්මාරක. ඈතට ලස්සනට කල්ලඩි පාලම පේනවා.





ගාන්ධි උද්‍යානය
අර්ෂඩි(ARSADI) පාලමෙන් ලන්දේසි බලකොටුව බලන්න යන විට, කොළඹ දියත උද්‍යානය වගේ ඉතාමත් අලංකාරව ගොඩනගපු ස්ථානයේ බොහෝ මිනිසුන් විවේක ගන්නවා



ලන්දේසි කොටුව
දිස්ත්‍රි්ක් ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන ගොඩක් පිහිටුවලා තියන්නේ බලකොටුව ඇතුලේමයි. පැරණි ගොඩනැගිලි, කාලතුවක්කු, මුරකුටි එහෙම අදටත් දක්නට ලැබෙනවා










මඩකලපුව දුම්රිය ස්ථානය
නැවත මඩකලපුව නගරයට පැමින, ප්‍රදීපාගාරය බලන්න යන අතර මඟ ඔබට මඩකලපුව දුම්රිය ස්ථානය හමුවෙනවා. අමතක නොකර එතනටත් ගොඩවන්න






මාංමගම් දේවාලය (Maamangam Hindu temple)
දුම්රිය ස්ථානය පස්සේ යන අතර තුර තමයි මේම විශාල දේවාලය ඔබට මුන ගැසෙන්නේ.




ප්‍රදීපාගාරය
ප්‍රදීපාගාරය අසලින් ඔබට බෝට්ටු සාවරයක් යාමටත්, වෙහෙස නිවා ගන්නටත් හැකිවන පරිදි ගොඩ නගා තිබේ




ඉහතින් කෙටියෙන් තිබෙන්නේ පෙර සූදානමකින් ගියපු තැන්. සමහර විට තවත් වැදගත් තැන් මඟ ඇරී යන්න ට ඇති. 

කල්අඩිපාලම
සින්දු කියන මාලු ඉන්නේ මෙතනලු... දැක්කේ නම් නැහැ.. සමහර විට ඔබට මුණ ගැසේවි



එනපාර
මඩකලපු->චෙන්කලඩි->මහඔය->මයියංගනය->නුවර->කොළඹ

ටැම්පිට විහාරය
චෙන්කලඩි මහඔය අතර කිලෝමිටර් 3 ක් විතර ඇතුලට ගියාම මෙම ටැම්පිටිය රජමාහා විහාරය වන්දාන කරන්න පුලුවන්. ඒ දවස් වල මායිම් ගම්මානයක් වෙච්ච මේ ගම්මානයේ පවුල් 300 ක් විතර පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම මේ විහාරය ගොඩ නංගවලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා.










මඩකලපු විස්තරය ඔච්චර තමයි. ආයේ ඉතින් කවදා කොහේ යයිද කියන්න බැහැ. මේ සම්පූර්ණ ගමන ගියේ යතුරුපැදියේ. ඊලඟට යන දිහාවක යන්න කැමැති අය ඉන්නවා නම් කලින් කියලා තියන්න:D විශේෂ ස්තුතියි තිසර මධුවන්ත මහතාට 

ඔන්න ඔය එක්කම තවත් කාරනාවක් කියන්න ඕනේ. පස්වන වතාවටත් සයිබර් බක්මහ උළෙල පැවැත්වෙවන්නේ මේ අප්‍රියෙල් මාසේ තියනවා වැල්ලවත්ත කුරේ ක්‍රීඩංගනයේ. එන අය එන්න නැති අය නිකා ඉන්න. එනවා නම් මේක පුරවන්න 

වැප්

3 comments:

  1. වැප්, මම දෙදාස් දෙකේ ඔය මඩකලපු පන්සලේ වෙසක් උත්සවයට සහභාගි උනා. ඒ කාලෙ හිටියෙ ඔය හාමුදුරුවොමද දන්නෙ නෑ, නමුත් ෆෝසස් ආධාරෙන් පන්සල කෙරීගෙන ගියා.

    ඉස්සර මඩකලපුවට පාරවල් හරියට නැති කාලෙ දකුනෙ අහංගම බලපිටිය පැත්තෙ මිනිස්සු වල්ලම් වල ගිහින් වෙළඳාම් කරල තියෙන්නෙ. මාටින් වික්‍රමසිංහත් මඩකලපුවෙ සිංහල කඩේක තමා රස්සාව කරල තියෙන්නෙ ලියන්න කලින්.

    චෙන්කලාඩි මහ ඔය පාර හම්බානෙක අබලන්නෙ. පහලට ඇවිත් සංගමන්කන්දත් බලාන අම්පාර හරහ ආවනං ගමණ පහසුයි.

    අපි 2002 ගියාම නැවතුනෙ ලේක්වීව් කියල පොඩි ගෙස්ට් එහෙක ( මේ පින්තූරෙ තියෙන පාටම තමා එදත්, එකම වෙනස උඩ තට්ටුවෙ දැල් තිබ්බෙ නෑ ) . අපි උන්නෙ උඩම තට්ටුවෙ, කලපුවට ඇරුන විසාල සාලව අයිනෙ පොඩි කාමර දෙකක. වෙසක් පෝය උනත් අපිට සෙට් වෙච්චි රාළහාමි කෙනෙක් ගල් බෝතලයක් හොයල දුන්න. මමයි, අමිලයි, සුන්නයි රාළහාමියි ඒ රෑ එතන බැල්කනියෙ හඳ එලියෙ දිලිසෙන කලපුව පෙනි පෙනි සින්දුවක් කියගෙන බෝතලේ හිස් කල ඒ අමා රාත්‍රිය...අහෝ දුකකි එවන් කලක් යලි නොයේය...

    ReplyDelete
  2. හොඳ විස්තරයක්. ඔය පැත්තෙ යන්න පුලුවන් වෙච්ච කාලෙක බලමු.

    ReplyDelete
  3. ඊගාව පාර අපිටත් කියන්නකෝ :P

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....