ත්‍රිකුණාමලය දිසාවට සංචාරයක් ගියේ පළමු වතාවට. පසුගිය සතිඅන්තයේ සෙනසුරාදා ඉරිදා කලින් සැලසුම් කරපු විදිහට ත්‍රිකුණමලය අාවරණය කලා. ඒ විස්තරය ඔන්න පහළින් තියනවා
මෙවර චාරිකා සටහන
ස්ථානය :- ත්‍රිකුණාමලය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 700 (කොළඹ->හිරිවඩුන්න->මාබල් බිච්->ත්‍රිකුණාමලය->නිලාවෙලි->;තිරියාය->නිලාවෙලි->වෙල්ගම්වෙහෙර->කන්නියා උණුවතුර ලිං-> සේරුවාවිල->කොළඹ )
නැරඹිය හැකි දේ :- හිරිවඩුන්න, කෝනේෂ්වරම්, lovers leap, කන්නිය උණුවතුර ලිං, නිලාවෙලි වෙරළ, මාබල් වෙරළ(marble beach), තිරියාය ගිරිගඩු සෑය , වෙල්ගම් වෙහෙර, සේරුවාවිල
නවතින්න ස්ථානයක් කලින් වෙන් නොකර උදෑසන හයට පමණ කොළඹින් පිටත් විය, ප්‍රථමයෙන් හිරිවඩුන්නට ලඟාවිය. සිදුහත් බෝසතානණ්වහන්සේ ලංකාවේ ඉපදුනා යයි විශ්වාස කරන පිරිස, උන්වහන්සේ සම්බෝධිත්වයට පත් වූයේ යයි පවසන ස්ථානය හිරිවඩුන්න නම් ගම්මානයයි. මෙම ගම්මානය පිහිටා ඇත්තේ හබරණට ආසන්නවය. පහතින් ඡායා රූප සහ උඩුගුවනේ සිට ගත් චලනචිත්රපට සටහනකුත් නැරඹිමට පුලුවන. බොහොම අලංකාරව කාපට් කරන ලද මාවතක් නැති මේ ගමේ හේන් වගාව දැනුඳු සිදු වෙයි නමුත් එම පන්සල භාරව සිටින නායක හාමුදුරුවෝ නම් පැවසුවේ
අපි - කොළඹ ඉඳන් ආවේ, අන්තර්ජාලයේ තියනවා, බුදු හාමු.....
නායක හාමුදුරුවෝ - මොන පිස්සුද මහත්තයෝ. උන්වහන්සේ බුදු උනේ ඉන්දියාවේ, ඕක කියන්නේ අර මනුස්සයා
අපි - එතකට හාමුදරුවනේ අර වජ්ර්රාසනය
නායක හාමුදරුවෝ- ඒක අහන්න ඕනේ ඒක කියන කෙනාගෙන්ම තමයි. අන්න බෝධිය තියනවා ඒක බලලා යන්න
උක්තයෙන් සඳහන් කල දෙබසින් පසු අපි නැවත කිසිවක් ඇසීමට නොගියෙමු. සත්‍ය අසත්‍ය සෙවිම පසෙකින් තැබූ විට, නොදියුණු එම පන්සල දියුණු කිරිමට මිනිසුන් ගෙන්වා ගැනීමට උන්වහන්සේට හොඳටම අවස්ථාව ඇත. නමුත් උන්වහන්සේ එසේ නොකරණ සේක. රහත් බව පවසමින් මමත්වය ඉස්මතු කරන පැවද්දන් සිටින අද සමාජය තුල උන්වහන්සේගේ අහිංසක ප්‍රතිරෝධය උන්වහන්සේ කෙරේ ගෞරවය තව තවත් වැඩි කරයි.
හිරිඩවුන්නට පසු ත්‍රිකුණාමලය දක්කවා යන අතර තුර හමු වන මුල්ම වෙරළ තීරය මබල් බීච්ය. නාවික හමුදාව විසින් නඩත්තු කරන එයට අැතුලු වීමට අවසර පතක් ගතයුතුය. දිගු වෙරළ තිරයකින් හෙබි එහි මුහුදු ජලය ලුණු රස අඩුය.
අනෙකුත් ගිය ස්ථාන ඉහතින් සඳහන් කර ඇති පරිදි වන අතර, වෙල්ගම් වෙහෙර ගැන පමණක් වැඩි සටහනක් මේසේ ගෙන එමි. කොටි ත්රස්ථාවදි සමයේ දැඩිව ප්‍රහාරයට ලක්වූ එම ස්ථානය සුරක්ෂිත කරමින් එහි නායක ස්වාමින්වහන්සේ එහිම වැඩ සිට ඇත. බෝධින් වහන්සේට පවා මෝටර් ප්‍රහාර එල්ලි වී ඇත. වාර්තමානයේ කාපට් කරන ලද හොඳ පිවිසුම් මාර්ගයක් ඇත. වල් වැදි ඇති නටබුන් විශාල වශයෙන් ඇත. සටහනක් කියවා දල අදසක් ගත්තද, ඒ පෙදෙස් වලට ගොස් දැක බලා ගැනිම අවධාරණය කිරිමට කැමැත්තෙමි.
ගමන සඳහා එක් වූ
තිසර හා
අනුරාධ ට විශේෂ ස්තුතිය පුදකරමි.
වීඩියෝ එක නම් පට්ට..
ReplyDeleteඅර පැත්තෙන් කතරගමටත්, මේ පැත්තෙන් නුවර එළියටත් පමනක් බඩගා ඇති මම විළි ලැජ්ජවෙන් රසවත් ගමන් විස්තර කියවූයෙමි.
විඩියෝ එක කලේ තිසර..
Deleteඑල
ReplyDeleteමගේ ගාවත් ඔය පොත් දෙක තිබ්බා. දැන් නම් කොහෙද දන්නේ නෑ.. මොකෝ එක පාරටම කට්ටියට මේ කතාව මතක් උනේ?
ReplyDeleteමේ ගමන දවස් දෙකකින් කවර් කලේ කොහොමද? නවාතැන් සොයා ගැනීම පහසුද?
ReplyDeleteඔය තියෙන්නේ අපි ගිය විදිහ ..නවාතැන් ඕනතරම් තියනවා රු 3000/- වගේ හතර දෙනෙක්ට ..
Deleteඔයිටත් වඩා අඩුකාලයකින්යන්න තිබ්බා යද්දි සෙවනගල සෙරුවාවිල පැත්තෙන් ගියා නම්
කාර් එකත් රේසිං ටයිප් නෙ :D
Deleteඅපිත් ගියානෙ බං ට්‍රින්කෝ බැටී දෙකටම මේ ගිය මාසෙ අග. මාබල් බීච්, පාසි කුඩා දෙකේම මච පාට කුණු වතුර. කකුල තියන්නත් අප්පිරියයි. මුහුද සැර වැඩියි බං.
ReplyDeleteඑන්න කලින් මේල් එකක් වත් දැම්මනම් පිරිසිස්දු බීච් මොනවද කියලා පෙන්නන්න තිබ්බා. බ්ලෝග් බලන ලියන ය එනවනම් 0715841981ට එන්න සතියකට කලින් කෝල් කරලා එන්න
Deleteනිලාවේලි වල නම් නාන්න දුන්නේ නැහැ අපිටත්
Deletebro trinco nawatinna thanak thiyanawanum kiyannako plemail aduwata school eke anual trip eka
Deleteමේ ලගදි මමත් ඔය පැත්තෙ රවුමක් දැම්මා.. #$$$%% ලස්සන වීඩියෝවක්.......
ReplyDelete