Sunday, September 22, 2019

2009 පසු අමතක කල වීරුවන්

සැත්තම්බර් මාසය කියන්නේ සමහරු පොත් ගන්නත් තවත් අය නූඩ්ලිස් කන්නත් BMICH යන කාලේ. 2009 ඉඳන් නිදහසේ කොළඹ ඇවිදින්න, බියක් සැකක් නැතිව බස් එකක දුම්රියක යන්න අපිට අවස්ථාව ලබා දෙන්න ඔවුන් සිය දහස් ගනනක් මිය ගියා, පූර්ණ අබාදිත උනා, සදා කල් ඔත්පල උනා, සමහරු අදටත් අතුරු දහන්, ඔවුන් අද කොළඹ කොටුවේ උද්ගෝෂනයක්, ඉල්ලන්නේ අයිතියක් හිමිකමක්, ඒ වෙනුවෙන් ආණ්ඩුකරපු අයත් කරන අයත් දක්වන්නේ මහා උදාසීන කමක්. පාර්ලිමේන්තුවේ රණවිරුවන් ගැන කතා කරන්නේ බොහොම අල්පයක් දෙනා සමහර විට ඒකත් වාසියකට වෙන්න ඇති. 225 ටයි මහතැනටයි බැන බැන ඉන්න වෙලාවේ අපිට පුලුවන් ඔවුන්ව බලලා එන්න. එකා දෙන්නා එතනට රැස් වෙනකොට හැමෝගෙම ඇස් ඇරෙයි. ඒත් අපිට වෙලාවක් නැහැ අපි හොදටම කර්ය බහුලයි. 

කොළඹ යන්න බැරිව බොම්බ පිපිරෙනකට, උතුරෙන් ප්‍රභාකරන් ගම්මාන පිටින් සමූල ඝාතනය කරනකොට රැකවරණයට හිටියේ වීරෝධාර රණවිරුවන්. මම හිටියේ ගෙදර, මම තුවල වෙනවාට බයයි, මැරෙනවාට බයයි, අපේ අම්මා තාත්තා ඊට වඩා බයයි. අපේ ඉස්කෝළ අම්මලා තාත්තාල මුර කලා, බස් එකක යනකොට එක පවුලේ හැමෝම එකම බස් එකේ ගමනක් ගියේ නැහැ. කැළණී ගඟ පැලීයගොඩින් පැනලා කොළඹට ගියා කියන්නේ අයේ එනකල් අපේ ජීවිත වලට රැකවරණයක් තිබුනේ නැහැ. ඊට පස්සේ කොළඹ විතරක් නෙමේ ලංකාවේ හැම තැනම ත්‍රස්ථවාදය පැතුරුණා. සංගීත සංදර්ශනයක්, වෙසක් එකකට තොරණක් විතරක් නෙමේ ‍ලංකාවේ කොහේවත් යන්න බැරි තරමට ත්‍රස්ථවාදය උඩුදිව්වා. 

සාගර ඔහු බෞද්ධ, එත් රට බේරගන්න ත්‍රස්ථවාදයෙන් මඩු පල්ලිය බේරගනන්න. කතෝලික ජනතාවට ඔවුන්ගේ වැඳුම් පිදුම් කරන්න තම ජීවිතය පරදුවට තියලා ඉස්සරහට ගිහින් අද කකුල් දෙකම නැතිව කොටුව ඉස්ටේෂම ලඟ අසරණ වෙලා ඉන්නවා. අද ඔහුගේ වයස අවුරුදු 36 ක් ඒ කියන්නේ මීට වසර 11 කට පෙර 2008 දී ඔහුට වයස 26 යි ඒ කියන්නේ තමුන්ගේ ජීවිත‍යේ හොඳම කාලේ ඔහුට ඉන්න උනේ රෝද පුටුවක් උඩ. මට කරන්න බැරි උන දෙයක් ඔහු කලා. ඉතින් මට අද පුලුවන් කමක් නැත්නම් අඩුමගානේ අදවත් ඔවුන්ව කොටුවේ ඉස්ටේෂම ලඟට ගිහින් බලන්න, මටම දැනෙනවා මම කුහකයෙක් කියලා, දෝහියෙක් කියලා, ඒ හන්දා කොච්චර වැඩ තිබ්බත්, කොළඹ යනවා කියන්නේ එපා කරපු වැඩක් උනත්, අවුරුදු දෙකකින් විතර කොටුව පැත්තට නොගිය මම, මගේ බිරිඳත් එක්කම ගියා ඊයේ කොළඹ. ගිහින් කතා කලා ඔවුන් සමඟ ඒක ඔවුන්ට මාරම හයියක් සහයෝගයක්. බුක්ෆෙයර් එකට BMICH යන එක පුරුද්දක් උනත් ඒ හැම එකකටම කලින් රණවිරුවෝ ටික බලලා එන්න මට පුදුම අසාවක් උනන්දුවක් තිබ්බා. ගහින් කතා බහ කරලා ඔවුන්ට හයියක් වෙන එක අපේ වගකීමක්. ඒත් අපි වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න කාලය හොයනවා. අනික් වැඩ ඔක්ක‍ොම කරලා වෙලාව ඉතුරු උනොත් විතරයි දැන් රණවිරුවෝ ගැන බලන්න පුරුදුවෙලා ඉන්නේ.

සමරු කියයි දෙවියන් වහන්සේගේ කැමැත්ත, කර්මය එහෙමත් නැත්නම් අටපාස් උන්ට ‍හොඳ වැඩේ කියලා. ඒත් මතක තියා ගන්න අද අපි බියක් සැකක් නැතිව අවුරුදු 10ක්  2009 ඉදින් ජීවිතය විඳින්නේ ඔවුන් නිසා කියලා. සමරහ විට මේ ප්‍රශ්නයත් හෙට අනිද්දා විසඳිලා යයි. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, එතකල් ඔවුන් කොටුව ඉස්ටේෂම ලඟ දහදුක් විදිමින් ඔවුන්ගේ අයිතිය ඉල්ලයි. ඔබටත් පුලුවන් නම් ගිහින් කතා කරලා බලලා එන්න. අපි එකා දෙන්නා එතනට ගියොත් එතන ලොකු ජනබලයක් ගොඩ නැගෙයි. පාලකයන්ට සද්ද නැතිව ඉන්න බැරිවෙයි, රණවිරුවන්ගේ 1982 ඉඳන්  තියන මේ ප්‍රශ්නය එක පෑන් පාරකින් විස‍‍ෙඳෙයි.










3 comments:

  1. You are one of the few who could remember the days before 2009 and have the guts to write something about it. Anura Kamara who said war just finished (meaning, without anyone putting any extra effort) shamelessly asking people to make him our president. How ironic is that?

    ReplyDelete
  2. අඩෝ උඹ සිරා වැඩක් කරලා තියෙන්නේ. මටත් මොනවා වුනත් ආමි එකේ කොල්ලෙක්ව දැක්කම නම් හෙන ගෞරවයක් එන්නේ. මට හිතා ගන්න බැහැ මේ මිනිස්සු කොහොමද අහක බලාගෙන ඉන්නේ කියල. 

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....