Monday, February 1, 2010

කිරිල්ල, බිං පොල් එහමෙ කාලා තියනවාද?

ළමා කාලය, එහෙම නැත්නම් කුඩා කාලයේ මතකය ආවර්ජනය කරන්න කවුරුත් කැමතිය. තවටිකක් වැඩි පුර කියනවා නම් මතකද ගියපාර ලිපිය "හෝ 10 20 30 40 ............ එකයි දෙකයි තුනයි කියලා" කට්ටියගේ ප්‍රතිචාර ගොඩයි. එම ලිපියට ලැබුණු සටහනුත්, නිකමට වගේ කිරිල්ල කියලා ගුගල් වල හොයලා බැලුවහම ඒක අවෙත් නැති එකයි, තව ටිකක් එක විස්තර කරනවා නම්, කිරිල්ල නැති සිංහල බ්ලෝග් වලින් වැඩක් නැති හින්දත්, ලියන්න කියලා හිතුනා පොඩි කාලේ ආසාවෙන් කපු ගඩා ගෙඩි ගැන. දැනුත් ඉතින් කොහේහරි දැක්කොත් ලැජ්ජාව පැත්තකින් තියලා කඩාගෙන කනවා...

ඉස්සර ඉස්කොලේ ඇරෙන්නේ 1.30 ට. බස්යෙන් බැහැලා ගෙදර එනකොට පයින් එන්න තියනවා 1 කි.මි විතර. දැන් නම් පාර දෙපැත්තම තාප්ප වලින් වෙන් වෙලා, ඉස්සර එහෙම නැහැ, දෙපැත්තම කැලැව, එන අතරමග පාර අයිනේ ගස් වල ගිහින් තියන වැලක් තමයි "පඩ" කියන වැල් ජාතිය, පුදුම රහක් තියෙන්නේ, කොළපාට ගෙඩි ඉදුනහම කහපාට වෙනවා, හරියටම වැල් දොඩම් හෙවත් පැශන් ෆුරැට් වගේ. ඔවා ඉතින් කාලයකට විතරයි. එත් අවුලක් නැහැ අනික් කාල වලටත් ඔන තමරම් ගඩා ගෙඩි තියනවා. කිරිල්ලා, ඔක ඉතින් වැඩිපුර යොදාගන්නේ උණබට තුවක්කුවට, කෑමටත් නරකම නැහැ, කෑවහම කොහු කොහු වගේ ගුලියක් කටේ ඉතුරැවෙනවා. ඔය වගේම තව ජාතියක් තිමයි, ඇඹිල්ලා, හරිම පොඩියි, ගහ පිරෙන්න ගෙඩි එනවා, හිරියට ලියට් දාලා වගේ. ඇඹිල්ලා ඉතින් ඇඹුල්ම ඇඹුල්.

නමිනං එහමෙ කාලා තියනවාද? ගහ මුල තමයි ගෙඩි එන්නේ, මාර රහයි. ගොඩක් වෙලාවට කටින් තමයි කඩන්නේ, අප්පේ කියලා වැඩක් නැහැ සමහර දාට පණුවෝ පිරේන්න ඉන්නවා, අවුලක් නැහැ නමිනං පනුවෝ, උනුත් ඇඹුල්, කෑමත් ඇඹුල්. තව තියනවා, ඉස්සර අපේ වත්තට එහා පැත්තේ රබර් වත්තක් තිබුනා, ඔකේ ඉතින් ගඩාගෙඩි ගොඩයි, ඇඹුල් පේර, එරමිණිය ගෙඩි, ගදපාන ගෙඩි හැම තැනම. අපිට ඉතින් වෙන මොනවද? දෙනවා ගේම ඔක්කොටම.

ලාවුලු, ඔකේ ජාති දෙක්ක තියනවා. කහපාට ලොකු ගෙඩිය, අනික කිරි ලාවුලු, පොඩියි ඉදුනාහම දම් පාටට හුරැ දුඹුරැපාටක් තියනවා. ඒ එක්ම චුයන්ගම් වගේ ටිකක් අමු එවා කැවොත්. කහලාවුලු වලට එච්චාර කැමති නැහැ, එත් මුකුත් නැත්නම් ඒවා රජබොජුන් තමයි. තවදෙයක් තියනවා, ගොරකා, ඔකේත් දේකක් තියනවා, උයන්න ගන්න එවා වල මැද කනවා, අනික් එවා රට ගොරකා, කහපාට ගෙඩිය, හැබැයි කෑවොත් ඉතින් පහුවදාට එළිවෙනකම් බඩ යනවා. එත් ඉතින් කනවා. ඒ ගහනම් තාමත් තියනවා. එත් ඉතින් දැන් කන්නේ නැහැ.

පලු වීර වගේ එවානම් අපේ පැති වල නැහැ. එත් කොන් නම් කාලා තියනවා, ලොකු ගහක් අපේ පන්සලේ තියනවා. ඒ එක්කම පන්සල් වත්තේ දං ගසුත් තියනවා, අපරදේ කියන්න බැහැ, දහම් පාසල් ගියොත් ඔවාත් ඉතින් බලන්න යනවා. තව මොනවද අපි කාපු ගඩාගෙඩි ...... ?

හොදම දෙයක් අමතකවෙනවා, දන්නවද? බිං පොල්. මරැ පොඩිම පොඩියි, කලුපාට හරියට කාබරංකා ගෙඩියක් වගේ, මැද්දේ පොඩි කිරිරහ මදයක් තියනවා. ඔක ඉතිං අමෘර්තය වගේ. කාබරංකා කිව්වහම මතක් උනේ, බිලිං එහෙමත් නරකම නැහැ. එත් ඉතින් මාර ඇඹුල්. ඉදලා හිටලා බෙලි ගෙඩියකටත් ගේම දෙන්වා.

ඔවා තමයි ඉතින් අපි කෑවේ.... තාමත් මතක්වෙන් කොට කටට කෙල උනනවා... ඒත ඒ පරිසරය දැන් ඇත්තේම නැහැ .... හැම තැනම ගෙවල් ... තාප්ප ... නිකමට වත් කිරිල්ලා,ඇඹිල්ලා ගහක් දකින්න නැහැ. .....


කිරිල්ලා නැති සිංහල බ්ලෝග් එකට ගඩා ගෙඩි සෙට් එකක්ම එකතු කලා. දැන් ඉතින් අවුලක් නැහැ ... අඩුම ගානේ අන්තර්ජාලයේවත් තියනාවා .....


වැප්

18 comments:

malee_msg said...

නියමම ලිපියක්... මම නම් ඔය කියන එවායින් වැඩිය කාලා නෑ.. මොකද මම පයින් ස්කෝලේ ගියේ නැහැ නේ. අනික අපේ පැත්තේ ඔය තරම් කැලෑවලුත් නෑ.. හැබැයි කිරිල්ල.දං.ලාවලූ.නමිනං/නෝමි.බිලං එහෙම නම් කාලා තියනවා..

ත‍රිඳු said...

මම ඔය ඒවා ඔක්කොම කාල තියෙනවා. තාමත් දං වාරෙට කැලේ පනිනවා දං කඩන්න. රබර් වතු ඔක්කොම සුද්ද කරල වෙන්දේසි කරල නිසා බිම්පොල් නම් පේන්න නෑ. අනිත් ඒව නම් ඔක්කොම වගේ තාම එහෙම් මෙහෙන් හොයාගන්න පුලුවන්. පඩවැල් බෙහෙත් වලටත් ගන්නවා.

තමීර said...

කැලේකට පැනල ඔය වගේ ගෙඩි ටිකක් කඩාගෙන කනව තරම් ආතල් එකක් තවත් නැහැ. එක සැරයක් හොරෙන් තැඹිලි කඩන්න ගිහින් මාට්ටු වුණා! :D

Prabath said...

බිං පොල්, ගොරකා ඇරෙන්න මේ ලිස්ට් එකම මමත් කාලා තියෙනවා. මම තව කාලා තියෙනවා ඩොංකා කියලා එකක් හරියට මැංගුස් වගේ. පුදුම රසයි. ගමේ ගියාම කන උගුරැස්ස වල රසය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. හුග කාලෙකින් කෑවේ නෑ.

බොහොම ස්තූතිය් මේ පෝස්ට් එකෙන් ගඩාගෙඩි මතක් කලාට.

BEAUTIFUL SRI LANKA said...

බිංපොල් ඇර අනිත් ඒවටනම් මමත් වගකියල තියෙනව, අනේ ඒත් බිංපොල් කන්න බැරිඋනානෙ

නිලන්ත පියසිරි said...

මා නම් ඕවා ඔක්කොම කාලා තියෙනවා. ගහක් උඩට වෙලා වට පිට බලබලා පේර ගෙඩියක් කන තරම් සතුටක් තවත් නැහැ

muthu said...

වත්තට පහලින් වෙල් යායක් නම් තිබුනා මතකයි.රබර් වත්තක් නම් මතක නෑ.ඉස්සර දහම් පාසල් තරග පුහුනු වීම් තියන කොට හවසට ගස් මාරු වෙවී පොල් ගස් වටේ දුවලා මහන්සි උනාම ඒ හරියෙම බිම ලගගෙන බිම් පොල් හොයන්නෙ.ඒ අස්සෙ තව අය ගිහින් කාමරන්කා ගහට පොලු ගහනවා.ලොකු හාමුදුරුවෝ එනකොට පන එපා කියලා දුවනවා.අනේ එහෙම කාලයක්.....................

චතුරංග රූපසිංහ said...

බිම්පොල් ගොඩක් තියෙන්නේ රබර් වතුවල

වැප් said...

@malee_msg
අයියෝ පයන් ඉස්කොලේ යනවා තරම් ආතල් එකක නැහැ වෙන.

@ත‍රිඳු
@Prabath
@BEAUTIFUL SRI LANKA
@නිලන්ත පියසිරි
@muthu
@චතුරංග රූපසිංහ
නියමයි නේ ඒ කාලේ. ගස් ගල් උඩ තමයි ජිවිතය... මෙවා මතක් කරලා දුන්නට මට පින් හොදේ ? .....

ගීත් said...

මමත් ඔය සේරම කාලා තියෙනවා. අහ් ඇයි තව කටුපිට්ටු. එරමිණිය. කොකෝ. තෝර කරල්. ඒ කාලේ මතක් වෙද්දි ඇස් වලට කදුළු උනනවා

saman said...

ප‍ට්‍ට‍ ත‍මා‍.... ඒ‍ කා‍ලෙ‍ ක‍න්‍න‍ම‍ බැ‍රි‍ ගො‍ර‍කා‍ ව‍ගේ‍ අඹ ගෙ‍ඩි‍ය‍ක්‍ හ‍ම්‍බ‍ උ‍න‍ත්‍ අ‍තාරින්නෙ නැ‍හැ‍නේ‍. මේ‍ ටි‍ක‍ට‍ ඇ‍බු‍ල්‍ පේ‍ර‍, හි‍බු‍ටු‍, න‍මි‍න‍න්‍ ඒ‍ව‍ත්‍ එ‍න්‍න‍ ඕ‍නෙ‍ නේ‍ද‍?

indik said...

කියවද්දිත් කටට කෙළ උනනව... :)

වැප් said...

@ගීත්
@saman
@indik
තුති මට පින් දිපල්ලා ....

මධු වීරකෝන් said...

ම්ම්ම්ම්ම්ම්ම් කියවද්දි කටට කෙලත් උනනවා

අපේ නං ගේ වටේටම පිරිලා තිබුනා

නාරං, වෙරලු, ඇඹරැල්ලා, නමිනං, දං, ගඩුගුඩා....
මතක් වෙද්දි නිකං මොනාද මොනාද වෙනවා අම්මේ....

වැප් said...

@මධු වීරකෝන්
වැඩි පුර ගස් උඩ වෙන්න අැති ඉන්න අැත්ෙත් ...

මධු වීරකෝන් said...

හිහ් හිහ් හී ඔව් අනේ
මම ඉස්සර පාඩම් කරන්නෙ පිටිපස්සෙ තිබුනු අලිගැට පේර ගහේ නැගලා.... අනේ.... :(

බිඟුවා...! said...

වැප්,
මචං මේ පඩ වැල් නියම උනත් එව්වගේ කොළ හරිම් ගඳයිනේ.
අපි සරුවත් වගේ හදලා බොනවා ඒ කාලේ නම්

/බිඟුවා...!

ඩී. said...

google ගිහින් බ්ං පොල් හොයද්දි මේක දැක්කෙ. බ්ං පොල් ගැන ඇහුවෙ අද තමයි. දැක්කෙත් අද. මගේ කටටත් කෙල ගොඩක් පිරුනා.
ඔය පඩ ගෙඩි අපි පොඩිකාලේ වත්තෙ තිබුනා. ඒත් එවුවා කනවා කියලා දැනගද්දි වත්තෙන් ඒ ගෙඩි අතුරුදහන් :\ අපේ වත්තෙ සෑහෙන්න ගෙඩි ජාති තිබ්බා. අපි ඉස්කොලේ ගියෙත් පයින්. අනිත් වතු වලිනුත් එක එක එවුවා කඩාගෙන කාලා, ඉස්කෝලෙන් ඒ කාලෙ ලැබෙන විස්කෝතු එහෙමත් කාලා, අහුවෙන ලිං වලින් වතුර බීල, ලී කොට උඩ හාන්සිවෙලා පොඩි රෙස්ට් එකකුත් අරන් තමයි ගෙදර එන්නෙ. ඉතින් ගෙදර ඇවිදින් අම්මගෙන් බැනුම් අහනවා බත් කන්න බඩගිනි නැති නිසා.

පිට පැති වලින් බස් එකේ ඉස්කෝලෙ එන ළමයි අරන් එනව ගොරකා ගෙඩි, තව පුස් බෙරි (අම්මෝ හරිම ඇඹුල්, ඒත් අතාරින්නෑ). පුංචි කාලේ ඉස්කොලේ ඇරිලා ගෙදර ආවහම එක්කෝ අපි ගස් උඩ නැත්නම් ගස් යට. කළුවර වැටුනම තමයි ගෙවල් වලට යන්නෙ. වෙන වෙන ගඩා ගෙඩි අහුලන්නෙ වසරකට සැරයක් පව්ල් පිටින් යන වන්දනා ට්‍රිප් ගියහම, තිත්ත කැලේ: මඩු, මන්නාරම් etc. නිවාඩුවට සීගිරි ගියහමත් යහමින් දං, කෝං ගෙඩි කනවා.

Sweet sweet memories.... Thanks for sharing!

Post a Comment