Thursday, April 28, 2011

අන්තිම ලියුම ලිව්වා

මේ කතා සිද්ධිය ගොඩ නැගෙන්නේ එකදාස් නමසිය බර ගනං වල සිද්ධීයක් විදිහට, සපුගස් කන්ද කණිෂ්ඨය හෙවත් වර්තමාන සෝභිත විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන බුද්ධීමත් ළමයෙක් වටා. මේ අති බිහිසුනු සිද්ධිය හෙවත් අවසන් ලියමන ලියන්න කියලා බල කරන්නේ එම වසරේ උගන්වපු පාසල් ගූරුතුමිය විසින් බව තමයි ආරංචිය.  පහවසර කඩ ඉම් විභාගය හෙවත් ශීෂ්‍යත්වයට අදලා පැවරුමක් විදිහට පාසල් ගුරුතුමිය කියනවා පන්තියේ ළමයින්ට ලියමනක් ලියාගෙන එන්න කියලා. කාටද ලියුම ලියන්න කියෙන්නේ...... ඔව් ඔව් හොඳම යාලුවාට තමයි. ඒ පුංචි දරුවා මෙන්න මෙහෙම ලියමන ලියනවා.


හිතවත් අමිල,

නිවන් සැප ලැබේවා!
ඔබගේ සැපදුක් කෙසේද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ගොඩ කාලයකින් ලියුමක් එවීමට නොහැකි වූ නිසා මෙම ලිපිය ලියමි. 

අද ඉස්කෝලේ ගියා. පාසල් ගෙදර වැඩ බොහෝ ඇති බැවින් මම නවතිමි.

මීට
විශ්වාස
බුද්ධීමත් ළමයා


ඉතින් මේ අති බිහිසුනු ලියුම බුද්ධිමත් ළමයාගේ දෙමව්පියෝ දකිනවා. දැකලා මේ ගැන විස්තර කරලා දෙනවා. ඒත් මං මේ තාමත් කල්පනා කරන්නේ නිවන් සැප මේ අත්මේ ගන්න බැරිද කියලා. ඊට පස්සේ නම් ඒ  ළමයා එකම ලියුමක් වත් ලිව්වේ නැහැලු


මරයියා විසින් බ්ලොග් කලාව නැංගීවිමට ආරම්භකල බ්ලොග් ලිපි 50 හේ තවත් එක් අවස්ථාවකී.

මේ තියෙන්නේ ලිපි ටික

1.මාරයා-http://ctkumara.blogspot.com/2011/04/blog-post_28.html
2. රංග-http://r4ng4.blogspot.com/2011/04/blog-post_28.html
3.සුදු හංසි-http://kaveej.blogspot.com/2011/04/blog-post_1513.html
4. නලියා-http://dayariya.dcreation.info/?p=1133
5.සඳරු-http://hisahasa.blogspot.com/2011/04/blog-post_28.html
6.ඉෂාර-http://blog-ishara.blogspot.com/2011/04/facebook-blog-reader.html
7.සඳුනි-http://sdsithuvili.blogspot.com/2011/04/06.html
8.ශානිකාhttp://sulagawageawidin.blogspot.com/2011/04/blog-post_27.html
9.අනුරාධ- http://ananthayata.blogspot.com/2011/04/ii.html
10.තනෝජා අක්කා-http://thanojar.blogspot.com/2011/04/blog-post_28.html
11.ඉෂාරගේ 2වෙනි ලිපිය-http://blog-ishara.blogspot.com/2011/04/find-owner-of-facebook-photo.html
12.ලසිත- http://panaakuru.blogspot.com/2011/04/blog-post.html
13.නිශ්- http://dilhannish.blogspot.com/2011/04/blog-post_28.html
14.ලහිරු- http://lahirucc.wordpress.com/2011/04/28/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
15.ලහිරුගේ දෙවැන්න-http://lahirucc.wordpress.com/2011/04/28/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80/
16.සඳුනිගේ දෙවැන්න-http://sdsithuvili.blogspot.com/2011/04/blog-post_28.html
16.ප්‍රියන්ත- http://priyantha-ab.blogspot.com/2011/04/blog-post_28.html
17.ඩිලාන්-http://sonodilan.blogspot.com/2011/04/blog-post_28.html
18.නිශාචරයා- http://stepsonfreeway.blogspot.com/2011/04/turning-point.html
19.කුශාන්-http://sithangi.blogspot.com/2011/04/blog-post.html
20.මාලන්-http://wenasak.blogspot.com/2011/04/blog-post_28.html
21.වත්සලා-.http://sodurusitha.blogspot.com/2011/04/feel-love.html
22.වැප්-http://wapnishantha.blogspot.com/2011/04/blog-post_28.html

23.රොබින්http://robinin.blogspot.com/2011/04/blog-post_28.html

වැප්

24 comments:

Pasan said...

බුද්ධිමත් ළමයාට අපගේ උපහාරය.. මෙවන් පුණ්‍යභුමික මෙවැනි බුද්ධිමතුන් සිය දහස් ගනන් පහල වේවා!!! :-D

නිශාචරයා Nishacharaya said...

උඹ හරි මචන් නිවන් සැප ලැබෙන්න ඕනෙ මේ ආත්මයෙදි තමයි. මේ ආත්මෙදි ඒක ලබාගන්න බැරි උන අය මැරුනම ඊලඟ ආත්මෙදි හරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙ ඒකයි.

ඔය කාලේම වගේ ඔය ඉස්කෝලෙටම ගිය තවත් බුද්ධිමත් ළමයෙක්ව මාත් දන්නවා... :) නිවන් සැප ලැබේවා...!!!

සහෝධරයා said...

මේ වගේ බුද්ධිමත් ලමයි දහයක් හිටියනම් ලංකාව ගොඩ... එහෙනම් මම පසුව ලියමි
නිවන් සැප ලැබේවා!

෴උදියා෴ said...

බුද්ධ ධර්මය හරියට දන්න ලමයෙක් මොනා උනත්.බුද්ධිමත් ලමයාට මගේ උපහාරය. නිවන් සැප ලැබේවා!!

දුමී said...

වැපාටත් අජරාමර නිවන් සැප ලැබේවා....!

Ansh Lucky Sri Jay said...

හෙහෙහෙ...!!
නිවන් සැප ලැබේවා..! :D

මාරයාගේ හෝරාව said...

සුභ පැතුම හරියටම හරි..ඒත් ඔක වටහා ගන්න තරං දැන් ඉන්න එව්වෝ බුද්ධිමත් නැහැ...

බේබදු හීරළු සෙක්කා said...

අනේ කොලුවෝ උඹටත් මට වගේම මාර මොළයක් නෙවැ තිබිල තියෙන්නෙ.

ඒක නෙවෙයි ළඟදි උඹ ටැබුවගෙ ඊ-මේ එකවුන්ට් එක පැත්තෙ ගියේ හෙම නැතෙයි?

DarKneT | ඉෂාර said...

මොකක්ද බන් පෝස්ට් එකේ ටයිටල් එක , මම හිතුවේ වැපා බ්ලොග් ලිවිල්ල නවත්තන්න යනවා කියලා

හිස් අහස said...

මමත් පොඩිකාලේ ඔයවගේම බුද්දිමත් ..

බුද්ධි said...

ඇත්තටම මේක තමා හොඳම පැතුම. නිවනම වේවා! කියලා තමා අපිත් පතන්න ඕනැ!

රොබින් said...

කවුද බං ඒ බුද්ධිමත් ළමයා. :D පට්ට බුවෙක්නේ

වැප් said...

හිතවත් කමෙන්ටු කරුවනි,‍

ඔබ සැමට නිවන් සැප ලැබේවා!!!!!!!!!!!

මාරයාගේ හෝරාව said...

ඔබටත් එසේම වේවා..!

හසී said...

නිවන් සැප ලැබේවා..!

..ChAnDiKa.. said...

මේ බුද්දිමත් ලමයාගේ ගමනට මාගේ උපහාරය!!!!

අනුරාධ said...

මටනම් එපා ඔය සැප. නිවනෙන් උනත් අපි සැප බලාපොරොත්තු වෙන එක වැරදියි. සැප හොයන්න ගිහින් තමයි අපි මේ ත‍රම් දුක් විදින්නේ. මැරිලවත් සැනසීමෙන් ඉන්න ඕන මට. :D

S lankapriya said...

ඇත්ත තමයි අපේ රටේ මිනිස්සු මලාට පස්සේ තමයි නිවන් දකින්න පුළුවන් කියල හිතන්නේ. හමුදුරුවරුවත් ඕක නිවැරදි කරන්නේ නැහැ.. ඒ මොකද දන්නවද ? දැන්මම නිවන් යන්න අකමැති නිසා !

ඕනයා said...

නිවං සැපම ලැබේවා . . . .

nawammawatha said...

අනිච්චාවත සංඛාරා !

යකුනේ නිවං යන්න එපා බොලව්, මොකක් හරි පත්තු කොරන් පලයව්, වැරදිලාවත් බොලා දවාලෙ වැටිච්ච වලකවත් වැ‍ටුනොත් එලි වෙනකං ඉන්න එපැයි ගොඩ එන්න.

වයද මමා සම්බාරා !

රංග - මගේ ලෝකය said...

බුද්ධි, බුද්ධි කියන්නෙ මේ කෙහෙල් කොර‍ටුවේ බුද්ධි ද?

රජිත් said...

හික්ස්.ඔන්න මම නම් කිව්වේ නෑ නිවන් සැප ලැබේවා කියලා ඈ.(මේ ගොල්ලෝ නොකියා කියන්නේ ‍තෝ මැරියන් කියල නේද?)

සරත් ලංකාප්‍රිය said...

ඕනය නම් නිවන් (නිවාගෙන )යන්න කැමති ඇති නුගේගොඩ පැත්තේ යනකොට

නලිනි චන්දිමා said...

බොහොම බුද්ධිමත් ළමයෙක්. හැබැයි මේ ලංකාවෙ වෙනස් විදිහකට හිතන එකෙක් ලේසියකට ඉතුරු වෙන්නෙ නෑ පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක- අර කිව්වත් වගේ වැඩිහිටියො 'පැහැදිලි කරලා' දෙනවනෙ හිතන්ඩ ඕන ක්‍රමය.

Post a Comment