Tuesday, June 14, 2011

Open Space ලංකාවට නවමු අත්දැකිමක්

බටහිර රටවල දැනටමත් ක්‍රියාත්මක වන ලංකාවට,අපිට අලුත් වූ සංකල්පයක් OPEN SPACE ආයතනය හඳුන්වා දී ඇත. සමහර විට ඔබට මෙය නවමු ඇත්දැකිමක්ද නොවනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම සංකල්පය කුමක් දැයි මුලින්ම හඳුනා ගනිමු. හිතන්න ඔබ නිර්මණයට දක්ෂයෙක්. නැතිනම් සංකල්ප වශයෙන් අලුත් දේ ඉදිරිපත් කරන්නෙක් තවදුරටත් කියන්නේ නම් විවිධ අංශයන්ගේ හැකියාව හා දැනුමක් ඇති අයෙක්. එසේ නම් Open Space යනු ඔබට ගැලපෙන ස්ථානයයි. විවධ අංශයන් හි විවිධ හැකියාවන් තියන පිරිසක් එක් තැනකට එකතු වි සාකච්චා කරමින් දැනුම බෙදා ගැනිම තමයි මෙම සංකල්පය. එයට පහසුකම් සැලසිමක් තමයි ඕපන් ස්පේස් සිදු කරන්නේ. මෙහදි එක් අයකුගේ වැඩකට තවත් අයෙකු බාදාවකින් තොරව එකතු කරගැනිම තමයි සිදුවෙන්නේ.



1. කොහෙද මේ ආයතනය තියෙන්නේ?
186, තුන් වෙනි මහල, ගාලු පාර, කොළඹ 4
[ගාලු පාරේ මැජෙස්ටික් සිටි සුපිරි වෙලඳ සල පසුකොට දෙහිවල දෙසට යන විට මුහුද පැත්තේම]

2. කවුද මෙතනට එන්නේ?
පාසල් සිසුන්, විශ්ව විද්‍යල සිසුන්, විවධ වෘතිකයන්.

3. පහසු කම්?
පාසලක පුස්ථකාලයක එහෙමත් නැත්නම් කාර්‍යලයක ඉගෙන ගන්නා හෝ වැඩකරන ඔබට එයින් මිදී ගෙදරක වටපිටාවක් මෙහිදි දැක ගත හැක. ඒ වගේම විවධ වූ දක්ෂතා හැකියවන් ඇති පිරිසක් නිතරම ගැවසෙන බැවින් ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ සහාය, ඔබට ලබා ගත හැක. මීට අමතරව අන්තර්ජාල පහසුකම් හා වායූසමනයද යුතු මිත්‍රශීලි වටපිටාවක් ලැබේ.



දැනුම හා හැකියාවන් බෙදා ගැනිම හා එකතු කර ගැනිම තමයි මේ සංකල්පයේ මූලික අරමූණ වෙන්නේ. මෙතනදි ආයතනය පවත්වාගෙන යාමට යම්කිසි පිරිවැයක් දරන බැවින් සාධාරණ මුදලක් අය කරයි. එන පිරිස අතර සුහදත්වය ගොඩ නැගිමට හා හඳුනා ගැනිමට විවිධ වූ ක්‍රියාකාරකම්ද නිරන්තරයෙන් සිදු කරයි. පිටරට දෙයක් දේශීයකරණයට ලක් කර විවිධ වූ සමාජ මට්ටම් නියෝජනය කරමින් ලාංකීකයන් එක් කරගැනිම තමයි ඔවුන්ගේ අපේක්ෂාව. වයසේ ප්‍රශන්යක් හෝ සමාජ පන්ති මෙම ආයතනය හා සම්බන්ද වීමට ගැටලුවක් වෙන්නේ නැහැ. එන ඔනෑම අයෙකු ඉතා සුහද ලෙස පිළිගෙන එහි සිදුවන දේ ගැන කෙටි හැඳින්විමක් ලබාදීම මුලින්ම සිදුකරයි. ඊට අමතරව ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට කාර්‍යාල පහසුකම්ද සලසා දෙයි. 


4. ඇයි කවුරුන් හෝ මෙතනට පැමිණිය යුත්තේ?
හිතන්න ඔබ තවමත් ඉගෙන ගන්න කෙනෙක්, පුස්ථකාලයක තියන වාතාවරණය හා මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානයකත් අතරමැදි අවස්ථාවක් ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ ස්ථානයක් තමයි Open Space කියන්නේ‍. එහෙම නැත්නම් ඔබට ව්‍යපාරයක් තියනවා නමුත් කොළඔ හෝ ඒ අවටින් ඉඩක් නැහැ. එහෙමත් නැත්නම් කිහිප දෙනෙක්ට එකතු වෙලා යම් කිසි ව්‍යපෘතියක් කරගන්න තියනවා ඒත් තැනක් නැහැ. ඒ වගේ අවස්ථාවල Open Space ඔබට පහසුකම් සලසයි.

6. සිංහල බ්ලොග්කරුවන්ට දෙන්න තියන පණිවුඩය මොකක්ද?
"ඇවිත් බලන්න වෙනස අත්විඳින්න" -   විශ්මි පෙරේරා

"මේක අලුත් සංකල්පයක්, තවමත් ලංකාව තුල ගොඩනැගෙමින් පවතින්නේ ඒ වගේම මෙතනට කවුරු හරි මුලින්ම එන්නෙ මේ  මොකක්ද කියලා  බලන්න හැබැයි ආපූ මුල් දවසෙන්ම ‍ඔවුන් මේ ගැන වැටහීමක් අරගෙන නැවත වතාවක් එනවා. ඒ එක්කම කියන්න ඕනේ මුල් දවස නොමිලේ. ඒ හන්දා ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවන්" - විශ්මි පෙරේරා

7. ආරක්ෂාව
කිසිම ගැටලුවක් නැහැ ඕනෑම අයෙකුට බය නැතුව ඇවිත් යන්න පුලුවන්. මොකද දැනටමත් ‍පාසල් සිසුවියන් හා කන්තා පාර්ෂවයය මෙතනට එනවා. 


විශේෂ ස්තුතිය
මේ ගැන මාව දැනුවත් කලThink Media Consultants හි සංජය හා හර්ෂ, 
මාත් එක්ක මේ ගැන තොරතුරු සොයා ගැනිමට පැමිණි අනුරාධ 
කැමරාව සැපයූ ඇන්ජලෝ
Open Space සංකල්පය දැන ගැනිම හා ඒ ගැන තොරතුරු ලබා දෙන්නට අවස්ථාව සලසා දුන් විශ්මි පෙරේරා

නිධාන කතාව
මේ ආයතනය ගැන සංජය මට කිව්වට පස්සේ, පුදුම උනන්දුවක් ඇති උනා මේක ගැන හොයන්න. වෙබ්සයිට් එකට ගියා එකෙනුත් විස්තර ගත්තා. ඊට පස්සේ විශ්මිට මෙයිල් එකක් දාලා ඇහැව්වා //මම මෙහෙම සිංහල බ්ලොග් ලියන කෙනෙක්\\, මම කැමැතියි මේ සංකල්පය දැන ගන්න මට පුලුවන්ද වෙලාවක් වෙන් කරගන්න කියලා. ඇය එයට යහපත් ප්‍රතිචාර දක්වලා මට කැමති ‍දිනයක එන්න කිව්වා. ඒ වෙනකොට මට කැමරාවක් තිබුනේ නැහැ. ඔෆිසියේ හිත හොඳ එකා ඇන්ජලෝගෙන් ඒකත් ඉල්ලගෙන පණුවා[ අනුරාධ] වත් ඇද ගෙන ඔන්න මම ගිය සතියේ දවසක ඔය කියන තැනට ගිහින් තැනත් බලාගෙන පින්තූරත් අරන් විශ්මිගෙන් තොරතුරු අහගෙන අවා. ආ දැන් මට කැමරාවක් තියනවා රට ඉඳන් ලංකාවට ආව සිංහල බොලොක්ක කරුවෙක් මට ගෙනත් දුන්නා නොවැ කැමරාවක් :DDD 


මෙන්න කියවපල්ලා

26 comments:

DarKneT | ඉෂාර said...

හ්ම්ම්, ඇත්තටම අලුත් අත්දැකීමක් වෙයි වගේ, මෙතනට යන්න කලින් වෙලාව වෙන් කරගන්න එහෙම ඕනේද ?

වැප් said...

එහෙම එකක් නැහැ ඕන වෙලාවක යන්න පුලුවන් .. ගිහින් කියන්න සිංහල බ්ලොගර් කෙනෙක් කියලා :DDD

හසී said...

කොහොම හරි කැමරාවක් හම්බුනා කියලා කියාගත්තා නේද? මාමාගේ බෑනා මෙයා :P

නදී said...

අලුත් ඇද්දැකීමක්

හිස් අහස said...

ලඟපාතකවත් තිබුනානම් යන්න තිබ්බා

පූසා said...

ෂඃ නියම තැනක්නේ.ගිහින් බලන්න ඕනේ.

පාල said...

කීයක් විතර ගන්නවද වැපෝ?.

ඕනයා said...

මමත් අහල තිබ්බට ඔය ජොයින්ට් එක ගැන දැං තමා දන්නෙ විස්තරේ

වැප් said...

@පාල
http://openspace.lk/membership-work.html

අනුරාධ said...

කෝ බන් උඹ අර සෝෆා එකේ එක එක විදියට ඉදගෙන ගත්තු ෆොටෝස් ටික. :D

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අඩේ වැපා ඒක මරු මචං ගිහින් බලන්න හිතෙනව..

Lishan Puwakowita said...

මේක මරු මචන් කස්ටිය එක්කලා සෙට් වෙලා කතාවක් දාන්න එහෙම.., යන්න ඕනේ වෙලාවක..!
මෙහෙම තැන් ඉස්සර ඉඳන් ම තිබුණා. මම හිතන්නේ සුදර්ශිය කියන්නේ මේ සංකල්පේම තවත් එක්තරා විදියක තැනක්..! [වැරදිනම් නිවැරදිකරන්න]
තැංකූ වෙවා වැපා..! :)

වැප් said...

අපි සුදර්ශිය දන්නේ නැහැනේ ඒ ගැන විස්තර කියපන්

රොකියා | Udara said...

මුලින්ම වැපාට ස්තුතියි මේ ගැන කරුණු ඇතුලත් ලිපියක් ලියුවට !
නමුත් මේකට යන්න ඇත්තටම අර්ථවත් හේතුවක් තියෙන්න ඕනේ ! නැතුව රුපියල් 4800 වගේ ගානක් දිලා යන ඒක ඇත්තටම බොරු වැඩක්. මගේ අදහසනම් මේක ධනවත් පන්තියට සරිලන දෙයක්. අපිට පාඩම් කරන්න ඕනෙනං පුස්තකාල තියෙනවා. සතුටු සාමිච්චියක් දාන්න ඕනෙනං ඕනේ තරම් නොමිලේ යන්න තැන් තියෙනවා. අර වැපා කියලා තියෙනවා වගේ "ව්‍යපාර" සංකල්පයටනම් මේක හොඳයි !
මොනා උනත් ලිපියට ස්තුතියි ! ඒක නෙමෙයි බන්, දැන් අපි මෙතනට ගිහිල්ලද අපේ ඊළඟ ට්‍රිප් ඒක ගැන කතා කරන්නේ ?

වැප් said...

ඔව් රොකී .... උබේ කමෙන්ට් එක ගොඩක් වැදගත් වෙයි මේක එම අයතනයේ අය බලන නිසා .... සාමාන්‍ය අයට සාදාරණ මුදලක් අය කිරිම ගැන සලකා බලන්න ...

පැතුම්..... said...

4800ක් ගෙවන්න ඕනේ මාසෙටම ගන්න පැකේජ් එකකට නේ ද ? 1/2 day 300 and 1 day 500 කියල තියෙන්නෙ නිකන් ඉන්නවට යන අයගේ ගාස්තුව ද?

Lishan Puwakowita said...

පැතුම් ► මෙහෙමයි මචන්.., මට හිතෙන විදියට සමහර වෙලාවට මේ සේවාව නොමිලයේ දුන්නොත් මේ තැනත් නිකම්ම නිකම් අම්බලමක් ගානට වැටේවි.., යන එන අයගෙන් මුදලක් අය කරන්නේ එවිට එතැනට එන්නේ ඇත්තටම මොකක් හරි අර්තවත් වැඩකට එන අයට දෙන සර්විස් එකේ කොලිටි එක ඒ විදියට ම තියාගන්න ඕනේ නිසා වෙන්න පුලුවනි.

Lishan Puwakowita said...

වැපා: සුදර්ශිය කියන්නේ මචන් නාට්‍ය කරන අය අතර ගොඩක් ප්‍රසිද්ධ තැනක්.., පිහිටලා තියෙන්නේ බෞද්ධාලෝක මාවතේ, බණ්ඩාරනායක අනුස්මරන ශාලාව ඉස්සරහ.., මෙතන පොඩ් පොඩි කලා කටයුතු ගැන බිම්මට්ටමේ කතාබහ වගේම නාට්‍ය පුහුණු වීම් වලට එළිමහන් රංග පීඨයකින්ද සමන්විතයි.
Open Space වගේ ම knowledge sharing concept එක මූලික කරගත්තත් මෙතන වැඩි බර තියෙන්නේ කලාකට‍යුතු වලට. හැබැයි එකක්! Open Space ආයතනය විසින් අපි ගෙවන මිලට ලබාදෙන අතිරේක පහසුකම් නම් සුදර්ශියෙන් ලබාදෙන්නේ නෑ. :)

Ansh Lucky Sri Jay said...

ලිශාන් : සුදර්ශියේ මහ නුග ගහ යට ඒකාලෙ අපිත් සෙට් වෙනවා. නාට්‍ය පුහුණු වෙන්න තමයි කට්ටිය සෑහෙන්න එන්නෙ නම් එතනට [ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ]. ඇත්තටම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා ඒ කාලේ සුදර්ශියේ රස්තියාදු ගහලා. බොහෝ වේදිකා නාට්‍ය වල තිඹිරිගෙය හැටියට හඳූන්වන්න පුලුවන් ඔතන.

ඕපන් ස්පේස් ආයතනය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන එක නම් දැනට කියන්න බෑ, ඒ උනත් ලංකාවට අලුත් ආරක සංකල්පයක් කියන එක නම් කිව්වැකි. බොහොම ස්තූතියි වැපා අපි එක්ක තොරතුරු බෙදා ගත්තට.

සහෝධරයා said...

මේක ගැන කිව්වට බොහොම ස්තූතියි වැපාට... මෙතනට ගිහින් එන්න ඕනෙ

පැන්ඩා said...

අතිශයින්ම වටී..ඔන්න මම බුකියේ බිත්තියේ ගැහුවා හැබැයි ඉතින් ලෝභ නැතුව ඉන්ෆො බයි වැප්නිශාන්ත කියලත් ගැහුව..ස්තූතියි

Sabith said...

මරු පොට් එකක් වගේ! ලංකාවට ගියාම ගිහින් බලන්න ඔන~

Sabith said...

වැපා බොස් මගේ බ්ලොගිය පැත්තෙ ඇවිත් නෑ මං හිතන්නෙ!කොමෙන්‍ටු නැතිවට කමක් නෑ!නිකං ඇවිත් බලල යන්න!
www.sabithl.blogspot.com

සරත් ලංකාප්‍රිය said...

යන්නම ඕන තැනක්.. එත් ඕක කරන්න වෙන්නේ ඉතින් නිවාඩුවට ලංකාවට ආවමනේ..

දුකා said...

ෂාහ් නියම ලිපියක් වැප් . . .

මේ ක්‍රමේ ලංකාවට ගොඩක් හොඳ අත්දැකීමක් වෙයි . .

මෙහේ ඩුබායි වල නම් ගොඩක් ඔෆිස් බිල්ඩින් වල උනත් එක් තැනක මේ වගේ තැනක් තියෙනවා ඔෆීසියේ මීටින්ග් රූම් එක භාවිතා නොකර කෙටි පුද්ගලික හමුවීම් හෝ ඒ වගේ අවශ්‍යතා ඉතුකර ගන්න . .

ලංකාවෙත් මෙහෙම තැන් තියෙනවා කියලා දකින්න ලැබීමත් සතුටක්. බොහොම ස්තූතියි වැප් අපිව මේ ගැන දැනුවත් කලාට . . මාම්ත් මගේ දන්න කියන යාලුවන්ට කියන්නම් මේ ගැන .. .

චතූ...... said...

මේක පට්ට ප්ලේස් එකක් වගේ....ගිහින් බලන්න හිතෙනවා දැන් නම්...!!!!

Post a Comment