Sunday, July 17, 2011

අවසර දෙනවද අම්මේ‍

කලකට පසුවයි අම්මේ
ඔබ සමගින් එක මග යන්නේ
සැමදා දුටුවත්, ඔබේ රුව අම්මේ
කරුණා සේ‍නෙහස බුදු ගුණ වින්ද නිසා,
නුදුටුව ගානයි ඔබ මනු රුව අම්මේ
වියපත් වි ඇති බව දුටුව නිසා
මව් ස්නෙහස වැඩි වූවා අම්මේ

ඔබේ විඩාවට සවියක් වන්නට
දානය අරගෙන ගමේ පන්සලට
එන පෝයට එන්නද මා අම්මේ
සිල් සුවඳයි ඔබේ සුවඳයි
විඳින්න මට අවසර දෙනවද අම්මේ‍

මා ඔබ පුතුම නිසා අම්මේ
අවසර ඇත මා හැර යන්නට
නිවන් පුරට වඩිනා දා සිට, අම්මේ
යන මග එලි කර හරි මග කී නුඔඋබ
මගේ සවියගෙන මටම මවම වි එතකල් හිඳින්නඉඳපන් අම්මේ








24 comments:

හසී said...

හ්ම්ම්... හරිම සංවේදී පද පෙළක්........ ලස්සනයි :)

විසිතුරු said...

හිතට වැදුනා... බොක්කෙන්ම කිව්වෙ! සිරා පදපෙළ

මාරයාගේ හෝරාව said...

"වැප්" යට ගිහින් "නිශාන්ත" මතු වෙලා..

``` Outsider``` said...

නිතර අහන්න ලැබෙන මාතෘකාවක් වුණත් නැවත නැවත අලුත් වන හැඟීමක් ගෙන එන දෙයකි මේ.

පූසා said...

හිතට තදින්ම කාවැදෙන විදිහට ලියලා....
අපූරුයි!

සුමින්ද said...

code, script වගේම උඹට කවි ලියන්නත් පුලුවන්නෙ... අගෙයි!

සෝරෝ said...

සිරා ය.......!!

වන්නි said...

මාරයාගේ කතාවට උදක්ම එකඟ වෙමි.

වැප් තුල සැඟවුනු නිශාන්ත දුටිමි!

තිස්ස දොඩන්ගොඩ said...

හ්ම්ම්ම්...
හිරං කරං ඉන්න හැඟීම් වාං දානවා මෙව්වා කියෙව්වාම.. :-(

ගලායන ජීවිතය said...

වියපත් වි ඇති බව දුටුව නිසා
මව් ස්නෙහස වැඩි වූවා අම්මේ

හිස් අහස said...

කවුද මේක ලීවේ ?

වැප් ලොක්කට කවි ලියන්න පුලුවන් කියලා දැනං හිටියට මේ තරම් සංවේදී පද වැලක් ලියන්න හැකිවේවි කියලා දැනංහිටියේ නෑ ..

Bunny said...

උඹේ අර වල් කම, හැකර කට, පංඩිත ටෝක්, කිසි එකක් මෙකෙ ගැවිලා නැ බං.. :D
නිශාන්තම තමා මතුවෙලා තියෙන්නෙ :D

ජීවිතේ මල් said...

අර කිව්වා සේ නිශාන්ත දුටිමි...

අඩේ මේක කියවලා මට මගෙ අම්මා දකිද්දිත් හිත කීරි ගෑහෙනව දෑන් :-(

හෑමදාම වගෙ වියපත් වෙලත් හෑමදේම තාම කරන්නෙ අපිට..එයාලට නෙමෙයි...:-( ... :-(

මම මේ කල්පනා කලේ.. මව් ගුණය කියන්නෙ කොච්චර ප්‍රබල දෙයක්ද ? ඒ ගෑන හිතුවමත් හිත මොකක්දෝ සංවේදී ගතියකින් පිරීගෙන යන්න තරම්....

෴ හසියා ෴ said...

වැපාගේ අප නොදුටු වැසුනු පැත්ත.....

සිරාවටම පට්ටය.....

නචියා said...

සිරා මචං.. බොක්කටම වදින්න ලියලා තියනවා. උඹට මෙහෙම කවි ලියන්න පුලුවන් කියලා දැනගෙන හිටියෙ නෑනෙ..

සුදු හංසි said...

අලංකාරයි..........:D

මගේ ජීවිතය said...

වියපත් වි ඇති බව දුටුව නිසා
මව් ස්නෙහස වැඩි වූවා අම්මේ...
එහෙමම දැනෙනවා.

Ansh Lucky Sri Jay said...

වැපාට කවිත් ලිව්වැකි?? :D
ඇත්තටම සුපිරි

බුද්ධි said...

මාරයා, සුමින්ද, සොරෝ, දිල්මෝනා, සිරි මෙයා හෙන වැඩකාරයෙක් කියලා මම නං කලින්ම දැනගත්තා. එදා මම කිව්වෙ මෙහෙමයි

පරිගණකෙට මූ කෙරුමෙකි - බ්ලොග් කෙරුවාවටත් පොරකි
පණ්ඩිතකොම, කවි, විචාර - පෝස්ට් වලට හරි සමතෙකි
මෙහෙව් රටක මෙහෙව් එකෙක් - හමුවන්නෙ කලාතුරිනි
මට පෙනෙනා හැටියටනං - මූ නං එළ පට්ට බුවෙකි!

http://wapnishantha.blogspot.com/2010/07/blog-post.html

Pasan said...

මේක නන් සුපිරියි ඇ.. මං දැනන් හිටියෙ නෑබොල උඹ මෙව්වා ලියනවා කියලා. උඹෙ ලියපු එව්වා එක නන් පට්ට සුපිරියි ඇ...

නලිනි චන්දිමා said...

"කරුණා සෙනෙහස බුදු ගුණ වින්ද නිසා
නුදුටුව ගානයි ඔබ මනු රුව"
ඒකනම් එහෙම්මම තමයි. ලස්සනට අකුරු වුණු හැඟීම් පෙළක්.

පොඩි මෑන් said...

අම්මට සිරි... වැප් අයියා සිරාවට කවිත් ලියනවනෙ...

චතූ...... said...

නියමයි...!!!!

~ Explorer ~ said...

ශා.පට්ටයි ඈ.

Post a Comment