Sunday, August 21, 2011

තහනම් ආයෝජනය හා පොළියට පෙම් බැඳිම

ගිය සතියේ ලංකාදීප පත්තරේ මේ සතියේ තමයි බලන්න පුලුවන් උනේ. ඒ බලන් යද්දි පහත පින්තූරය දැක්කම  , ලිපියක් ලියන්නම ඕනේ කියලා හිතුනා. මට හිතෙන්නේ ආයෙත් මේ තහනම් හා නිතිවිරෝධී ආයෝජන ක්‍රම හිස ඔසවලා වගේ. එහෙමත් නැත්නම් සක්විතිලා දඬුවම් මුදලාලිලා හැම තැනම ගැවසෙනවා වගේ. නැත්නම් මහ බැංකුව මෙහම දැනුම් දිමක් කාලෙකට පස්සේ ආයිත් කරන්නේ නැහැ. ඔන්න දැන් බ්ලොග් අවකාෂයේ මේ වගේ අය ඉන්නවා නම් ප්‍රවේසමෙන්. :DDDD 

ඇත්තම කිව්වොත් මාත් අහු උනා. ඔව් ඒ දවස් වල තිබ්බ පිරමීඩ් ක්‍රමයකට මම අහුවෙලා තියනවා. ඊට අමතරව ඉස්කෝලේ කාලේ පොඩියට තියන සීට්ටුවකටත් අහුවෙලා  තියනවා. ඒක උනේ මෙහෙමයි දැන් ඔය සිට්ටුව දාන එකාටනේ මුල් සීට්ටුව අයිති. මට මතක විදිහට බුවා පොඩි කාලේ ඉදන් අපිත් එක්ක එකටම හිටපු බොක්කක්. ඒ හන්දා අපි අනික් සෙට් එකත් පුරුදු පරිද දැම්මා සීට්ටුව. හරි හය වසර ඔව් හය වසර තමයි. සිට්ටුවේ මුලු අගය රුපියල් සියයි. ඔන්න දැන් තුන්ඩු උඩදාලා මටත් අංකයක් අවා පහද කොහෙද. අවුලක් නැහැ පහ කියන්නේ හොඳ ස්තානයක්නේ. මේ වැඩේ කලේ සිකුරාදා දවසක. අනික අපේ විදිය තමයි එක දවසේ සීට්ටු බේරන ක්‍රමය. ඒ හන්දා අංක එක ගත්ත එකා උඩ පැන පැන ගියා උගේ දවස ලබන සඳුදා කියලා. ඒ එක්කම එක දවසේ සීට්ටු හින්දා සීට්ටුව දාපු එකා රු 100 එදාම ගත්තා. මාත් පස් පාරක් උඩ පැන්නා මං පහනේ. 

ඔන්න දැන් සඳුදා ආවා. 
අනික් සැට් එක ඉන්නවා. 
සීට්ටුව දාපු එකා නැහැ. හික් 
දෙවනි දවස අවා 
අරු එදත් නැහැ හික් 
තුන් වෙනි දවස 
අරූ ඒත් නැහැ හික්
අරූ එන්නේම නැහැ කියලා ටිච කිව්වා හික්
ඌ වෙන ඉස්කොලයකට ගිහින් හික් හික් හික්


ඔන්න ඔය කේස් එක හින්දා සීට්ටු තහනම් වචනයක් උනා. හැබැයි ඉතින් මෝඩ කමට බේත් නැහැ කියන්නා වගේ ලොකු ලොකු දර්ශන දාගෙන එන එව්වාට අහුවෙනවා. ඒකනේ අර පිරමිඩ් ක්‍රමයකට අහුවෙලා දහස් ගානක් මම නැති කරගත්තේ. ආකර්ෂනිය පොලී අනුපාත කියයි. සල්ලි ඕන වෙලාවක ආපහු ගන්න පුලුවන් කියයි. දහසකුත් එකක් කියන හොර ආයතන කොච්චර නම් තියනවාද. ඒවට කීදෙනෙක් අහුවෙනවද? කිදෙනෙක් අහුවෙලා සද්ද නොකර ඉන්නවද? [ හික් මෙච්චර කලක් මාත් කටවහන් හිටියේ ]. මතකනේ ප්‍රමඛ බැංකුවේ කතාව. අහුවෙලා කියලා දන්නේ බැංකුව වහලා මහ බැංකුවෙන් නිල නිවේදන කලාට පස්සේ. ඒ හන්දා ඔය සක්විති දඩුවම් මුදලාලි වගේ අය විතරක් නෙමෙයි. බිල්ඩිමක් තියන ඔෆිෂියල් විදිහට බොරුව කරන ආයතනත් තියනවා කියලා දැනගෙන ඉන්න එක වටිනවා. 

ඊට අමතරව ඔය ලංකා දිපේ එහෙම මම දැකලා තියනවා ඔබට ආයෝජනයට අවස්තා කියලා. වැඩි පොලි දාලා දැන්විම් තියනවා. සමහරු ඕවාට අහුවෙනවා. හැබැයි ගොඩක් අය දැනුවත් පත්තර වල තියන එව්වාට අහුවෙනවා අඩුයි. හැබැයි දැන ඇඳුරුම් කම් වලින් ඔය වගේ දේවල් වලට අහුවෙන ප්‍රමාණය වැඩියි. ඒ හන්දා අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි වංචාකාරයන්ට, වංචාකාර ආයතන වලට අහුනොවෙන්න වගබලා ගන්න එක අපේ යුතුකම.

හික්හික් පොඩි කාලේ ඒ වගේ දෙවල් වලට අහු උනාට දැන් මම ලොකු ළමයෙක්. ඒ හන්දා ආයේ අන්දනවා බොරු මාව :DDD

වැප්

34 comments:

ඕනයා said...

ඒපාර උඹ කාටද අහු උනේ . . . . ?????

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මම දන්න විදියට ඔය ඇඩ් එක හැම මාස 6කටම සැරයක් දානවා

චමිදේවා said...

ශුවර් එකටම වැපා ආ‍යේ කාටහරි අහුවෙලා තමා...හරි හරි ඔන්න උඹට වෙච්ච එකෙන් අපි පාඩමක් ඉගනගත්තා...:D

සුමින්ද said...

උඹ නාඩං....
උඹ නාඩං....
උඹට ඕවා හොඳ පාඩං....!!!

said...

අපේ අය අහුවෙන එක නවත්තන්න ඔය පත්තර වල දැන්වීම් වලට බැහැ . අපේ අය හරි කැමතියි ඉක්මනින් ලක්ෂපතියෝ වෙන්න ඒක නිසා හැමදාම ඕවට අහුවෙනවා

ජීවිතේ මල් said...

ලංකාවෙ ඔය අවනීතික සෙල්ලම් වලට අහු වෙන එකෙ පොඩ්ඩක් රාජ්‍ය බෑංකු වල පොලි අනුපාතික හරි හෑටි හොයල බලන්නකෝ... Bank of Ceylon එකේ තියනවා MCSL .. එයාල තමා මම දෑනුවත්ව ලංකාවෙ වෑඩිම පොලි අනුපාතික දුන්නේ..ලඟදි කෝමද දන්නෙ නෑ.2008දි වාර්ශික පොලි අනුපාතිකය 17%ක්!!!!!!! අනෙක් තෑන් වල 7% වගෙ දෙද්දි. මිනිස්සු මේව නොදෑනනෙ මේ වගෙම අනුපාතික වලට රෑවටෙන්නෙ.. ස්ථාවර තැන්පතුවක් දානවනම් අනෙ අම්මෝ මහ බෑංකුවෙ ලියාපදිංචි එකකම දාන්න.. අමාරුවෙන් හම්බ කල දේ දොර දන් නොදී ....

ඔය හදිසි ඉපෑයීම්(වෑඩි පොලි අනුපාත) වල සෙතේ නම් Come easy-Go easy තමයි... ;-)

nethara said...

පුංචි කාලෙ අපි ඇඟෙත් චූ දාගත්තනෙ......ලොකු උනාම එහෙම කරන් නෑනෙ නේද මෙයා...??

..ChAnDiKa.. said...

දැන් වැපෝ උඹ දැම්මේ එතතකොට මේ තැන් වලින් කොහෙද?
අබේපාලයා ගාවද මඩයා ගාවද ඕනයා ගාවද එහෙමත් නැත්තං අර තඩි රචියා ගාවද ;)

:D :D

සුපර් said...

හික් හික්. ඊගාව පාරත් ඇන්දුනාම මෙහෙන්මම කියයිද දන්නේ නෑ. හික් හික්.

ලිපිය ගොඩක් වටිනවා. මතක් කරලා දුන්නාට තැන්කූ වේවා.

Dude said...

ඒ වුනාට ලොකු පොඩි කවුරුත් අහුවෙන වෙලාවල් තියෙනවා.

මදුශාන් said...

වැපා උඹත් එකක් පටන් ගනින්..අහු උනාම හිරේ
හික්
හික් හික්
හික් හික් හික්
හික් හික් හික් හික්
කිය කියා හිටියෑකිනෙ :D :D

Beetle said...

ඔය පිරමීඩ වගේ සංකීර්ණ සෙප්පඩ විජ්ජා වලට අහුවෙන්න එපා මචං... මම කියන්නම් ලේසි බිස්නස් එකක් අපි දෙන්නා කරමු...

මම රුපියල් දාහක් ඔට්‍ටු දාන්න ලෑස්තියි, උඹ මට රුපියල් දෙදාහක් දුන්නොත් මම රුපියල් තුන්දාහක් දෙනවා... ඔට්ටුද..?

දේවා ගේ අඩවිය said...

ඇත්තටම වැප් අය්යා එහෙම එකකට මාට්‍ටුවත් උනාද??
කොහොම උනත් මමත් කියන්නේ ඉක්මනින් සල්ලි හොයන්න ගිහින් තියන කිය උනත් නැති කර ගන්නවට වඩා පිලිගත්තු අනුමැතිය තියන බැන්ක් එකක ස්ථාවර තැන්පතුවක් දාන ඒක ගොඩාක් සුරක්ශිතයි

මට ඉතින් අනිත් බැංකු ගැන කියන්න දන්නේ නැ වැඩ කරන ලංකා බැංකුවේ අනුපාත ටිකක් මෙතනම දාන්නම්

ස්ථාවර තැන්පතු වල නම්
මාස 1 ක තැන්පතු (500000 කට වැඩි) 5.5%
මාස 3කදි නම් 6% කද මාස 6 කට 6.75%

ඊට වඩා කල්නේ ඉතින් ස්ථාවර තැන්පතු දාන්නේ
1 අවුරුද්දකට දානකොට පොලි මාසිකව ගන්නවානම් 7.5% යි අවසානේ ගන්නවානම් 8%

අවුරුදු 2කට ඒත් මාසිකව 7.5%යි වාර්ෂිකව නම් 8.25%
අවුරුදු 3 කට දානවනම් කල්පිරිමේදි 8.5% ද 4කට නම් කල්පිරිමේදි 9% ක් ද 5කට නම් කල්පිරිමේදි 9.5%ක පොලි අනුපාතියක් ලබ ගන්න පුලුවන්

සමහර තැන් වල මිට වඩා ලොකු ඉලක්කම් දකින්න ලැබෙනවා නම් ඒ ආයතනය රජයේ ලියාපංදිචිද කියලා හොයලා බලලා ආයොජනය කරන එක ආයෝජනය කරන මුදලේ සුරක්ශිතභාවට හොදයිනේ..

ලංකා බැංකුවේ රේට් මම වැඩ කරන්නේ එතන නිසා ගොඩාක් අය අහන නිසා මතක විදිහට කිවේ,විශ්වාශයි මම හරි කියලා

වැප් අය්යේ අනේ සමා වෙන්න පොස්ට් එකක් තරමට කමෙන්ට් එක ලොකු උනාට..

එත් අපි මහන්සියෙන් හම්බ කරන ඉතුරු කරන හැම සතේම වටින්නේ අපටනේ... කාගෙවත් සාක්කුවකට යනවට වඩා ඒක අපේ දියුනුවට යොදවන්නනේ අපි කැමති ඒ ගැන මතක් කරලා ඔයා දාපු පොස්ට් එක නිසා මට මතක් උන දේ ලිවා

වැප් said...

@ඕනයා
කියන්නේ නැහැ යකෝ තව එකෙක් අමාරුවේ වැටෙනකල්ම ඉන්නවා

@Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ආ එහෙමද යකෝ පත්තරය හැම සතියෙම ගෙදර ගන්නවා මම හයමාසයකට සැරයක්වත් බලන්නේ නැද්ද එතකොට

@චමිදේවා
පල යකෝ යන්න දැන් මම දැනුවත්

@සුමින්ද
අහුවෙච්ච තව එකෙක්ද උබ?

@ම
කියලා වැඩක් නැහැ බන්. හෙට මාට කවුරු හරි කිව්වොත් 40% පොළියක් දෙනවා ලක්සයක් දියන් කියලා.. මම දෙනවානේ බන් :DDDD

@ජීවිතේ මල්
විස්තරය දැම්ම එක විටිනවා. අහුවෙන්න ඉන්න කෙනෙක් හරි රජයේ බැංකුවකට යන්නේ නැතැ

@nethara
වයසට ගියාම වෙනවා නේද මෙයා :DDD

@..ChAnDiKa..
හික් හික් ඔන්න ඔන්න උබ MCQ දෙනවා

@සුපර්
ආයෝ රැවටෙන්නේ නැහැ බොලා... හික් හික්

@Dude
ඔව් බන් හැමෝම සල්ලි වලට ලෝබයි‍ නොවැ....

@මදුශාන්
එලම තමයි උබ පළමු ආයෝජකයා වෙනවද? පොළීය දෙනවා 40% ක්

@Beetle
අඩෝ පට්ට කරමු වැඩේ. මම කැමැතයි ... හික් හික්


@දේවා ගේ අඩවිය
දේවා උබ දාපු කමෙන්ට් එක ගොඩක් වටිනවා ... අහුවෙන්න යන අයටයි අහුවෙච්ච අයටයි‍. ඕක වැදගත් වෙයි. මෙච්චර කල් තිබිච්ච පරණ රජයේ බැංකුවක පොළී අනුපාත ඕවා නම්. .... අනික් තැන් හා පුද්ගලයෝ ඔක්කොම හොරු තමයි නේද කියලා අපිට තේරුම් ගන්න පුලුවන්

දේවා තැන්කෝ

මාරයාගේ හෝරාව said...

බෝහෝම වටිනා ලිපියක්...

සක්විතිලා..දඩුවම්ලා..අතරට සයිබර් සක්විතිලත් බිහි වෙනවා වගේ කියලා හිතෙන කාලෙක මෙහෙම ලිපියක වටිනාකම බොහෝම වැඩියි.

ආකර්ෂණීය පොලී අනුපාත හරහා මෙන්ම..හිතවත්කම් මතත් මේ වාගේ ගණු දෙනු කෙරෙනවා.අවසානය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...

අර ඕනයට දීලා තියෙන උත්තරේ නම් හරි වැදගත්..අපි කරන්නෙම අනිත් උන් අහුවෙනකල් සද්දේ වහලා ඉන්න එකමද මංදා..:D එතකොට අපි තනිවෙලා නැහැ වගේ හැඟීමක් හිතට දැනෙනවානේ නැද්ද මචං..හික්

දිල්ගේ කොමෙන්ටුව වගේම දේවාගේ කොමෙන්ටුවත් හුගාක් වැදගත්...අනිත් අපේ බැංකුවල වැඩ කරන අයත් තම තමන්ගේ බැංකුවල පොළි අනුපාත හා ආයෝජනය කරන්න හොඳ තැන් ගැනත් දැනුම් දෙනවනං ඒකත් හුගක් වටින දෙයක්..අනිත් දේ තමා එහෙම ලියද්දි ටිකක් සරලව ලියන්න බලන්න..

මං එහෙම කිව්වේ දන්නවනේ ඉතිං ඔය අපේ හුගක් ආයෝජනය කරන තැන්වල..එතකොට රක්ෂණ සමාගම්වල..ණය ගණුදෙනු කරන තැන්වල කියන එවා අපිට තේරෙන භාෂාවෙන් නෙවෙයිනේ කියන්නේ.. වචන හරඹයක් කරලා අපේ අත්සන ගන්නකං වටේ ගෙනියනවා..ඊට පස්සේ තමා කෙලිය තියෙන්නේ..ඒකයි..

මං විශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ ඉන්න මේ ලිපිය බලන අනිත් අයගෙනුත් ඉල්ලා හිටිනවා පුළුවන්නං මේ ලිපිය අනිත් අයටත් බලන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා...

@ඕනයා...

යකෝ මූ දැන් පොඩි නැහැ..ඒ ඉස්සර...

GNS said...

මරු ආයෝජන අවස්තාවක් තියෙනවා.. ආපහු සෙට් වෙලා බලමුද? ;-)

අලුත් කොල්ලා said...

වැපා මේ ඊයෙ පෙරේදත් අහු වෙලා කාටදෝ..... කියාගන්න බැරුව පෝස්ට් එකක් දාලදෝ.....

නචියා said...

වැඩි තණ්හාව හොද නෑ බන්. මට පේන්නේ කාට හරි අහු වෙලා වගේ....

RanDil said...

මේ බ්ලොග් එක අයිති කෙනා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න කලින් කරපු කෙරුවාවක් තමයි අර මුලින්ම කියලා තියෙන්නේ. මේ ලිපිය ලියලා තියෙන්නේ ඒ කෙනාගේ අල්ලපු ගෙදර එකටම හිටපු බොක්කක්. මේ බ්ලොග් එක අයිති කෙනා, අල්ලපු ගෙදර කපටියා කියලා ලිපියක් ලියලා ඒ බොක්කේ නම කැත කලාලු වරක්. ඒ කේන්තියට තමයි උන්දැ මේක ලියලා තියෙන්නේ. මේ හොරා ඒකත් හොරකම් කරලා නෙව. :D :D :D

පූසා said...

දැන් උඹ බබා කාලේ සීට්ටුවට අහු වුනු හැටි ලිව්වට කෝ මහ එකා කාලේ පිරමීඩෙට අහු වෙච්ච හැටි ලියලා නෑනේ. දැන්නම් ඉතිං මේ නාකි කාලේ තව මොනවට අහු වෙන්නද? :D

Sajith Tharaka Perera said...

උඹේ ස්ටාර් ලෙවල් කීයද මචෝ? :D

nawammawatha said...

කොහොමෙයි බං ‍රැවටෙන්නෙ නැතිව ඉන්නෙ.. රවුං කරල බෝල කරල ඒ මදිවට සීනිත් දවටලනෙව දෙන්නෙ......

prasanna86k said...

ඔය කිව්වට උඹ ආයෙ අහුවෙනවා... බලපං බොරුනම්...!

වැප් said...

@මාරයාගේ හෝරාව
හික් මරු කතාව සයිබර් සක්විති ....

@GNS
කියු කියු මට විතරක් කියූ ..ඔක්කොම ලාබ මං ගන්න ඕනේ

@අලුත් කොල්ලා
මං නෙමෙයි බන් වෙන එවුන් හින්දා මේක ලිව්වේ :DDDD

@නචියා
අහුවෙන්න කලින් මේක ලිව්වා :DDD

@RanDil
හා හා කටවහන් යනවා හොදයි නොදන්න ආයෝජන වල ප්‍රතිලාබ හොයන්නේ නැතුව :DDD

@පූසා
වයස වැඩක් නැහැ යකෝ ... ආකර්ෂණීය පොළීයට රැවටෙනවා :DD

@Sajith Tharaka Perera
මොන ස්ටර්ද දැන් රිම් ස්ටාර් තමයි :DDD

@nawammawatha
හොඳ වැඩේ බොට බෝල පස්සේ යනවාට :DDD

@prasanna86k
එහෙව් දාට උබ මේ ලිපිය මට තැපැල් කොරපන් ...මං අහුවෙනකල් බලන් ඉන්න උබව අහුවෙයි උබ නොදැනිම .. ප්‍රවේසමෙන්

බුද්ධි said...

මං දහඅතේ කල්පනා කලේ උඔ මක්කියන්ඩ යනවද කියලා. සාමාන්‍යයෙන් මේක දැං ජනප්‍රිය මාතෘකාවකුත් නෙමේයිනෙ මේ කාලේ.

ඔන්න මං කල්පනා කරනවා දැකලා මට අපේ නැන්දා කෙනෙක් මේක සහසුද්දෙන් තේරුං කරලා දුන්නා. මන්දා එයාට ‍මේක කොහොම තේරුං ගියාද කියලා.

එයා හොදටම කෙට්ටුයි! ඊටත් වඩා තරුණයි! මේ වගේ දෙයක් එයා කොහොම තේරුම් ගත්තද මන්දා.......? සමහර විට එයත් උඔ වාගේ තඩි පොලු පාරක් කාලද දන්නැ....!

බුද්ධි said...

නොකිව්වට මොකද ඒ කාලේ මං වැඩකරපු තැන පොරක් ගෙඩිපිටිං රු.50,000/- පොල්ලක් තියලා තියෙන්නෙ මට. ඇපේ‍ට යාලුකම තියලා!!

වැඩේ කියන්නෙ ෆිට් එක වැඩි කොමට මම පොරට සල්ලි ටික දුන්නෙ ලවර්ස් එකෙන් හම්බුනු ඉටි බෑග් එකක ලස්සනට පැක් කොරලා. අඩු ගානේ බෑග් එකවත් මු දුන්නැනේ....

හිස් අහස said...

මටනම් හොඳටම සුවර් වැප් නියම ගල් ආඳෙකුට අහුවෙලා තියනවා ! මම නම් තාම ඔය සල්ලි කෙලි වලින් වැඩි පුර පාඩු ලබලා නෑ මොකද කියනවා නම් මම පඩිය අරං ගෙදර එනකොටම අතේ ඉතුරු වෙන්නේ බොහෝම පොඩි ගානක් ..

හැබැයි මගේ යාලු මිත්‍රයෙක් නම් ඔහොම එක පාර වවාගෙන කන්න ගිහිං රු 50000ක්ම වතුරේ යවාගත්තා ..

නලිනි චන්දිමා said...

වැඩි ආශාවට හෝ වැඩි විශ්වාසෙට ගිහින් තියෙන දේ නැති නාස්ති කරගන්න එක අපරාධයක්. ඇත්තටම, තමන්ට වුණු දේවල් අනික් අයටත් කියනවනම්, තමන් රැවටුණත්, වෙනත් කෙනෙක්වත් බේරෙයි. එහෙම බලද්දි, අනුන්ට පොඩි සිහි කැඳවීමක් කරන මේ ලිපිය හුඟක් වැදගත්.

දුකා said...

මේ සීන් එක ගැන කොමෙන්ටුවක් නෙමේ බන් පෝස්ට් එකක්ම දාන්න හිතෙනවා.

වෙලාවක් ලැබුනු ගමන් උඹේ පෝස්ට් එකට ලින්ක් කරලම ලියන්නම් . . . .

ඒත් උඹ ඕනයට දුන්නු රිප්ලයි එක නම් හරි නෑ යකෝ . .

තමන් කෙලෝ ගත්තනම් අනෙක් උන්ට ත් දැනුම් දීපන් . .

"මම කෙලෝඅ ගත්තත් වෙන එකෙක් ව බේර ගන්න ලැබුනා කියලානේ"

කියලා හිතට දැනෙන සනීපේ කොයි තරම්ද කියනා උඹ දන්නේ නෑ සිරාවට

චමිල said...

පොඩි කාලේ කියවපු පොතක තිබුනා ඔය පිරමීඩ මගඩි ගැන. ගණිත විනෝදය ද කොහොද ඒකෙ නම. හරියටම මතක නැහැ. රුසියන් පොතක්.
ඒක ඒ කාලෙම කියවල තිබ්බ නන් ඔය වැඩේ වෙන්නෙ නෑ. කොහොම උනත් කරලම ඉගෙන ගත්ත එක හොඳා....
පස්සෙ ඕකට සෙට් වෙන්ඩ ගිය යාලුවෙකුට කොච්චර විස්තර කරල දුන්නත් ඒක තේරුම්ගත්තෙ නැහැ. ඊට පස්සෙ හොඳ ගානකට කෙළවගත්තා. සමහරුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ බන්...

Dude said...

හලෝ, ගෙදර කවුද? කෝ මේ වැපා කොහෙ ගිහින්ද?
henryblogwalker the Dude

වැප් said...

@බුද්ධි
ඒක තමයි බුද්ධීයෝ අර මොකෙන්ද බැට කාපු එකා මොකක්ද එලියටත් බයයිලුනේ

@නලිනි චන්දිමා
තණ්හාය ජායතී සෝකෝ කිව්‍වේ නිකන් යෑ කියලා දැන් හිතෙනවා

@දුකා
හප්පේ ලියාපන් දුකා අයියා ලියාපන් ..තව කිහිප දෙනෙක් දැනුවත් වෙන්නේ නැතැ

@චමිල
ඒක තමයි ඒ වෙලාවට ලාබේ දැකලා අහුවෙනවා

@Dude
ඉන්නවා ඉන්නවා ..ටිකක් විතර වැඩ අදක වෙලා
බස්රේඩියෝව හින්දා -

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

දුකා කිව්වා වගේ මේ ගැන නං පෝස්ට් එකක් ලියන්න කරුණු තියෙනවා.
තණ්හාව මූලික හේතුව වුණත්, මෙහෙම රැවටෙන්ට තව බොහෝ හේතු සාධක තියෙනවා. මුදල් හම්බ කිරීමේ වුවමනාව තියෙන එක තණ්හාව කියලා අර්ථ දක්වන එක වැරදියි. මේ වගේ රැවටිලි වැඩ කරණ අයට තියෙන අනුග්‍රහය වගේම ඒ අයට ලැබෙන ආරක්ෂාවත්, ප්‍රචාරයත් මේ රැවටිල්ලට උඩගෙඩි දෙනවා. නිවැරදි දැනුවත් කිරීම් වල අඩුව හා ජනතාව ඒවයින් දැනුවත් වීම අඩු වීමත්, හෙලිදරවු කිරීම් වල තාර බර අරින්න අපේ මිනිස්සු පුරුදු වෙලා තිබීමත් මීට බලපානවා. දුකාගේ පෝස්ට් එකට ඉතුරු ටික කියමු.

ස්තුතියි මල්ලී....

Observer said...

සය්බර් සක්විති........කව්ද බොලේ ඒ? කිව්ව නං දැන ගන්නත් එක්ක.....

Post a Comment