Wednesday, August 3, 2011

මී මුරේ තවදුරටත් දුෂ්කර ගමක් නොවෙයි / Meemure

මී මුරේ, සමහරුන්ට මැවෙන්නේ අමුතුම රූප සටහනක්. ඔව් ඔබ ඒ ගමට මීට අවුරුදු පහකට හයකට උඩදි ගියා නම් එය නිවැරදි‍ වෙන්න පුලුවන්. නමුත් ඔබ මෑතක එහෙමත් නැත්නම් මේ අවුරුද්දේ ගියා නම් දුශ්කරයි කියන වචන එච්චරම උචිත නැහැ. දුශ්කරයි කියන කාරනයත් සාපේක්ෂ දෙයක්. එම නිසා මට නම් තව දුරටත් මීමුරේ කියන ගම දුශ්කර ගමක් නෙමෙයි. හුන්නස්ගිරියේ ඉඳලා කිලෝමිටර් 36 ක් දුරින්, නකල්ස් කඳුවැටියෙන් වටවූ මේ සුන්දර ගම්මානය කෙළවරට යනතුරුම දැන් කොන්ක්‍රීට් කරනලද පාරක් ඇත. දැනට පවුල් 118 ක් එම ගමෙහි ජිවිත් වෙයි. මීමුරේ මි මුරේ

මීමුරේ ගිය ගමනෙදි අපි නාවාතැන් ගත් ස්ථානයේ හිමිකරු වන නවරත්න මහතා සමඟ කරන ලද කතාබහක සංෂීප්තයක් පහත පරිදි පෙලගැස්විය හැක



මී මුරේ ඉතිහාසය - History of Meemure
අනුරාධපුර යුගයේ සිදුවු වියසනයක් හේතුවෙන් රහතුන් වහන්සේලා වෙනත් පෙදෙස් කරා වැඩම කර ඇත. පසුව රජතුමා විසින්, වඩනහලු/රන්දුනුවා හා කහටගහකුඹුරා කියන පුද්ගලයින් තුන්දෙනා ගේඳුරුවා නම් වැදිනායකයාගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේලා සොයාගැනිමට පිටත් කරවා ඇත. එම සිද්ධිය මීමුරේ ගමෙහි ආරම්භයයි. අදටත් පවතින දන්දෙනිකබුර කහටගහවෙල සහ ගලමුදුන ජනාවාස වී ඇත්තේද එහිම ප්‍රථිපලයක් ලෙසය. ඊට අමතරව රන්දුනුවා විසින් ජනාවාස කරන ලද ගලමුදුන සොයාගෙන ඇත්තේ මී වදයක් සොයාගෙන යාමේදිය. නවරත්න මහතාට අනුව ගලමුදුන නම් ගම අති දුශ්කරය. එම ගමට මොන ආකාරයකින් ගියත් කිලෝමිටර් දහයක් පමණ පයින්ම යා යුතුය.

පහසුකම් - Facility of Meemure
දැනටමත් ලංකාබෙල් CDMA දුරකතන ජාලය වැඩකරයි. ගම කෙළවරට යනතුරු කොන්‍ක්‍රීට් කරන ලද පාරක් පවතියි. ගම තුල කඩ තුනක් පවතීයි. එවාහි ඒ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සරිලන බඩු බාහිරාදිය විකිණිමට ඇත. ගමපුරා විදුලි රැහැන් ඇද ඇත. ජලවිදුලි බලාගාරයක් හා ඇල්බිසියා වලින් ක්‍රියාත්මක වන තාබ බලාගාරයක් පවතියි. නමුත් තාපබලාගාරය දැනට අක්‍රීයව පවතින්නේ එහි තාක්ෂනික ‍දෝෂයක් පවතින බැවිනි. ඊට අමතරව සූර්ය තාප විදුලි බලය බොහෝ නිවෙස්වලට ඇත. මේ කරුණු සලකා බැලූ කල මි මූරේ තව දුරටත් දුශ්කර නැති බව පැවසිය හැක. ත්‍රීවිල් ලොරි යතුරු පැදි මෙන්වම වැන් ද එහි ගැමියන් සතුය. අනෙක් පෙදෙස් වලින් වෙන්ව පැවතියත් මී මුරේ යනු ස්වයංපෝෂිත ගමක් බව නවරත්න මහතා ආඩම්බරයෙන් පැවසීය.



අධ්‍යාපනය - Education 
ළමයිගේ අධ්‍යාපන උවමනාව මෙන්ම දෙමාපියන් ළමයි අධ්‍යාපනයට උනන්දු කිරිමද සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතුව එදිනෙදා වැඩ කටයුතු කරගැනිමේන් පැවතගෙන එන පාරම්පරික කර්මාන්ත ටික රැක බලාගැනිම ප්‍රමාණාත්මක බැවිනි. එම ගමේ උපාධරින් කිහිප දෙනෙක් සිට ඇත. එහෙත් වර්තමානයේ උසස් අධ්‍යාපනයට හිමිකම් කරගත් සිසුන් නැත. වෘත්තිය අධ්‍යාපනයක් හඳුන්වා දෙන්නේ නම් එය වඩා යෝග්‍ය බව නවරත්න මහතා පැවසීය. ගම තුල පන්සල මෙන්ම පාසලද පවතියි.

ආර්ථිකය - Economy
පාරම්පරික කිතුලි පැණි  ගම්මිරිස් එනසාල් හා හේන් ගොවිතැන හා වි ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මර්ගයයි. ගම තුල වෙලඳාම මෙන්ම. නගරයට ගෙන ගොස් විකිණිමද සිදුවේ. ආර්ථිකමය වශයෙන් ඔවුහු සැලකිය යුතු මට්ටමක සිටිති. මුදල් අතේ ඉතුරු විමට ප්‍රධානම හේතුව බොරු වියදම් නැති වීමයි. ඊට අමතරව සංචාරකයන්ගෙනුත් සැලකිය යුතු අදායමක් ඔවුන්ට ලැබෙයි. ගමේ තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ඇඟලුම් ක්ෂේත්‍රයේද රැකියා කරයි. ඊට අමතරව නගරයේ වෙනත් රැකියා සඳහාද පිටත්ව යයි. තවද විදෙස් රැකියා වලට ගිය කාන්තාවන්ද සිටිති.

සංචාරකයෝ - Tourism 
ගමට පැමිණෙන පරිසර හිතකාමි නැති සංචාරකයින්ට ඔවුන්ගේ බලවත් විරෝධය පවතියි. එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි. ඒ සඳහා ඔවුන් වැඩපිලිවෙලක්ද යෝජනා කරයි. එනම් ඕනැම සංචාරකයෙකුට පැමිණිය හැකි උනත්. ඔවන් සඳහා වෙනම තීරු හෙවත් සංචාරක කලාප ඇති කල යතුයි. එලෙසම එන සෑම සංචාරක කණ්ඩායමකටම ගමේ නියෝජිතයෙකුගේ මගපෙන්විම අනිවර්ය යැයිද පවසයි. දැනට එලෙස සංවිධනය වූ ක්‍රමවේදයක් නැතත් නුදුරේදිම එයදියත් කරන බව නවරත්න මහතා පැවසීය.

තර්ජන - Influence  
පාසල් වලට පැමිණ තැගි බෝග දිමේ කූට උපක්‍රමයෙන් ආගම මරු කිරිමේ ක්‍රම වේදයට පසුබිම සැකසීමද සිදුවෙයි. ඊට අමතරව බරපතලම කාරණය වන්නේ, හරක් මස් නොකන මිනිසුන්ට හරක් මස් කෑම පුරුදු කිරිමයි.
ඔනෑම ගමක සිටින කසිප්පු බොන පුද්ගලයන් හට නොමිලේ හරක් මස් ගෙන දිමක් මුස්ලිම් හොර හරක් මුදලාලිලා සිදු කරයි. එයට ගිජු හා ලොල් වූ පුද්ගලයන් ගමේ සිටින හරක් හොර රහසේ එම මුදලාලිලාට විකුණයි.

ස්භාවික තර්ජනයක් ලෙස වල් අලි තර්ජනය ඇත. නමුත් තවමත් මෙය ඉතාම බරපතල තත්වයේ නැත

සංචාරක ස්ථාන - Attraction 
ගම ඉතා සුන්දරය. අවට කඳුවලල්ල ඉතා අලංකාර ලෙස දර්ශණය වෙයි. ඊට අමතරව ලකේගල හා වෙඩි ලුණු ගලද නැරබිය හැක. එමනිසා ඔබත් මි මුරේ යන්නේ නම් අවම වශයෙන් දවස් තුනක ගමනක් යා යුතුයි. සූරිය අරණ චිත්‍රපටය රූගත කල ස්ථන හා එහි සුන්දර දසුන් මැවූ ගංගාවද දැක ගත හැක. ඊට අමතරව  වල් ඌරා වලිකුකුලා දිවියා වැනි සතුන්ද සිටිති.

සංචාරයට උපදෙස්
1. නගරයෙන් බොහෝ ඈත නිසා අවශ්‍ය කැම බිම රැගෙන යන්න
2. වාහන හොඳ තත්වයක තිබේ දැයි පරික්ෂා කර බලාගන්න
3. ගමේ කවුරුන් හෝ සම්බන්ද කරගෙන ගම තුල ඇවිදින්න
4. කූඩැල්ලන් සිටින නිසා එයට පෙර සුදානමකින් යන්න
5. දුෂ්කර ගමක් ලෙස නොසිතන්න
6. ගෙන යන සියලු දැ රැගෙන එන්න
7. පරිසර හිතකාමි වන්න




සියලු ඡායා රූප ගැනිම අනුරාධ විසිනි

වැඩි දුර
වසර 17 කට පසු මීමුරේ
http://en.wikipedia.org/wiki/Meemure
http://www.dailynews.lk/2003/04/05/fea08.html

Knuckles Mountain Range- Meemure Village Camp - Camping in Knuckles Mountains -Meemure Village - Camping in Knuckles Mountains Sri Lanka 
Meemure is a village in Sri Lanka with a ‍families of about 100. It is located near the border between Kandy District and Matale District in the Knuckles 

වැප්

46 comments:

  1. මට තාම යන්න බැරිඋනා මීමුරේ.කවද හරි යනව.විස්තරය බොහොම අගෙයි.

    ReplyDelete
  2. මට නම් හැඟී ගියේ මීට වඩා දුෂ්කර වූ, සුන්දර වූ ගම්මාන ලංකාව තුල පවතින බවයි... [උදාහරණයකට අපේ ගම]

    ReplyDelete
  3. මී මුරෙත් ගියා නේද එහෙනම්.....

    ReplyDelete
  4. අවුරුද්දේ අප ගිය කාලවකවානුව අවුව ඇති කාශ්ටක කාලයක් විය හෑකියි. ඈතෑම් විට අනෙකුත් කාල වල, ගොයම් පීදී ඈති විට මීට වඩා බොහෝ සුන්දර කොල පෑහෑයක් හෑම තෑනම තිබෙනවා වෙන්නට පුලුවන් නේද?

    ReplyDelete
  5. @දිලෝ මම කිව්වේ දුෂ්කර නැහැ කියලා ... ගමේ ලස්සන ඉතින් අපි ගිය දවසෙත් හොඳට තිබ්බා කියලා පින්තූර වලින් පේනවානේ

    ReplyDelete
  6. විනාසයි..එතනටත් ගිහින් නේද වැපා... දැන් නිකං උල්කාපාතයක් කඩං වැටුන තැනක් වගේ වෙයි මීමුරෙත්...අම්මපා මුං මේ කොළඹත් කාලා ඇයි තව අර වගේ ලස්සන තැනුත් කන්න යන්නේ..විනාසේ විනාසේ...

    ReplyDelete
  7. අඩේ යන්න ඕනෙ බන් වටයක් ගහල එන්න

    ReplyDelete
  8. ෆොටෝ දැක්කාම යන්න ආස හිතුනා කෝම හරි යන්න ට්‍රයි එකක් දෙන්න ඕන

    ReplyDelete
  9. අපේ ගම් පලාතත් මේ තරම්ම ලස්සනයි නොවැ. එනවද ට්‍රිප් එකක්. අපිත් ආසයි වැද්දෝ බලන්න. හිකිස්!

    ලිපිය කොටස් කරලා ලියලා තියෙන ක්රමේ නම් මරු.. මටත් ෆලෝ කරන්න හිතුනා..

    ReplyDelete
  10. දෙවෙනි ඉන්ටවීව් එක! කදිමයි වැපා....

    ReplyDelete
  11. අපිත් ඉස්සර නෑවෙ අර වගේ පීල්ලකින්. :-D
    දුෂ්කරම කාලෙයි යන්න තිබුණෙ කියල හිතෙන්නෙ.
    ඒත් දුෂ්කර නැති එක ඒ ගමේ මිනිස්සුන්ට හොඳයි :-)

    ReplyDelete
  12. වැප්,
    මම දැන නොසිටි ඒ වගේම මට අමතක වුන ගමක විස්තර දැන ගත්තා.

    මම ඔයාව වෙස්බුක්කුවේ අමතන්නම්.


    අවසන්වරට, මම මේ කියන සංචාරක පුරවයක් කරන කතාවට එකඟ නෑ. ලංකාවේ ග්‍රාමීය සහා දුෂ්කර ප්‍රදේශ එකක් දෙකක් තියෙනවා නම් පරිසරයත් එක්කම, කොච්චර හොඳද?

    ReplyDelete
  13. මෙතන ඉන්න කවුරු හරි ලකේ ගල නැග්ගද??? අපි ගියා.ඒක නැග්ග නම් මීමුරේ ගමන ලේසියි කියල කවුරුවත් කියන්නෙ නෑ කියලයි මං හිතන්නේ

    ReplyDelete
  14. ලිපිය රසවත්ය..
    අර ඈත කි මී 10ක් ඈතින් තියෙන එක බලන්න ගියානම් හරි නෙව...පවුල් 118ක් ඉන්නව කියන්නෙ ටවර් එකක් ගහන්න පුලුවනි..ඇයි දන්නෑ ටවර් එකක් හිටවල නැත්තෙ...

    ReplyDelete
  15. මෙච්චර ලස්සනයි කියන එකේ යන්න ඕන වෙලාවක... ඔබතුමාට එන්න පුලුවන් නේද ගයිඩ් කෙනෙක් හැටියට? (ආයෙ යන්න පුලුවන් තත්වයක් තියාගෙනද ආවෙ?)

    ReplyDelete
  16. වැපා, උඹ ඔය අන්තිම පින්තූරේ නං ලස්සනට ඉන්නවා බං. කට ඇරගෙන ඉන්නෙ උඹ මොකක්හරි කියන්න හදන ගමන්ද, නැත්තං ඈනුමක් අරිනවද?

    ReplyDelete
  17. Pacha kiyannathuwa yanna aney

    ReplyDelete
  18. බොහොම ලස්සන ලිපියක් සහෝ! නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. අපිටනං මීමුරේ එච්චර ගේමක් නෙවෙයි. අපි දේවගම සංචාරය කරලා තියෙනවනේ. හික් හික්!!

    ReplyDelete
  19. ඇත්තටම බලපුවාම මීමුරේ කියන්නෙ මොන දුෂ්කර ගමක්ද? දුෂ්කර ගමකට යන්න ඕනනනම් දවසක් දාගන යමු වැප්ලගෙ ගෙදර.අන්න ගමන,අන්තිම හරියෙ ඉටිපන්දම් තුනක දුර කැලේ මැද්දෙනුත් යන්න තියනවා. :D

    හොඳ සටහනක් මචන්.යන්න ආසාවෙන් හිටියත් තාම යන්න බැරිවුන තැනක්.ගමේ අය සංවිධානය වෙලා ගමට එන ගැටලුවලින් බේරෙන්න විධික්‍රමයක් හදාගන්න යන එකනම් හොඳයි.නැත්තං ගමේ අද ඔයතියන සුන්දරත්වය තව ටික කාලෙකින් නැතිවෙලා යාවි..

    ReplyDelete
  20. @නදීශ

    මල්ලිගෙ කතාව ඇත්ත. මීමුරේ කියන්නෙ එච්චරම දුශ්කර ගමනක් නෙවෙයි.
    ඒත් ලකේගල යනවනම් ගතේ හයිය විතරක් මදි හිතේ හයියත් තියෙන්න ඔනෙමයි. මම මේ කියනදේ ගැන ලකේගල නැගපු අයනම් හොඳට දන්නව ඇති.

    ReplyDelete
  21. නියමයි ..මමත් යන්න ඕනි ලඟදිම

    ReplyDelete
  22. 1994 වසරේදී මේ ගමට ගියා.ඒ දිනවල නම් ගමට යන පාර ඉතාම අබලන් තත්වයක තිබුනේ.විදුලිය තිබුනෙත් නැහැ.සුර්ය බලයෙන් ගෙදරක දෙකක විදුලිය ලබාගෙන තිබුණා.දැන් නම් තත්වය හොඳ වෙලා වගේඅපි ලකේ ගල කන්ද මුදුනටත් ගියා.එය නම් ඉතා දුෂ්කර ගමනක්

    ReplyDelete
  23. ගමට පහසුකම් ලැබෙන එකනම් හොඳයි. ඒත් සංචාරකයන්ගේ පැමිණීමත් එක්ක සුන්දරත්වයට හානි වේද කියන එකයි ගැටළුව. හුඟ කාලෙක ඉඳලා යන්න හිත හිත ඉන්න, ඒත් තවම නොගිය ගමනක්.
    හොඳ සටහනක්. ඒ වගේම ලස්සන ඡායාරූප පෙළ.

    ReplyDelete
  24. මැක්සා බං. ඉක්මනින්නම යන්න තමා හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  25. පාරට කොන්ක්‍රීට් වැටුනට වාහන තිබ්බට ගමේ ලස්සන තාම නැති වෙලා නැති පාටයි... මම නම් මීමුරේ ගිහින් නෑ.

    ReplyDelete
  26. "එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි."

    නාන තොටුපලකවත් රිංගන්න ගියාද උඹලා...

    ReplyDelete
  27. බින්කු මල්ලි කිව්වා වගේ ගම සංචාර පුරවර කරන එකේ මටත් පොඩි අවුලක් තියෙනවා.
    නමුත් ගමේ මිනිස්සුන්ට සෙතක් වෙනවා නම්, ගමේ පරිසරය සුරක්ෂිත කරමින්, සංචාරකයන්ටත් පහසුකම් සලසන්න පුළුවනි.
    මම ඕස්ට්‍රේලියාවේ 'ගම්බද' ප්‍රදේශ වල ගිහින් තියෙනවා. පරිසරය එහෙමම රැකගෙන, ඔවුන් යටි තල පහසුකම් හදල තියෙන හැටි අපුරුයි. එත් එක්කම සංචාරකයන් ගොඩක් සංයමයෙන් යුතුව පරිසර සෞන්දර්යය භුක්ති විඳින්නේ. එකම කොළ කෑල්ලක්වත් ගඟක දොලක, මුහුදු වෙරළක, කැලෑවක මම දැක්කේ නැහැ. දිය ඇලි වල මිනිස්සු බීමතින් නටමින් කමින් බොමින් විකාර කරන්නේ නැහැ. 'සංචාරක ප්‍රදේශ' වල පිරිසිදු වැසිකිලි පහසුකම් සලසල තියෙන නිසා එන අය කැළෑ වල අරහේ මෙහෙ රිංගල අපවිත්‍ර කරන්නෙත් නැහැ.
    නමුත් අපේ රටේ තරම් ලස්සන තැන් ගොඩක් මෙහෙ ඇත්තෙත් නැහැ. එත් මොවුන් තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනේ ගන්නවා. තියෙන දේ සුරකිනවා. ඒත් අපි? ඒ ගැන ගොඩක් දුකයි.

    ReplyDelete
  28. @නදී
    ඔව් ගිහින් ඒ අත්දැකිමත් ලබාගන්න. හැබැයි හිතින් හිතාන යන ගම හමු නොවෙයි

    @චමිදේවා
    පිස්සුද අපේ ගම තමයි

    @නචියා
    ගියා මචෝ ගියා

    @මාරයාගේ හෝරාව ‍
    තව සුට්ටක් තියේ උබ එනකල්

    @Hasitha
    යනවා නම් දවස් තුනක් පුතේ

    @ශානු
    ට්‍රයි එකක් දිලා දවස් තුනක් දාගෙන යන්න

    @ෆා
    නැහැ බොල අපේ පැත්ත තමයි ලස්සන. හොඳා හොඳා කඩලා ලියූ

    @අනුරාධ
    ඔව් තුන් වෙනි එකටත් යමුස්

    @මගේ ජීවිතය
    ඔව් ඒමිනිස්සු හැමදාම කරදර විඳින්න ඕනායෑ


    @~බිன்ku~
    ඒක අසාධාරණ කතාවක්නේ බින්කු ...අපේ ගමුත් එහෙම තිබුණා නම් ඔයා කැමතිද?

    @Nadeesha Dilum Dissanayaka
    අපිට යන්න බැරි උනා ‍ඒකට වෙනම දවසක් යනවා කියලා නවරත්න මහතා පැවසුවා

    @indi
    ඒ මිනිස්සුන්ට ටැලිෆොන් ඕනේ නැයෝ යාලුවන්ට කතා කරන්න ..ඒ ඔක්කොම ඉන්නේ ඒ ගමේ හින්දා කියලා ටවර් කාරයින්ට කියන්න ඇති

    @සුමින්ද
    එනවා අනිවා අපේ ගමේ ටුවර් එකට

    @Pravin Indranama
    ඔව් බන් ඇනුමක් ඇරියා


    @blog gadol
    හික්හික් කියලා වැඩක් නැහැ ඒගැන නම්

    @තීර්ථ යාත්‍රිකයා
    තාමත් ඒක යෝජිත එකක් විතරයි මචෝ

    @කනී
    සහතික ඇත්ත කණී

    @රාජිත අනුරාධ***රජී-සන්නස....
    යන්න යන්න ගිහින් බලන්න

    @නලිනි චන්දිමා
    ගිහින් බලන්න මේ වෙනස තියෙදකියලා

    @prasanna86k
    ඉක්මින්න පලයන් කාපට් කරන්න කලින්

    @පූසා
    ඔව් ගමේ ලස්සන එහෙමමයි මොකද ඒ ඉඩං පිටගං කාරයන්ට තාම විකුණලා නැති හින්දා

    @Beetle
    එහෙම එව්වා මොටද බන් ... ගෙදර බාත්රූම් තියෙද්දි :DDD

    @අමා
    ඔවුන්ගේ සංවර්ධනය පිළිබද අපිට කතා කරන්න බැහැනේද? ඒක ඔවුන්ගේ අයිතියක්.. අපි කියනවා නම් උබලා ගමේ විදිහට හිටු කියලා... එහෙනම් අපිටත් ඉන්න තිබුනා .... ඔයා කිව්වා වගේ සියල්ල රැකගනිමින් පහසුකම් වැඩි කරනවා නම් හොදයි. ඒකට ගමේ සංවිදානයක් තිබිම අනිවර්යයි කියා මාත් සිතනවා

    ReplyDelete
  29. මී මුරේ ගම ගැන මුලින්ම ඇහුවේ සූරිය අරණ ‍ෆිල්ම් එක ගැන පත්තරේක ගිය විස්තරේකින්.ඒකෙත් තිබුනේ අති දුශ්කර ගම්මානයක් කියලා.ගොඩක් අයට මේ වගේ ලස්සන තැන් බලන්න යන්න උවමනාව තිබුනට යන්න එපාවෙන්නේ ඔය මාර්ග අබලන් වීමත් සෙසු යටිතල පහසුකම් වල පවතින අඩුපාඩුත් නිසා නේ.

    දැන් හැබැයි පාරවල් එහෙම හොදට හදලා තියෙන නිසා වෙලාවක් හම්බුනාම යන්න ඕනේ.ගම ගැන විස්තර කියපු වැපාට ස්තූතියි

    ReplyDelete
  30. හොඳ ලිපියක්. මන්දාරම් නුවර තියෙන්නෙත් මේ කිට්‍ටුවද?
    එහෙත් ලස්සනයි කියල අහල තියෙනවා

    ReplyDelete
  31. මෙච්චර දුර යන්නෙ මොකටද ? කොළඔ දිස්ත්‍රික්කෙ වෑවිල කියල ගමක් තියෙනවා හරියට බස් එකක් වත් නැහැ ලයිට් ආවෙත් මේ ලගකදි.. සිග්නල් කියන ඒවත් යනවා එනවා.... ගමටම කඩ දෙකක් තියෙනවා. වටේටම කැලෑව කිතුල් රා එහෙම පැත්ත පලාතකවත් නෑ.

    ReplyDelete
  32. අමාගෙ සටහන එක්ක එකඟයි. මේ සුන්දර තැන්වල ගිහින් ඉන්නට අපහසු වෙන්නෙ, ගමේ මිනිස්සුන්ට සංචාරකයන් වසංගතයක් වෙන්නෙ, හේතු කීපයක් නිසා. ප්‍රධානම එකක් මත්පැන්. ඔය තැන්වලට ගිහින් බේබද්දන් බොන්න සෙට් වුණහම, ඒ ගම්වල තියෙන ලස්සන, ආරක්ෂාව හැම දෙයක්ම නැති වෙලා යනවා. නමුත් සංචාරකයන් සඳහා වැසිකිළි, ආහාර ගත හැකි ස්ථාන, නැවතීමට උචිත ස්ථාන, පරිසර හානිය අවම කර සෑදිය හැකිනම් හොඳයි. ඒ දේවල් රාජ්‍ය අංශයෙන් කෙරෙනවනම් වඩාත් හොඳයි.

    ReplyDelete
  33. මීමුරේ දුෂ්කරම ගම්මානය විදියට ලැබුණු ප්‍රසිද්ධිය හින්දම බොහෝ දෙනෙක් එහෙ යන්න පෙළඹුනා. ඒ නිසාම මීමුරෙ දැන් බොහොම වේගයෙන් වෙනස් වෙනවා.
    මම කියන්නෙ අපිට බලන්න ඕනෙ හින්දම ඒ ගම්මාන ඒ විදියට දියුණු නොවී තියෙන්න ඕනෙ කියන එක නෙමේ.
    ඒත් ඔය කියන දියුණුව ගැන පොඩ්ඩක් හිතල බලන්න වෙනවාග

    ReplyDelete
  34. ලස්සන ගමක් වගේම සම්පූර්ණ නියම ලිපියක් වැපෝ .. ඒ ගමේ ලස්සන නියමෙට කැමරාවට අරගෙන වගේම අකුරුවලටත් හරවලා තියන හැටි උපරිමයි ..

    කවුද ෆොටෝ ගැහැවුවේ ..වැපා අයියමද ? එලට ෆොටෝ කිච කරලා තියනවා ..

    ReplyDelete
  35. @~ Explorer ~
    ඉඩ තියන වෙලාවක ගිහින් ඒ අත්දැකිමත් ගන්න

    @Geethika Dilruk (ගීතික දිල්රුක්)
    ඒ ඕනේ නැහැ ගිතික මලේ අපේ ගෙවල් පැත්තත් ඔයි වගේ තමයි කඳු ටිකක් හිටවලා ගත්තා නම්

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක]
    දියුණුව ඒ ගැමියන්ගේ අයිතියක් ..එහෙම වෙනස් නොවි ඉන්න හිතුවා නම් කොළඔත් තම ඒ වගේ වෙයි නේද ... අපිට බලන්න ඕනවට ඒ ගමට පහසුකම් වැඩි වෙන්නේ නැති එක අපරාධයක් ..හොඳම දේ පහසුකම් වැඩි කරමින් .... ගමේ සුන්දරත්වය එලෙසම තබාගැනිමට වැඩපිළිවෙලක් යෙදිම කියලා මම හිතනවා

    @හිස් අහස
    ස්තුතියි ස්තුතයි
    ඡායා රූප සියල්ල මගේ නිල ඡායාරූප ශිල්පියා වන අනුරාධ නානායක්කාරගෙනි :DDD

    ReplyDelete
  36. මං මීමුරේ ගැන දැනගත්තෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ ගිය වාර්තා වැඩසටහනකින්. ඒත් දැන් ඒකාලෙට වැඩිය ගොඩක් වෙනස් වගෙයි.
    ගම දියුණු උනාට කමක් නැහැ. නමුත් ගමේ ඉන්න මිනිස්සු තමන්ගෙ මුල අමතක කළොත් ගමත් විනාශ වෙලා මිනිස්සුත් විනාස වෙනව.

    ReplyDelete
  37. මිමුරේ කිතුල් හකුරු කන්න යන්න හිටියත් හැමෝම අපෝ එහේ දුස්කරයි කියලා මාව එක්කගෙන ගියේ නෑ. මොනවා කරන්නද දැන් ඉතින් උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ....
    මේ වගේ තැන් තවදුරටත් තියේවි කියලා හිතෙනවා

    ReplyDelete
  38. ඔන්න මචං උඹෙන් මැක්සම පෝස්ට් එකක්. කිවුවනං අපිත් එනවනෙ යන්න :D

    ReplyDelete
  39. I went there in 1995.Only 4 WD jeep could go at that time.People were not happy because no facilities for life.They were requesting to relocate the village in a developed area.
    But village was very beautifull,calm,quiet ideal for meditation.
    It looks like there had been lots of change since then.But still this place has natural beauty

    ReplyDelete
  40. අනිවා වැප්ස්! අපේ අය තැනකට ගියොත් ආයේ වණ කරලනෙ එන්නේ. ඕවගේ ලස්සන තැන් දානවට වඩා හොදයි නිකං ඉන්න එක. එතකොට ඒව ලස්සනට තව කාලයක් හොදට තියෙයි කව්රු හරි අපතයෙක් විනාස කරන්න කලින්. ලස්සන දිය ඇලි තියෙනවා කාට ලං ලෙසියෙන් ලං වෙන්න බැරි තැන්වල ලංකාවේ

    ReplyDelete
  41. වැප්ස්, මම ඔය පෝස්ට් එක කලින් බැලුවත් කමෙන්ට් එකක් ලිව්වෙ නැත්තෙ දුශ්කර ගම්මානයක මගෙ අත් දැකීමත් මගෙ Hey Dude එකේ දානකන්. දැන් ගිහින් බලන්නකො මගෙ තක්කාලි කතාව.

    ReplyDelete
  42. මටත් එහෙට යන්න ලැබුනේ අර කරුම චිත්තරපටිය ගැහුවට පස්සේ තමයි
    ඒ මගුල ගහන්න කලින් වතාවක් නකල්ස් හරහා මිමුරේට යන්න ගිහින් අතරමන් වෙලා අපේ ගමන් අඩාල වුනා
    ඉස්සර මීමුරේ යන්නේ ඇත්තටම පරිසරේට ආදරයක් ඇති මිනිස්සු විතරයි, එයාලගෙන් ගමට, පරිසරයට, සමාජයට හානියක් වෙන්නේ නැති තරම්
    ඒත් දැන් අර ෆිල්ම් එකෙන් පස්සේ ආතල් එකට ට්‍රිප් යන මිනිස්සු පවා අර අතරමග තියෙන ලස්සන දිය පාරට ඇවිත් නාල, කාල, බෝතල් එහෙම හිස් කරලා අර පරිසරය වගේම ඒ මිනිස්සුන්ගේ හිතුත් දුෂණය කරලා යන්න යනවා
    අපි යන දවස් වල ඔය පාරට කොන්ක්‍රීට් දානවා, ඉතින් අපි අලුත් කොන්ක්‍රීට් ඒක උඩින් අපේ වාහනේ ගෙනිච්චේ නැහැ. අපි බඩුත් උස්සගෙන පයින් ගියේ.
    ඒත් එක දවසක ආතල් එකක් ගන්න සැප ජීප් දෙකකින් අපු සෙට් එකක් අර අලුත් කොන්ක්‍රීට් එක උඩිනුත් ගිහින් අර පාලම ගාව ඇලේ බැහැල බිබී කෑ ගහනවා පිස්සු නටනවා
    ඉතින් ඒ අහිංසක මිනිස්සු ඒ වගේ උදවියත් එක්ක හැප්පෙන්න යන්නේ නැහැ

    ReplyDelete
  43. අවුරුදු කීපයකට කලින් මටත් මීමුරේට යන්න අවස්ථාව ලැබුනා. මුදුනටම නැතත් අවසන් මීටර 200 දක්වා ලකේගලත් නැග්ගා. හැබැයි එතකොටත් එක වෑන් එකක් මීමුරේට තිබුනා. මැගී නූඩ්ල්ස්, ඇන්කර් පිටිකිරි ආදියත් ස්වයංපෝෂිතව පැවති ගමෙහි වෙලදසැලට එකතුවෙමින් තිබුණා.

    ReplyDelete
  44. වරක් ගොස් ඇත්තෙමි. නැවත දිනෙක් යන්නටද සිතමි. ඒ තරම් ඒ ගම්මාන සිතු ගන්නා සුළුය. මේ ගම්මාන ගැන ලියන සටහන් වටිනවා දිනෙක මොකද මේවා විනාශ වෙන නිසා ඉක්මනින්ම.

    ReplyDelete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. යාලුවේ මමත් මගේ යාලුවෝ කට්ටියත් එක්ක මීමුරේ යන්න හිතාගෙන ඉන්නවා මේ මාසේ 25,26,27,28 කියන දවස් වල.ඉතින් මම කැමති ඔයාලගෙන් විස්තර දැනගන්න.ඔයාල කාගේ හරී email එකක් හරී ෆොන් නම්බරයක් හරි දෙනවනම් මට කරන ලොකු උදවූවක් මේ ගමන ගැන විස්තර අහගන්න.මට අමතක උනා මේ මගේ email
    akila119@live.com

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....