Sunday, September 25, 2011

මැරුණොත් මොකද වෙන්නේ

මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක පැමිණෙයිද කියලා කියන්න බැහැ. ඒ හන්දා පුලුපුලුවන් විදිහට පින් දහම් කරගන්න ඕනේ. පින් පොත ටිකක් පැත්තකින් තියලා, අද පොඩ්ඩක් ලියන්න හදන්නේ අපේ ජිමෙයිල් ෆේස්බුක් වගේ ගිණුම් වලට මොකද වෙන්නේ කියලා. මට මතක විදිහට මේ ගැන කවුරු හරි හොඳ ලිපියක් ලියලා තිබ්බා. ඒක හොයාගන්න නම් බැරි උනා. කාට හරි හම්බුනොත් කියන්න.

දැන් බ්ලොග් එකේ ලිපි නොලියවෙන්න මූලික හේතුව තමයි බස්රේඩියෝව ඒකේ බ්‍රහ්ස්පතින්දා රාත්‍රී 8.30 ට කරනා කතාBuzZ වැඩසටහනත් එක්ක සතිය ගෙවෙනවා දැනෙන්නෙවත් නැහැ. ඒ වැඩ සටහන හින්දා ඒ අදලා පුද්ගලයාගේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න වෙනවා. [ ඊට අමතරව ඕපදූප හොයන්න වෙනවා ඔහු හෝ ඇය ගැන. ඕපදූප හොයන වැඩේ නම් ඉතින් මම ආසම වැඩක්. ඒ හන්දා ඒ රාජකාරිය කරන්නේ බොහොම සතුටින්.]. මේ වැඩසටහනත් එක්ක කට්ට කන තව දෙන්නෙක් ඉන්නවා ඒ තමයි බීටල් හා දුලන්. ඔවුන් දෙන්නවත් බස්රේඩියෝව අහන ඔබ සැමත්, රේඩියෝව කරන අනික් පුද්ගලයනුත් මේ කට්ටම කනවා කියලා මතක් කරන්න කැමතියි :DDDD [ බස්රේඩියෝව පිටින් කම්මැලි කම යවන ලදී :DDD ]

නැවතත් මරණයට ........

ජිමෙයිල් / ෆෙස් බුක් හා අනිකුත් ගිණුම් වලට මොකද වෙන්නේ කියන එක මේ ලින්කුවෙන් ගිහින් බලාගන්න http://www.makeuseof.com/tag/what-happens-to-your-email-and-social-networking-sites-when-you-die/

උඩ තියන ලින්කුව ඒ ගිණුම් ගැන කතා කලත්. මගේ වෙබ් සයිට් වලට මොකද වෙන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්ණය. මීට ටික කාලයක කලින් මාත් ආසාවට ගත්තා www.wapnishantha.lk  කියන .lk ගිණුමක්, අදහස උනේ බ්ලොග් එකත් මේ නමට මාරු කරලා මගේ  මූලික විස්තර ටික දාලා වැඩේ කරන්න. ඒත් පස්සේ කල්පනා උනා. මම මැරුණට පස්සේ කවුද .lk එකට අවුරුද්දට රුපියල් 3360 ක් ගෙවන්නේ, ඒ විතරයෑ ඉඩ හෙවත් හොස්ටින් එකට සල්ලි ගෙවන්නේ කවුද? ඔය ප්‍රශ්න වලට මට පිළිතුරු නැහැ. කොහොමත් මගේ ගෙදර උදවියට මේ අන්තර්ජාලය පිළිබඳව හෝ ‍මේ වැඩකටයුතු පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒ තියා අපේ ගෙදර කවුරුත් දන්නේ නැහැ මම බ්ලොග් ලියනවා කියලවත්. ඉතින් ගෙදර අයට මේවායේ ලොගින් දිලා තිබ්බට වැඩක් නැහැ. අනික මම නැති දවසක එයාලට මොකටද මේවා.

ඉතින් ඔය විදිහට කල්පනා කරලා මගේ නමින් ගත්ත .lk ගිනූමේ වැඩේ එතනම නතර කලා. ඒක එහෙම්ම නැති වෙලා යයි. හැබැයි ගුගල් වල හෙවත් බ්ලොග්ස්පොට් වල දාලා තියන මගේ බ්ලොග් එක නම් ගුගල් තියන කම් පවතියි. ඒ හන්දා ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ හන්දා ඔය ඩොමෙයින් නේම් අරන් බ්ලොග් කරන කට්ටිය දැන් තියා කාව හරි ලෙහෙස්ති කරගන්න සල්ලි ගෙවන්න කවුරු හරි :DDD. ඒ මගේ පුද්ගලික බ්ලොග් අඩවියනේ.  එතනින් එහාට ගියාම, මම වැඩ කරන පොදු වේබ් අඩවිල වල ලොගින් සහ සියලුම ගිනූම් තොරතුරු ඒකේ ඉන්න අයත් එක්ක බෙදාගෙන තියෙන්නේ. ඒ හන්දා මං නැතුව උනොත් ඉන්න කෙනෙක්ට ඒ වැඩ ටික කරන් යන්න පුලුවන්.


ඔන්න ඉතින් මේ මාසේට එක ලිපියක් දැම්මා. නැත්නම් ඉතින් මේ මාසේ ලිපියක් නැතුව යනවා.

වැප්

35 comments:

  1. ප්‍ර: මෙහෙම අද බ්ලොග් ලිව්වට හෙට වුණත් ඔයා මැරෙන්න පුළුවන් නේ නේද වැප්?

    පි: ඔව්!

    ReplyDelete
  2. අද අද එයි මරු පින් කර ගන්නේ.. කෙලෙසද හෙට මරු නේති සිතන්නේ...

    ReplyDelete
  3. පෝස්ට් එකක් ලියා යාන්තමට ගැලවිජ්ජාව......

    ReplyDelete
  4. ප්‍ර. ඔබ බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා නේද 'මැරුණොත් මොකද වෙන්නේ' කියලා? ඒක ලියන්න හේතුව පැහැදිලි කලොත් ?

    ReplyDelete
  5. මියගියේ ඔබ නොව අපය..
    මම ආසම තේම් එකක්..

    ReplyDelete
  6. තමන් මැරෙනකොට තියන වත්කම් ප්‍රමාණය අනුව නිත්‍යානුකූල අන්තිම කැමැත්තකින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් ...මම මගුලක් කථාකරනවනේ

    කොහොම උනත් මේ ලෝකේ හැමදේම අනිත්‍යයි, කව්ද දන්නේ වැප්ට කලින් ගූගල් එකට කෙලව්යිද කියල

    ReplyDelete
  7. උඹ මැරුනොත් ද? අම්මට සිරි අපි ගන්නවා පට්ටම ආතල් එකක්..... වාහනේකින් ගිහින් පයිනුත් ගිහින් වෙලෙනුත් යන්නම යයි කට්ටියට බර බෝතල් ගානක්.....

    ReplyDelete
  8. ඕපදූප හොයන වැඩේ නම් ඉතින් මම ආසම වැඩක්. ඒ හන්දා ඒ රාජකාරිය කරන්නේ බොහොම සතුටින්.]

    //ඊ...ඕපදූප හොයන්න ගොඩක් කැමති ගෑණු අයනේ :පි

    ReplyDelete
  9. හෙට මැරුණත් හිතට සැපය් අද ජොලි කරලා....//

    ReplyDelete
  10. අඩේ මමත් වෙලාවකට කල්පනා කරන සීන් එකක් තමයි ඕක . . . . මම මලොත් මගෙ බුකියට මොනව වෙයිද . . . ???? මගෙ බ්ලොගට මොනව වෙයිද . . . ??? මගෙ සී.ඩී. ටිකට මොනව වෙයිද . . . ??? මගෙ සිම් එක කවුරුහරි පාවිච්චි කරයිද ????

    ReplyDelete
  11. කවුද බං උඹව මරන්න ඉන්නෙ...???

    ReplyDelete
  12. ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී !!

    ReplyDelete
  13. බණ්ඩක්කා වගේ ලිස්සනවා..... :P

    ReplyDelete
  14. වෙන්නේ අනිත් පැත්ත උනත් මරනං අනියතං...
    ජිවිතං නියත කියලා ඉන්න ටිකේ ඉන්න එක තමා හොද...

    ඕවා ගැන හිතලා ඉන්න දවසක් වුනත් නැති කරගන්නේ මොකටද??

    අනිත් එක ඉතින් යන තැනකට ගෙනියන්නේ මොනවද?

    ReplyDelete
  15. “මරණයේ වේදනාව මියයන්නාට නොව ජීවත්වෙන්නාටය“ කියලා කතාවක් තියෙන හින්දා උඔටනං ඒකේ අවුලක් වෙන්නැ. උනොත් අපිට මිසක්.

    උදාහරණයක් විදිහට උඔ මැරුනොත් මට හදිස්සියට එච්ටීඑම්එල් ඩිංගක්, බ්ලොග් එක සින්ඩිකේට් වෙන්නැති උනාම ඒකට විසඳුමක් අහගන්න “පොරක්“ නැති වෙනවා. නොමිලේ තාක්ෂණික උපදෙසක් ගන්ඩ එකෙක් නැති වෙනවා. එදා එයාපෝට් එකෙන් උඔත් එක්ක චැට් කරද්දි “යකෝ ඔය එක එක තැන් වලින් ලොග් වෙන්ඩ එපා තොගෙ එකවුන්ට් එකට මොකෙක් හරි කෙලියි“ කියලා උඔ දුන්නු උපදේසෙ මම අදටත් පිළිපදිනවා. :D

    උඔ මැරුනොත් මට නැති වෙන්නෙ එච්චරයි කියලා හිතුවට මම නිකමට මේ කමෙන්ට් එක දාන්න කලින් ගියා, මාරයගෙන් කොහොමහරි බේරගන්න අපි ඔක්කොමලා උත්සහ කරපු ඒත් අපෙන් වෙන්වෙච්ච සහෝදරයෙක්ගෙ බ්ලොග් එකටයි, ෆේස්බුක් එකවුන්ට් එකටයි.

    එතකොට නම් ඔය කිව්වට වඩා ලොකු වේදනාවක් දැනුනා බං. ඒක මට විතරක් නෙමෙයි තව ගොඩ දෙනෙකුට දැනිලා කියලා තාමත් කමෙන්ට් වැටෙන ඒ බ්ලොග් එකට ගියොත් බලා ගත්තැකි.

    ReplyDelete
  16. උඹ එදා මට දීපු උපදෙස් ටික තමා මේ....

    ඒත බං මං හෙව්වේ ෆ්‍රී එක්කනේ... ඒක නිසා මේකෙන් භාගයයි මට අදාල.

    ReplyDelete
  17. මාරයාගේ හෝරාව තුල මගේ මරණය පැමිණෙන තෙක් අපි බලාසිටින්නෙමු...:-D

    ReplyDelete
  18. බොලේ මේක මාර වැඩක්නේ..... මරණේ කතා කළොත් වැපා ගැන වැපා කතා කළොත් මරණේ ගැන :D

    ReplyDelete
  19. සේකර නම් කිවුවෙ
    “මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි“
    වැප් කියන්නේ
    “මා මළ පසු මගෙ බ්ලොගයට සල්ලි ටිකක් දමනු මැනවි“ කියලද

    ගැලවිජ්ජාවට දැම්මා වගේ පෙනුනත් හරිම වැදගත් ලිපියක්.

    ReplyDelete
  20. ජිවිතනං අනියතං මචං....
    ලිවේ ජෝලියට්යි මචං....
    ඉන්නකන් ජොලියෙන් ඉදිමු මචං...
    ඉතුරු පදේ උබම දාපං මචං....

    ReplyDelete
  21. "ඊට අමතරව ඕපදූප හොයන්න වෙනවා ඔහු හෝ ඇය ගැන. ඕපදූප හොයන වැඩේ නම් ඉතින් මම ආසම වැඩක්. ඒ හන්දා ඒ රාජකාරිය කරන්නේ බොහොම සතුටින්."

    හික්ස්.....

    ReplyDelete
  22. වැපා උඹ මලොත් නම් අපි සෙට් වෙලා හෙනම හෙන ආතල් එකක් ගන්නවා

    මන් මැරුනොත්, මගේ බ්ලොග් මේල් ෆේස් බුක් ටුවිටර් වලට නම් මොනා උනත් කමක් නැහැ මට දුක මන් ගාව තියෙන බෝතල් සහ කොට වලට කවුද වග කියන්නේ කියන එක :-D

    ReplyDelete
  23. @ ඕන්නයා........... වයිෆ්ටයි දුවටයි මක්කයි වෙන්නේ කියලා මතක් වුනේ නැද්ද?

    ReplyDelete
  24. මේ වැපාට තියෙන්නෙ පුදුමාකාර ප්‍රශ්ණ නොවැ. මිනිහෝ අනිත් එවුන් ගැන බස් රේඩියෝ එකේ හරි මොකේ හරි ඕප දූප ඇහුවට කමක් නෑ. තම්න්ගෙ බ්ලොග් එක පාලුවට යන්න දෙන්න එපා. මේකෙ අපි ආසාවෙන් කියවපු පෝස්ට් තිබ්බා.
    henryblogwalker aka Dude

    ReplyDelete
  25. වැපා බ්ලොග් ලියන්නෙ මාසික වැටුපකට වගේ :)
    පඩි දවසට නේද ලියන්නෙ :)

    ReplyDelete
  26. ඔව්ව කියන්න බැහැ , අර බුවා කිව්වා වගේ ගුගල් එකට කෙල උනොත් මක්කද කොරන්නේ

    ReplyDelete
  27. පට්ට සංවේදී... මගේ ඇහැට කඳුලකුත් ඉනුවා :D

    උඹ ඕවා ගැන වැඩිය හිතන්න එපා... එහෙනම් බ්ලොගර් අයිතිකාරයාට කොච්චර අස්පට් ඇද්ද... ඌ මැරුණම මේ බ්ලොග් සේරම වලපල්ලට යාවිනේ...

    ReplyDelete
  28. අනේ මන්දා..කතාව නම් හැබැයි..ඒත් ඉතින් :'(

    ReplyDelete
  29. මචං උඹට ගොඩාක් පින්...

    මං මේ දවස්වල අළුත් ව්‍යාපාර පිළිබඳව හිත හිත හිටියේ..මේක දැක්ක ගමන් මට අළුත් අයිඩියාවක් ආවා... මං දැන්මම වැඩේ පටන් ගන්නවා.. මෙතන ඇඩ් එකක් දැම්මට කමක් නැහැ නේද මචෝ..?

    මාර පුත්‍ර සයිබර් රක්ෂණ (පුද්ගලික) සමාගම...

    සහෘද සයිබර් වැසියනි.. ඔබගේ හෝ ඔබේ ඥාති හිත මිත්‍රාදීන්ගේ හෝ වේවා.. ලොකු හෝ කුඩා පරිමාණයේ වේවා... අන්තර් ගතය කුමක් වූවත් දැනට පවත්වාගෙන යන බ්ලොග් අඩවි..වෙබ් අඩවි ආදීය සදාකල් සුරක්ෂිත කරවාගන්න ඔබත් කැමතිද..?

    මෙන්න එහෙමනම් එයට මහඟු අවස්ථාවක්..අදම අමතන්න මාර පුත්‍ර සහ සමාගමට...

    විශ්වාසවන්ත.. සදාකාලික සේවය... වාර්ෂිකව වැය වන්නේ සුළු මුදලක් පමණි. උවමනානම් මාසිකව වූවද ගෙවීම කල හැක. ඔබ කුමන සේවා ජාලයක් හරහා සේවය ලබා ගත්තද.. ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවිය ඔබ නැතිදාටත් අප සුරකිමු. අදම පැමිණෙන්න...

    අද ඔබගේ වියදම..හෙට දින ඔබේ ආරක්ෂාවයි...
    සදා සයිබර් දිවියක් වේවා..!

    ReplyDelete
  30. මාර ඉන්සුවරන්ස් එක රංග ලියපු ඉන්සුවරන්ස් එකටත් එහා වේවි , යටට ඇඳපුවා විතරක් නෙවෙයි ,ඊටත් එහා ඒවත් අහන්න ඉඩ තියෙයි

    ReplyDelete
  31. හරි හරි....

    එතකොට ඒකයි එහෙනම් ඒ නේ?

    අනේ බොල..

    .lk සයිට් එකට ගෙවන එක ගැන දුක් නොවී හිටු තව ටික කාලයක්...

    ReplyDelete
  32. @කතන්දර Kathandara
    ලකුණු සියයි ....

    @විසිතුරු | visituru
    කියලා වැඩක් නැහැ ඒ ගැන නම් මල්ලි

    @හා පැටික්කි (MS)
    ගැලවිජ්ජාව උනත් කියපු දේ කොච්චර ගැබුරුද? බොරුනම් බැහැලා බලන්න

    @charmi
    හේතුව තමයි. එක දිගට මරණ කිහිපයක් අහන්න ලැබුනා. ලිපිය ලිව්වට පහුවෙනිදා බ්ලොග් ලියපු කෙනෙක්ගේ හදිසි වියෝවිමක් දැනගන්න ලබුනා. ඒවා ඔක්කොම බලපුවාම ... මම මගේ කියලා අල්ලන් ඉන්න මේ බ්ලොග් එකට මම .lk නමක් ගත්තාම ඒකට සල්ලි ගෙවන්න මම මගේ කියලා කෙනෙක් නැතුව යනවා මං මැරුණාම. ඒ හන්දා අනිත්‍ය ලොව තුල ගුගල් තියන කල්වත් නිත්‍ය වෙන්න ඕනා හින්දා ඒ ... ආපු අදහස මෙහෙම ලිපියකට එකතු කලා ...

    @මාතලන්
    ඒකනේ ඕක ඉතින් පරපුරෙන් පරපුරට යන වක්‍යක්

    @buwa
    ඒවා කියන්න බැහැ සෙට්ටා පොච්චියා කොයි වෙලාවේ එයිද මන්දා

    @අභීත
    අනේ බන් ඔය කිව්වාට ... // හිටපු හොඳම එකා මලා ඒ පවුලේ..ඔකා නැතුව ඔය මළගෙදරට ගියාට වැඩක් නැහැ\\ කියලා උබ නැවිත් ඉඳියි

    @නදී
    ගැණු තමයි ඉතින් ගැණුන්ට අපහාස කරන්නේ :DDD

    @Observer
    අන්න ඔබා මාමා නියම කතාව

    @ඕනයා
    ඔව් බන් ඔය ටික හිතෙන්නේ නැති උනුත් ඉන්නවානේ ..වැඩිය ඕනේ නැහැ මේ අවකාසයේම ඉන්නවා මැරෙන්නේ නැති උන් :DDD

    @සුමින්ද
    මගේ මරණය .... එනවා මාරයාගේ හෝරාවේදි :DDD

    @හිස් අහස
    හා අයියේ අපි එහෙම ඉමු:DDD

    @හසී
    මරණය එන්නේ ලිස්සන වේගෙටත් වැඩි වේගයෙන්

    @දේවා ගේ අඩවිය
    යන තැනකට ඉතින් මේ බ්ලොග් එක උස්සන් යන්න යෑ.. ඒ හන්ද වහා වහා පින් කරන්න ඕනේ


    @බුද්ධි
    හිම් හිතන්න ඕනා තැන් බන්

    @Prasanna
    ඔව් බන් කවුරු හරි මගෙන් ඇහැව්වොත් මම ඔයි ටික ඒ අහපු එකාට කියනවා

    @Pasan
    ඔක්කොම එක බොට්ටුවේ තමයි :DDD

    @පූසා
    එහෙම තමයි බොල අපිට හිතෙන එව්වා තමයි මේ අවකාශයේ වෙන්නේ

    @රූ....
    හා මම වැරදිද? ඇත්තටම මට මේක හිතුනා බන් ...මං මලොත් අයියෝ මගේ බ්ලොග් එක :DDD

    @රතු මුහුද
    මං මැරිච්ච දවසක උබම ඉතුරු පදේ පුරවලා බුකියේ මැසේජ් එකක් දාපන් :DDD

    @නචියා
    හැමෝම අසා දෙයක්නේ බන් ඔය

    @ම
    ඒක තමයි බන් එක එකාට එක එක ප්‍රශ්න මැරුණාට පස්සේ .. දෙයියාට කියලා බැරිද දන්නේ නැහැ විනාඩි පහකට පණ ගන්න ..වෙන්නේ මොකද කියලා බලාගන්න

    @RanDil
    ඕනාය උබ උත්තර දියන්

    @තිස්ස දොඩන්ගොඩ
    ම්හ් තාම නැහැ බාලගිරි දෝසද මන්දා

    @Dude
    ඔව් බන් මට තියන ප්‍රශ්න ..හික්හික් ලියමු ලියමු මොනවා හරිලියමු එහෙනම්

    @Chanaka Aruna Munasinghe
    ඔව් බන් මැරනෝත් මාසික පඩිත් නැහැ ලිපිත් නැහැ

    @ChammA
    ඒකට කෙල උනොත් සොෆට්වෙයිර් ඉන්ජිනෝරුවෝ සියදිවි නසාගන්නවා

    @Beetle
    හා හා එහෙනම් එහෙම හිතලා මම සතුටු වෙන්නම්

    @පබලු
    ඒකනේ අපි කීයු දෙයක් වැරදිලා නැත

    @මාරයාගේ හෝරාව
    මේක නුදුරේදිම ඇති වෙන ව්‍යපාරයක් මාරයා ..සහතිකයි ඒකනත්යි..දැනටමත් පටන් අරන්

    @buwa
    හික් ඇයි බන් ඇනෝ ලියපු ලිපි හා දාපු කමෙන්ට් :DD ඒවත් අහයි

    @තනෝජා රාජපක්‍ෂ
    එදා වෙනකල් ජිවිත් වෙලා හිටියොත් හරි ..නැත්නම් ඉතින් .lk එපා :DDD

    ReplyDelete
  33. යකඩෝ.. මේක දුට්ටෙ නෑනෙ හම ගසන්න.. අන්න උභ කොප්පක් ගැහැව්වා... ඉහි ඉහි....
    කොපි පූසා... චිප්!

    මගෙ 'මා මළ පසු' සීන් එක උභ බස් රෙඩියෝවෙ ඉන්ටවු එකෙන් අල්ලගෙන, කොප්පක් ගැහැව්වා.. ඉහි ...හික්ස්...

    මැරුනොත් මොනා වෙන්නද අප්පා.. මැරෙනව මිසක්ක..ලොල්

    ReplyDelete
  34. මැරුනට පස්සෙ උඹව පෙට්ටියක දාල [හරි හමං විදියට මැරුනොත්] වල දායි. ඊට පස්සෙ ඉතිං වල් ඇතුලෙදි කුණුවෙලා කාලයක් ගිහිල්ල දිරල යයි. එච්චරයි. අතිත් අයගෙ ජීවිත උඹ නෑ කියල කිසිම වෙනසක් නොවී ගෙවිල යයි. කොටින්ම උඹයි මමයි මැරුණා කියල කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ බං. [එහෙම හිතෙනකොට මටනම් දුකයි. මොකද මං මෑතක් වෙනකන්ම හිතාන උන්නෙ මං නැත්නං කොරල හමාරයි කියල.හික් !]

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....