Saturday, October 22, 2011

බ්ලොග් අවකාශයෙන් ආණ්ඩු බලය අල්ලන වැඩ පිළිවෙළ

මේක රහස් ලියවිල්ලක්. මේක කියවන්න පුලුවන් වෙන්නේ සිංහල බ්ලොග් ලියන අයට  විතරයි. මේ මුලු ලිපිය පුරාවට තියෙන්නේ කොහොමද රටේ ආණ්ඩු බලය අල්ලන්නේ කියලා. මේ සංදේශය අද මේ බ්ලොග් එකෙන් පටන් අරන් බොහොමයක් බ්ලොග් හරහා අපේ සදා ආදරණිය  නායකයාගේ බ්ලොග් අඩවිය වෙත, කමෙන්ට් හරහා අරන් යාවී.

පටන් ගැන්ම
පළමු කොටම සාදූ හඬින් ගූගල් දෙවි වැඳ ගන්නේ
ජිමෙයිලක් අටවා ගෙන රහස් පදෙන් ලොග් වෙන්නේ
බුකිය කරා ඇඳි ගොසින් එහි ගිනුමක එල්ලෙන්නේ
දුටුවා නේද එක මෙයිලෙන් වැඩ දෙක තුන කරගන්නේ

හැදුව මෙයිල ටුවිට් ඔබා එතන ඔලුව ඔබන්නේ
ඔබපු ඔලුව හරව හරවා හැම එකාම පන්නන්නේ
පන්නපු උන් පන්නන බව ජිමෙයිලා කියන්නේ
බුකිය උඩත් මේ අඩව්ව ඒ ලෙසටම අල්ලන්නේ

උඩ කියාපු ජිමෙයිලෙන් ගුගලයා වෙත වදින්නේ
වැදියගමන් හොර නමකින් බ්ලොගයක් එහි අටවන්නේ
අටවපු ඒ මළඉලව්ව සින්ඩි වලට බල බල ඔබන්නේ
ඔබපු බ්ලොගේ ලිපියක් දා පස් බස් වල දුවවන්නේ

ඔය අතරේ ලිපි බල බල කමෙන්ට් අකුරු හලන්නේ
හලපු කමෙන්ට් වෙනවුට රිප්ලයි ඇති දැයි බලන්නේ
රිප්ලයි නැති බොලොක්කයෝ හතුරු ගොඩට දමන්නේ
ඉතුරු මිතුරු බොලොක්කයෝ ඉඳ හිට සෙට්වෙන්නේ

සන්දාන හැදිම
මිතුරු වෙසින් සිටිනා උන් එක ගැට්ටේ නටන්නේ
ගැට්ට කෑඩි බිම වැටෙනා බව උන්නොම දන්නේ
ආණ්ඩුවට බනින සිද්ධි නැකතට ලිපියට ගන්නේ
නැකැත් ලිපිය රිශෙයා කර මකුළු දැලක් බඳින්නේ

කැමති එකා ලයික් එකක් කමෙන්ට් එකක් දමන්නේ
අකමැති උන් මුවින් නොබැන ලයික් එකම ඔබන්නේ
එහෙව් කලට ලියපු එකා ගෙම්බා වගේ පිම්බෙන්නේ
රට අල්ලන බව කියමින් ජාලිකයෝ රොක් වෙන්නේ

එකා දෙන්නා ගුගල් සරණින් දැන් පදමට යාලූ වෙන්නේ
යු ටියුබෙන් බුකි ටුවිටෙන් අදහස් මසුරන් මතු වෙන්නේ
රට පෙරළන ගිවිසුමකට නව කාපට් මාවතකට පිවිසෙන්නේ
පාර හොඳයි කාපට් හයිවේ ඈත දුරින් රජ පුටවක් පේන්නේ

සංවිධානය වීම
ඉස්ත්‍රිරික්ක 25 හයි රට වටේට හොඳ පදමට රත් වන්නේ
ඒ වටේම බ්ලොග් අටවපු පට්ට බ්ලොගියෝ සිටින්නේ
උන් බල බල පට්ටම් දි ඒ ප්‍රදේශ බලතණ්හා ඇති කරන්නේ
තණ්නාසෙන් රට හදන්න සේනාවට ADSL බෙදන්නේ

බ්ලොග් ලෝකේ එකා දෙන්නා නායකකම් අතට ගන්නේ
එහෙන් මෙහෙන්  හැච්චෝ පැච්චෝ ලැපා වටේ ඉඳගන්නේ
ගමින් ගමට පයින් ගිහින් gtalkකෙන් ටෝක් දෙන්නේ
ඇනර්කලි ප්‍රොපයිල් show කර ජන්ද කාඩ් උස්සන්නේ

නිල තොරතුරු නිලය තුලින් බ්ලොග් ලෝකයේ පතුරවන්නේ
ක්ෂනික පුවත් බුකිය හරහා ස්ටේටස් එක මාරු වෙන්නේ
ඒ මදිවට ටුවිටරයේ හැම තැනකම ටුවිට් වෙන්නේ
දිනන ලකුණු ජාලය තුල උස මහතට ගෙන දෙන්නේ

ස්කයිපා තමයි රැස් වෙන තැන තීරන හෙම ගන්න ඉන්නේ
.........

හදිස්සියේම අන්තර්ජාලය බිඳ වැටුනි


වැප්






39 comments:

මාරයාගේ හෝරාව said...

හූහ් හුහ් හූ...
අද මං එක

මාරයාගේ හෝරාව said...

අඩෝ වැපා ඔහොම හිටිං මං සෙට් අරං ඇවිත් මෙතන බස්සනකල්...

කෝ කෝ මේ ඇනෝ මල්ලිලා ටික මෙහෙ එන්න මූට වැටෙන්න ගහමු... මතක තියා ගන්න අහවල් එක හංගගෙන අනිත් දෙකෙන් ගහන්න ඈ..නැත්තං අපේ ගේම එළියට එයි ඈ...

(තෝ විතරක් තනියම කනවා බලං ඉන්න බැරි හින්දා ඔන්න මාත් ආවා..)

පූසා said...

"බ්ලොග් ලෝකේ එකා දෙන්නා නායකකම් අතට ගන්නේ"

එදා දෙන්නා නෙමෙයි දෙන්නයි දෙන්නයි. එකෙක් සභාපති අනිකා ලේකම්!:D

මාරයාගේ හෝරාව said...

එකායි...

අභීත said...

නොදකින් මූ දවල් තිස්සේ බීලා.... බීලානම් වෙරි පිට නිදාගන්නේ නැතුව ආවා මෙතන බ්ලොග් කොටන්න...

නෙරංජි | Neranji said...

මම තුනට ආවා.......... මරු මරු වැපා.... හක හක ...

කැමති එකා ලයික් එකක් කමෙන්ට් එකක් දමන්නේ
අකමැති උන් මුවින් නොබැන ලයික් එකම ඔබන්නේ
එහෙව් කලට ලියපු එකා ගෙම්බා වගේ පිම්බෙන්නේ
රට අල්ලන බව කියමින් ජාලිකයෝ රොක් වෙන්නේ
මරු කවිය බන්.....
මොකද්ද මෙතන ඇත්තට වෙන්නෙ....

මාරයාගේ හෝරාව said...

ඈ නීනුවෝ දැන් ඉලක්කං කියවන්නේ 1-2-4-3 කියලද..?

හසී said...

හිකි හිකි මේකාට මක් වෙලාද? අර කුකුලාත් මේකට සම්බන්ධද? ;)

සුපර් said...

ඕන ගේමක් .............

පබලු said...

සිරාවටම මරු කවි ටික ඈ..

සෝරෝ said...

ඔය හොරිකඩ පූසා හදන්නේ කුමන්ත්‍රණයක් කරලා ගේම දෙන්න.. බලාගෙන සභෝ.. :D

ශානු said...

මෙයාගෙ අවසානෙ ලඟ වෙලාද මේ ආණ්ඩුව අලන්න යන්නෙ දුමින්ද අයියා ආවොත් බඩ පිරෙන්න හම්බවෙයි ඈ

DarKneT | ඉෂාර said...

උන් මේල් හදන් බුකි බ්ලොග් හදං එන්නේ..
පබ්ලිසිටිය තමයි උන්ට ඕනේ කරන්නේ..
මොනවා කලත් අන්තිමේදි එක තැනකට එන්නේ..
ඒක තමයි වැපා මේ හොරෙන් ඉදන් කරන්නේ... :D

මටත් ඔන්න හිතුනු එකක් ගැට ගැහුවා :P

indi said...

වැපෝ මෙන්න සංවිධායකයෙක් ඉල්ලනව ඕනි නම් දාපන්...
http://sinhalajp.blogspot.com/2010/05/blog-post_16.html

තීර්ථ යාත්‍රිකයා said...

එල කිරි.... වැපා දැං රට අල්ලන්නයි කම්පනාව. මට වනිතා කටයුතු අමාත්‍යංසෙ වත් දියං...

මනෝජ් ප්‍රියංකර said...

මරු මරු ඇත්තම කියලා තියනවා

Beetle said...

ළගදිම බස් වැහුවම මුගේ පට්ටම් ඉවරයි... ඒකද කොහෙද මේවා ට්‍රයි කරන්නේ...

ariyananda said...

ඔන්න ව්‍යවස්ථාව මං ගානෙ හදලා දෙන්නම්..
මහින්ද චින්තනේ වෙනුවට ම්+ඇහින්ද චින්තනෙත් කොටලා දෙන්නම්..
හැබැයි මට ආණ්ඩුවෙ උපදේශක තනතුරක් ඕන...

ඇල්කෙමියා

Bunny said...

මේ අයියා.. මේවා කවිදැ ?

මාතලන් said...

අපරාදේ බ්ලොග් ලියන්නේ
බස් වල විරිඳු කිව්වනම් මරු
හැබයි බස් එකේ නොම්බරේ කියපන්
පස්ට බන් පස්ට...

පන්සල් හංදිය said...

කොහොම උනත් නියමෙට ලියලා තියනවා ....
පට්ටයි ........

නෙරංජි | Neranji said...

මම කියන්නෙ 1243 කියලා තමා..... හක හක

Weni said...

වරකො අහින්සක අපෙන් එහෙම ජන්දෙ ඉල්ලන්න.. බොරු පොරොන්දු දීලා.. තම්බ්ස් ඩවුන්,අන්ලයික් ගොඩ ගහ ගන්න ඕනි දැම්මම..

නදුන් උයන said...

ෆට්ටයි අහෑ

ඔබ නොදු‍ටු ලොවක්..... said...

සෑහෙන්න මහන්සි වෙලා වගේ කවි ටිකට ..එළ එළ .....

හිස් අහස said...

හොඳ ප්ලෑන් එකක් ..මම මේක ට්‍රයි කරලා බැලුවොත් මට ලොකු පුටුව පේන නාමෙටවත් යාගන්න බැරි වෙන එකක් නෑ ..

වාවු වැපා වාවු !!

කතන්දර Kathandara said...

අනේ
අනේ
අනේ
අනේ....

මාලන් said...

මම මේ කල්පනා කළේ ආණ්ඩුව පෙරළලා කාටද බලය අරන් දෙන්නේ කියලා? :D

ඕන සපොර්ට් එකක් දෙනන්නම් හැබැයි, අල්කෙමියට උපදේශකකමක් දෙනවනම් මටත් මොකක් හරි එකක් ඕනේ. මේ වැඩ දෙන්නම් කාසි වලට බැහැ.

සොඳුරු සිත said...

දැන් කවදද ජන්දේ ?

ඇත්තටම බ්ලොග්කරුවෙක්ව පාර්ලිමෙන්ට් එකට යවන්න අපිය වාසනාවක් නැතිව ගිය හැටි...

prasanna86k said...

වැප් දන්දේ ඉල්ලන්නද හදන්නේ?

Observer said...

වැපාට ජය වේවා....!!!

No frames said...

ගින්දර!

විසිතුරු | visituru said...

ලොවෙත් නෑ! නියමයි!

(මම හිතන්නෙ අපේ ඔබා මාමගේ හිතේ යටි අදහසක් තියෙනවා වගේ!)

Observer said...

@ විසිතුරු | visituru,
නැත්තන්...නැත්තන්....වැපා චන්දෙ දිනපු ගමන් මං ලංකාවට එනව.
(ස්කාගාර සංස්ථාවේ ලොක්ක හැටියට)

nawammawatha said...

බොල පෝස්ටර ගහන්නෙ නැතෙයි මෙදා පොටේ..... හැබෑටම මේක ලොක්ක දැක්කොත් උඹහැව අග්ගර පුරෝහිත කොරගන්නත් බැරි නෑ...

ඕනයා said...

ලබන වෙසක් එකට වැපාට හෙන ඉල්ලුමක් තියෙයි

Dedunu Dhananjaya said...

මම තමා මුලින්ම ආවේ කමෙන්ට් කලේ නැ කව්ද දෙවෙනියට කමෙන්ට් කලේ කියලා බලන්න ;)


මේක තමා වැ‍පෝ ම‍ම කියවපු වසරේ හොදම පෝස්ට් එක


නියමයි. බොලොක්ක‍යන්ට ජය වේවා!!!

රංග - මගේ ලෝකය said...

වැපෝ, ඔබා මාමා ඉස්කාගාරෙට කෙලපු එකේ මට ටොබැකෝ එකවිත් දීපං

දුකා said...

එල එල වැපෝ . . .!

Post a Comment