මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.
දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට එක්ක ඇවිත් මත්පැන් වීදුරුවක් අරන් බොන්න දුන්නා. බොහොම අසාවෙන් ඒ දරුවත් අර මත්පැන් වීදූරුව එක හුස්මට බිව්වා. තවත් මදිද කියලා අහපු අම්මා ඊලඟට දුන්නේ කොකා කෝලා විදූරුවක්.
වැප්

25 comments:
කියවන ලදි.
අම්මා හිතන විදිහට හැම අතින්ම "සාමාන්‍ය" ජීවිතයක් දරුවාට දෙන්න ඇය උත්සාහ කරනවා ඇති.
බොහොම හොඳ අම්ම කෙනෙක්. මානසික ආබාධයකින් පෙළුනත් ඔහු අවුරුදු 30ක තරුණයෙක්නේ. ආබාධ තිබුනත් මේවගේ උදවියට අනෙකුත් සියළුම ආශාවන් තියනව. ඉතින් ඔහු අම්මට කියන්න ඇති තමුන්ගේ අවශ්‍යතාවය. අම්ම ඒක ඉෂ්ට කරන්න ඇති. දෙවනුව දුන්න කොකාකෝලා වීදුරුව කියන්නෙ ඒ අම්මගෙ තියන ආදරය.
මේ වගේ ආබාධ තියන උදවිය සාමාන්‍යයෙන් අනෙක් ආබාධ නැති(?) අයට විහිළුවක්. අවාසනාවකට වගේ ඒ නිසා කවදාවත් සාමාන්‍ය සමාජ ආශ්‍රයක් ලැබෙන්නෙ නෑ. අම්මට පුරවන්න ඕන උනේ අන්න ඒ අඩුව.
කොකා කෝලා නං නැතත් කමක් නැහැ...
ඒ දරුවා උඹ නෙවෙ නෙද? :D
මෙන්න මෙයා අඩ නින්දෙන් ඇහැරිලා....
මම 1 :)
ඒ අම්මා කොච්චර ආසා ඇද්ද තමන්ගේ ළමයක් ඒ වයසේ අනික් ළමයි වගේම ඉන්නවනං!
කියවන ලදි.
පුංචි ලිඳේ වතුර රසයි
henryblogwalker the Dude
මොකද්ද බන් මේ?
කාලෙකින්!
උඹව මෙහෙම හරි දකින එකත් ලොකු දෙයක්නේ. කතාවට වඩා වැදගත් උඹ ඉන්නවා කියලා අපිට මතක් කරපු එක....
ප්‍රිය සම්භාෂණේ පටන්ගද්දිම වගේ වුන දෙයක් වෙන්න ඇති... උඹට මතක තියෙන්නේ... :)
මේ මොකාද මේ,,මේ උබ කවුද බන්..
ආබාධයක් තිබුනත් ඒ අම්මා උත්සහ කරන්නේ ඌව අනික් කොල්ලෝ වගේම තියන්න බන්,,ලංකාවේ තාමත් ආබාධිතයින්ව කොන් කරන තත්වයක් තියෙන්නේ,,ඒ අම්මා ඒක වෙනස් කරන්න දරන උත්සහයක් වගේ
මව් සෙනෙහස ++++
බ්ලොග් එකක් තියනවා කියලා මතක් වෙලා, මරැ මරැ
ඒ අම්මා කලේ හරිදේ නේද වැප්
මෙතනින් කියන්න හදන යටි අරුත මොකද්ද.. අවුරුදු 30 ක් උනත් තාම දරුවෙක් කියන එක. හොඳමයි වැප් දරුවො. මමත් කියවල ගියා ඔන්න..
තම පුතා ගැන මනා අවබෝධයෙන් ඉන්න මවක් .
අම්මගේ ආදරය මෙහෙමයි කියලා කියන්ඩ පුලුවන්ද බං...
ආදරේට මත්පැන්... ?
හ්ම්ම් කියෙවුවා.........
මාතෘකාවයි ඊ ගාව පේළියයි හැර අනිත් සේරම නිකං ලියලා තියෙන්නේ. කියන්නත් ඕනෑ....... කියන්නත් බැහැ...... ලැජ්ජයි වගේ... අඩේ උඹ අපිට කිව්වෙත් නැහැ කිව්වොත් ඇයි බං මං කිව්වේ කියලා කියන්න ලියපු එකක් මේක....... :D :D :D
(ඒ ටික හිනා වෙන්න ලිව්වේ. අඩේ උඹ අපිට කිව්වෙත් නැහැ කිව්වොත් ඇයි මං බැඳිලද උඹලට කියන්න කියලා තමයි අහගන්න වෙන්නේ...)
ඔය වගේ අසාමාන්‍ය තත්ත්වයක් නැති පුතාලා බොනවා කියලා අම්මලා කොච්චර මනස්තාප වෙනවද? ඒත් මේ වගේ පුතෙක් බීලා අනිත් අය වගේ ඉන්නවා නං කොච්චර හොඳද කියලා මේ අම්මා කීවාරයක් නං හිතන්න ඇද්ද...... කොච්චර වුනත් තියෙන දේ නෙමෙයි වටින්නේ... ඒක තමයි සිද්ධාන්තය
කියෙවුවා මචං ..
හ්ම්ම්ම්හ්හ්හ්හ්හ්... අම්මා කෙනෙක් කලොත් අරමුණ සෙනෙහස තමයි. නමුත් මන් දැකලා තියෙනවා මිනිස්සු පට්ට ආතල් ගන්නත් ඒ වගේ අයට අරක්කු දෙනවා..
Post a Comment