Monday, August 27, 2012

අපි ගයමු - මතු පරපුර උදෙසා - රන්වල පදනම

සින්දු ගයන්නට දන්නේ නැත කියන්නට හැකිය. සංගීත භාණ්ඩයක් වාදනය නොහැකිය. එහෙත් ගීතයක් රස විඳින්ට හැකිය. එයිනුත් කටෝර සංගීතයට වඩා සරළ ගීයට වඩාත් කැමතිය. සංගීත සන්දර්ශණ නරඹා ඇත. එහිදි ඔවුහු ගයති. අපි අසා සිටින්නෙමු.

නමුත් අපිත් ඔවුහුත් ගයනා සංදර්ශනයට ප්‍රථම වරට සහභාගි වුනෙමි. ඒනම් නෙත් FM මධ්‍ය සත්කාරයෙන්, Serenity සම අනුග්‍රහයෙන්, BMICH සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස සෑම මසකම අවසන් සෙනසුරාදා සවස 5.30 BMICH හි කොළඹ කමතේ දී පැවැත්වෙන "අපි ගයමු" ප්‍රසංගයයි.

සිහිනගේ දැනුම් දීමක් අනුව, මමත් තවත් සයිබර් අවකාශයේ මිතුරෝ කිහිපදෙනකුත් පසුගිය සෙනසුරාදා එනම් 2012/08/25 දින BMICH හි තිබූ මෙම ප්‍රසංගය නැරඹීමට ප්‍රථම වරට ගියෙමු. නවමු ඇත්දැකිමකි. සහන් රන්වල ප්‍රමුඛ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම කොපමණ සිත්ගත්තේද කිවහොත්, ඊලඟ මස ප්‍රසංගයට යාමට දැනටමත් සුදානමින් සිටින්නෙමි.

ඊලඟ ප්‍රසංගය පැවැත්වෙන
දිනය - 2012/09/22
ස්ථානය - BMICH කොළඹ කමත
වේලාව - සවස 5.30 - 7.30

සටහන - මෙම ප්‍රසංග නොමිලේ පැවැත්වෙයි.


ගීතයක් ගායනා කර, නර්තනයක් නරඹා වෙනස් ආකාරයක වින්දනයක් ලැබීමට ඊලඟ ප්‍රසංගයට එකතු වන්න.




වැප්



11 comments:

  1. නොවැලක්විය හැකි හේතුවක් නිසා මට මේ ප්‍රසංගයට යන්න බැරි උනා. සැප්තැම්බර් මාසෙ එකටනම් කොහොම හරි යනවා..

    ReplyDelete
  2. අඩේ.. ටීවී එකේ විතරයි ඔය සෙල්ලම් දැකල තියෙන්නේ... මමත් කොච්චර ආසද?

    තැන්කූ වේවා මල්ලියෝ..

    ReplyDelete
  3. ඊළඟ එකට යන්න උත්සාහ කරනවා... ඇත්තටම ඒක වෙනස් අත්දැකීමක්...

    ReplyDelete
  4. මම පළවෙනි එකට ගියා. දෙකක් මිස් වුනා. එන එකට එන්න ට්‍රයි එකක් දෙනවා. ආවොත් සෙට් වෙමු.

    ReplyDelete
  5. ජන සංගීතයට කන හුරු වෙන එකත් කොච්චර දෙයක්ද , අපේ දේවල් රස විඳින්න අපිට තියෙන හැකියාව නැතිවෙනවා කියන්නෙ, අපි තවදුරටත් අපි නොවනවා කියන එකයි.
    ලංකාවෙ ජනසංගීතයට වෙනුවෙන් කැපවුන රංවළ ජන ගී කණ්ඩායමට සුභපැතුම්.
    මේකා දාලා දැනුවත් කරපු වැප්ස් ටත් ස්තූතිය. :)

    ReplyDelete
  6. ලංකාවේ හිටියොත් බලමු!

    ReplyDelete
  7. ජපනා හපනාSeptember 17, 2012 at 2:06 PM

    රන්වල පදනමේ නැටුම බලන ගමන් ආතල් ඵකක් ගන්න බොක්ස් ඵක පැත්තෙ ගියෙ නැද්ද?

    ReplyDelete
  8. ඔන්න සැප්තැම්බර් මාසෙ එක බලන්න අපිත් ගියා. ස්තුතියි අපිව එක්ක ගියාට. ජය...!

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....