Sunday, December 2, 2012

වෙනස් විදිහකට ගෙවිලා ගිය අවුරුද්දක්

කාලෙකට පස්සේ. බොහොම කාලෙකට පස්සේ. අගෝස්තු මාසෙන් පස්සේ. 2012 අවුරුද්දේ එහෙම නැත්නම් පහුගිය මාස එකොළහ තුල මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලන්න හිතිච්ච දවසක්.  අවුරුද්ද පටන් ගන්නෙම තාත්තාගේ වෙන්විමේ කඳුලුත් එකතු කරගෙන.  පහුගිය නොවැම්බර් මාසයට අවුරුද්දක් ගෙවිලා ගියේ නොදැනිමයි. වැඩත් එක්ක මොහොතකට අමතක උනත්, යාලුවෝ ගෙදර අය එක්ක ඉඳිද්දි සතුටින් හිටියත්, තනි වෙච්ච ගමන් ආයෙත් තාත්තා හිටපු කාලයට හිත යන්නේ අහම්බෙන් නෙමේ කියලා හොඳටම දන්නවා......................................

2009 දෙසැම්බර් වලදි බ්ලොග් අවකාශයට එකතු වෙලා 2012 වෙද්දි නොදැනිම අවුරුදු ගානක් ගෙවිලා ගිහින්. පටන් ගත්ත කාලේ ඉඳලම සිංහලෙන් ලියන කියවන බොහෝ පිරිසක් කතා බහ කලා දැන හඳුනා ගත්තා. ඒ කාලේ ඉඳන්ම අවුරුදු ගානකට පස්සෙත් ඒ යාලු මිත්‍ර කමත් තාමත් ඒ විදිහටම තියනවා. ඔය අතරෙන් අහම්බෙන් ඇවිත් අහම්බෙන් යන අයත් නැතුවම නොවේ.

පහුගිය කාලේ මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලද්දි, ඒ දේවල් විස්වාස කරන්නත් අමාරුයි. වැදගත්ම දේ තමයි රස්සාවේ මාරුවීම්. ග්‍රහයා මාරුවෙනවා වගේ එහෙට මෙහෙට පැනපු කාලයක්. දැනුත් ඉන්නේ අඩමානේ. කොයි වෙලේ වෙන තැනකට යයිද කියලා විස්වාස නැහැ. ඒත් දැන් නම් එහෙම එකපාරට ජොබ් එක දාලා යන්න බැහැ.

කොළපාට (ඔන්ලැයින්) ජිවිතය නවත්වලා මාස ගානක් වෙනවා. දැන් වැඩි පුර ඉන්නේ අලුපාට ජිවිතයේ (හැංඟිලා). කොහොම උනත් ඉස්සර වගේම 10.30 වෙද්දි නින්දට යනවා. නිතර නිතා කතා බහ නොකලට ඉඳලා හිටලා හරි ඉස්සර කතා බහ කරපු එවුන්ට චැටක් දාන එක තාමත් අත ඇරලා නැහැ. වෙනමොකටවත් නෙමේ ඕපයක් දූපයක් හොයන්න තමයි ඉතින්.

ලියන්න දේවල් ගොඩක් තිබ්බත් එක දිගට ගැලපිලා එන්නේ නැහැ. ඒ හන්දා  අන්තිමට පහළ තියන වාක්‍ය යෙන් මේක ඉවර කරන්නම්

ඉස්සර නම් බ්ලොග් අවකාශය මරු. දැන් වැඩක් නැහැ . කියවන්න දෙයක් නැහැ . (අතීත කාමය :DDD)


වැප්

34 comments:

  1. ඉස්සරනම් මරු දැං වැඩක් නැහැ කියන එකනං අතිශයෝක්තියක් !!
    හොඳ බ්ලොග් තියනව..හොඳට ලියන අය තාමත් ඉන්නව.. ඒත් අටෝරාසියක් කුනු කන්දල් අස්සෙ ඒව හැංගිලා වැහිල ගිහින්..

    මොනව උනත් මම තාම ආසයි මේ කොල ලයිට් ජීවිතේට..

    ReplyDelete
  2. Issara nam blog kiyewwa oni ekak... Dan nam kiyawanne thoragaththu tikak arunama hoday kiyala hithunoth book mark karaganna blog.

    Sihina malli hari... Dan blog hugaaak asse hoda blog keepayak hangila thiyenawa.

    ReplyDelete
  3. Habay oya atheetha kaame matath thiye. Danata wada a kaale hoday kiyana. :D

    ReplyDelete
  4. @සිහින / @පිස්සා

    ඔව් මචන් ඒ කතාව හරි. ඒ උනාට මම ඒ කතාව කිව්වේ ..අපි හැමෝම ඉස්සර මරු දැන් වැඩක් නැහැ කියලා හැම දේටම කියන හින්දා

    උදා - අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ මාරු
    අපි දැන් හැදෙන උන් වගේ නෙමේ ඉස්සර මෙහෙමයි
    අපි ඒ කාලේ කලේ මේවා

    ඔන්න ඕයි වගේ සාම්ප්‍රදායික හිතිවිල්ලක් අපි හැමෝ ලඟම තියනවා කියන්න කිව්වා මිසක්. දැන් අවකාශය නරකයි කිව්වා නෙමෙයි

    ReplyDelete
  5. කතරට කෙල පොදක්...
    නියගයට බවුසරයක්...
    වැපාගෙන් පෝස්ටුවක්...
    ෂා ෂා වැප්අයියා පෝස්ටුවක් ලියලා... :D :D :D

    අතීත කාමේ විතරද බං... දැන් කාමේ ඇත්තේම නැද්ද..?

    ReplyDelete
  6. යකඩෝ! මේ අවුරුද්දේ මාර වෙනසක් වෙලානේ! ලොකුම වෙනස වම් පැත්තෙන් ඇඩ් එකක් වැටෙන එක! අපිටත් කියලා දියල්ලකෝ මේකේ අකුරු කෙටුවයි කියලා හිට්ස් ලැබුණයි කියලා අපිට ලැබෙන අහවල් දෙයක් තියේයැ හිතේ සතුට හැර.... ඒ වගේද ඇඩ් එකක් දාං කීයක් හරි හොයාගන්න තිබ්බනං. ඇඩ් එක උඩ කොටන්න ඕන්නං ප.ලි කෑල්ලක ලියලා දාපං :D සිරාවට අපිටත් කියලා දියංකෝ ඇඩ් එකක් දාගන්න විදිහක්!

    ReplyDelete
  7. @චතූෂ
    මොකක්ද බන් කාමේ කියන්නේ...?

    @පූසා
    ලිපියක් දාපුවම ඒක බලපන් ඇඩ් එක ඕනේ නම් ක්ල්ක් කරපන්

    හික්හික් ...

    ඇයි බන් අර ඇඩිමින් පැනල් එකේ තියේනනේ ඇඩ් දාන්න සින් එක්ක මාත් එකෙන් දැම්මේ. නිකන් ඉන්න එකේ කියක් හරි හම්බු වෙනවානේ

    ReplyDelete
  8. මමනම් අද වැඩක් නැහැ කියන තැන ඉන්නෙ නැහැ...අද තියෙන දේවල් වඩා නිසරුයි කියලා අපිට පේන්න ගන්නෙ අපි නාකි වුනාම....
    බලන්න අමරදේව මහත්තයා අලුතින් ගහපු සින්දුව...ඒක හරි ලස්සනයි....

    එදා ඒව සෝක් කියපු අයට අද එකක් කරලා එයා පෙන්නුවා...වැප්තුමානෝත් අලුත් දේවල් කලොත් ඒ මට්ටමේ තියෙය්...අලුත් ලෝකෙට පරණ අයගෙ අලුත් දේවල් නැගලාම යනවා...අලුත් නංගිලා...අලුත් වැඩ...අලුත් ඇන්දිලි වැ ඩ ගොඩයි..

    ReplyDelete
  9. කොහොම උනත් උඹෙන් මෙහෙම හරි පෝස්ට් එකක් දකින්න ලැබිච්ච එකත් මැදෑ, බ්ලොග් අවකාශෙ මට සෙට් වෙච්ච හොඳයි කියලා සලකන එවුන් ගොඩේ උඹ ඉන්නවා වැපා .......

    ReplyDelete
  10. හොද නරක කියන දේ සාපේක්ෂයි. ඒ නිසා අළුත් වෙන බ්ලොග් අවකාශේත් මේ සාපේක්ෂතාවයෙන් මිදෙන්නේ නෑ. මානව චින්තනය බොහෝ වෙලාවට අතීතය හා බැදෙන්නේ යහපත් ආකල්පයකින්. ඒ ආකල්පය ‍වර්තමානය පිණිස හෝ අනාගතය පිනිස ජනනය නොවන්නේ ඇයි ද කියන එකට විවිධ තර්ක ගෙන එන්න පුළුවන්. කොහොම උනත් බොහෝ අය 'ස්වඅතීතකාමීන්'. ඔබටත් ලොකේ ලොකු වෙන කොට හොදයි නරකයි කවලම් වෙච්ච දර්ශන දකින එකත් අත්විදින්න පුළුවන්. මොකද 'අද' කියන්නේ හෙට දවස ගොඩ නඟන්නාවු දවස වගේම ඊයේ කියන දවස ගොඩ නඟන දවසත් වෙන එකයි.ඒ නිසා කාලයට පෙම් බැඳීම අවසාන වෙන්නේ අකල් දර්ශනයක් ගොඩනැඟිමෙන්.

    අවුරුද්දක් කියන්නේ මේ අකල් දර්ශනයේ දී අතීත වර්තමාන අනාගත යන තුන් කාලයත් එක්ක ගෙවිච්ච යුද්ධයක්. හැම දවසක්ම එන්නේ අවුරුද්දකට පස්සේ හංදා ඒ හැම එකක් දිහාම අළුතෙන්ම බැවාම හොද හුස්මක් අරන් ගොඩවල් කිහිපයක් හදන්න පුළුවන්.

    මිනිස් ජීවිතේ කියන්නේ කොච්චරක්ද‍ නේද?

    ReplyDelete
  11. ඇයි ඉනිමගෙන් දෙරි ගහපු එක... ඒකත් මේ අවුරුද්දේ ලැබුණු අලුත්ම අත්දැකීමක් නේද..? :D

    ReplyDelete
  12. හේ...හේ....හෙක්..අතිත කාමේ....කන්දක් නැග්ගොත් බහින්ඩත් එපෑ....

    ReplyDelete
  13. වැප් ලොක්කා එහෙම තමා ජීවිතේ හැටි.....

    ලබන අලුත් අවුරුද්ද සුභ වෙයි :)

    බුහ්හ්හාආආඅ :D

    ReplyDelete
  14. අපේ කාලේ එවුන් වගේ නොවෙයි දැන් කාලේ එවුන් කිසි කමකට නෑ....

    එකම වචන නොවුනට මේකේ එක එක වර්ශන් අපෙ මුත්තා අපේ සීයාට කියලා ඇති..සීයා තාත්තට කියලා තියෙනවා..ඒක නම මමත් දන්නවා..තාත්තා මටත් කියලා තියෙනවා..මමත් පුතාට කියලා තියෙනවා..පුතත් කවද හරි එයාගේ පුතාට කියයා...


    ඒත් වැඩේ තියෙන්නේ ලෝකය හැමදාම ඉස්සරහට ගිහිල්ලා...එහෙම හොදක් නරකක් කියන්න බෑ...ලෝකය වෙනස් වෙනවා..

    ReplyDelete
  15. මේ වැපා නේද අර ඇඩ් වලින් ලොකු ගානක් උබ හම්බු කරනවා නේද කියපන් අපිටත් උබලා ඊරිශියයි අපි දියුණු වෙනවට..
    ඊළග අවුරුද්දට යන්න ඉස්සල්ලා ලෝක විනාශෙට ලෑස්ති වෙයන්

    ReplyDelete
  16. මගෙ අදහස නම් ඉ්සසරට වඩා බ්ලොග් කරැවෝ එකතු වෙලා විවිධ පැත්තෙන් හිතන පතන දැනුම තියෙන අයගෙන් දැන් පිරිලා. ඉතින් අපිට කොහේ බැලුවත් ජිවිතේට හරි දැනුමට හරි එකතු කරගන්න ඕන කරන බ්ලොගි හැමතැනම තියෙනවා.මේ ඒනම කෙනෙක් කියවන දේවල් වලින් අපි හොඳ හා නරක තොරරලා ගත්තම ඒකත් එක්තරා ආකාරයක ජීවිතය ඉගෙනීමක්...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  17. අද මම 1. හි හි...

    ReplyDelete
  18. "ඉස්සර නම් බ්ලොග් අවකාශය මරු. දැන් වැඩක් නැහැ . කියවන්න දෙයක් නැහැ"
    මෙහෙම වෙලා තියෙනවා නම් , කියවන්න දෙයක් නැත්නම් ඒකට වග කියන්න ඕනෙත් දැන් මුකුත් නොලියන, ඒත් ඉස්සර ලියපු උඹලම තමයි!

    ReplyDelete
  19. 60 පැන්නත් කොල්ලෙක් කියලා හිතාගෙන හිටියම හරි... කියවන්න ඕන තරම් දේවල් තියෙනවා මචෝ. සමහර විට ඉදිරි වසරෙදි මගේ ලිවිල්ල අඩු වෙයි. ආයිත් බිසි වෙන්න යන්නේ....

    ReplyDelete
  20. ආනේ මන්දා... මම නං බ්ලොග් කියවන්න පටං අරං අවුරුදු දෙකයිනෙ.. ඒ නිසා ඉතිං බ්ලොග් අවකාශෙ හොඳ නරක ගැන කියන්න අමාරුයි.. නමුත් හොඳ බ්ලොග් නැත්තෙමත් නෑ...

    ඉතිං ඒ අතරෙ අඳුන ගත්ත එක ගොබිලෙක් තමයි වැපා... මගේ කුළුඳුල් රේඩියෝ ඉන්ටර්වීව් එක කළෙත් වැපා... කවදහරි ඉතිහාසෙට එකතු වෙනවා... අම්මපා...
    ඉඳලා හිටලා හරි මොනව හරි කුරුටු ගාන්න.. නැත්තං බ්ලොග් එකේ හොල්මන් අරක් ගන්න පුළුවන්....
    අර රේඩියෝවට අළුතෙන් සිංදු ටිකක් දැම්මොත් නං මරු... හැමදාම එකම රෝල අහලා ඇති වෙලා....
    ඇල්කෙමියා.

    ReplyDelete
  21. හලපු සමහර අයත් ඉන්නවා නේ.. නෑ ඉතිං මම එහෙම කිවුවට එයාලගේ නම් කියන්න එපා... :-D

    ReplyDelete
  22. බොහොම කාලෙකට පස්සේ...
    :D

    ReplyDelete
  23. "ඉස්සර නම් බ්ලොග් අවකාශය මරු. දැන් වැඩක් නැහැ . කියවන්න දෙයක් නැහැ . "

    ඈ මනුස්සයෝ.. උඹලා වගේ එවුන් ලියන්නේ නැතිකොට අපි කියවන්නේ අහවල් දෙයක්ද? :D

    මොනා වුනත් කතාවනම් ඇත්ත.. දැන් සිංහල බ්ලොග් අවකාශයේ ඉස්සරට සාපේක්ෂව කියවන්න දේවල් බොහොම අඩුයි..

    ReplyDelete
  24. මට තේරුනේ අන්තිම වාක්‍යය විතරයි වැප්. ඉස්සර අපිව හිනස්සපු බ්ලොග් පෝස්ට් වෙනුවට දැන් වැඩි හරියක් තියෙන්නේ ලේ රත් කරලා හිස් මුදුන් ගිනි තියන ලිපි. කොහොමහරි බ්ලොග් සමාජයටත් දේශපාලනය,කුහක කම ඈවිල්ලා

    ReplyDelete
  25. කාලෙකින් වැප්ස්... සන්තෝසයි...

    ReplyDelete
  26. අතීතය ලස්සනයි වර්තමානයත් ලස්සනයි ..අනාගතෙත් ලස්සන වෙයි ..

    ReplyDelete
  27. Kalakata passe WAP thumaa , in action... Niyamayi :)
    And cheers for friendship !
    Komiye sinhala netha. Samavenda :)

    ReplyDelete
  28. වැපා අතීත කාමය ගැන කිය කිය සතුටු වෙන්නෙ, මේ ලඟදි අර වෙනියා මොනවද පෙන්නලා මූව භය කරලානෙ, දැන් ඉතින් අනාගත කාමයක් ගැන හිතන්නෙවත් නෑ.
    වැඩිය ඕන නෑ මූ ඔය කෝලි කුට්ටු, ඇම්බුන්, ආනමාලු එහෙම එල්ලලා තියන කඩයක් දැක්කත් බයයි..හෙහ් හෙහ් හෙහෙ

    ප.ලි.:- මම මේ උඹේ දැක්ක එකම පෝස්ට් එක බන්, අපිව මිනී මරුවො නොකර ලියපිය.

    ReplyDelete
  29. තොට අතීත හරි කමක් නෑ කාමයක් නන්.. හයියෝ වැපා.. :-D

    ReplyDelete
  30. "ඒත් දැන් නම් එහෙම එකපාරට ජොබ් එක දාලා යන්න බැහැ"

    මට හිතෙන්නේ මෙතන තියෙනවා කියලා "අනාගත කාමේ" ගැන ඉගියක්..

    ReplyDelete
  31. ඉස්සර නම් බ්ලොග් අවකාශය මරු. දැන් වැඩක් නැහැ . කියවන්න දෙයක් නැහැ . (අතීත කාමය :DDD)


    Hmmmmmmmmmmmmm..............

    ReplyDelete
  32. ඉස්සර නම් මරු. දැන් වැඩක් නැහැ

    අෙප් මුත්ත මැෙරනකල් කිව්ෙව ඔ්ක

    ReplyDelete
  33. උඹ වගේ උන් ලියන්නේ නැති කොට වැඩක් නෑ තමා....:DDD
    (තාමත් පරණ පුරුදු අතහැරලා නම් නෑ වගේ...)

    ReplyDelete
  34. කාමය තමා උබට අන්තිමටම මතක් වෙලා තියෙන්නෙ. අනිච්චේ දුක්කේ.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....