Tuesday, December 24, 2013

මගේ සිංහල බ්ලොගය - නොහිතපු ගමන

මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ ‍සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි.  එයද කල් යත්ම කරන විශය පතයට සීමා වූ පිරිසක් බවට පත් වී පසුව පාසල් අධ්‍යාපනය අවසානයේ හදාරණ පාඨමාලවට රාමුගත වෙයි. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයකට හෝ වෙන යම් අයතනයකට බැඳුනු පසු ඒ හරහා හඳුනා ගත් පිරිස සමඟ පමණක් වැඩිපුර ගැටේ. අහල පහළ, පෙර පාසල, ප්‍රාථමික පාසල, ද්වීතික පාසල හා විශ්ව විද්‍යාලය යන අවස්තාවලින් වඩාත් වැඩිපුර කාගෙත් මතකයේ රැඳි පවතින්නේ විශ්ව විද්‍යාල සමයයි.

බ්ලොග් අවකාශයේ දැන හඳුනා ගැනිම යනු, සාම්ප්‍රදායික දැන හඳුනා ගැනිමෙන් ඔබ්ට ගිය ප්‍රකාශිත අදහස මත ගොඩනගා ගන්නා ප්‍රතිරූපය හා ගනුදෙනු කිරිමකි. විවධ වූ සාමජ කොටස් සමඟින් හා විදෙස් රටවල් නියෝජනයනය කරමින් පැමිනියත්, සිංහල ‍බ්ලොග් කලාව තුල කාටත් පොදු එකඟතාවය නම් සියලු ගනු දෙනු සිංහල භාෂාව හරහා ප්‍රකාශනය කිරීමයි. මේ හඳුනා ගැනිම තුල කෙනෙකු සාර්තක වන්නා සේම තව අයෙකු රැවටීමටද ලක් කල හැක. අප දන්නා ඉතිහාසය තුල මෙම අවස්ථා දෙකම අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් සත්‍ය ලෙස සිදු වි ඇත. අනාගතයේදිද එය එලෙසම වනු ඇත.

2009 දෙසැම්බර් මස 24 දින ආරම්භ කරන ලද මාගේ බ්ලොග් අඩවියට අදට වසර 4ක් පිරීඇත. ඒ තුලින් මා ලබාගත් දේ බොහෝය. දැන හඳුනා ගත් පිරිස බොහෝය, තවමත් අකුරු වලින් ‍පමණක් චිත්‍රනය වි ඇති පිරිසක් සිටියි. හැම දේම කාලයක් යද්දි එපා වන්නා සේ බ්ලොග් අඩවියට ඒ කාලය දැන් උදා වී ඇත. බ්ලොගයටම වී සිටි කාලයක් තිබුණි. එහෙත් දැන් අහම්බෙන් ලිපියක් දෙකක් පමණක් ලියවේ. මෙම බ්ලොග් අඩවිය නිසාම බැනුම් ඇසූ යුගයක් තිබුණි. එහෙත් දැන් අසාවට බයින්න එකෙක් නැතිය. සිතුවාට වඩා ඉහල වටිනා කමක් ලැබුවේ සිංහලෙන් අකුරු කල මේ බ්ලොග් අඩවිය නිසාය. එබැවින් මම එයට ගෞරව කරමි. සේවාව පවතින තුරා ලිපි එකතු කරමින් එය පවත්වාගෙන යාමට අදහස් කර සිටිමි. සිංහල බ්ලොග් අවකාශයේ සැරිසන පිරිස, වැප් බ්ලොගය නිසා පමණක් හඳුනා ගැනිමට මම ඉතා කැමැත්තෙමි. ඔවුන් අගයන්නටද පසුබට නොවෙමි.  


වැප්

33 comments:

  1. මගේ සුභ පැතුම්....පහු ගිය ටිකේ ලිව්වා මදි නේද?

    ReplyDelete
  2. සුභ පැතුම්!! මකුලු දැල් කැඩුවා සේම තව කාලයක් මකුලු දැල් බැදිමට ඉඩ නොදේවා!!

    ReplyDelete
  3. සුභ පැතුම්! මගෙ බ්ලොග් එකටත් ගිය ජූනිද ජූලිද කොහෙද අවුරුදු 4ක් උනා!!! මතත් දැනුයි ඒක මතක් උනේ. සාර්ථක දුර ගමනකට සුභ පැතුම්!

    ReplyDelete
  4. එකෙන්ම ජය !!! තවත් ලියවෙන්න :)

    ReplyDelete
  5. ඔන්න අයියේ පලවෙනියටමයි මං මේ පැත්තට ආවේ

    ReplyDelete
  6. සුභ පතනවා මෙච්චර දිග කාලයක් එන්න ලැබුණු එකට. අපි අලුත් හින්දා අයියාව අදුනා ගත්තා විතරයි. දිගටම හම්බෙමු

    ReplyDelete
  7. බිත්ති හෙමත් අළුත් කරල අළුත් අවුරුද්දෙ වැඩ පටන්ගත්තනං...

    ජය...!

    ReplyDelete
  8. සුබ පැතුම්.. ජය

    ReplyDelete
  9. උඹව හඳුනා ගැනීම ලැබීම සතුටක්!

    ReplyDelete
  10. වැපා...උඹ එල කොල්ලෙක්...

    ReplyDelete
  11. සුභ පැතුම් සභාපති තුමා...

    (බ්ලොග්වලට මෙයිට වඩා හොද කලක් යනවා තොපි එකතු වෙලා අර ගූගල් මාමගේ ඔපීසියල් බස් එකේ පිස්සු නොනටන්න.. කෝ කිව්වට ඇහුවෑ.. :D )

    මේ එතකොට අර අනිත් බ්ලොග් දෙකට දැන් වයස කීයද..? :D :D :D

    ReplyDelete
  12. අඩේ මාරේ වැපාට තව බ්ලොග් දෙකක් තියනවද බං . මොනවද ඒ. මං දැකලම නැනේ

    ReplyDelete
  13. සුභ පැතුම් මචන්...!
    ඔබේ නම අසා තිබුනට ලිපි කියවල නැතිය.
    ඉඩ ලැබෙන විදියට අපට යමක් දෙන්න.

    ReplyDelete
  14. සුභ පැතුම් !!! ඉදිරියටම යමු.

    ReplyDelete
  15. සුබපැතුම් මචං..

    ReplyDelete
  16. ජයවේවා මචං..හදවතින්ම සුබ පතනවා..උඹ 2009 දෙසැම්බර් 24 සිංහල බ්ලොග්වලට එනකොට මම 2010 අප්‍රේල් 18 එනවා..මගේ අත්දැකීම් උඹට වඩා මාස 5 ක් අඩුයි..ඒක නිසා අදටත් මම උඹේ අවවාද අනුශාසනා පිළිගන්නවා..කොහොමවුනත් ඉදිරියටත් හොඳ දේ ලියන්න උඹට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ආයෙත් මුණ ගැහිලා පිස්සුවක් කෙලිනකන් නැවතත් ජයවේවා

    ReplyDelete
  17. යුනිකේත ඇසුරින් සිංහල බසින් සයිබරය සරසන්නට අමිල මෙහෙවරක් කළ වැප් නිශාන්ත නම් අපුර්ව සහෘදයානන්ට මගේ සුබ පැතුම්.

    ReplyDelete
  18. 4ට 40ක් ලියන්න ලැබේවා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. අඩේ මාත් ලිව්ව නේද බ්ලොග් එකක්... ඒකටත් අවුරුදු 4 පැනල නේද... නොවම්බරේට 4 උනේ...

    ReplyDelete
  20. සුබ පැතුම්!! - සුමි.

    ReplyDelete
  21. සුබ පැතුම් සහෝ . තව බොහෝ කාලයක් සිංහල බ්ලොග් කලාවට සේවය කරන්න ලැබේවා !

    ReplyDelete
  22. ජයවේවා!!!!!

    ReplyDelete
  23. සුබ වේවා.... ජයෙන් ජය.....

    ReplyDelete
  24. @mayya
    ලිව්වා මදිත් කියලා අහනවා කම්මැලි කම තමයි

    @සමී
    එසේම වේවා

    @ඇනෝ
    ස්තුතියි

    @නොහික්මුණු ඇස
    තව ලියමු

    @මල් මල් අඩවිය
    ඒක නම් කමක් නැහැ දැන් ඉතින් හැමදාම එන්නකෝ

    @බැලැක් පූමා
    අනිවා අනිවා දිගටයම ඉමු මේකේම

    @ධනා
    ස්තුතියි

    @නෙරංජි
    ස්තුතියි

    @සාබිත්
    හේ හේ එලමකිරි

    @අන්ඩර් රයිටර්
    තැන්කු තැන්කු

    @මාරයා
    ස්තුතියි
    අනිකවා ගැන සඳහනක් නැහැ ඒවා වැලිතලාවෙන් යට

    @රුචා
    එසේම වේවා

    @අටමා
    තිබ්බාද කියලත් අහනවා

    @කෙන්ජි
    නම දැනගත්තත් ඇති

    @සුධික
    එලකිරි

    @කණීයා
    පැරණී සාමාජිකයෙක් දැකිමත් සතුටක්

    @ජනරඟ
    හේහේ සමකාලීනයෝ

    @නලින්
    තැන්කු

    @අඩවි රජා
    එසේම වේවා
    රාජ සම්පත් නම් එපෝ

    @පිස්සා
    අඩෝ උබලාව දකින්ත් ආසයි

    @ඇනෝ සුමි
    තැන්කු

    @ලොකු ජෝන්
    එසේම වේවා ..තැන්කු

    @ප්‍රසාන්
    තැන්කු

    @ලිෂාන්
    තවත් සමකලානියෙක් සහ පැරැන්නෙක්

    @අරුගේ
    එසේම වේවා

    @ලක්ෂිත
    තැන්කු

    ReplyDelete
  25. අඩේ ජයස්‍රී වේවා.. :D

    ReplyDelete
  26. සුභපැතුම්!
    ලඟදි නං ලිව්වා නොලිව්වා වගේ උනත් ලිවීමට වැඩිය සෑහෙන සේවයක් උඹ කරල තියනව.

    ReplyDelete
  27. ජයවේවා.........!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  28. කාලය මැවූ වෙනසක අරුමේ! පුළුවන් විදියකට ලියන් යන්න. ඔබට සුභ නව වසරක් වේවා!

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....