Wednesday, April 30, 2014

1817-2017 කැරැල්ල

නිබන්දනය නිම කල යුතු දිනය 2099/09/09 ලෙස සටහන්වත තිබුණත්, එය කෙසේ අවසන් කරමිදැයි තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් නැත. තව ඇත්තේ ඉතා සීමිත දින කිහිපයකි, බොහෝ කරුණු එක් රැස් කර ඇතත් පෙළ ගස්වන්නේ කෙසේද?. කේවල ව්‍යාපතීයක් ලෙස ප්‍රථම උපධිය සඳහා -පුරාතණ ශ්‍රී ලංකාවේ දාහතේ කැරැල්ල- මාතෘකව තොරාගනු ලැබීය. විටෙක එය වැරදි තෝරාගැනිමක් ලෙස පෙනී යයි. තව විටෙක ඉතිහාසය සොයා නිවැරදි නිගමනයකට එලබිමට ඇති උන්නදුව මඟ හැරිමට නොහැකියයි සිතේ. අදින් වසර 282 කට කලියෙන් පැවති 1817 කැරැල්ලත්,  වර්ශ 82 කට පෙර සිදු වූ 2017 කැරැල්ලත් සංසන්දනාත්මකව විග්‍රහ කොට, අවස්ථා දෙකේදිම දැඩි ලෙස මර්ධනයට ලක් වූ ස්වදේශිකයා  එලබෙන නැගීසිටිමකදි නිවැරදි කරගත යුතු අවස්ථා පෙන්වා දීම මෙහි මුඛ්‍ය අරමුණ බවට පත් නොකර ගැනීමට වග බලා ගත්තේ 2017 සිදු වූ ශෝචනීය ඉරණමක් මා වෙත ලඟ කර ගැනීමට ඇති දැඩි අකමැත්ත නිසාවෙනි.

වෙබ් අඩවි කිහිපයක් හරහා ගමන් කිරමින් ඉතා පහසුවෙන් වසර 1817 සිදුවීම් එකිනෙක පෙළ ගස්වා ගතහැකි වුවත් 2017 සිදු වූ සිදුවිම් සෙවිම යනු ඉතා අපහසු කටයුත්තකි. නිවැරදි තොරතුරක් එක එල්ලේ ප්‍රකාශ වූ අවස්ථාවක් සොයා ගත හැකි නොවීය. ඒ කෙසේ වෙතත් පහත පරදි සොයාගත් තොරතුරු වගු ගත කර තැබීම වඩා හොඳ යැයි මට සිතුනි



1817
2017
ශ්‍රීලංකාව එවකට යටත් කොට ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව එවකට ශ්‍රිලංකාවේ පලනය ගෙන ගිය සන්ධාන ආණ්ඩුවේ පාලනයට විරුද්ධව
විශේෂයෙන්ම පන්සල මූලික කරගත් ස්වදේශික සිංහලයන්ගේ හා  රදලයන්ගේ මූලිකත්වයෙන් පොදු මහජනතාව
කැරැල්ල ඇති වීමට ප්‍රධාන හේතුව නම් කෙත් වතු ගිනි තැබිම වැනි ආර්ථික මරමස්ථාන වලට පහර දීම
  • බඩු මිල ඉහල යාම, 
  • සමාජ සාධාරණත්වයක් නොතිබිම
  • පාලකයන්ට එක නීතියකුත් සමන්‍ය පොදු ජනතාවට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වීම
  • පෞරාණික ස්ථාන කඩා බිඳ දැමිම,
  • වනාන්නතර සංහාරය
  • පවතින සමාජ සභ්‍යත්වය ඉක්මවා යාම
  • සැමට සාධාරණ නොවු සමාජ ක්‍රමයකට උත්පේරක සැපයීම
  • කොඳුනාරටි කඩා දැමූ කුදු සමාජක්‍රමයක් ඇතිකිරීම
දොරේසාමි 'කුමාරයා' ප්‍රමුඛ කරගනිමින් හුදෙකලා සටන් ඇරඹීම අන්තර්ජාලය මුල්කරගනිමින් වඩා සංවිධානත්මකව, අවිආයුධ වලින් තොරව
කැප්පෙටි පොළ නිලෙමේ තුමා ස්වේදේශික ජනයා සමඟ එකතු වෙමින් කැරැල්ල මෙහෙය වීම හා
යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයක් බවට පත් විය.
අන්තර්ජාලය දැඩි ලෙස පලනය කර, පවතින අවනීතිය තව තවත් දැඩි කරමින්, සැකය එල්ලවන සියලු කැරලිකරුවන් විනාශ කරදැමිම
සියලුම ජනතාව එකතු වී කැරැල්ලට සහාය දැක්වමින් ඉංග්‍රීසි ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක් කිරීම ගතු කේල්ම් කියන්නන් වැඩි වී, මුදලට තාන්න මාන්න වලට කැරැල්ලේ තොරතුරු නිරාවණය කිරීම
වතුපිටි ගිනිතබමින් සියලු දේපල සංහාරයකට ලක්කරමින් ඉංග්‍රීසින් කැරැල්ල සාර්තකව මැඩපැවැත්වීම රාජ්‍ය බලය හා භීෂනය යොදවා වර්ෂ 2019 කැරැල්ල සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම
වර්ෂ 1948 ඉංග්‍රීසි පලනයෙන් මිදිම වර්ෂ 2025 දී යහපාලනයක් ඇතිවීම


අපිළිවෙල හුදෙකලා තොරතුරු සොයා හැකි පමණින් සංෂිප්ත කලෙමි.

වැප්

13 comments:

  1. බලපං ඉතිං මං මේවට කමෙන්ට් කරන්නේ කොහොමැයි. නුඹගේ පරිකල්පනය නම් විශිෂ්ඨයි වැප්.

    ReplyDelete
  2. බ්ලොග් අවකාශය පුරාම "වැප් නිශාන්ත" කියන නම දැකල තිබුනත් ඔන්න අදයි ගොඩවදින්න අවස්ථාව ලැබුනෙ.

    හරිම අපූරු ලිවීමක්. අම්මප මෙහෙම කැරැල්ලක්වත් ගහල බැරිවෙයිද මුන් ටික එළවල දාන්න.

    ReplyDelete
  3. අන්තර්ජාලය මුල් කරගත් මහජන නැගිටීමක් 2017 ? උඹේ ඔලුව කොහේ හරි හැප්පුනාද බොල???? :D

    ReplyDelete
  4. එතකොට බන් යසපාලයා එන්නේ 2025දීද?

    ReplyDelete
  5. sorry machan ... but a dumb post :)

    ReplyDelete
  6. වැපා බොලාව මහින්ද ජනාදිපති කාර්ය මන්ඩලේ ජෝතීස උපදේසකයෙක් කරයි,,ඔහොම අනාවැකි කියන නිසා

    ReplyDelete
  7. උඹේ ප්‍රවේශය මාරයි.
    2025 වෙනකල් ඉන්න බෑ බං

    ReplyDelete
  8. හෙහ් හෙහ් හෙහ් අනේ බන් වැපෝ...

    ReplyDelete
  9. "එලබෙන නැගීසිටිමකදි නිවැරදි කරගත යුතු අවස්ථා පෙන්වා දීම මෙහි මුඛ්‍ය අරමුණ බවට පත් නොකර ගැනීමට වග බලා ගත්තේ 2017 සිදු වූ ශෝචනීය ඉරණමක් මා වෙත ලඟ කර ගැනීමට ඇති දැඩි අකමැත්ත නිසාවෙනි"

    ඒ කියන්නෙ 2099 වෙද්දි ආයෙත් කෙලවෙලාද? ;-)

    ReplyDelete
  10. ඉතිං වැපෝ 2025 වෙනකම්ම ඉන්න වෙයිද? සුපිරි පරිකල්පනයක් බොල...

    ReplyDelete
  11. යකෝ උඹ අපිව බය කොරනවනේ. ඔච්චර කාලයක් කොහොම ඉන්නද

    ReplyDelete
  12. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
  13. සිරාවටම සිරා ඕයි . .

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....