Friday, June 27, 2014

වැප් - ආජ්‍ය අංශයේ ඉතිහාසයෙන් බිඳක්

මට පොඩි කාලේ ඉඳන් මාර උවමනාවක් තිබ්බා ආජ්‍ය අංශයේ රැකියවක් කරන්න. ඔන්න ඉතින් ඕක ඇත්තක් බවට පත් උනා 2012 අවුරුද්දේදි. ජාල පිටු අටෝ අටෝ හිටපු මං ගැහැව්වේ මාරු කරනනමක් තමයි. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවක් පැත්තකට විසික් කරන්න උනානේ. ඒත් සෙල්ලං නැහැ කොබල ඉස්ත්‍රික් ඒකම් එකේ තමයි වැඩේ සෙට් උනේ. අපිව ගත්තේ ටැයිනිං විදිහට. ඔය කාලෙදි තමයි මම අර කොළඹ තියන කෞතුකාගාරයට එහෙම ගියේ. ආජ්‍ය අංශයේ හැටි දැන දැනම ඒකට රිංගුවේ ඇත්තද මේ පිට ඉදන් කියන උන් කියන්නේ කියලා දැන ගන්නමයි. හම්මාපා ඇත්තනේ ඕයි. මෙන්න බලන්නකෝ විස්තරය

පැමිනීම
අපරාදේ කියන්න බැහැ සේරම එනවා වෙලාවට, ඒ කියන්නේ 8.30 වෙද්දි, සමහරු කලින්ම එනවා ඒ කියන්නේ 8.15 කලින්. ඕකේ වාසියක් තියනවා, 8.15 කලින් ආවොත් 4 වෙද්දි කැපෙන්න පුලුවන් නැත්නම් ඉතින් 8.30 වෙනකල් ඉන්න ඕනේ. හැබැයි මෙහෙම සින් එකක් තියනවා මට ඔෆිස් එකේ ඉන්න උන් ඔක්කොම දැක ගන්න බැරි උනා මම හිතන්නේ. මොකද අපේ හැලසුම් අංශය වෙච්ච ඩිපාට්මන්ට් එකෙත් ඉන්න ඔක්කොගෙම මූණු ටික බලාගන්න මට මාස දෙක්ක විතර ගියා. මොකෝ අද එන එකා ආයේ එන්නේ තව සති දෙක තුනකින්. අපිට නිවාඩු නැති හින්දා අපි හැමදාම බඩ ගෑව. කියන්න ලැජ්ජයි අප්පා, උදේ ආපු ගමන් ෆැන් ටික දාගන්නවා, බත් මුල ලෙහා ගන්නවා, ඊට පස්සේ ක්ලින්න් එකට බයිනවා උන් හරියට සුද්ද කරන්නේ නැහැ කියලා, අනේද කියන්නේ මුන් හරියට වැඩ කරනවා වගේ, 

ඇට බෙදිම -
ඔන්න ඈ ඉතින් අර මහා ඇට බෙදිම තිබ්බේ, කොහෙද තොපිට මතක නැතිව ඇති, තොපි %^&*^* ජාතියේනේ. ( ජාතිවාදය ඇතිවිමට ඉඩ ඇති බැවින් ජාතිය බලාධාරියා විසින් කපා හරින ලදී). ඔය ඇට බෙදන්න කලින් කොඹල ඉස්තික්කයේ තියන සියලුම කොට්ටාෂ වලින් සංගනනයක් කලා. ඔය සංගනනයට තනි කර කලේ ලුපාදි ලාබින් හරි. උන් ඒ කාලේ මෙහෙම කිව්වාලු,

අපි අවේ ඉඳන් ඉන්න
අපිට උනේ අැට බෙදන්න කියලා



ඉතින් ඒ පැත්තේ තිබ්බ කොට්ටාෂ 13 න්ම තොරතුරු ගන්න මං තුමා විසින් හැදුවා පොඩි ඇක්සෙල් ෂිට් එකක්, ගුගල් ඔන්ලැයින් ෂීට් එකක්, ඒ ඒ කොට්ටාෂයෙන් තොරතුරු දාපුවාම මුලු ඉස්තිරික්කෙම තොරතුරු ඔටෝ මේට් සංෂිප්ත කරලා දෙන්න (මරු නේහේ පොර ටෝක් :D ). ඔන්න දැන් ඒකේ ආපු සංෂිප්තය

  1. මිනිසෙක් දිනකට කරපිංචා මිටි දෙකක් කනවා . 
  2. මිනිසෙක් දිනකට බිත්තර  එකක් කුකුල් කොටුවෙන් ලබාගෛන  බිත්තර දෙකක් විකුනයි
  3. රඹුටන් ගෙඩි 1 ක් විකුනා රු 100ක අදායමක් ලැබිම
හිතන්න එපා අතිෂෛාක්තියක් කියලා ඇත්තටම ඔය වගේ මහ තේරුමක් නැති සංෂිප්තයක් අවා. වැරදි තොරතුරු තමයි අර ලුපාධිලාබින් දාලා තිබ්බේ. මම ඉතින් මොකද කලේ ඇසිල් අමාත්‍යතුමාට ඔය රිපොට් එක දෙන්ඩ බැරි හින්දා ඉහළ නිලධාරින් කියලා හරි කියලා හිතෙන ටික විතරක් අරන් දුන්නා

අනපති අනහමුව-
ඕකත් තිබ්බේ මම ඉන්නකොටමනේ, හපොයි ඒකේ තිබ්බ බොරුවක්, ලොක්කාව රවට්ටන්න බොරු හැදුවැයින් හැදුවේ නැහැ ඒ වගේ. බොලාට කියන්න ඒකට සම්බන්ද වෙච්ච උන් සාක්කුවට දාගත්තානේ මොණර කොල. මම නම් සම්බන්ද උනේ අර එතුමාට පිටපස්සේ තියන කටවුට් එක හදන්න විතරයි. 

ඒ කම්මැලි කම තාම තියෛ් ..ඒ හන්දා ඔය ඇති .. වෙන දවසක ලියන්නම් අනික් කුඩු කේඩු කම් ටික

වැප්

10 comments:

  1. අපොයි අපේ වැප්ටත් එහෙනං කම්මැලියෙක් වෙන්න ඇහැකි. ඔය කියන සේවේ රග දැනෙන්නේ පුද්ගලික සේවයක ඉදලා ආව කෙනෙකුට තමා ඉතින්. රටකට කෙළවෙන එක අහන්නත් දෙයක් ද ඉතින්.

    ReplyDelete
  2. ඔයත් දැන් ඒ සේවේ ද ඉන්නෙ, අප්පා ඕක ඇත්තම \ඇත්ත.

    ReplyDelete
  3. @නලින් අයියා
    කියලා වැඩක් නැහැ ඒ ගැන නම්

    @නදී
    අපෝ නැහැ මම මාස හයෙන් පැදුරටත් නොකියා මාරු උනා

    ReplyDelete
  4. නලීන් ඉන්නේ ආජ්ජ අන්චේද පුග්ගලික අන්චේද

    ReplyDelete
  5. @ කකා මා අයත්වන්නේ ඔය දෙකටම නැති තැනකට. මහාභාරකාර තැන යටතේ පාලනයවන රජයෙන් වැටුප් රාජ්‍ය සේවක වරප්‍රසාද නැති ආයතනය මගින් වැටුප් ගෙවන විශ්‍රාම වැටුප් අහිමි මාසික ගමන් බලපත්‍රය පවා අහිමි ආයතනයක. නමට කියන්නේ අර්ධ රාජ්‍ය ආයතන කියලා. මේක ගැන නම් වෙනමම ලිව්වැකි. එත් දැන්ම ඒක කළ නොහැකියි.

    ReplyDelete
  6. දැන් තියෙන්නේ ඔය සංක්ෂිප්තයේ කොටස් අයින් කරන එක නෙවෙයි. ඒක හරියි කියලා ඔප්පු කරන්න තව තව වියදම් කරන එක. එහෙම නැත්නම් උදාහරණයක් විදියට නිරෝගී වෙන්න එක මිනිහෙක් දවසක කරපිංචා මිටි දෙකක් කෑ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත හැක් කරලා ප්‍රොපගැන්ඩා එකක් පටන් ගන්න එක. ප්ලෑන් බී තමයි දත්ත එහෙමම තීයෙද්දි ප්‍රමිති කාර්යාංශයේ දත්ත හැක් කරලා කාපිංච මිටියට්ක් තිබිය යුතු උපරිම දඬු ගාන දෙකකුත්, කොල ගාන 16කුත් බවට යාවත්කාලීන් කරන එක.

    ReplyDelete
  7. හිහි
    බඩ එයි
    ඊට පස්සෙ ටයර් එකක් එයි
    පස්සෙ ටයර් දෙක වෙයි..
    අනිතිමට...
    හිහි....

    ReplyDelete
  8. සුදු වෑන් එකකින් යන්න ආසහිතුනද :P

    ReplyDelete
  9. අඩා රාජ්‍ය අංශයට මොකුත් කියල රාජ්ව අවුස්සගන්නව නෙවේ!

    ReplyDelete
  10. ආජ්‍ය ඉස්ත්‍රික් ඒකම් ටැයිනිං හැලසුම් ලුපාදි ලාබින්... මරු වචන ටික.. හෙහ් හෙහ් ඇත්තටම මේ වගේ වචන ශබ්ද කරන ය ඉන්නව නේද..

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....