Thursday, June 19, 2014

ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද?

රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුග‍ේම ඇඟ‍ේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල කේනද්‍රියව ගත් කල රට හෝ මව් රට වෙනස් වේ හෝ වෙනස් කල හැක . ආගම කියන වචන  දැනට දශක කිහිපයකට හැඳින්වූ යේ හුදෙක් කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් සඳහාය. පොදුවේ බෞද්ධයන් හැඳින්වූයේ සිංහලයන් ලෙසය. ආගම යන කාරනාවත් පුද්ගලික කාරණාවකි එනම් ආගම ඕනෑම මොහොතක, තම දැනීමේ හෝ ග්‍රහණය වන ආකාරයට වෙනස් කල හැක. නමුත් ජාතිය ඊට වඩා වෙනස් වෙයි. සෑම විට එය ජාතක වන්නේ මව් දෙමව්පියන්ගේ දායාදයක් ලෙසය.


සිරියාවතී හා රෆිනා අසල්වැසියයෝය. දිනක් දෙදනාම සිරිපාල ගේ කඩේට ගියෝය. අසල සිටි අසාද්සාලි මහතා ඔය කඩේ හලාල් නැතැයි කි නිසා, සිරියාවති හා රෆිනා යන දෙදනාම ටටුමේ සුපරි වෙලඳ සැලට ගියෝය. සිරියාවතී මිලෙන් අඩු හරිස්චන්ද්‍ර නුඩිල්ස් පැකට් එකක් ගන්නා විට රෆීනා වැඩි මිලට මැගි නුඩිලිස් පැකට් එකක් මිල දි ගත්තෝය. ඉන් පසු දෙදෙනාම බැංකුව වෙත පියමන් කලෝය. දැඩි අව්රශ්මිය නිසා සිරියාවති සාරි පොට ඔලුව වටේ ඔතා ගත්තාය. කෙසේ නමුත් දෙදනාම බැංකුවට අතුල්වීමට යාමේදි, සිරියාවතීව පමණක් නවතා ගත්තේය. ඔලුවෙන් සාරි පොට ඉවත් කරන ලෙස ආරක්ෂක නිලධාරින් දැනුම් දුන්නේ ආරක්ෂක හේතුන් මත බව පවසමිනි. තමා සමඟ පැමණි සිරියාවති කොහේ සිටිදැයි බැලිමට රෆිනා නැවත බැංකුවෙන් එලියට එන විට දුටුවේ, ඥාණසාර හිමියන් සිරියාවතිට ධර්මය දේශනා කරන අයුරුයි

ඉතින් මම මෙසේ සිතුවෙමි!

දෙමළ ත්‍රස්තයන් බිහිවීමට මුල් වූ හේතුව සඳහා සාධනිය පිළිතුරු සොයන අතරම, සිංහල ත්‍රස්තවාදය මීට වඩා බිහිසුනු වීමට පෙර, ශ්‍රි ලංකා රාජ්‍ය තුල සෑම ජන කොටසකමට එකම නීතියක් බලපැවැත් විය යුතුය!. මන්ද යත්, ජනවර්ගය මත වෙනස් වන නීතියක් පැවතීම, සිංහල ත්‍රස්තවාදය පැතිරවීමට, ධනාත්මක උත්පේරකයක් වී ඇති බව සනාථ වෙමින් පවතින නිසාවෙනි.


වැප්

23 comments:


  1. මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

    මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

    මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

    ReplyDelete
  2. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

    ReplyDelete
  3. මගේ
    ජාතිය
    ඔයා
    තරාදියේ
    ඔන
    පැත්තකට
    දාගන්න
    කීයක්
    උනත්
    කමක්
    නෑ
    නිදහස
    ගන්න
    තියෙනවද
    ?

    ReplyDelete
  4. මුස්ලිම් වේවා සිංහල වේවා දෙමළ වේවා මොන පැත්තකින් ආවත් ත්‍රස්තවාය ත්‍රස්තවාදයමයි. එය පටන්ගන්නා තැනම නවත්වා දැම්මේ නැතිනම් විනාශය අපටමයි. ජනතාව නීතිය අතට ගත යුතු නෑ. ඒ වගකිව යුතු අංශ නිවැරදිව ක්‍රියාත්මක වනවානම් වැඩේ හරි යාවි.

    ReplyDelete
  5. අගේ ඇති රචනාව... ඉස්තරම්!!

    ReplyDelete
  6. මට නං ජාතිය රට ගැන මහ ලොකුවට හිතන්නෙ නෑ. විශේෂයෙන්ම රට! රට කියන්නෙ අපි ජීවත් වෙන මේ කෑල්ල. මෙතනින් හාරගෙන ගියොත් තවත් රටකින් මතුවේවි. අපි මේ රටේ පුළුවන් විදියට ජීවත් වෙනව. එච්චරයි. රට කියන එකට කට්ටියක් මාතෘ භූමිය කියල ආදේශ කරල කරන විනාශය ඉහලයි. ඇයි මිනිස්සුන්ට ටිකක් සරළව හිතන්න බැරි?

    ReplyDelete
  7. වැප් සමඟ එකඟ වෙමි. මේ රටේ හැමදෙනාටම තිබිය යුත්තේ එක නීතියකි. ඒ සඳහා මේවා අනිවාර්යයෙන් සිදු විය යුතුය.

    1. ආගම් වලට විශේෂ වූ ඇඳුම් ඇඳීම ආගමික ස්ථාන වලට (හා පෞද්ගලික වාසස්ථාන වලට) පමණක් සීමා කළ යුතුය. (ප්‍රංශයේ මෙවැනි තහනමක් වේ.) මොනම ආගමක වත් පූජ්‍ය පක්ෂයට වත් සීමාවන් පැණ එවැනි ඇඳුම් ඇඳීමේ හැකියාව ලබා නොදිය යුතුය.

    2. තනි ජන කොටස් වලට විශේෂ වූ බහු විවාහ හා තේසවලාමේ වැනි පුද්ගල නීති සම්පූර්ණයෙන් අවලංගු කළ යුතුය. වනාන්තර සූරා කෑමට ඊනියා ආදිවාසීන්ට දී ඇති විශේෂ වරප්‍රසාද අවලංගු කළ යුතුය.

    3. එක ආගමකට පමණක් ප්‍රමුඛස්ථානය ලබා දෙන අන්දමට සකස් වී ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය ඉවත් කළ යුතුය. හැම දෙනකුටම තමන්ගේ ආගම වැදගත්ය. එනිසා සියළුම දෙනාගේ ආගම් රජය විසින් සම තත්වයේ ලා සම ගෞරවයකින් සැලකිය යුතුය. මෙය ලෙහෙසියෙන් කළ හැකි ක්‍රමයක් නම් ආගම් ආගම් විදියට තියා රජය ආගම් ගැන කරදර වීමෙන් වැළකීමයි.

    4. ජාතික කොඩිය කෙසේ වෙතත් ජාතික ගීය තනි බසෙකින් පමණක් ගැයීමේ වැරදි සිරිත වහාම අත්හළ යුතුය. අවස්තෝචිතව ජාතික ගීය රැස්ව සිටින පිරිසගේ කැමැත්ත පරිදි සිංහලෙන් හෝ දෙමළෙන් ගායනා කිරීමට ඉඩ සැලසිය යුතුය.

    5. සෑම ආගමිකයකුටම ලබා දෙන ආගමික නිවාඩු දින ගණන සමාන විය යුතුය. එක පිරිසකට පමණක් වැඩිපුර නිවාඩු අවශ්‍ය නොවේ. එසේම තමන්ගේ ආගමේ නොවන නිවාඩු දින කිසිවකුට ලබා දීම අවශ්‍ය නොවේ. උදාහරණයක් හැටියට ඉස්ලාම් භක්තිකයකුට වෙසක් දවසේ වැඩ කිරීමට බාධාවක් තිබිය නොහැකිය.

    6. ආගම් ඇදැහීම ආගමික ස්ථාන වලට හා පෞද්ගලික නිවෙස් වලට සීමා කළ යුතු අතර කවර හෝ ආගමක් සඳහා එය පොදු කටයුත්තක් කර නොගත යුතුය. කවර හෝ ආගම්කඉන් කරනු ලබන ශබ්ද දූෂණය අවම කළ යුතුය.

    7. ආගමික වශයෙන් බෙදා පාසල් පවත්වාගෙන යාම අත්හළ යුතුය. දෙමාපියන්ගේ කැමැත්ත අනුව ඕනෑම පාසලක ඕනෑම ආගමක් ඉගැන්විය යුතුය.

    8. රාජ්‍ය ආයතන සියළු ආගම් සම තත්වයෙන් සැලකිය යුතුය. එසේ නැත්නම් ආගම සම්බන්ධ නොකර ගෙන සිටිය හැක.

    ReplyDelete
  8. මේ රටේ සාමාන්‍ය සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාවට ඒ ඒ අය අතරෙ කිසිම ප්‍රශ්නයක් නෑ. හැමෝම ලෑස්තියි එකා වගේ සහයෝගෙන් ජීවත් වෙන්න. ඒත් ඔය හැම ජාතියක් තුල ඉන්නවා මනුසත් බව ලැබීමට නොසුදුසු වූ අමනුෂ්‍ය පිල්ලි. මේ වගේ කිහිප දෙනෙක් ඇති රටක් කාලා විනාස කරන්න. රට ආයෙත් 83ට අරං යන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. මේ මුළු රටේම නීතිය වල් වැදිච්ච යුගයක්. ඉතින් මේ හැමදේම අලුත් විය යුතු කාලය එළඹ තියෙනවා. එහෙම නොවුනොත් ආයෙත් මේ රට ලේ විලක් වෙයි.

    ReplyDelete
  9. ලංකාව කියන්නේ මෝඩ මිනිස්සු ඉන්න රටක්. කොටින්ම ගෝත්‍රික ගති රටක්. අපේ කලිසම කමීසේ අඳින එකත් කැමති ගෝත්‍රික සරම බැනියමට, සාටකේට. උන් අමුඩේ කරේ දාගෙන ගියේ නැති උනාට, කරේ එල්ලගෙන යනවා. සුද්දො නම් ඒකට කියන්නේ ටයි පටිය කියලා. මම නම් ඒකට කියන්නේ අමුඩේ කියලා. මොකෝ මුන්ගේ චින්තනය ඇවිල්ල පට්ට අමුඩ චින්තනයක්. උන් සංසාරෙදි අහලා නැති ඇට කෑළි වලට කෙස් වලට පෝලිමේ ගිහින් වඳිනවා. තව සෙට් එකක් දෙවියන් වහන්සේ ආයේ එනකන් බලාගෙන ඉන්නවා. තව සෙට් එකක් ලෝගු වල බැහැලා. ඔළුවේ ඉඳගෙනම කළු පෙරවගෙන අල්ලා හොයනවා. අනික් ටික මොට්ටු තියාගෙන අළු වලින් ඉරි ඇඳගෙන දෙහි ගෙඩු මිරිස් කරල් එල්ලගෙන යනවා. පට්ටම ආතල් එක කියන්නේ මුන් ඔක්කෝම බලාගෙන ඉන්නවා දියසේන කුමාරයා එනකන්. ඌ ආවා. ඌ දැන රට ගිනි තියනවා. අප්සට් සෙට් එක රාවණා එනකන් බලාගෙන ඉන්නවා. ඒ අස්සේ අද ගුරු මාරුව. කට්ටියම ෆුල් ආතල් එකේ ඉන්නේ. ඔක්කෝම ලග්න වලට සුභයිලු. ගුරු මාරු උන නිසාද දන්නේ නෑ, තම්බි ටිකත් කඩ වහලා මාරු වෙලා. හර්තාල්ය කියන්නේ.. නොවේ මෙවන් වින්දනයක් ළොවේ..

    ReplyDelete
  10. මේ රටේ හැමදෙනාටම තිබිය යුත්තේ එක නීතියකි.ඒ සදහා ඔබත් දායක වන්න..

    https://www.change.org/en-GB/petitions/excellency-president-mahinda-rajapaksa-call-for-justice-protect-ensure-safety-of-sinhalese-buddhist-catholic-others-people-in-sri-lanka

    ReplyDelete
  11. @Anonymous June 19, 2014 at 3:06 PM

    මෙතැන තියෙන්නෙ හැමට පොදු නීතියක් කියන එකක් නෙවෙයිනෙ. අනෙක කරුණු විකෘති කිරීමක්. අලුත්ගමදී පහර කෑවේ මුස්ලිම් මිනිස්සු. මැරුණේ මුස්ලිම් මිනිස්සු. කැඩුණේ මුස්ලිම් මිනිස්සුන්ගේ නිවාස කඩ. ඉතින් මොකද මේ සිංහලයින්ගෙ ආරක්ෂාව ගැන කතා කරන්නෙ?

    ReplyDelete
  12. //4. ජාතික කොඩිය කෙසේ වෙතත් ජාතික ගීය තනි බසෙකින් පමණක් ගැයීමේ වැරදි සිරිත වහාම අත්හළ යුතුය. අවස්තෝචිතව ජාතික ගීය රැස්ව සිටින පිරිසගේ කැමැත්ත පරිදි සිංහලෙන් හෝ දෙමළෙන් ගායනා කිරීමට ඉඩ සැලසිය යුතුය.//

    ඉහත දක්වා ඇති අදහසට ඇර ඇනෝගේ අන් අදහස්වලට එකඟයි.. මෙම හතරවැනි අංකය ත්රුමක් නැති දෙයක්. හොඳම උදාහරණය ළගම ඇති ඉන්දියාව.
    “ජන ගන මන අධි නායක ජය හේ“ කියලම තමයි වෛකෝ වගේම ජයලලිතත් කියන්නේ. එහෙම තියෙද්දි අපි විසින් සීමාව ඉක්මවා දේවල් කරන්න යෑම වරදක්.

    ReplyDelete
  13. ආගම්වල් ඇති දේ රටේ නීතිය කිරීම වරදක්. රටකට ආගමක් නෑ.

    සරලව කාටත් තේරෙන විදියට කියනවා නම් වෙසක් පෝයදාට වයින් ඉස්ටෝරු වැසීම වැරදියි. ඒකෙන් සල්ලි තියෙන ගෙදර ලිකර් කැබිනට් එකක් තියෙන අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    ReplyDelete
  14. අරාබියේ ඉස්ලාම් වල‍ට මුල් තැන දෙනවා නම් ලංකාවේ බුුද්ධාගමට මුල් තැන දුන්නාම මොකද?

    ReplyDelete
  15. උපුටාගැනීමක්

    A very interesting comment on a website by a Tamil Christian (using the name Lorenzo) is being shared to convey who the real owner of Sri Lanka is in very simple terms.

    Here is what he writes:

    “Being a Tamil Christian, I believe Sri Lanka is a SINHALA BUDDHIST country.

    Let’s play a game.

    1. Show me where is Tamil Hindu country?

    Tamil Nadu. Good.

    2. Show me a English Anglican country?

    England. Good.

    3. Show me a Hindi Hindu country?

    India. Good.

    4. Show me an Islamic Arabic country?

    Saudi. Good.

    5. Now show me the Sinhala Buddhist country?????

    It is now called Sri Lanka. Correct name Sinhela.

    Did God Jesus Christ visit Sri Lanka? NO.

    Did Prophet Mohammad visit Sri Lanka? NO.

    Did Krishna visit Sri Lanka? NO. (Rama did visit Sri Lanka but to destroy it.)

    Did Buddha visit Sri Lanka? Oh! Yes!

    So it is a Buddhist country. Sri Lanka is the ONLY country Buddha visited BY CHOICE. He was in Nepal/India so he had no choice there. But the moment he got a choice, where did he visit? Sri Lanka

    So this is why Sri Lanka is the Sinhala Buddhist country.

    But some foolish Sinhala Buddhists have out of GENEROSITY given up their claims.

    So all the cats and dogs have started to claim it as theirs.

    If you still don’t believe it let me explain from the Bible – Wise King Solomon.

    Once upon a time there was a very wise king by the name Solomon

    He was the king, army commander, the judge and the jury and the parliament. Somewhat like MR.(I like this!)

    One day 2 women came to him claiming ONE baby as theirs. 2 mothers, 1 baby!

    King asked, “Yako, whose son is this?”

    MINE! Screamed both women.

    Then the king asked, whose son is this?”

    MINE! Screamed both women.

    hmmmm…thought the wise king. He ordered a soldier to cut the baby into half and give each half to each woman. Then ONE woman came to the baby’s rescue and stopped the king. She begged to spare the baby.

    So the king found the OWNER of the baby!

    And he hacked the other FAKE woman to death.

    When Norway, UK, India, USA, UNHRC, LTTE, PLOTE, IPKF, Tamil MODA-RATES, etc. tried to CUT SL into halves, who came forward to defend it?

    Muslims? NO.

    Tamils? NO.

    Europeans? NO.

    (Well VERY few of them DID come forward UNDER the leadership of real owners).

    Sinhalese. YES. Like the REAL mother of that baby, Sinhalese came forward to defend their baby – Sri Lanka

    That establishes who the REAL OWNER of Sri Lanka is.

    (I know we are not as wise as King Solomon, but we are intelligent enough to get it, aren't we?)

    ReplyDelete
  16. සියලු දෙනාටම නීතිය සමාන වීම සහ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීම තමයි රටක සාමයට ඇති එකම මාර්ගය

    ReplyDelete
  17. /ඉහත දක්වා ඇති අදහසට ඇර ඇනෝගේ අන් අදහස්වලට එකඟයි.. මෙම හතරවැනි අංකය ත්රුමක් නැති දෙයක්. හොඳම උදාහරණය ළගම ඇති ඉන්දියාව./

    නීතිය සියළු දෙනාට සමානය කන්සෙප්ට් එකක් ගේනවා නම් එය *සියළු නීති වලට* එක සේ අදාළ විය යුතුය. එක නීතියකින් පමණක් එක් ජන කොටසකට විශේෂත්වයක් කරන්නේ යම් මොහොතකද ඒ මොහොතෙහි මේ කන්සෙප්ට් එක බිඳ වැටේ. එසේ හෙයින් ජාතික ගීය සම්බන්ධයෙන්ද එය එසේ විය යුතුය. ඉන්දියාවේ හෝ වෙනත් රටම කාරණා ඊට අදාළ නොවේ.

    ReplyDelete
  18. /අරාබියේ ඉස්ලාම් වල‍ට මුල් තැන දෙනවා නම් ලංකාවේ බුුද්ධාගමට මුල් තැන දුන්නාම මොකද?/

    දැන් මෙතැන වැප් ඉදිරිපත් කරන විසඳුම 'හැමෝටම එකයි' කියන එක. රටක් එක ආගමකට ලියා දුන්නාම මේ කන්සෙප්ට් එක එතැනම බිඳෙන බව වැටහෙන්නේ නැද්ද?

    ReplyDelete
  19. 4. ජාතික කොඩිය කෙසේ වෙතත් ජාතික ගීය තනි බසෙකින් පමණක් ගැයීමේ වැරදි සිරිත වහාම අත්හළ යුතුය. අවස්තෝචිතව ජාතික ගීය රැස්ව සිටින පිරිසගේ කැමැත්ත පරිදි සිංහලෙන් හෝ දෙමළෙන් ගායනා කිරීමට ඉඩ සැලසිය යුතුය.



    මේ වගේ කරන තව එක රටක් කියන්න බලන්න???

    ReplyDelete
  20. නානසාරව ආයෙත් මහන කරමුද?

    ReplyDelete
  21. වෙන රටවල් කරන නොකරන දේවල් අදාළ වන්නේ ඇයි? රටේ සියළු දෙනාට එක නීතියක් කියන කන්සෙප්ට් එක පිළි ගන්නේ නම් එය සියළු නීතීන්ට පොදු විය යුතුය. එහෙම බැරිනම් ඒ කෙන්සෙප්ට් එක නොපිළිගෙන සිටිය යුතුය.

    ReplyDelete
  22. නීතිය අල්ලලා පොලේ ගහපු රටක තව මුකුත් නිවැරදිව පවතින්න විදිහක් නැහැ. නීතිය පාලකයාගේ ගොරහැඩි අත් දෙකෙන් මිදෙන්න ඕන.

    ReplyDelete
  23. කාටත් පොදු නීතියක් තියනවනම් ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. විශේෂයෙන්ම මුස්ලිම් අයට විශේෂ නීති මගින් අන් ජාතීන්ට නැති විශේෂතා ලබාදෙනවනම් එයට විරුද්ධ වෙන්න ඕන.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....