Tuesday, August 5, 2014

රොවින්ටාර් රෙකෝඩ්බාර්

කාලෙකට කලින් බොහොම කාලෙකට කලින්, ඔය එක එක කාලෙට එක එක පිස්සු එනවානේ, මේ කාලේ මට තිබ්බ පිස්සුව තමයි විදුලි පරිපථ හදන එක. සමහර විට මතක ඇති සෙනිත් කියලා පොත් සෙට් එකක්ම අවා. මගේ ගුරුවරයා උනේ අපේ ඉස්කෝලෙම උන්න දිම්මා. සතේ අතේ නැති කාලේ මට කොයින්ද පොතක් ගන්න සල්ලි මට මතක විදිහට ඒ කාලේ ඒ පොත රු 100 ක් උනෙත් නැහැ. කොහොම උනත් ගුරාගෙන් පොත ඉල්ලන් මාත් පෝඩ්ඩක් වැඩේට බැස්සා. සර්කිට් හදන උණ තදේට දැනෙන්නේ වෙසක් එක කිට්ටු උනාම, බුදුරැස් මාලාවක් හදාගන්න. 

අවශ්‍ය වියදම් , උවමනා වියදම් ඇරුනාම, ආශා වියදම් සපයන්න අපේ මව් දෙම්පියන්ට හැකියාවක් තිබුනෙත් නැහැ, හැකියාව තිබ්බාත් ඒ ප්‍රතිපාදන කවදාවත් අනුමත වෙන්නෙත් නැහැ. ඉතින් මම කියලා නිකා හිටියේ නැහැ, ස්වයං රැකියාවක් විදිහට වත්තේ තියන පුවක්, කජු දෙකම ඇහිඳලා එකතු කරනවා. මට මතක විදිහට කජු ගෙඩි 100ක් රු 20/- ක් විතර ඇති පුවක් ගෙඩියක් ශත 10 ක් විතර ඇති. ඒ තරම් ශක්තිමත් ව්‍යාපාරයක් නොවුනත්,  වෙසක් එකට බුදුරැස්මාලාවක් ගොඩදාගන්න පුලුවන් ආසන්න මුදලක් හොයා ගන්න ඇහැකි. ඒත් සල්ලි මදි නම් ඉතින් කඩේ යනවට ගමන් ගස්තු විදිහට රුපියලක් දෙකක් ගන්නවා, (ඔව් ඒ කාලේ ඉදින්ම කලේ කඩේ යන එක තමයි :D)

කොහොමින් කොහොමින් හරි, ගුරාගේ පිහිටෙන් මගේ ශක්තියෙන් දැන් බුදුරැස් මාලවක් හදන්න සල්ලි ටික තියනවා. ඒ කාලේ ඔය සෙනිත් පොත් තිබ්බේ බොරැල්ලේ YMBA එකේ කඩේක, මට දැන් නම් කඩේ මතක නැහැ. දවසක් ගුරා එක්ක ඔතනට මාත් අවා සැරයක්. කිරිබත්ගොඩ ලකී රෙකෝඩ්බාර් එකයි (දැන් නම් මේක නැහැ මම හිතන්නේ), රොවින්ටර් එකයි තමයි ඔය සර්කිට් බඩු ගන්න අපිට ලඟම තැන. රොව්න්ටර් එක නම් මම ඊයේ යනකොටත් දැක්කා. ඒක දැකපු හින්දා තමයි මේ අතීතයක් මතක් උනේ. ඔය රොවින්ටර් එකයි, ලකී එකයි ගත්තාම පොඩි වෙනසක් තිබ්බා. රොවින්ටර් එක පොඩි ඉඩක තිබ්බේ, හැබැයි A/C ඉතින් මම හරි ආසයි ඕකට රිංගන්න. ඇයි බොලේ කූල් එකේ පොඩේඩක් ඉන්න පුලුව්න් එකම තැනනනේ. දැන් නම් ඔෆිසියේ මගේ ඇඟටම වදින කරුම A/C එක එපා වෙලා තිබුණත්, ඒ දවස් වල මොන තරම් ආසද A/C පොඩ්ඩක් වද්දගන්න. 

ඉතින් කොහොමින් කොහොමින් හරි බුදුරැස්මාලව හදන්න,සෙනිත් පොතේ තියන විදිහට මාත් බඩු ටික ගත්තා. ඒකේ තිබ්බේ බැටර් හයකින් වැඩේ ගොඩදාන්න පුලුවන් කියලා. ඉතින් බැටරි එකක ගාන ඇහැව්වාම මගේ ඇස් දෙක උඩ ගිය හින්දා වෙන්ට ඇති රොවින්ටර් එකේ උන් කිව්වේ, ඔය සර්කිට් එක කරන්ට් එකට ගහන්න පුලුවන් කියලා. මාත් ඉතින් හදපිනා ගිය සතුටින් සර්කිට් බෝඩ් එකයි තව අර 22k, 5 ඕම්, කැපැසිටර් අරගෙන ගෙදර ඇවිත් වැඩේට බැස්සා. ෆෝමිකා බොඩ් කපාගෙන හිල් හදන් වද වෙන්න ඕනේ උනේ නැහැ. රෙඩිමේට් සර්කිට් බෝඩ් එක තිබ්බ හින්දා. දැන් ඉතින් සෙනිත් පොතේ තිබ්බ විදිහට ගානට ඔක්කොම සෙට් කරලා බවුත් එකෙන් ඊයම් එහෙම වක්කරලා, බොහොම සුමට විදිහට සර්කිට් එක හදලා ඉවර කලා. දැන් තියෙන්නේ විදුලි බලය සපයන්න. කියන්න කනගාටුයි මම කෙලින්ම සර්කිට් එක සම්බන්ධ කලා ගෙදර තියන 230V ප්ල්ග් එකකට. මට මතක විදිහට චුරුස් ගලා සද්දයක් අවා, එච්රයි, නිමි නිමි පත්තු වෙන බුදුරැස්මාලව වෙනුවට දුම්දාන බුදුරැස්මාලාවක් මට ඉතුරු උනා.

ඔය වෙනකොට පවර්පැක් එක ගැන මාගේ ගුරුවරයා මා දැනුවත් නොකර තිබීම ඉතාම ශෝචනීය තත්වයක්. රොවින්ටර් එකෙන් කර්නට් එකට ගහන්න පුලුවන් කියලා කියලා තියෙන්නේ පවර්පැක් එක හරහා කියන එක මට තේරුම් ගියේ පස්සේ දවසක වෙච්ච සින් එක ගුරා එක්ක කතා කරපු වෙලාවක. ඉතින් බුදුරැස් මලා හැදිල්ල එහෙම්ම නතර උනා. හැමදාම අපේ අම්මා කියන්නා වගේ ඒ වෙසක් එකටත් අපේ ගෙදර කලුවරේම තිබ්බා. 

වැප්

54 comments:

  1. උඹත් ඒ වැඩේ කරලනේ බැලුවම
    මං එකපාරක් 230v LED එකක් හදන්න 100k එකකුයි IN4007 එකකුයිද කොහේ පාස්සල පාත්එක කපන්නැතිව කෙලින්ම කරන්ට් එක දුන්න අමතක වෙලා. ඇස් නිලංකාර වෙලා ගියා මතකයි :D

    ReplyDelete
  2. අපොයි බොලේ.. අපි කාලෙකට කලින් මේවා ගැන කියෙව්වා.. බලං ගියාම හැම එකාම එල්ඊඩී අයිසී පිස්සෝනේ.. හැක්.. මම නං චැනල් අහු නොවුනට අර මොකක්ද ජනප්‍රිය සගරාව බලාගෙන මහා තඩි පැරබොලික් ඇන්ටනාවක් හිටන් හැදුවා..

    ReplyDelete
  3. ලබන වෙසක් එකට අපි ආයේ එකක් හදමු බන්.. උඹ කණගාටු වෙන්න එපා.. හෙහ් හෙහ්

    වෙසක් එකට ගෙදර කළුවරේ තියල බැනුම් අහපු උන් තවත් සිටීද?

    ReplyDelete
  4. ඔය සෙනිත් කියන්නෙ සෙනිත් එකෙන් ගහපු සිප්නැන එක වෙන්න ඇති. මගෙත් ආසම පොත් සෙට් එකක් තමයිඒක.
    අර LED ටික පට පට ගාල පිපිරුවෙ නැද්ද.

    ReplyDelete
  5. මටත් ඔය උන තදින්ම තිබ්බා ඒ කාලේ.... අපි ගියෛ් කැලි ගන්න රොබට් ඒජන්සියට. නැත්තං මරදානේ ආනන්දේ ඉස්සරහා පාරේ තිබ්බ සෙනිත් එකට..

    ReplyDelete
    Replies
    1. එකම දේ තමා කැරකෙන්නේ

      Delete
    2. පත්තරේ ගිය දැන්වීමක් අනුව මා රොබට් ඒජන්සියේ කන්ට්‍රෑක්ට් ජොබ් එකක් බලන්න ගියා. ඉන්දියාවේ මුද්‍රිත සර්කිට් පොතක් සිංහලට පරිවර්තනය කරන්න. සයිරන් එකක් හදන හැටි ගැන මුල් පොත සිංහලෙන් ලිව්වා. පොර එක පොතකට දෙන්නේ රුපියල් පන්සීයයි. මේ අනූ දෙකේ විතර. මං අල්ලලා දැම්මා. අතින් ගෙවලා හරක් බලනවා වගේ වැඩක්.

      Delete
    3. ආනන්දෙ ඉස්සරහ පාරෙ තියෙන්නෙ සෙනිත් නෙවෙයි සවුන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස්. ඒක තාම තියෙනව. ආනන්දෙ ආදි ශිෂ්‍යයෙක් තමයි හිමිකරු. සෙනිත් ඉස්සර තිබුනෙ නාලන්දෙ ගාව. ඊට පස්සෙ බොරැල්ලෙ YMBA එකට ගෙනාව.

      Delete
    4. කුමාරසිංහ රෙඩියො, බත්තරමුල්ලෙ කැපිටල් රෙඩියො වලින් තැපෑලෙන් ඉගෙන ගත්ත අය නැද්ද මෙතන

      Delete
    5. @ 5.01 Ano....ඉගෙනගත්තේ නම් නැහැ. හැබැයි ඔය දෙක ගැන රේඩියෝ එකේ ඇඩ්ස් ගියා. කැපිටල් රේඩියෝ තිබුනු තැන මතකයි තලංගම අටේ කනුව හරියේ වගේ.

      Delete
  6. @තාරක - අපෝ උබ නම් :D

    @දේශකයා - කරපු නැති එකෙක් නැහැ බන්

    @පැතුම් - තව ඇති තව ඇති (දැන් කඩෙන් ගෙනැත් බලුප් වැලක් දානවා)

    @ප්‍රසාන් - එහෙම මතකයක් නැහැ චුස් ගාපු සද්දේ දුම තමයි මතක

    ReplyDelete
  7. වැපෝ මේකට අර වැල් කොමෙන්ට් දාන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් දාගනින්කෝ.. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. දැම්මා දැම්මා

      Delete
    2. ඔන්න බලපං උඹ ඒක දැම්මෙත් අද! මහලොකු සින්ඩි කාරය!

      Delete
    3. රාජ්, Carpenter's door is always broken :D

      Delete
    4. කවුද යකෝ කාර් පෙයින්ටර් :D

      Delete
    5. මං නං දන්නේ වඩුවා ගේ ගෙදර පුටුව නැතිය කියන කතාවයි.

      හැබැයි වැප් මේ ටෙම්ප්ලේට් එක තමන්ම හැදුවායි කියා මා හිතන්නේ නෑ!

      Delete
    6. කතන්දර හරි .. (නිකන් දෙද්දි මම මොකට මහන්සි වෙනවාද)

      Delete
  8. වෙනස් කරන්න ඕනේ තමයි ...

    ReplyDelete
  9. ඔය සෙනිත් එකයි, තව පිට කොටුවෙ කුමාරසිංහ රේඩියෝ, වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ එලයිට් රේඩියෝ වගේ ඒවගෙ අපිත් බඩ ගෑව ඔය සර්කිට් උණට. හැබැයි කෑලි ගත්තෙ 1වෙනි හරස් වීදිය ද කොහෙද ( මල්වත්තට පස්සෙ පාර ) තිබ්බ කඩ් වලින්. ඕවගෙ චුට්ටං ලාච්චුවල නැති දෙයක් නෑ. ඉලෙක්ට්‍රොනික් උන ගහන්න අනික් හේතුව උනේ විදුසර. ඒකෙත් ඔය සරික්ට් කෑලි ගැන පොඩි ලිපි ගියානෙ.

    අපිත් පට්න්ගත්තෙ එක්කො බුදුරැස් වළල්ලෙන් නැත්තං නය්ට් රයිඩර් ලයිට් සෙට් එකෙන්. ඔය දෙක තමා ෆේමස්ම අයිටම්.

    පස්සෙ කාර් කැසට් එකක් අටෝල, ඒකට හෝම් මේඩ් ඊක්වලයිසර් එකක් දාල, පොඩි වූෆර් එකක් ඇළුමිනියම් කළයක තියල අන්තිමේ සිරා සවුන්ඩ් සිස්ටම් එකක් හදන තත්වෙටම වැඩේ දියුණු කර ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ආයේ එන්නේ නැහැ :D

      Delete
  10. මටත් ඔය සර්කිට් උන තිබුන. නමුත් ප්‍රතිපාදන හොයාගන්න බැරිවුනා කවදාවත්. මොකක් හරි ක්‍රමයකින් සල්ලි ආවනං ඒවට වෙනත් ප්‍රමුඛ කාර්යයන් යෙදිල තිබුන.

    අපේ තාත්තගෙ හේන ලඟ හිටිය මගේ යාළුවෙක්. ඉස්කෝලෙ ගමන 5න් පස්සෙ නැවැත්තුව. මම මුගේ ගෙදර ගිය දවසක ඔය බුදුරැස් වලල්ලක් හදන්න මූට ඕනවුනා. වලල්ලක් කිව්ව‍ට එල්ඊඩී පහක්ද කොහෙද තිබුනෙ. මාත් වැඩේ භාරගත්ත. මගේ අදහස උනේ අර තොරණ වල සිස්ටම් එකට බසිසිකලයක රෝදයකට සෙට් කරල නිවෙන පත්තුවෙන රැස් වලල්ලක් හැදිල්ල. වැඩේට ඕනකරන බෝඩ් එකක් නැති නිසා මම කිව්ව මූට කාඩ්බෝඩ් කෑල්ලක් අරං වරෙං කියල. මූ ගිහිල්ල ප්‍රාථමිකේ ඉන්න දවස්වල දුවල ගනිපු සහතිකයක් ගෙනාවෙ. මම ඒක කපල රැස් වලල්ල හැදුව. අපරාදෙ කියන්න බෑ බයිසිකලේ මේන් ස්ටෑන්ඩ් එක ගහල ලගේජ් එක උඩින් තිව්වම රැස් වලල්ල වැඩ. නමුත් උගේ අම්මගෙ බුදු පිලිමෙට නං ලයිට් එලියක් ලැබුනෙ නෑ කවදාවත්.

    ReplyDelete
    Replies
    1. හපොයි යකෝ අරුගේ සහතිකය

      Delete
    2. අපි පොඩි කාලේ පොඩි මෝටර් තිබුණානේ, එක බැටරියෙන් කැරකෙනවා.

      Delete
    3. රාජ් ගේ ඉදල් බිස්නස් එක පටන් ගත්තේ ඊට පහු කාලෙකද?

      Delete
    4. ඔව් කකා. මේ 7-8 විතර කාලෙ. ඉදල් වැඩේ පටන් ගත්තෙ ඊට ටිකක් පස්සෙ.

      Delete
  11. ප්‍රස්න දෙකයි!
    1. වත්තේ තියන පුවක්, කජු දෙකම ඇහිඳලා එකතු කිරීම ස්වයං රැකියාවක් වෙන්නේ කොහොමද? මොකෙන්ද ආදායම එන්නේ
    2. ඔච්චර අත්දැකීම් තියාගෙන ලොකු වෙලත් 110V එකකට 230V දුන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. //110V එකකට 230V දුන්නෙ ඇයි?//

      110V වලින් වැඩකරන ඉලෙක්ට්‍රොනික් බුදුරැස්මාල සර්කිට් එකක් ගැන ඇහුවමයි :P

      Delete
    2. නැහැ බන් මේ තිස්ස මහත්මයා වෙන මොකක්ද මඟුලක් අහන්නේ :D

      Delete
    3. උඹ මේ බුදු රැස් වළල්ලක් ෂෝට් වෙච්ච හැටියක් ගැන කියනවා.. ඒක තව මොකක්ද මේ වයර් ෂෝට් විල්ලේ හැටියට.. :D

      Delete
    4. පල ඩෝ අයියේ යන්න

      Delete
  12. 1. එකතු කරලා වික්කා එතකට ආදායම ආවා
    2. කවුද ඒ? අනේ මන්දා මම නම් දන්නේ නැහැ (ඒක දැන් සෝක් එකට වැඩ අප්පා මම හදා ගත්තා)

    ReplyDelete
  13. මටත් ඔය වගේම වැඩක් උනා. පොඩිකාලේ 6V බැටරියක් ලැබුනා රිජාර්ජබල් ලෑම්ප් එකකට එන. අර කලුපාට වයර් දෙක පාස්සන සීල්ඩ් ලෙඩ් ඇසිඩ් කිය වර්ගයේ. මම ඕක චාජ් කරන්න හිතන් කෙලින්ම ප්ලග් එකට හයිකරලා 230V දුන්නා. ඩොං ගාලා රබර් ඇබ ගැලවීලා උඩ විසීවෙලා ගින්දර පැනලා දුම් දාගෙන තමා බැට්‍රිය චාජ් උනේ.
    (මම කලින් දැම්ම කමෙන්ට් එක කෝ)

    ReplyDelete
    Replies
    1. කෝ එහෙම එක්ක නැහැ ... මේක තමයි ඔයැයි දාපු එකම එක කමේන්ට් එක

      Delete
  14. සිනෙත් එක තාමත් YMBA එකේ තියෙනවා වැපෝ... මං දැන් මාස දෙක තුනකට කලින් එතැනින් බැටරි චාජරයක් ගත්තා...

    රොවින්ටා එක කියන්නේ නුවර ඉදන් කොළඹ පැත්තට එද්දි පාරේ වම් පැත්තේ මාකොල පාරට ටිකක් කලින් තියෙන කඩේද..? රතුපාට බෝඩ් එහෙක කලුපාටින් අකුරු ලියලා තියෙන.. මට එහෙම මතකයක් තියේ... මාත් ඕකෙන් ඒ දවස්වල කැසට් රෙකෝඩරයක රෙපෙයාර් කිට් එක ගත්තා... තව ඒ මොනවා හරි කෑල්ලක් එතැන නැතිව මාකොල පාරට හැරිලා ටික දුරක් යද්දි තිබුන ටිකක් විතර කල එළියක් නැති කඩේකින් ගත්තා... හැබැයි එතැන බඩු ලාබයි අර තැනට වඩා...

    අපරාදේ බං උඹ සර්කිට් කෙසේ වෙතත් අර ස්වයං රැකියාව දියුණු කරං අහල පහල වතුවලටත් අත දැම්මනං අද වෙද්දි කෝටිපතියෙක්... :D

    ReplyDelete
    Replies
    1. 1. YMBA එකේ සෙනිත් එක තාමත් තිබිම සතුටට කරුණක්
      2. ඔබ නිවැරදියි . එතන තමයි තැන අඩි පහක විතර ඇති කඩේ ඉස්සරහ සයිස් එක
      3. කියලාවැඩක් නැහැ බන් ..කරුමේ කරුමේ ..තොපිව මුනගස්වන්න තමයි මේ කරුමේ පඩිසන් දුන්නේ:D

      Delete
    2. මොකක්ද බං මාරය කියන කලඑලියක් නැති අනිත් කඩේ

      Delete
  15. Seeyala Pappala wagema me Tharuna Sukiri api wage kolloth oka karala thiyenawa. mata mathakai eka parak wesak ekata hadapu ekata current eka dunnama wada karanne nathiwa athapatha gaala adi 5k withathara athata wisikuna . :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ හැමෝම එකයි බලං ගියාම

      Delete
  16. ඔව්ව මොනාද ඈ.. මං තුන වසරෙදි විතර අර ඒ කාලෙ අපි සෙල්ලම් කරපු පොඩි මෝටරේ කරන්ට් එකට ගහල තියේ.. :D

    ReplyDelete
    Replies
    1. හේනං බොලත් රූම් පෙත්ත වගේ කැරකෙන්න ඇති

      Delete
  17. රොවින්ටා එකේ දැං ඉස්සර වගේ නෙවෙයි ඉලෙක්ට්‍රොනික් පාටස් වලට වඩා විකුනන්නේ කොම්පියුටර් කෑලි . දැන් හැදෙන කොල්ලෝ ඔව්වා හදනව අඩුද කොහෙද

    අර කොන්ඩේ වවපු නිශාන්තය තාම ඉන්නව. ඉස්සර මල්ලි කියුවට දැං පොර මචං කියල තමා කතා කරන්නේ. මයේ හිතේ උගේ වයස යන්නේ පස්සටද කොහෙද

    ඉස්සර හිටපු අක්කා දැං නැ . නැලිගම පැත්තේ වස නංගි කෙනෙක් ඉන්නව

    බොසාට දැන් හොදටම පේනව මදී

    ඇත්තටම හොද සේවයක් සලසන ආයතනයක් .

    අවශ්‍ය දේවල් ගන්න තැන් ඕන තරම් රාගම තිබුනත් රොවින්ටා එකෙන් ගන්නේ නැතුව මට නං හරි යන්නැ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැක්කද මම නොකියපු ටික මු කියලා ... කිව්වත් වගේ ඒ කඩේ ඒ කාලේ ඉදන්ම ගැටිස්සියෝ ටිකක් හිටියානේ

      Delete
    2. රාගම ඉදන් එහේ ගිය හේතුව ඒකයි එහෙනං අටං

      Delete
  18. අඩේ ඒ කියන්න බොලා අපේ පැත්තේද.?

    මමත් උඹ වගේම ඒ කාලේ සෙනිත් එකෙයි රොවින්ටා එකෙයි ලැග්ගා බන් ඇති වෙනකන්.දැන් නම් ඉතින් කොටුවෙමනෙ හැම මඟුලම

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව ඒ පැත්තේ - මොකක්ද බන් උබේ පැත්ත

      Delete
  19. එල්.ඊ.ඩී එකට වයර් අමුණලා කෙලින්ම ප්ලග් බේස් එකට සෙට් කරලා ඔන් කරාම කොහොමද සන්තෝසෙ.

    ReplyDelete
  20. සෙනිත් පොත් හෙන තොගයක් තියෙනවා මගේ ගාව. අපේ තාත්තාගේ එව්වා... ඒ දවස් වල මම LED ගත්තේ, පන්ති යන්න දෙන බස් ගාස්තු වලින්. කාටහරි කියලා ගිහිං දම්මව ගන්නවා පන්තිය ගාවට. සල්ලි ටික ඉතුරු කරගන්නවා.

    ReplyDelete
  21. අම්මට සිරි බං. සැන් රොවින්ටාර් එක ගූගල් කරාමත් (උනාමත්) ඒක ගැන ලිංක් එනවනේ.. අහ් අර උබට නම මතක නැති බොරැල්ල කඩේ නමත් සෙනිත්ම තමයි. :D

    ReplyDelete
  22. මම කම්බියක් කෙළින්ම දෙකට නවලා හිල් දෙකට ගහලා තියෙනවා, ස්විච් එක ඔන් උනාම මොනව උනාද කියලා හිතා ගන්නවත් බැරි උනා ..

    ReplyDelete
    Replies
    1. තාමත් ජිවත් වෙලා ඉන්න එක ලොකු දෙයක්. :D

      Delete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....