වැල් වටාරම් අවශ්‍ය නැත. පුද්ගලිකවම තවමත් කවුරු ජනපති කළයුතු දැයි මම තවමත් තීරණය කර නොමැත්තෙමි. මාගේ තීරණය ඉතා වැදගත් බවත් මම දනිමි. අන්තවාදි ලෙස අවසන් මොහොත දක්වා කල් මරමින් තිරණයක් නොගෙන සිටීම, මුස්ලිම් කොන්ග්‍රසය හෝ දෙමළ ජාතික සංවිදානය මඟ ගැනීමක්ද නොවේ. එයට හේතුව නම් මහින්ද කවුරුන් දැයි හොඳින් හඳුනන නමුත් මෛත්‍රී යනු කවරෙක්දැයි තවමත් අප්‍රසිද්ධ නිසාය. ජෝතිෂය හිස්මුදුනින් පිළිනොගත්තද, ඔවුන්ට අනුව මහින්ද දැනටමත් තුන්වන වර ජනපති වී හමාරය. සමාජ ජාල වෙබ් අඩවිය සමාජයේ එක් පැතිකඩක් උවත්, මෛත්‍රී බුකියේ ජනපති වී හමාරය, ජෝතිෂය හා බුකිය යනු දෙකක් නොව එකක් ලෙස හැඳින්වූවත් වරදක් නැතැයි සිතේ. තවමත් කිසිඳු අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරල නැති නිසා ඔබත් තීරණයක් ගැනිම ඉක්මන් නොවනු ඇතැයි සිතමි. මා දන්නා ඉතිහාසය තුල පැවැත්වූ ජනාදිපතිවරණ දෙස හොඳින් නිරික්ෂනය කර තර්කානුකූලව 2015 ජනාදිපති කවුරුන්වේදැයි පූරෝකතනය එක්වරම වැරදි යාමට ඉඩ කඩක් ඇති බවට හොඳම නිදසුන නම් 1999 බෝම්බයක් නිසා නැවතවරක් ජනපති වූ චන්ද්‍රිකාය.
අසූවෙන් මෙහා උපන්, 90 දශකයේ තරුණ තරුණියන්ගෙන් සමාජ ජාල වෙබ් අඩවි පිරීපවතී. 71 කැරැල්ලක් ගැන හෝ 88-89 සිදූ වූ දෙයක් අප නොදනී. මතකයේ පවතින එකම දෙයනම් දෙමළ ත්‍රස්තවාදයයි. නමුත් එයද දැන් අමතකය. අඩියෙන් අඩිය මුර කපොලුය, බසයෙන් බැස බෑග් මලු ඔසවාගෙන ආරක්ෂක අංශ වලට සහාය උනි. පාසල් යන විට විනිවිද පෙනෙන බෑග් රැගෙන ගියෝය. සද්දයක් ඇසුනු සැනින් ගුවන් විදුලිය රූපවහිණය වටා එකතු උනි. ඒ සියල්ලෙන් දැන් අප නිදහස්ය, මරණ බිය නැත, එහි ගෞවරය සේනාධිනායක වශයෙන් මහින්දටත් යුධහමුදාපති වශයෙන් ෆොන්සේකාටත් ජනතාව වශයෙන් අපිටත් හිමි විය යුතුයි. නමුත් 2009 දි එය දෙදෙනකු අතර පමණක් බෙදා ගැනිමට උත්සාහ දැරීය. නමුත් 2015 නැවතත් යුද්ධය නිමා කලායැයි කියමින් ජන්දය ඉල්ලීමට නොහැක. දැන් පවතින්නේ මහින්ද හා මෛත්‍රි අතර තරඟයයි. මහින්ද වටා මෙන්ම මෛත්‍රී වටාද කොටියන්, කුඩු කාරයින්, දූෂීතයන් රොද බැඳ සිටි. 2015 දී තීරක සාධකය විය යුත්තේ ජනතාව වඩාත්ම අඩුවෙන් පීඩාවට ලක් කරන්නේ කුමන නායකයාද යන්නයි. මෙවර ජනාධිපතිවරණය, ජවිපේ විසින් මඟ හැර ඇත්තේද, ඇති වන ප්‍රතිඵලයට ඔවුන්ට වග කිව නොහැකි නිසාය.
2005 වර්ශයේ පැවති ජන්දයෙන් මහින්ද දිනුවේ ජන්ද සුලු ගණනකිනි. එය LTTE එක නිසා සිදුවූ බව ඇතෙමෙකු කියා සිටියි. එනම් උතුරේ ජන්ද ටික වැටුනා නම් මහින්ද පරදින බවයි. ඒ කෙසේ වෙතත් මෙවරත් ප්‍රධාන තීරක බලය පවතින්නේ සිංහලයන් සතුවය. මුස්ලිම් හා දෙමළ ජන්ද අවම වශයෙන් ලබා 2005 දි මහින්ද ජනපතිවරණ සටන දිනුවේය. 2009 දී පක්ෂ බේදයෙන් තොරව මහින්ද වැඩි චන්ද ලක්ෂ ගනනකින් පමණ දිනුවේය. කලයක සිට බලා සිටියේ ප්‍රබල විපක්ෂයක නැගිටිමයි. එය දැන් ආරම්භවි ඇත. මෛත්‍රිපාගේ ආගමනයත් සමඟ මුලුගැන්වි සිටි UNP පාක්ෂීකයෝ උද්දාමයට පත්ව, ඉදිරියට පැමිණ ඇත. මහින්දගේ පලනයට විරුද්ධ ශ්‍රි ලංකා කාරයෝ මෙන්ම, සැමදා තීරක බලය වූ පාවෙන චන්දදායකයෝද කොටස් දෙකකට බෙදී ඇති බව නොරහසකි.
මෛත්‍රීපාලගේ දිනුම ස්තීර කර ගැනිමට අප සෙවිය යුතු කරුනු දෙකක් ඇත, (මහින්ද පැරදවිය යුතුයැයි සිතුවොත්)
1. 2005 දී මහින්දට දී 2015 දී මෛත්‍රීට ලෙස තීරනය වෙනස් කල පිරිස
2. 2009 දී මහින්දට දී 2015 දී මෛත්‍රීට ලෙස තීරණය වෙනස් කල පිරිස
මහින්දගේ දිනුම ස්තීර කර ගැනිමට අප සෙවිය යුතු කරුනු දෙකක් ඇත, (මෛත්‍රී පැරදවිය යුතුයැයි සිතුවොත්)
3. 2005 දී රනිල්ට දී 2015 දී මහින්දට ලෙස තීරනය වෙනස් කල පිරිස
4. 2009 දී ෆොන්සේකාට දී 2015 දී මහින්ද ලෙස තීරණය වෙනස් කල පිරිස
ප්‍රසිද්ධීයේ තම මතය ඉදිරිපත් කිරිමට අකමැති වුවත්, බුකිය තුල මා ඇසූ පැනයට(2009 දී මහින්දට දී 2015 දී මෛත්‍රීට ලෙස තීරණය වෙනස් කල පිරිස) පුද්ගලික වශයෙන් හා ප්‍රසිද්ධියේ ඉතා විශාල ප්‍රමාණයක් කියා සිටියේ මෛත්‍රිට තම ජන්දය පාවිච්චකරන බවයි. නමුත් මෙම ප්‍රමාණය ලක්ෂ 18ක් විය යුතුය.
මැකෝට අනුව (2010 ප්‍රතිඵල)
ලියාපදිංචි චන්ද දායකයන් - එක්කෝටි පනස්ලක්ෂයක්
භාවිත ජන්ද ප්‍රමාණය (අප දන්නා පරිදි) - ඒකෝටි විසිලක්ෂයක්
ජයග්‍රාහකයා - ලක්ෂ 55 පමණ
ඒ අනුව සෑම ජනද් 10 කින් 6ක් ජයග්‍රාකයා ලබා ගතයුතුය. මෙම තත්වය මහින්දට හෝ මෛත්‍රිට ඇති බවක් දැනට මට නොපෙනේ, පළාත් හා ජනවර්ග අනුව මෙය වෙනස් වෙයි. උදාහරණයකට තොන්ඩමන් කියන පරිදි වතු දෙමළ ජන්ද බොහොමයක් තීරණය වෙයි. මුස්ලිම් ජන්දද එසේමය. නමුත් බොදු බල සේනාවට බෞද්ධයන් රැවටිය නොහැක. කතෝලික පල්ලියද මෙවර ජන්දයේදි ඉතා තීරණාත්මකය.
ආයූබෝවන් යනු සිංහල භාෂාවේ යමෙකු පිළිගැනිමට මෙන්ම, සමුදිමකට යොදාගන්න වචනයක් බව කරුනාවෙන් සලකන්න :DDD. ඔබගේ මතය ලිපිය තුලින් ව්‍ග්‍රහ නොවේ නම් එයටද සමාවන්න :DDD
වැප්
හරීම ආදර්ශමත් ලිපියක් හිටං :-D
ReplyDeleteමෙවැනි ලිපි දිනපතා ලිවීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා :-D
ReplyDeleteමුලින්ම පොඩි අංක ගණිත් ජිල්මාට් එකක් නිවැරදි කරගමු.. ඔය චන්ද ප්‍රමාණය ලක්ෂ 18 ක් වෙන්නට ඕනෑ නෑ නේද.. ලක්ෂ 9 ක් මාරු වුනාම සැට්..
ReplyDeleteඒ අනුව සෑම ජනද් 10 කින් 6ක් ජයගාකයා ලබා ගතයුතය.//
DeleteOthre one,
winner=50%+1vote
මම කියන්න ගිය දේ සපතේරු උන්නැහේ කියල.ඇත්තටම අනාවැකි කියන්න දැන්ම බැහැ.ලේ කොළ පාට ඡන්ද ,ලේ නිල් පාට ඡන්ද වලට වඩා පාවෙන ඡන්ද වැඩියි.2005 දි පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක් රනිල්ට ලැබුන.2010 දි පාවෙන ඡන්ද වැඩිපුර ලැබුනෙ මරාට.2015 දිත් ඒ පාවෙන ඡන්ද වැඩිපුර ලැබෙන්නෙ මරාට.හැබැයි ඒ 2010 දි තරම්ම නොවෙයි.
ReplyDeleteසිරා ගිය නිසා තිබ්බ කම්පනය දැන් යථා තත්වයට පත්වෙලා.මරා බලය තහවුරු කරගෙන.
නිෂ්පාදන කළමාණාකරන සිද්ධාන්තයක් තියෙනව ප්‍රොෆිට් ගැන සිතා සැළසුම් නොකර ප්‍රොසෙස් එක ගැන අවධානය යොමුකරන්න කියල. ඒ කියන්නෙ ප්ලෑනින්, එක්සික්‍යුෂන්, මැනුෆැක්චරින් ඇන්ඩ් ඩිලිවරි කියන කියන සියළු අංග නිවැරදිව ඉතා ඉහලින් කරන්න අවධානය යොමුකලොත් ප්‍රඩක්ෂන් එකේ ප්‍රොෆිටබිලිටි එක ඉබේම ලැබෙනව කියල.
ReplyDeleteරාජ්ය බුද්ධි සේවය (SIS) විසින් අද (12) පොලිස්පතිවරයාටද පිටපත් සහිතව ජනාධිපතිවරයාට ලබාදුන් ඔවුන්ගේ සතිපතා වාර්තාවෙන් දක්වා ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා 54 % ක ප්රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණ මැතිවරණ සටනේ ඉදිරියෙන් සිටින බවයි.
ReplyDeleteනමුත් ජනාධිපතිවරයා වයඹ සහ සබරගමුව පළාත්වල 56% ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින අතර දකුණ සහ ඌව පළාත් ජනාධිපතිවරයාගේ ජනප්රියත්වය 55% සිට 51% දක්වා ප්රමාණයකට පහත බැස ඇති බව බුද්ධිසේවා වාර්තාවේ දැක්වේ. ඊට අමතරව උතුරුමැද, මධ්යම සහ බස්නාහිර ජනාධිපතිගේ ජනප්රියත්වය 45%-50% ත් අතර ප්රමාණයකට පහත වැටී ඇති බැව් එම වාර්තාවේ දැක්වේ.
මෙයින් සීඝ්රතම පසුබැසීම සිදුවී ඇත්තේ කොළඹ සහ නුවරඑළිය දිස්ත්රික්කයන්හිය. කොළඹ දිස්ත්රික්කයේ එය 46% දක්වා පහත වැටී ඇති අතර නුවරඑළියේදී 48% දක්වා අඩුවී ඇත.
ඇත. යාපනය හා වන්නි දිස්ත්රික්කයේ ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 12% තරම් අඩු අගයක පැවති අතර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා 80 % තරම් ඉහල අගයක තම ජනප්රියත්වය පවත්වාගෙන ඇත ,ගාල්ල දිස්ත්රික්කයේ ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 47% මට්ටමේ පවතී . මාතර සහ හම්බන්තොට ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 52% හා 54% කි කළුතර දිස්ත්රික්කයේ ජනාධිපතිවරයා ගේ සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ජනප්රියත්වය සම අගයක පවතින අතර ගම්පහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා 52% ක ජනප්රියත්ව අගයක සිටින අතර ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 48% දක්වා පහත බැස ඇත .
මොණරාගල ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 55% සිට 51 % දක්වාත් බදුල්ලේදී 48% සිට 46% දක්වාත් පහත බැස ඇත. නැගෙනහිර පළාතේ ත්රී කුණාමල දිස්ත්රික්කයේ ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 47% සිට 40% දක්වා පහලට බැස ඇත මඩකලපුව දිස්ත්රික්කයේ ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 35% අගයක් ගනී අම්පාර දිස්ත්රික්කයේ ජනාධිපතිවරයා ගේ ජනප්රියත්වය 43% දක්වා පහලට බැස ඇත . මහනුවර හා මාතලේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා 52% ජනප්රියත්වය පවත්වාගෙන ඇත
mewata kiyanne gobels niyaya kiyala.
Deleteවැප්..................... මචං
ReplyDeleteමේ ඡන්දය හැමදාම වගේ අංක වලින් ගණන් හදන්න අමාරුයි... දැක්කානේ උෟවේ වුණ දේ.. සද්දය නැතත් වැඩේ ගොඩයන්න පුළුවන් කියලා ඒතනින් තමයි තේරුනේ..............