Friday, February 20, 2015

කසාය

මට හොඳට මතකයි පුංචි කාලේ උණක් හෙම්බිරිස්සාවක් හැදුනාම, තාත්තා බේත් ගන්න එක්ක ගියේ පන්සල් වත්තේ වෙද මහත්තයා ගාවට, සුදු සරමයි කමිසයයි ඇඳපු ප්‍රියමනාප මනුස්සයෙක් වෙච්ච වෙද මහත්තයා හරිම කරුණාවන්තයි. වෙද මහත්තයාගේ  ගෙදරට යන නිවැරදි පාර තියෙද්දි කවුරුත් වෙද ගෙදර ගියේ පන්සලේ ඉඩමක් හරහා, ඉතින් වෙද මහත්තයාට නිකන්ම නම පට බැඳුනා පන්සල් ව‍ත්තේ වෙද මහත්තයා කියලා. මතකය නිවැරදි නම් බේත් වලට ගත්තේ රුපියල් පහළවයි නැත්නම් විස්සයි. ගුලි දෙනවා බේත් සීට්ටුවක් දෙනවා, කුඩු දෙනවා (වෙලේ සුදා දෙන කුඩු නෙමෙයි), කල්කයකුත් දුන්නා වගේ මතකයි. හැබැයි මම ඔය ඔක්කොමට වඩා අසා කලේ අරිෂ්ඨය බොන්න. ඒකට තියන ආසව හින්දාමද කොහද අර බේත් ගන්න කවුලුවෙන් ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලං ඉන්නේ කකුලේ ඉස්සරහ ඇඟිලි වලින් ඉස්සිලා. අරිෂ්ඨ බෝතලයෙන් පොඩ්ඩයි කොනේ තියන වතුර ටැප් එකෙන් මැනලා වතුර ගොඩකුයි දාලා බෝතලය හොඳට කලවං කරලා තමයි අපිට දෙන බේත් බෝතලය හදන්නේ. ඕක තමයි කසායක් බීපූ මුල්ම කාලේ...

ඊලඟට කසායක් බොන්න හම්බුනේ, මගේ පපුව මීයෙක් කාපු දවසේ (:DDD), පොඩි කාලේ ඉතින් ඔය කෙසේල් ගහක් බදා ගන්න ගිහින් මොකෙක් හරි සතෙක් මගේ පපුව කෑවා. මම අදටත් විස්වාසකරන්නේ ඒ කෑවේ ගොනුස්සෙක් කියලා. ගෙදර හොරාට උන්නට මෙන්න‍ මේක ඉදිමිලා රතු වෙලා අවා... පස්සේ වෙද ගෙදර ගියාම වෙද හාමිනේ කියාපි මේ කාලා තියෙන්නේ මීයෙක් මෙන්න මේ බලන්න දත් පාරවල් කියලා පපුව හොඳට අල්ලා දත් පාරවලුත් පෙන්නුවා. අනේ ඉතින් මම කටක් ඇරලා කියන්නද කෙසෙල් ගස් බදා ගන්න ගිහින් ගොනුස්සෙක් කැවා කියලා. හැමේමා තීරණය කලේ රෑ නින්දෙදි කලා කියලා, මගෙන් කරුනු අහන්නේ නැතුවම නඩුවේ තීන්දු දුන්න හිනදා, මීයා කාපු එකට දැන් කසාය බොනවා. ඔය කසාය එක්ක බොන්න කිව්වා දිවුල් කැඳ.. එදා මෙදා තුර මම බීපු හොඳම කැඳ තමයි ඒ, දිවුල් කොළ වලින් කැඳ බිලා තියන කෙනෙක් මගේ මේ කැඳ කතාවට එකඟ වෙයි.

සිංහල බේත් වලට තියන ඉඩ නැත්තට නැති වෙලා ගියා දොස්තර මහත්තුරු ආවට පස්සේ, ඒත් මම හිතන්නේ තාමත් කැඩුම් බිඳුම් වලට සිංහල බේත් තමයි හැමෝම කරන්නේ. මේ හැම දෙයක්ම මට මතක් උනේ දත් කැක්කුමක් හින්දා. මේ දවස් ටිකේම පුදුම දුකක් විඳිනවා දත් කැක්කුමකින්. දත් දොස්තරට කිව්වාම මේ දත කකියනවා කියලා, මිනිහා කියනවා කිසි දතක අවුලක් නැහැ කියලා. මමකියන එක මිනිහා පිළිගන්නෙත් නැහැ දතේ කැක්කුම අඩු වෙන්නෙත් නැහැ. බැරිම තැන අම්මා කියපු අත් බෙහෙත් වගයක් කරලා වැඩේ යන්තමට දැන් ගොඩ. සෙම වැඩි උනාම එන කැක්කුමක් හින්දා කියලා සුදුලූනු ගෙඩියක් කනේ ගහන් හිටියා අද දවසම:D හැබැයි එකෙන් තමයි වැඩේ ගොඩ ගියේ..

ලියන්න කම්මැලියි.. එහෙන් මෙහෙන් ලිව්වා... ගැලපෙන්නේ නැතුව ඇති ... ගලපලා ගන්න .. කෙටියෙන් කිව්වොත් දත් කැක්කුම තාම තියනවා:DDD 

වැප්  

10 comments:

  1. සමහරු අතර ලොකු මතබේදයක් තියෙනවා දත් කැක්කුමද කන් කැක්කුමද වඩා අමාරු කියලා. ඔය දෙකම එකයි බලාගෙන යනකොට. ආරෝග්‍යා පරමා ලාභා කියන්නේ නිකන්ද ? ඕවා හැදිලා දුක් විඳින මිනිහා තමයි වේදනාව දන්නේ.

    ReplyDelete
    Replies
    1. වඩා අමාරැ දත. තාම හැදිල තිංයන්ංන එච්චරයි :-)

      Delete
    2. තොපි දෙන්නටම නියම අමාරුව හැදිලා නැහැ.
      මුත්‍රා හරි වකුගඩු හරි ගල් තියෙන එකෙක්ගෙන් අහපල්ලා ඒ අමාරු ගැන.
      ඒ අමාරුව හැදිච්ච එකෙක් ඔය කැක්කුම් දෙකම එකට හැදුනත් විසිල් එකක් උනත් ගගහ ඉඳියි ආතල් එකේ...
      නිකං නෙමෙයි කියන්නේ පස් හය වතාවක අත්දැකීම් සමග.. ;(

      Delete
  2. සිංහල බෙහෙත් පාවිච්චි කරන බොහෝ පිරිසක් දැනටත් ඉන්නවා. නාවින්නේ පොඩ්ඩක් ගිහිල්ල බලන්න. ගෙදර ගාව බෙහෙත් කඩෙත් කොයි වෙලාවේ බැලුවත් සෙනග.

    දත් රිදෙන්නේ ආසාදනයක් නිසා. දොස්තරට නරක දතක් හොයා ගන්න බැරි වුන නිසා , දත සහ විදුරුමස අතර ආසාදනය සිදුවෙලා ඇති. ඒකට ප්‍රතිජීවක පාවිච්චි කරාම වරුවෙන් අඩුවෙලා යනවා.

    ReplyDelete
  3. බ්ලොග් ලිවිල්ලයි බැලිල්ලයි ඈත්වෙලා ම ගිහින්, ඒත් මෙවැනි යමක් දැක්කම ප්‍රතිචාරයක් එක් නොකර ම බැහැ. ඔබ කියන එක හරි. හැබැයි ඔය කියන වෙද ගෙදර දැන් නැහැ. දැන් ලංකාවේ තියන්නෙ ඉන්දියන් ආයුර්වේදෙ. අපේ සිංහල වෙදකම දැන් දැන් අභාවයට ම යන බව පේනවා. ඔබට කියන්න..... ලංකාවෙ වෙදකම පිළිබඳ ලියවුනු වටිනාම ග්‍රන්ථයක්වන භෛසජ්ජමංජුසාව අද ලංකාවෙ නැහැ. මම කොපියක් හොයා ගත්තෙත්. එංගලන්තෙ එකෙන්. අන්න එහෙමයි වැඩ වෙන්නෙ. අපි මෙහෙ විකල්ප වෙදකම කියන අපේ ඇත්ත වෙදකම, විදේශීය වෙදකම නිසා යටපත් වෙලා. හැබැයි මේකට වගකිව යුත්තන් බොහෝමයක් අතර වෙද්දුත් එක කොටසක්.........ඔඅබගේ ලිපියට ස්තුතියි!!!!

    ReplyDelete
  4. අපේ මාම කෙනෙකුත් ඉන්නව සිංහල වෙදකම් කරන. මම බෙහෙත් සාප්පුව ඇතුලෙ ඉඳලම දැකල තියෙනව ඔය කවලං කිරිල්ල. අරිෂ්ට බෝතල් දෙක තුනකින් මිනුම් සරාවකට වගේ එකකට දාල වතුර දාල කවලං කරල තමයි දෙන්නෙ.
    දත් කැක්කුම වගේම කන් කැක්කුමත් දෙකම එක වගේ තමයි. දත රිදෙන කොට රි‍දෙන්නෙ දතද කනද කියල හොයාගන්න බැරි වෙලාවලුත් එනව.

    ReplyDelete
  5. ගලප ගන්න වෙලා බං

    ReplyDelete
  6. සිංහල වෙදකම කාලයට අනුරුපව නවීකරණයවුනේ නැහැ..සිංහල වෙදකම අභාවයට යෑමට නියමිතයි කියලා මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා නවසිය හතලිස් ගනන් වල ඉදලාකියල තිබුනා...

    ReplyDelete
  7. උපතින්ම ගෙනාපු ඔලුවේ කැක්කුමක් තිබ්බට මට තාම දත් කැක්කුමයි කං කැක්කුමයි හැදිලා නැ , තිබ්ච්ච දත් තිස් තුනෙන් එකක් ගැලෙව්වෙත් නට් එකක් කටින් අල්ලගන ඒ අස්සේ තිබිච්ච ඇණය අඩුවෙන් කරකවල , බාගයක් කැඩිලා ඉතිරිටිකත් බාගෙට ගැලවිලා , එදානං රිදුනා තමයි , ඒ ඇරෙන්ඩ වෙන දත් කැක්කුමක් ඇවිත් නැ , කං කැක්කුමක් ලාවට ඇවිත් තියනව ගුරු හුත්තේ කනට ගහල , එදත් ටිකක් කුං කුං ගෑවා විතරයි ,

    ඉවසන්ඩම බැරි අමාරුව තමා බං කෝටරප්‍රදාහ ඔලුවේ කැක්කුම , පහුගිය දවස් වල දවස් තුනක්ම මං හිටියේ පුක උඩ දාගන කොට්ට ගොඩක් අස්සේ ඔලුව හංගගන අඩ අඩා , ( සපෝස්ටින්ග් පස්සට බස්සලත් ) එහෙම අමාරුවක් නං වනේ වසන වන සතුරෙකුට තියා , එකට ඉදන් අරින යාලුවෙක්ටවත් හැදෙන්ඩ එපා.

    ReplyDelete
  8. අඩෝ තාම දත් කැක්කුම ද ?

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....