Monday, December 21, 2015

brandy rock බ්‍රැරැන්ඩි රොක් - මාත ලේ

මීට කාලෙකට ඉස්සර රිවර්ස්ටන් පිටවන පතන ගිය විදිහ තමයි මේ තියෙන්නේ. මේවර නම් වස්ගමු පැත්තේ නොගොස් බ්‍රැරැන්ඩි රොක් කඳු මුදුන තරණය කළෙමු.  මීමුරේට වඩා දුෂ්කර ලස්සන ගම්මානයක් වුනු මාදිවෙල ඔබේ කාර්යබහුලත්වයට සහනයක් දෙනු නිසැකය.

මෙවර චාරිකා සටහන

ස්ථානය :-  මාදිවෙල බංගලාව, මාතලේ
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 400
නැරඹිය හැකි දේ :- මාතලේ අලුවිහාරය, රිවර්ස්ටන්, පිටවල පතන, බ්‍රැන්ඩි රොක් වෙලාව පරිදි අවට ඇති දිය ඇලි

ගනන් හිලව් හා වෙන්කර ගනීම :- http://hotellanka.lk/221-525-10120/mountain_view_villa__madiwela_bungalow.html

බංගලාවට යන මාර්ගය සොයා ගැනීමත්, බ්‍රැන්ඩි රොක් තරණයත් දෙකම ත්‍රාසජනක අවස්ථාවක් වූ මේ ගමන් විස්තරය කොළඹ සිට ඇරඹීය හැක. උදෑසනම පටන් ගත් නිසාවෙන්, වහන තදබදය මග හරිමින් ඉතා ඉක්මනින්  මාතලේ නගරයට සේන්දු වීය, මුලින්ම මාතලේ අලුවිහාරය වැඳපුදාගත්තෙමු. මාර්ග වල තත්වය නම් ඈතට යාමත් සමඟ ඉතා දුෂ්කරවෙයි. කොළඹ කාපට්පාරවල් මාතලේ වෙන තෙක් තිබුනත්, ඊට පසු මාතලේ අලුවිහාරයේ සිට  අප නැවතී සිටිමට බලාපොරත්තු වන කිමි 12 පමණ මාදිවෙල දෙසට දිවෙන ගමන් මාර්ගය නම් අති දුෂ්කරය, මුල් කිමි 3 ඉතා හොඳින් කාපට් අතුරා තිබුනත් තවත් කිමි 2 ක් පමණ කාපට් කිරිමට සුදානම් කර අතහැරදමා ඇත.(යහපාලනයෙන් නාස්තිය අවම කර ඇති හැඩය :D) නමුත් තවත් කිමි 7 ඇතුලට යන විට කොන්ක්‍රිට් , ඉන්ටලොක් හා ගල්ගැලවී ගිය ඉතා දුක්ෂකර මාර්ගයකි. නිසි නඩත්තුවක් නැතිකම මාර්ග දුෂ්කරතාවයට හේතුව වෙයි. මක්නිසාද යත් එහි දැනටමත් බස්රථයක් ක්‍රියාත්මකය. පැය තුනක පමණවූ එම දුෂ්කර මාර්ගය පසුකරමින් අපට අදලා ස්තානයට සවස් වන විට ලඟා විය. එම සංචාරක බංගලාවේ ප්‍රථමයෙන් නැවතුන සංචාරක කණ්ඩායම විමේ භාග්‍ය ලැබීම ඉතාම සතුටට කරුනක් වූයේ. සියල්ලම අලුතින් නවීන ආකාරයට අලංකාරව නිමවා ඇති බැවිනි.

උයා පියා ගැනීමට කිසිවක් නොගෙන බංගලාවට සේන්දු වූයේ නැවත නගරයට වෙත පැමිණිය හැකි බැවිනි, නමුත් මාර්ගයේ ඇති දුෂ්කරතාවය නිසාම, බංගලාවේ සේවකයෙකු ලවා සියලුම ඉවුම් පිහිම් ටික ගෙන්වා ගත්තමෙු. පිහිනුම් තාටාකයක්, POOL (බෝලෙට කූරෙන් කෙටිම),   Mini basket ball , Trampoline යන පහසුකම් ඇත. එසේම ඉදිරියෙන් පෙනෙන්නේ brandy rock (බ්‍රැරැන්ඩි රොක්) කන්දය. යටත් විජිත සමයේ බ්‍රැන්ඩි පානය සඳහා සුදු ජාතිකයන් එහි ගිය නිසා එයට එම නම ලැබී ඇති බව ගම්වාසින්ගෙන් දැන ගත්තෙමු. ඊට අමතරව පසුගිය ආණ්ඩුසමයේ, පේරාදෙණියට අනුබද්තිත තවත් උද්බිත උද්‍යානයක් ලෙස මෙය වැඩිදියුණු කිරිම ආරම්භකර පසුව ආණ්ඩුමාරුවත්, පරිසරවේදින්ගේ බලපෑම නිසාත් එය අතහැර දමා ඇත, බෑකෝ කරන ලද මාර්ග, සිටුවන ලද මල් පැල තවමත් එහි ශේෂ වි ඇත, නමත් සැලසුම් කර පරිද එය ඉදි කලේ නම් , අනිවර්යයෙන්ම මෙම ස්ථානය සංචාරක ආකර්ෂන ස්ථානයක් වීමට වැඩි කලක් නොයනු ඇත.

ගල්තලාව, දෙපසින් ගලන දොලපහරවල් අාදීයෙන් සමන්විත ඉතා සුන්දර බ්‍රැන්ඩිරොක් කන්ද තරණය අපි උදෑසන 7 ට ආරම්භ කලත් එහි ඇති අතිදුෂ්කර තත්වය නිසාම කන්ද මුදුනට යන විට 10ට ආසන්ව ව තිබුණී. නමුත් ආපසු වෙනත් මාර්ගයකින් පැමිනිම හා පල්ලම බැසිම පහසු නිසා දහවල් 12 පමණ වන විට නැවත බංගලාවට ඒමට හැකි විය. ඉන්පසු රිවස්ටන්, පිටවන පතන හරහා නැවත කොළඹ බලා පිටත් වූයෙමු.

මීමුරේට වඩා ලස්සනක්, දුෂ්කරතාවයක් විඳිමට ඔබ කැමතිනම්, වහාම ක්‍රියාත්මක වන පරිදි මාදිවල බලා පිටත් වන්න :D මා රැගෙන ගිය කැමරාව ගමන් මල්ලේම රඳවා තැබූ නිසා, වෙන උන්ගෙන් උස්සාගත් පහත පින්තූර ටික නරඹන්න:D. ස්පයිස් ගාඩන්(spice garden) නම් කෙරුවාවක් මාතලේ ඇත. එවා නැරඹීට අපි නොගියෙමු:D, කූඩැල්ලන් සඳහා අමතර ලේ, මාතලේ රැගෙන යාමට අමතක නොකරන්න ::D බංගලාවලම නැවතීමට අවශ්‍ය නැත. කැම්පින්ද කල හැක :D . ඒ බංගලාවේ මුල් සෙට් එක අපි හින්දා ඒකට හොඳට අදායමක් එනු ඇත :D

ගමන සංවිදානය වෙනුවෙන් විශේෂ ස්තුතිය, ඔෆිස් එකේ අපේ සෙට් එකට.. සෙට් එකේ නම් ටික පහළ ඇති


මේක තමයි බ්‍රැන්ඩි රොක්

මගක් නැග්ගාම බ්‍රැන්ඩිරොක් පේන විදිහ

බ්‍රැන්ඩිරොක් නගිද්දි හම්බ වෙන දිය ඇලි


කන්ද ලඟයි

මෙයා තමයි පින්තූර ගත්තේ

මෙයා තමයි මේක ලිව්වේ

කන්ද උඩට පේන විදිහ

පිටවල පතන
විශේෂ ස්තුතිය - ප්‍රසංග, ප්‍රදීපා, දිල්ෂාන්, සුලා , සුබා , යූසුෆ්, ඇරන්




14 comments:

  1. වැප් අයියා කාලෙකින් පෝස්ට් එකක් දාලා. ඇය අයියෙ ඔයා නිතරම ලියන්නෙ නැත්තෙ? ඔයා වගේ අය නොලියන එක ලොකු පාඩුවක්!. දිගටම ලියන්න හොඳේ.
    - සුදු නංගී

    ReplyDelete
  2. ගමන නම් නියමයි වගේ පෙන්නේ. යන්නත් ආසයි ඉඩ තියෙන වෙලාවක උඹට කතා කරන්නං තව විස්තර අහන්න. කාලෙකට පස්සේ බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දැම්මේ.
    හම්මේ දැනෙන සනීපේ..! :)

    ReplyDelete
    Replies
    1. අනිවා පලයන් යන්න ඕනේ තැනක්

      Delete
  3. උඹත් ඉන්නව නේද? :-)

    ReplyDelete
  4. අයියා අත දැගෑරලා ඉන්නේ පියාඹන්ටද අයියා

    ReplyDelete
  5. වටින ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔයා කිව්ව හින්දා ඊලඟ එකත් ලඟදිම ලියනවා

      Delete
  6. නිවැරදි නම පිටවන පතනද පිටවල පතනද. මා මෙහි ගිය අවස්ථාවේ දී වනජීවී මහත්තුරු කිව්වේ පිටවල පතන කියා.

    https://en.wikipedia.org/wiki/Pitawala_Pathana

    මෙය පරිසර හිතකාමියකු විසින් අනිවාර්යයෙන්ම යා යුතු චාරිකාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිවැරදි කරන ලදී

      Delete
  7. පින්තූර ගත්ත කෙනා ගැන සදහන් කරලා තියෙනවා මදි
    එයා ගැන ටිකක් වැඩිපුර ලිව්වා නම් හොදයී නේද වැප් අයියා
    අපි කැමතිනේ දැන ගන්න :D

    ReplyDelete
  8. මාදිවෙල යන්න ඕන ජන්ගල් රිසොට් එකක් පටන් ගන්න..

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....