Sunday, September 25, 2016

තමිළිනි දුටු යුද්ධය

උපුටාගැනිම
ආයුධ බිම තබා යටත් ‍වන මෙන් ලංකා ජනාධිපති කොටි සංවිධානයට විවෘත දැනුම්දීමක් කළේය (පිටුව 191)

"ලංකා රජයේ ජනාධිපතිතුමා විසින් සියලුම ජනතාව පිළීගන්නා බවත් දිර්ඝ කාලිීන යුද්ධයකින් පසුව ජනතාව මුදා ගෙන අති බවත් මින් මතුවට කිසිම කරුණකට බියපත් විය යුතු නැති බවත්.......... (පිටුව 214) "

උපුටා ගැනිම අවසන්

මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ  රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොතට පෙර  තමිළිනී මහත්මියගේ තියුණු අසිපත කියවීමට දැඩි උවමානවක් තිබුණි. උක්තයෙන් සඳහන් කර ඇත්තේ එහි එක් තැනක සටහන්ව තිබු අපූරු ජේදයකි.  කැරලී ගැසු ජවිපයට අත්වූ ඉරණමට වඩා සාධාරණිය ඉරණමක් කොටි ත්‍රස්තයනට උරුම වි ඇත. එනයින් ගත් කල කොටියා දෙමලා වූ නිසාම සිදුවූ අසාධාරනයක් නැත.

යුද්ධය ඇතිවීම
උපුටාගැනිම
1986 වසර විය හැකි යයි මට සිතේ, යම් කිසි සංවිධානයක් විසින් කිලිනොච්චි හමුදා කඳවුටරට ප්‍රහාරයක් එල්ල කරනලදී (පිටුව 53)
උපුටා ගැනිම අවසන්

චන්ද්‍රිකාගේ සුදු නෙලුම/තවලම
ජය ගත නොහැකි යුද්ධයක්, කොටි ත්‍රස්තයන් ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවට වඩා ශක්තිමත්, ත්‍රස්තවාදය සමඟ සාකච්චා කලයුතුයි, යනාදි වශයෙන් දීන වූ අදහසක්ද කුණේ ජන මනස තුල ගොඩ නැගිමට උත්සාහ දැරුවත්, කොටි ත්‍රස්තයන් සෑම විටම අහිමවිමෙන් නැතිකමින් පිරුණු බව මෙම පොතෙහි මොනවට පිළිබිඹු කරයි. සිදුවි ඇත්තේ අපේ හිටපු නායකයින් ‍බලයට ඇතිආශාව නිසා යුද්දධය ඇදෙගන යාම සඳහා සාමසාක්ඡ්චා පැවැත්වීමයි

උපුටාගැනිම
"සටන්කාමියෝ හා සේනාධිපතිවරු මූල්‍ය අර්බුදය ගැන පැහැදිලි කලෝය. සටන් කාමින් සඳහා දෙන දෛනික ආහාර, ඇඳුම් උපයෝගි භාණ්ඩ අාදියට මසකට කෝටිගනනක් වියදම් වේ ...
සටන්කාමීන්ට  හරිහමන් විදිහට කෑම ටිකවත් දීගත නොහැක (පිටවු 14)"
උපුටා ගැනිම අවසන්

බලෙන් පැටවූ යුද්ධය
එක් පුද්ගලයෙකුගේ සිහිනයක් සැබෑකිරිමට සමාජයක සිතුම් පැතුම් ආශෘවන් සියල්ල් බිලි දී තිබුණි. ජවිපේද කොටිද ජනතාවට තුවක්කුවකට යට කර දැමූ බව පහත උපුටා ගැනීම් සාක්ෂී දරයි

උපුටාගැනීම
ශාකා බෙදුනු අං තට්ටුවලින් යුතු වූ සුන්දරත්වය සහ ශාන්ත බවින් පිරුණු  තිත් මුවන්ගේ දර්ශණයයෙන් අපි සියලු දෙනාම වශීකෘතව උන්නෙමු. උන්ට බාදාවක් නොවන පරිදි අපි අපේගේ පුහුණු  විම් මද වේලාවකට නවතා දමා එම දර්ශනය නැරුඹුවෙමු.... එකෙකුට හරි වෙඩි තිබ්බා නම් මස් ටික කන්න තිබ්බා, ඔයාලට ඉතිං හැම තිස්සේම කෑම කෑම යයි පවසින් වාදයකට පැටලුනි (පිටුව 19)

වසර ගණනාවක් දිග්ගැස්සුණ යුද්ධයේදි එම කැලෑවලටම වී වාසය කළ ඔවුන් කැලෑ ගස්වල තමන් ප්‍රිය කරන අයගේ නම්ලියා, ඇස්වල පූදින සෙනෙහස නිහඩ ආදරයෙන් තම හදවත් තුලම නිදන්.... (පිටුව 27)

ජනතාවගෙන් සුලු කොටසක් කැමැත්තෙන් යුතුව පුහුණුව ලබා ...... බහුතරය නොවැළැක්විය හැකි නිසාම කැමැත්තෙන් කටයුතුකරන බවක් අඟවා (පිටුව 30)

ජනතාව වෙනුවෙන් වන විමුක්ති අරගලය මෙවැනි විනාශයක් ජනතාවට ඇති කරන්නේ ඇයි? යන පැනය හදවතේ අති වුවත් එම පැනය සිත් තුළට රැගෙන යා නෙැහකි පරිදි විමුක්ති කොටි සියල්ලම පාලනය කරන්නට විය (පිටුව 45)


උපුටා ගැනිම අවසන්


ඇයි ත්‍රස්තවාදියෙක් වූයේ
උපුටාගැනිම
සත්‍යශිලි නම් වූ ඔහු මා සමඟ එකම පන්තියේ පෞද්ගලික අධ්‍යාපනය ලැබූවෙකි. ගුවන්ප්‍රහාරයකින් ඔහු මියයාම හැඟුම් බර තත්වයක් ඇතිකලේය (පිටුව 20)

සිසුන් නොමැති පාසල්, වල් වැදුණු වෙල් යායවල්ද මා තුල අසහනකාරි මානසික තත්වයක් නිර්ඹාන්‍ය කලේය (පිටුව 20)

ඉගෙන ගෙන විශ්වවිද්‍යලායට යා යුතුය යන්නෙහි මම දැඩි අධ්ෂ්ඨානයක සිටියමි එහෙත් රටේ වර්ධනය වෙමින් තිබු යුද්ධ කුණටවට අපගේ සාධාරණ සිහිනයන් අසුවි ගසාගෙන යනු ඇතැයි මම ඒ මොහෙතේ දැනගෙනනොසිටියෙමි (පිටුව 50)

තුවක්කු වෙඩි ශබ්ද ඇසිම සමාන්‍ය දෙයක් විය, කවුදෝ වෙඩි තිබුූ බවත්, කවුදෝ මිය ගිය බවත් වැඩිහිටියෝ රහසේ කතා බහ කළහ පිටුව (51)

අපගේ නිවසේ තාප්පයේ කිසියම් සංවිධනයක තරුණයෝ දෙදෙනෙක් පත්‍රිකා අලවිමින් සිටියදී (පිටුව 51)

අපගේ පාසලේ වූ උසවතුර ටැංකියේ සංවිධාන වල පොස්ටර් ඇලවිම සමාන්‍ය දෙයක් විය. විවිධ සංවිධාන අතර තරඟකාරි බවක් ඇතිවූ බැවින් ඉතා හොඳ යහලුවන්ද ගැටුම ඇති කරගෙන වෙන් වූහ (පිටුව 52)

ඔවුන් රැගෙන එන ආයුධ සහ අධිෂ්ඨානය පිරි මුහුණුද සිතෙහි ගැඹුරින් පැලපදියම්වෙයි (පිටුව 52)

රටට විමුක්තිය උදාකරගැනිම සඳහා හමුදාව සමඟ යුද්ධ කලයුතු යැයි පැවසූ අයියාලම ඔවුන් නොවුන් අතර ගැටුම්  ඇතිකරගන්නේ කුමක් නිසාද යන්න (පිටුව 54)

අපිට විතරක් අැයි බන් ම‍ේ වගේ ජිවිතයක්? ලොකේ කොයි තරම් වෙනස් වෙලාද? අපි තවමත් කැලවල් වල (පිටුව 177)

මහජනතාව වෙනුවෙන් සටන් වදින්නේ ඔවුන්ව ඇපට තබා ගනිමින්ද (පිටුව 193)

අපිත් අනික් අය වගේ ජීවත් උනා නම්‍ කොයි තරම් හොඳට ජිවත් වෙනවද (පිටුව 205)

උපුටා ගැනිම අවසන්


ත්‍රස්තවාදයට ජාත්‍යන්තර පිළිගැනිම හා 2002 රනිල්ගේ ගිවිසුම
වැඩි ජානතාවක් බලෙන් සහභාගි කරගමින්, මෙම සටන ජනතාවගේ සටනක් ලෙස එත්තු ගැන්වීමට උත්සාහ දරුවේය.

උපුටා ගැනිම
අරඟලය යනු මහජන අරඟලයක්ය යන්න ජාත්‍යන්තරයට පෙන්වා දීම (පිටුව 31)

නිති පරිපලාන අංශය 1991 වසරේදි ආරම්භ කර තිබුණි. එහෙත් උසාවි ආරම්භ කරතිබුනේ නැත (පිටුව 76)

ස්වල්ප මොහොතකින් හමුදා නිලධාරියා තම භට පිරිස් වහාම කඳවුරට පිටත් කළේය (පිටුව 127)

අංශ භාරකරු හෙලිකොප්ටරයෙන් පැමණ අවසන් කටයුතු වලට සම්බන්ධ වුයේය (පිටුව 134)

ඔවුන්ව ‍වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ගියෝය (පිටුව 136)

අත්සන් කලා, දැන් තමයි පිරිස් බලය වැඩි කරන්න ඕනේ සාම සක්ඡ්චා තියේනනේ බාහිර ලෝකයට මිස අපිට නොවේ (පිටුව 142)

සමූහ ඝාතන සිද්ධ කෙරුවේ ඒ අය විතරක් කියලා හිතන්ඩ එපා. කොටිත් තොත්ත බබලානෙමෙයි (පිටුව 147)

විදෙස් රටවල සිටි පැමිණි අයතට ඕමන්තෙන් මෙහාට වෙනම රටක් තමන් දුටු බව පවසමින් උද්දාමයට පත් විය (පිටුව 175)
උපුටා ගැනීම අවසන්

ප්‍රභාකරන්
ජනතාව දිනා ගැනිමට බොහෝ දේ උත්සාහ කරන ලදී

උපුටාගැනිම
කන්තාවන්ගේ ප්‍රශ්න කාන්තාවන් තමා කතා කරන්න ඕනේ ලියන්ඩ ඕනේ එතකොට තමයි ඒක සත්‍යක් වන්නේ (පිටුව 34)

මහින්ද ජනාධිපති උනොත් අනිවර්යයයෙන්ම යුද්ධය පටන්ගන්නවා (පිටුව 164)


උපුටා ගැනීම අවසන්

එල්ටිටි LTTE

උපුටාගැනිම
එහෙත් සංවිධනායේ නියෝජ්‍ය නායකයාව සිටි මහත්තයා තම වගකීම් යටතේ සිටින පහළ තනතුරු දැරූ සටන්කාමින්ට දඩුවම් නොකළ අතර "ඔයාලාගේ වැරදි නායකතුමාට කිවවොත් මොකද වෙන්නේ කියලා දන්නවානේ" ... කොන්දේසි යටතේ ඔවුන්ව අතවැසින් බවට පත් කරගන්නා ලදී ( පිටුව 96 )

මර්දනය‍ට එරෙහිව  සටන් කරන බවට පැවසූ අපේ ව්‍යපාරය මෙම අහිංසක ජනායගේ ජීවන අයිතිය මර්දනය .. (පිටුව 98)

හමුදාව වඩමාරච්චි ප්‍රදේශය අත්පත්කරගත් පසු ..... LTTE ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් වහ වහා දැනුම් දුන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාව නවක්කුලම් යායුතු බවයි (පිටුව 101)

ජනතාව යුද්ධයෙදි සිදුකරනු ලබන ප්‍රහාරවලට මිදිව ජනතාව මරණයට පත් වෙනිම යුතු යන අදහසින් මෙවැනි තිරණ ගත් බව කොටි සංවිදානය හේතු වශයෙන් දැක්වුවත්  ඒ වෙනුවෙන් ජනතාව විදි දුෂ්කරතාවයන් හා ජනතාවට සිදුවු අහිමිවිම් සුලුපටු නොවිය(පිටුව 102)

කාන්තාව යුදධ පෙරමුණේ  බොහෝ ජයග්‍රහණ වලට හේතු  සාධකයක් වුවත් සමාජයෙහි කන්තාවන් විශයෙහි වූ මතවදායෙහි කිසි වෙනසක් කිරිමට අපට නොහිකි විය ( පිටුව 108)

සියලු දෙනා ඉදිරියේ කාන්තා සමාජිකයන් තුන් දෙනෙකුට මරණය හිමිවිය (පිටුව 110)

LTTE පුනරුත්තාපන සංවිධාන විසින් හදාවඩා ගත් දුරුවන්, පිළිසරණක් නැති කාන්තාවන් වැඩිහිටියන් මානසිකව දුර්වලව සිටි ස්ත්‍රීන් මෙන්මපුරුෂන්ද අවසානයෙහි අත්හැර දමූහ (පිටුව 115)

අපේ දරුවෝ රට වෙනුවනේ කියලනේ සටන් කරන්න ගියේ සංවිදානය විශ්වාස කරලා ගිය ළමයිව සංවිධානෙන් මරලා දැම්මානේ (පිටුව 124)

දරුණු ලෙසින් පිඩාවට පත්ව සිටි ජනතාව කොටින් විසින් සූරාකනබව (පිටුව 158)

කොහොමද වැඩේ කොනිත්ත කොනිත්ත හිටියා දුන්න පාර (පිටුව 162)

පිටරටවල ඉන්න අපේ මිනිස්සුන්ගේ සල්ලි නේද මේ නිකරුනේ පුච්චලා දන්නේ (පිටුව  169)

වන්නියේ කොටි පාලනයේ සිටි මිනුස්න්ගේ තත්වය විස්තර ‍කළ නොහැක (පිටුව 173 )

යුද්ධයේ අවසන් අදියර පැවැති දවස් වල ජනතාවගේ යහපත මදක්වත් සිතා බැලුවේ නැත (පිටුව 189)

යුද්ධය අවසාන අදියරේදි අපේ ජනතාව අත්විඳි‍ ඛේදවාචකයන්  පිළිගැනිමට නොහැකිය (පිටුව 192)
උපුටා ගැනීම අවසන්

ඉන්දිය හමුදාව
උපුටාගැනිම
ගැහැණු ළමුන්ට එය මහත් සේ බියකරු විය. යාපනයේ සමහර තැන්වල තරුණියන්ට ඉන්දීය හමුදාව ලිංගික අතරව කරන බව ජනතවා අතර ප්‍රචලිත විය (පිටුව 55)

පාසලේ විදුහල්පතිගෙන් කුමක්දෝ අසා ඔහුට පහර දෙන්නට පටන් ගත්හ.... සිසුන් ක්‍රිඩාපිටයට කැඳවා ඔවුන්ට අත් ඔසවා දණ ගසා සිටින ලෙස අණ කෙරුනි (පිටුව 56)
උපුටා ගැනිම අවසන්

ශ්‍රි ලංකා හමුදාව
සටන්කාමී සහෝදරියන් හිස හැරුණු අත දිවගෙන ගිය බවත්, ඔවුන්ගෙන් තුවාල වලට ශ්‍රිලංකා හමුදාව ප්‍රතමාධාර ලබා දී ගෙවල් වලට පිටත් කල හැරි බවත් (පිටුව 122)

දිගදුර විහිදුම් බලකාය අපිව විස්මයට පත් කල ප්‍රහාර එල්ල කලේය (පිටුව 184)

උක්තයෙන් සඳහන් කර ඇත්තේ තමිළනී ජෙයක්කුමාරන් විසින් ලියන ලදුව, සාමිනාදන් විමල් විසින් පරිවර්තනය කරන ලද  තියුණු අසිපතක සෙවණ යට නම් කෘතියේ සාරාංශයයි

යුද්ධය බිහිසුනුය. නමුත් ඔවුන් යුද්ධයකට අතවැනුයේ නම් අපි දීන වන්නෙමුද?
වැප්

No comments:

Post a Comment

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....