බතලේ ගල, බැරැන්ඩි රොක්, කඳු මුදුනට ගොස් ඇත. එතරම් දුෂ්කර නැතිව ග්‍රේට් වෙස්ටර්න් තරණය කළෙමු. එයට ප්‍රධාන හේතුව නම් වැසි රහිත කාලයක් වූ පසු ගිය සෙනසුරාදා දිනය( 2016/10/21 -22) ඒ සඳහා යොදාගත් බැවිනි. අපේ පුද්ගලික වාහන වල නොගොස් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් වලට යාම මුලින් තිරණය වි තිබුණි. නමුත් අවසාන මොහොතේ දුම්රිය ප්‍රවේශපත් ලබා ගත නොහැකි වූ නිසා නැවත පුද්ගලික වාහන වල යාමට තීරණය කල තිබුණද, ඒ වන විටත් මගේ වාහනය හදිසි අනතුරකින් ඇතිවූ හානියක් පූර්ණය කරගැනිම සඳහා සේවා ස්තානයට දමා තිබුණි. එය ලබා ගැනිමට සති දෙකක් වත් යනු ඇත. ඒ තරම් එම ආයතනය කාර්යක්ෂමය. එලෙසම නිශ් මහතාගේ වාහනයත් හදිසි අලුත් වැඩියාවකට සේවා සපයන ආයතනයකට දමා තිබුණු නිස, දුම්රියෙන් යෑම නැවතත් ස්තීර විය. හදිසියේම දුම්රිය වෙන්කරවා ගැනිමට නොහැකි නිසා එක්වරම මතකයට නැගුනේ, සුප්‍රසිද්ධ සංචාරක අයාතනයක(මා කලින් රැකියාව කල ස්ථානයේ PEAK COLOMBO) වැඩ කරන කෝසල (kosala.abeyratna) මහතායි. ඉක්මන් ප්‍රතිචාර දැක්වූ ඔහු ගමනට අවශ්‍ය සියලු විස්තර හා දුම්රියේ තත්වය විස්තර කර දීම පිළීබඳුව ඔහුට කෘතගුන වෙමි. ඒ අතර තුර සත් ගුණවත් රවිඳු මහතා දෙවන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත් වෙන්කරගැනිමට සමත් වී තිබුණී.
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 200(කොළඹ->ග්‍රේට් වෙස්ටර්න් )
නැරඹිය හැකි දේ :- Great Western - ග්‍රේට් වෙස්ටර්න්, දහවල් 12.20 ට පමණ ඔබ කඳු මුදනේ සිටියහෝත්,දුම්රිය දෙකක් මාරුවන ආකාරය
නවාතැන් :- ස්තීර සංචාරක බංගලා නොමැත, කුඩාරම් වල සිටිය හැක, අප සිටියේ මෝගන් මහතාගේ ගෙදර, ඔහුගේ සුහද ශීලි සංග්‍රහ බුක්ති විඳිමින් ඉතාම සාධාරණ මුදුලකට ඔහුගේ සේවාවන් ලබා ගත හැක,(TP :077 079 1002)
ගනං හිලව් :- උදෑසන ආහාරය රු සියක්ටද දිවා. රාත්‍රි ආහාර වෙලක් සදහා රුපියල් 130ක් ද බැගින් වෙයි
තවමත් සතිඅන්තයක කණ්ඩායම් එකක් හෝ දෙකක් එන ස්ථානයකි. එහෙයින් මෙම ස්ථානය තවම අපවිත්‍ර වී හෝ සංචාරක වෙලඳුන්ගේ කූට ග්‍රහණයට ලක්වී නොමැත. එසේ නොවේවායිද එකසිතින් පතමි. එම ගමෙහි ජීවත් වන මෝගන් මහතා හා තවත් එක් අයෙකු පමණක් ඒ පිළිබඳව උනන්දුවක් දක්වයි. ඒ හැරෙන්නට කොළඹීන් ගිය පුද්ගලයන්ට/පිටස්තරයෙකුට එය නතු වී නොමැත. මේ සමග අතුරුකතාවක් ලිවිමට වඩා වැඩදායි යැයි සිතේ, මීට වර්ශගනාවකට පෙර අප මෙලෙසමට මීමුරේට ගියෙමු. ඒ කාලයේදි මිමුරේ යනු, සංචාරක වෙළදුන්ගේ උගු ග්‍රහණයට ලක් නොවූ ගම්මානයකි. නවරත්න නම් වූ එම ගමෙහිම පුද්ගලයෙකු පමණක් සංචාරකයන්ට සේවා සැපයුයේය. නවාතැනට රුපියල් 2000කුත්, උයාපිහාදීම වෙනුවනේ තවත් පන්සීයකුත් පමණක් වූ එම වියදම අද වන විට එක් අයෙකුට රුපියල් 5000ක් වූ තරමටම වානිජකරණය කර ඇත. ඒ සිදුවූ දෙය මෝගන්ට හෝ එම ගම්වැසියන්ට හෝ ග්‍රේට් වෙස්ටර්න් ට නොවේවායි එක සිතින් පතමි.
අප සංචාරයකට යන්නේ නම් එහි යාමෙන් සිදුවන සියලු අවාසි එම ස්ථානයට හෝ ගම්වැසියන්ට සිදුවන්නා සේම. එහි වාසියද ඔුවන්ට අත්කර දීමට හැකි පමණ උත්සුක වෙමු. එසේ නොවුන හොත් එම ස්ථානය උග්‍ර වානිජකරණය වී, ඒකාදිකාරයකට ලක් වනු ඇත. අද වන විට මී මුරේ, ජගල් බිච් හා තවත් බොහෝ ස්ථාන මෙලෙස සංචාරක කාක්කන්ගේ මූල්‍ය උත්පාදන ස්ථාන වී හමාරය.
රාත්‍රි 8 බදුල්ල බලා යන දුම්රියෙන් සිකුරාදා රාත්‍රියෙහි දුම්රියට ගොඩ වී පසු දින උදෑසන 4 ට පමණ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පළට ලඟා විය. දැඩි සීතලක් සහිත වූ ඒ උදෑසන දුම්රිය ස්තානයෙන් බසින් විට තවත් කණ්ඩායමක් ග්‍රේට් වෙස්ටර්න් තරණයට එම දුම්රියෙන්ම පැමිණ තිබුණි. මෙලෙස අප කණ්ඩායම් දෙකම මෝගන් මහතාගේ නිවස බල ගියෙමු. කෙටි නින්දක් ලැබ උදෑසන 8ට පමණ ගමන ආරම්භකිරිමට සැරසෙන විටත්,උදෑසන ආහාරය හා දිවා ආහාරය පාර්සල් කර තිබුණි. නමුත් රොටි සමඟ ලුනුමිරිස් හා පරිප්පු වූ උදෑසන වේල , මෝගන් මහතා ගේ ගෙදර සිටිම බුක්ති විඳ සැනෙකින් අවසන් කර දැමුවෙමු. එහි ප්‍රතිපල කන්ද නැගිීමට පටන් ගත් අවස්ථාවේදීම අයෙකුට බලවත් පීඩා ගෙනදුන්නේ ඉස්මුරැත්තාවක් ඇතිවීමෙනි.
තවත් අතුරු කතාවාක් ලියනු රිසියෙමි. මෝගන් මහතාගේ පියා එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පලට අනුයුක්තව සේවය කර ඇත. එකල කොටි තස්ත්‍රවාදි සමයක් වන අතර, දුම්රිය පිල්ලක් මත තිබුණු ක්ලේමෝ බොම්බයක් සොයා දිමෙන් නිහඩ විරුවෙකු වී සහතිකපත්‍රයක්ද ලබා ඇත. නමුත් එයින් එහාට ගොස් ඔහුට කිසිම මුදල්මය හෝ වෙනයම් ආධාරයක් කර නැත. අවම වශයෙන් කරනු ලැබූ දෙයට නිසි ඇගයීමක් වත් සිදුව නැත. මේ සිද්ධිය සිදු වී ඇත්තේ වර්ෂ 2000 දී පමණය
පින්තූර ඉස්සසුවේ තිසර, අමිල, රවිඳු හා පුබුදු ගෙනි!
නැගිය යුතු කන්ද |
කන්ද පාමුළ |
![]() |
උඩට කන්ද පේන විදිහ - පින්තූර අයිතිය පුබුදු |
![]() |
පහළ පෙනෙන අයුරු - පින්තූර අයිතිය රවිඳු |
![]() |
දුම්රිය දෙක මාරුවන අවස්ථාව - පින්තූරය අයිතිය තිසර |
![]() |
මං තුමා - පින්තූරය අයිතිය අමිල |
හරිම අගෙයි..
ReplyDeleteනියමයි. උඹලා යන එන තැන්වල සාදාරණ ගානකට නවතින්න කන්න බොන්න පුලුවන් තැන්ගැන ඔත්තුත් මෙන්න මේවගෙ අපිටත් දෙනවනම් ඒක ලොකුම උදව්වක්. අපිත් සල්ලිකාරයෝ නෙවෙයිනෙ බං. අනික රසට පිරිසිදුවට කන්න ලැබෙන එක, ආරක්ෂා සහිතව රැයක් ගත කර ගන්න එක ලොකුම දෙයක්.
ReplyDeleteඅපි ඔතන කෝච්චියෙ ඉඳන් බලා ඉඳලා තියෙනවා මිසක් බැහැල හියේ නෑ මේ වගෙ. මේක හරිම රසවත්
මේකෙ තව කොටස් තියෙනවද වැපා? මේ ටික බං මදි බං.
ReplyDeleteතව කොටස් නැහැ බන්.. ලියන්න කම්මැලියි ... ඉතුරු ටික ගිහින් බලන්න තිබ්බා :DDDD
Deleteසටහන හොඳයි. විස්තර සහිතයි.
ReplyDelete//
1. මීට වර්ශගනාවකට පෙර අප මෙලෙසමට මීමුරේට ගියෙමු. ඒ කාලයේදි මිමුරේ යනු, සංචාරක වෙළදුන්ගේ උගු ග්‍රහණයට ලක් නොවූ ගම්මානයකි.
2. ඒ සිදුවූ දෙය මෝගන්ට හෝ එම ගම්වැසියන්ට හෝ ග්‍රේට් වෙස්ටර්න් ට නොවේවායි එක සිතින් පතමි.//
මට අනුව මේ ප්‍රකාශය ඉතා වැරදියි සහ කුහකයි. ඔබ යද්දි මීමුරේ සංචාරක ව්‍යාපාරය තිබුණේ අතිශය ප්‍රාථමික අවදියේ. ඒ ප්‍රාථමික අවදියේ මිල තමයි ඔබ සඳහන් කළේ. නමුත් අද තත්ත්වේ එහෙම් පිටින්ම වෙනස්. අද මීමුරේ සංචාරය කරන පුද්ගලයෙක්ට ගමේ ඔහේ ඇවිදලා ගඟේ නාලා එනවට වඩා දෙයක් සංචාරක කර්මාන්තයේ නියැලෙන "වෙළෙන්දන්" විසින් ලබා දෙන බව අන්තර්ජාලයේ ඒ "වෙළෙන්දන්" සහ එම සේවාව ලබාගන්න පාරිභෝගිකයන් විසින් පළකරන දේවල් ඇසුරෙන් දැකබලාගන්න පුළුවනි.
මීමුරේ පරිසරයට හෝ සමාජ ජීවිතයට හානියක් සිදුනොකර, එහි තිබෙන දේවල් සහ කරන්න පුළුවන් දේවල් මාකට් කරලා නිශ්චිත වෙළඳ වටිනාකමක් ලබාදෙන එකේ ඇති වැරැද්ද මොකක්ද?
සංචාරක කර්මාන්තය ගම විදිහට තියනකල් පවතී ඉන්පසු? කර්මාන්තය දියුනු උනත් මිනිසුන් පැමිෙනයිද?
Deleteවටිනාකමින් අතිවන ප්‍රතිලාබ බුක්ති විඳිය යුතු වන්නන් කවරහුද?
//සංචාරක කර්මාන්තය ගම විදිහට තියනකල් පවතී ඉන්පසු? කර්මාන්තය දියුනු උනත් මිනිසුන් පැමිෙනයිද?//
Deleteඒක ඒ ස්ථානයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ගේ වැඩක්. ඔවුන් දැනගත යුතුයි ගම "ගමක්" විදියට තියෙනකම් පමණයි ගමේකම මාකට් කරලා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නට හැකිවන්නේ කියලා. එහෙම නැති වෙච්ච දවසට මිනිස්සු මීමුරේ යයි ගඟේ නාලා, ඇඩ්වෙන්චර් හෝ වෙන මොකක් හරි ක්‍රියාවලියක යෙදිලා එන්න. සමහරු යයි කඳු නගින්න. මීමුරේ අවට ලොකු කඳු කීපයක් තියෙන බව හැමෝම දන්න දෙයක්. සංක්ෂිප්ත අදහස, ගම විදියට තිබ්බොත් මිනිස්සු යයි ගම බලන්න. එහෙම නැති උනොත් මිනිස්සු යයි වෙන සංචාරක ක්‍රියාකාරකම්වල යෙදෙන්න. තමන්ගේ හර පද්ධතීන් විනාශ කරගන්නේ නැතුව ඒ එන සංචාරකයන්ව නියාමනය කරගෙන ඉන්න එක ඒ ගැමියන්ගේ වැඩක්. එහෙම කරන විදිය ගැන මීමුරේ ගැමියෝ දන්නේ නැතිනම් ඒ සම්බන්ධව ඔවුන්ව දැනුවත් කරන එක, පුහුණු කරන එක, සංවිධානය කරන එක පරිසරයට ආදරය කරන මිනිස්සුන්ගේ වැඩක්. අවශ්‍යනම් රජයේ සහයත් ඒ සඳහා ලබාගත යුතුයි. ගමේකම නැතිවෙනවා කියලා මිනිස්සුන්ට එන්න නොදී ඉන්න එක නෙමේ කළයුතු වැඩේ.
//වටිනාකමින් අතිවන ප්‍රතිලාබ බුක්ති විඳිය යුතු වන්නන් කවරහුද?//
එයට වටිනාකමක් ලබා දෙන පුද්ගලයින්. ඒ වටිනාකම ලබාදෙන පුද්ගලයා ගමේ ඉන්න ගැමියෙක්ද, පිටින් ආව වෙළෙන්දෙක්ද කියන එක අදාළ නෑ. මීමුරේ හර පද්ධතීන් විනාශ නොකර ඒ හරහා ආදායම උපයන්න ඕනෙම කෙනෙක්ට අයිතියක් තිබෙනවා. මතක තියාගන්න, මැණිකක් වටින්නේ ගොඩ අරගෙන කපලා ඔපමට්ටම් කරලා ඉවර උනාට පස්සේ මිසක් පොළොවේ අඩි දෙතුන් සීයක් යට තියෙද්දී නෙමෙයි.
එන සංචාරකයන් ගැන ෙනෙම් මම කතා කිව්ව් .... කූට තක්කඩි ගැන
Deleteමැණික ඔප දැම්මට ගම ඔප දැම්මාම මක් වනු අැතිද :D
කුහක කතාව - ගම විනාස උනාම කන්දට යයි.. නදකිං විතරක්
//එන සංචාරකයන් ගැන ෙනෙම් මම කතා කිව්ව් .... කූට තක්කඩි ගැන
Deleteමැණික ඔප දැම්මට ගම ඔප දැම්මාම මක් වනු අැතිද :D//
තක්කඩි කොහොමත් හැම සමාජයකම අඩු වැඩි වශයෙන් ඉන්නවා. ඒක තමයි මම පැහැදිලිවම කිව්වේ ගමේ හර පද්ධතීන් රැකගන්න එක ගැන ගැමියන්ට අවබෝධයක් නැතිනම්, ඒ ගැන රජයත් සම්බන්ධ කරගෙන ක්‍රමානුකූලව ගමේ ජනතාව දැනුවත් කළයුතුයි කියන කාරණාව. ඒක දැක්කේ නැහැ නේ...
//කුහක කතාව - ගම විනාස උනාම කන්දට යයි.. නදකිං විතරක්//
මිනිස්සු කොහොමත් තමන්ට අවශ්‍ය තැනට යනවා. ගැමි සිරියට කැමති අය ඒක වෙනුවෙන් යයි. ඒ ගැන එච්චර හිතන්නේ නැති වෙන දේවලින් සතුටු වෙන අය ඒ ඒ දේවල් හොයාගෙන යයි. එච්චරයි.
ආයෙත් කතාවේ මුලට ගියෝතින්, ගන්න ගාන වැඩියි/ ගමේ අය නෙමේ පිට අයයි කරන්නේ වගේ සිල්ලර කාරණා හේතුකරගෙන සංචාරක ව්‍යාපාරයට බැරියර් දාන එක තරං මෝඩ අදහසක් තවත් නැහැ.
සංචාරක ව්‍යාපාරය කූට කරන්න එපා කියලා මං කව්වේ
Deleteමෙතනදි වැප් හා එකඟයි. සංචාරක ව්‍යාපාරය හෝ මොනයම් කාරනා නිසා සංවේදී පරිසර පද්ධති තුලට මහාපරිමාණයෙන් සංචාරක කණ්ඩායම් ගමන් කිරීම තුලින් ඒ පරිසර පද්ධතිය විනාශ වීම වලකනු නොහැකියි. එමෙන්ම යම් ස්ථානයක් ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක් පවතී නම් එහි වැඩි ප්‍රතිලාභ ආශ්‍රිතව ජීවත්වන අයට ලැබිය යුතු බවයි මගේ මතය.
Deletemeka guidela netuwa yana geri ekakda?
ReplyDeleteඔව් එහෙමත් යන්න පුලුවන්
Deleteඑල ද braa
ReplyDeleteela machan... Piyala...
ReplyDeleteThanks for the info machan
ReplyDelete