Friday, December 25, 2009

සෝම හාමුදුරුවෝ

තරුණ හා කුඩ ළමුන්ගේ හදවතට කතා කීරිමේ හැකියාවෙන් යුතු, හා ගැඹුරැ ධර්ම කරණු එකිනේක ගෙන ඉතා සරළව පහදා දෙමින් මනා ලෙස තම වාග් කෞෂ්‍යල්‍යයය මෙහෙයවු ඒ මාහා සංඝ පිතෘවරයාණෝ අපවත් වි වසර හයද ඉකමවා ගොස් ඇත.

රටම වල්මත් වි, හරිමගක් ‍පෙනෙන මානයක නොතිබුණු යුගයක මෙරට සකලවිද වු ජනී ජනයාගෙම වාසනාවට පහළවු සෝම හිමි මුලු රටම වහල් මානසිකත්ව‍යෙන් එගොඩ කලහ. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට නිවැරදි මගපෙන්විමක් කරමින් රටෙ අනාගතය නිවැරදි දිශාවට යොමු කලේ විවධ වු බාදකයන් මැඩගෙනය.

උන්වහන්සේ මෙරට බෞද්ධ ජනතාවට පමණක්ම ආමන්ත්‍රණය නොකලහ. විශේෂයෙන් ඉස්ලම් භක්තිකයන් උන්වහන්සේට මහත් සේ ‍ගෞරව කලහ. රටට නව මනයක් කිහිපයක් ඇතුලු කර එතුලින් රට නවමගට යොමු කිරිම සෝම හිමිගේන් සිදුවු මහඟු සේවව වෙයි.

අන්‍යගමීකරනය
දේව සංකල්පය හා මිත්‍යය විශ්වාස
සිංහල ජාතියට වන හානිය

යන මෙ මුලික කරැනු මත පිහිටමින් තම දෙශණ චතුරත්වය ‍සමාජගත කරමෙ ප්‍රතිපලයක් ලෙස අද තරැණ පෙලතුල රටට ජාතියට හා ආගමට ඇති ලැදියා තවමත් අත හැර නැත.

ස්වධින රැපවාහිණියේ අඳුරෙන් එළිය වැඩසටහන තුලින් වඩාත් ජනතාව අතරට ලංවුවත් පසු ඇතිවු තත්වයන් මත ටි එන් එල් සේවව තුල ධර්ම ප්‍රදීප වැඩසටහන් මෙරට ජනතාව ඇමුතු උනවහන්සේගේ ගමන නතර කරවිමට විදේශ බලවෙගයන්ට හැකිවීම මෙරට ජනයාට සිදුවු මහත් පාඩුවකි.

රටට අවශ්‍යම වු මොහොතක මෙරට තුල මහත් වු වෙනසක් සිදු කර අප අතරින් "රහසින්ම නික්ම ගිය" උනවහන්සේ නිවන් දකිනා තුරා මෙරටම යලි යලිත් ඉපදේවයි එක සිතින් ප්‍රර්තණා කරන්නෙමි.


වැඩිදුරත්
විකි

7 comments:

  1. ape karumeta ethumaa apawath wunea machan . . . kochchara loku wenasak etumaa podi kaalekadi kalaada . . etumaata niwan suwa labewaa. .. . !

    ReplyDelete
  2. ඔය තියෙන්නේ ගින්දර වගේ. සෝම හාමුදුරුවො ගැන කියනවනම් සෑහෙන දේවල් තියෙනවා කථා කරන්න. උන්වහන්සේ තමයි නව බෞද්ධ පුනර් උද්දීපනයේ පුරෝගාමී සිංහල බෞද්ධයා. ගිරිය කැඩෙනකම් රට වෙනුවෙන් සිංහල කම වෙනුවෙන් ස්ටේච් වල කට මැත දොඩවන වාචාලයන්ට නිවැරදි සිංහල කම ගැන කියා දෙන්න උන් වහන්සේ සැහෙන වෙහෙසක් ගත්තා. දේශපාලන වාසි තකා මහ ජාතිය පාවා දෙන කාලකන්නින්ට නියම ජාති මාමකත්වය ගැන උන් වහන්සේ වදාලා. උන් වහන්සේට තිබුනේ නියම ආර්යය සිංහල කටක් ඒ වගේම ඉතාම ප්‍රිය මනාප කට හඩක්. ඒ කට හඩ ඇහුනත් ඇති හිත දැහැන් ගත වෙන්න. තැන තැන විසිරී සිටි නිදා සිටි බෞද්ධයන් එකම මාවතකට එකම අරමුනකට එකම කේන්ද්‍රයකට රැස් කරන්න උන් වහන්සේ නොසෑහෙන උත්සහයක් ගත්තා. ඒ වගේම ඒ ප්‍රයත්නය ඉතාම සාර්ථක උනා. ඒ කෙරෙන් නව බෞද්ධ පුනර්ජීවනයක් රට තුල ඇති වුනා. අබෞද්ධයන් පවා බුද්ධ ධර්මය ගැන විමසන්න උනා. ඒ තුලින් උන්වහන්සේ විශාල ජනප්‍රියතාවක් ගොඩනගා ගත්තා. ඒ ජනප්‍රිය තාව දරා ගන්න බැරි උන කාලකන්නි හැත්ත උන් වහන්සේ මරා ගත්තා.

    කථා කරන්න නම් සෑහෙන දේවල් තියෙනවා චැප්. හැමදාම උදේ පාන්දර රේඩියො එකේ උන් වහන්සේගේ බණ දේශනාවක් ප්‍රචාරය වෙනවා. මම නැගිටින්නේ අනිවා ඒක අහලා. ඒ කට හඩ ඇහුනම දවසම ෆුල් ෆ්‍රෙෂ්. මේ මගේ රට නේද මම මොකාටද බය වෙන්නේ කියන විදිහේ අළුත් ලේ දාරාවක් ඇගට එකතුවෙනවා අගේ හැගීමක් ඒ ගට හඩත් එක්ක මගේ ඇගට එනවා වගේ දැනෙනවා.

    උන් වහන්සේගේ මතකය අළුත් කලාට ස්තුති චැප්

    ReplyDelete
  3. අකුරු ලොකු කරන්න චැප්

    ReplyDelete
  4. ගීත්
    අනිව අකුරැ ෙලාකු කරන්නම්.

    මට දැනගන්න පුලුවන්ද ඒ බණ යන ගවන් විදුලි නාලිකාව

    ReplyDelete
  5. වැප් මට හරියටම මතක නැහැ නමුත් මතක හැටියට සත් fm 103.6 පාන්දර 5ට. මම කරන්නේ ඇදේ ඉදගෙන අහගෙන ඉන්න එක අපේ සියා තමයි ටියුන් කරන්නේ.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....