Thursday, January 14, 2010

හෝ 10 20 30 40 ............ එකයි දෙකයි තුනයි කියලා

අද මට හිතුනා සෙල්ලංකාලයට යන්න කියලා. ඒදවස් වල අපේ පැති වල ඔන තරං සෙල්ලං කරන්න ඉඩ තිබුනා. එත් දැන් ඉන්න පොඩි කට්ටියට එහෙම වාසනවක් නැහැ, හැම තැනම ගෙවල් තාප්ප. හිස් ඉඩමක් පලාතක නැහැ. බැරි වෙලාවකවත් පර් 10 ක විතර හිස් ඉඩම් කැල්ලක් තිබුනොත් ඉතින් ඒක කුනු ගොඩක්, විදුරැ/ ඉටිකොල හා ජාරව පිරිලා. මුලන්ම කියන්නම්කො අපි කරපු සෙල්ලං, ඔය මංකියන කලේ කිරිකට් එච්චර ප්‍රචලිත නැහැ. ඉතින් අපි කරන සෙල්ලංතමයි ටින් කැඩිම, අයිස්පයිස් , ගස් මාරැවිම , හැංගිමුත්තං හෝ ගුටිපන්දු. වැඩිම කැමැත්ත ඉතින් ටින් කැඩිල්ලට තමයි [මොකද කෙල්ලොත් ඉන්නවනේ]. මම හිතන්නේ ඔය කට්ටියත් මේසෙල්ලම දන්නවා ඇති.

ඔය අයිස්පයස් / ගස්මාරැවිම / හැංගිමුත්තං කියන එවාට තනි එක්කෙනේක තොරගන්න වෙනවා. ඉතින ඔකට අපි එක එක විදි පාවිච්චිකනවා. මට දැන් මතක තියෙන්නේ

හෝ 10 , 20 ,30,40,50 ..... 100 කියලා එකයි දෙකයි තුනයි කියලා, තුනවෙනියව ඉවත් කරනවා. ඔහොම ගිහින් ගිහින් අන්තමට ඉතුරවෙන කෙනා තමයි. අපිව හොයන්නේ, එහෙම නැතිනම් ගස් මාරැ විමෙදි ගහක් අල්ල ගන්න බලන් ඉන්නේ.

තව මට යන්තමට වගේ මතකයි, සියේ සියේ සතයක්, මොකටද පුතේ සතයක්, සියඔලා කන්න සතයක් .... හපොයි ඉතුරැටික මතක නැහැ.

ටිකක් විතර තරැණ විසේ ගහනකොට ඉතින් ගුටිපන්දු තමයි. දැන් ගමේ කෙල්ලො ටික හලලා විරයො වෙන්න යන කලේනේ, දැන් ඉතින් ගුටිපන්දු, ඊටත් පස්සේ කිරිකට්, කිරිකට් කව්වහම මතක් උනේ, මුලින්ම අපි ඔවර් එකකට බෝල කියක් තියනවද කියලා හරියට දන්නේ නැහැ ඉතින් සමහර දවස්වල ඔවර් එකකට බෝල පහයි, තව දවසකට හයයි, මට මතකයි සමහර දවස් තිබුනා හතයි කියලා සෙල්ලං කරපු වාතාවලුත්. ඔක ඉතින් තිරණය වෙන්නේ ඉස්සෙලා දාන ඔවරයත් එක්ක තමයි. තව දෙයක් එක පැත්තකට එක්කෙනේක අඩු උනොත් හුංගෙක් දෙනාවා, තෙරැනාද? එ කාව්වේ එක්කෙනේක අඩු පැත්තට, එම කණ්ඩායමේ අයෙක් අවුට් උනොත් එම අවුට් එකකොනෙක්ට ගහන්න දෙනවා.

වොලි බෝලයක් තිබුනා, ඔක ඉතන් කොකටත්තයිලක් තමයි, අත් පන්දු / පා පන්දු / ටෙනිස් බොලයක් නැත්නම් , බොල පාස් කරනනේත ඔකේන තමයි. ඇයි ඇලේ පීනන්න යනකොට ජිවිත ආරක්ෂාවට තියෙන්නේත් ඔක තමයි.

ඔන් ඔහොම යනකොට ඉතින් අයිත කෙල්ලො ඔනා වෙන කාලයක් ආවා .... හි හි

කවුරැ හරි දන්නවනම් අර කට්ටිය තොරන විදි කියන්න. සමහර විට ගොඩාක් විදි තියෙන්න පුලුවන්.............


අන්තර්ජාලය තුල අපේ විදි සුරැකිය යුතුමයි

වැප්

23 comments:

  1. "ටින් කැඩිම, අයිස්පයිස් , ගස් මාරැවිම , හැංගිමුත්තං හෝ ගුටිපන්දු. වැඩිම කැමැත්ත ඉතින් ටින් කැඩිල්ලට තමයි "

    ඇයි වන් ටූ ත්‍රී බම්බල් බී, වයින් බෝතලේ . . ??

    අපේ නම් ප්‍රියතම එක වයින් බෝතලේ . .

    ඉස්සෙල්ලාම පරේ ලොකු බෝතලයක් අඳිනවා ගඩොල් කැටේකින් . . . කට්ටිය දෙපිලට බෙදිලා එක පිලක් දුවනවා ගම පුරාම . .. අනිත් පිලේ උන් එකෙක්ව අල්ලන් ඇවිත් බෝතලේ ඇතුලට දානවා . .. දාපු එකාව ඒ පිලේ එකෙක් අනිත් උන්ගේ ඇස් වහලා කොහොම හරි ඇවිත් උගේ අතට පොඩි තට්ටුවක් දාලා බේරගෙන යනවා . . .

    හරිම ජොලි ඒ කාලේ නම් . .. උඹ මෙකෙන් අපිව ආයේ පාරක් පුංචි කාලෙට ගෙනිච්චා

    Jඅනුඅර්ය් 13, 2010 10:46 ඵ්M

    ReplyDelete
  2. @දුකා
    ඔබ ඔය කයු වයින් බොතලයම තමයි අපි අයිස් පයස් කියලා කරන්නේ

    හේ මට අමතක උනා වන් ටු 3 බම්බලපි , පිත්ත කරකවන සේල්ලම....

    ReplyDelete
  3. අයිස් පයිස් කියලා අපි කලේ ටින් එකකට ගල් ටිකක් දාලා පස්සේ ටින් එකේ කට තලනවා. එකෙක් ඒ ටිනෙක දුරකට විසි කරනවා. . දහය විස්ස ගැනලා ඉතුරු වෙන කෙනා එක අහුලන් එන්න අයිස් පයිස් කිය කියා . .. ඇවිත් රවුමක් මැද්දෙන් ඒ ටින් එක තියන්න ඕන . . .අනිත් හය හැන්ගෙනවා. . අර කෙනා කට්ටියව හොයාගනන් ඕන . . එකෙක්ව මාට්ටු වුනොත් අයිස් පයිස් කියලා ටින් එක හොල්ලලා ඌව තියා ගන්නවා . .. හොයන්න යද්දි වෙන එකෙක් ඇවිත් ටින් එක රවුමෙන් පිටට යන්න පයින් ගැහුවොත් එයාටම ආයේ පාරක් කට්ටියව හොයන්න වෙනවා .

    ReplyDelete
  4. @දුකා
    ඔව් ඔව් ඔයා අයිස් පයිස් විසතර කරපු විදහහරිට හරි. එකියන්න් මම වයින් බොතලේ කරාලා නැහැ, හපොයි මට අයිත් පොඩි කාලෙට යන්න හිතනෙවා.

    අපි අයිස් පයිස් කරද්දි. ඇගට තට්වක් දැමමත් ඇතුලේ ඉන්න එකාව බෙරගන්න පුලුවන් එකයි මම කිව්වේ එකත් වයන් බෝතලේ වගේ කියලා....

    දැන් ඉතින් ලබන ආත්මේ තමයි අයිත් ඉතින් වයින බෝතලේ කරන්න වෙන්නේ ....

    ReplyDelete
  5. ඇයි තව කාඩ්ස් පැක් එකේ සෙල්ලං... ජූස්, ඕමි , අනං මනනුත් පොඩි කාලේ කරානේ,,,,,

    ReplyDelete
  6. පොඩි කාලෙ සෙල්ලම් මතක් වෙනවා.

    මං හිතන්නෙ දැන් ඉන්න පොඩිවුන්නම් ඕව මුකුත් අහලවත් නැතුව ඇති.

    ReplyDelete
  7. වැප්, ඔයාගෙ එකට comment කරන්න පුලුවන් google account එකකින් විතරනෙ. බැරිද ඒක වෙනස් කරන්න.
    මගෙ තියෙන්නෙ word press . ඒත් එකෙන් comment කරන්න බැහැනෙ.

    ReplyDelete
  8. @පිස්සා
    ස්තුතිය මතක් කර දුන්නට

    @වර්ෂා
    හරි මම වෙනස් කරන්නම්. ඒත් වෙනස් කරන විදිහ තාම සොයනවා ....

    ReplyDelete
  9. අපිත් මේ ලගදි යාලුවො සෙට් උන වෙලාවක ඉස්සර අපි කරපු සෙල්ලම් ගෑන කතා උනා.සෙල්ලම් කරත්ත හදපු හෑටි .පොල් කොලවලින් ගෑරඩි වියාපුවා,නලා හදාපුවා....ගොයම් කෑපෙන කාලෙට කුබුරෙම තමයි.පිදුරු ගොඩේ නටාපුවා.කාලය මොනතරම් වෙනසක් කරලාද.අද ළමයි මෙවා අහලවත් නෑ....ඔට්ටපාලු බෝල හදන්න හොරෙන් රබරෙ ගිහින් කී පාරක් නම් අහු උනාද.හරිම සුන්දරයි.හොද ලිපියක්,

    ReplyDelete
  10. ගස්මාරැවිමට අපි කිව්වෙ ගස්කෑම කියල, ඉස්කෝලෙ 4,5 වසර වල කෙල්ලොයි කොල්ලොයි දෙකට බෙදිල සෙල්ලම් කරා මතකයි.

    ReplyDelete
  11. @නුවණ්
    මතකද සෙක්කුව ඒහෙම ....

    @සුරංග
    ඒ 4 -5 වසරවල් ඉතින් අයිත් ඒන්නෙ නැහැ.

    ReplyDelete
  12. ජිල් ගැහිල්ල කොහොම්ද?
    අපි ලිකු ජිල් වලට කියන්නේ "ටොම්බා" කියලා....
    කැඩිච්ච එව්වා "කබ්බෝ"...
    මට තිබ්බා ජිල් සිය ගාණක් ඔට්ටුවට ගලලා....
    තාමත් මට හරියට "කිරන්න" පුළුවන් වලටම....

    එනවද මාත් එක්ක ජිල් ගහන්න කවුරුහරි....

    /බිඟුවා...!

    ReplyDelete
  13. දහනායම මුත්තා, සීනි බෝල ගත්තා, ඒක විකාගන්න බැරුව රැවුල විකා ගත්තා. ටක් ටික් ටුක්..............

    ReplyDelete
  14. හරිම අපූරුයි. පට්ට ආතල් ඒ කාලේ. හරි අපූරුව කියන්නේ ඔය අටවගත්ත සෙල්ලම් හැම එකකම පාවිච්චි වෙන්නෙ ප්‍රාදේශීය වහර (dialect). ඒ නිසා එක පළාතක 'ටකරෙ' කියන එක තවත් පළාතක 'ඉලෙක්'. ඔයා ගුටිපන්දු කියන්නෙ ඒක වෙන්න ඇති කියල හිතනවා.

    අපිත් පොඩි කාලේ ඔය සෙල්ලම් එක්කම තමා හැදුණේ වැඩුණේ. මාර ම ආතල් සීන් එක, මට හොඳ ටෙනිස් බෝල පාරක් වැදුණොත් වලියක් සුවර්! :D

    ReplyDelete
  15. සීයේ මට සතයක්
    මොකටද පුතේ සතයක්
    සියඹලා කන්න සතයක්
    සියඹලා ගහේ නම මොකක්ද
    කලුකුම්බර දේවතාව
    යක්කු නටන බංගලාව
    ටකා ටිකා ටුකා...

    ගුටිපන්දු ගහන එකට අපි ඒ කාලේ කිව්වේ "සම්බෝල කඩනවා" කියලා. ගමේ විතරක් නෙමේ ඉස්කෝලෙදිත් සම්බෝල කැඩුවා.

    අපේ සෙල්ලම්වලට යය වේවා...

    ReplyDelete
  16. ආහ් මරු මාතෘකාවක් ‍නේ. මමත් ඔය හැම ෙසල්ලමක්ම කරලා තිෙයනවා. මට නම් පොඩ් දවස්වල ෙසල්ලම් කරන්න ඔන තරම් ෙවලාව තිබුනා. අපි කරපු සෙල්ලම් ටිකක් කියන්නම් දන්නේ නැති සෙල්ලමක් තියෙනවනම් අහන්නකෝ

    පිට්ටු ගැහුවා
    ජිල්බෝල ගැහුවා
    බට්ටා පැන්නා
    ඉර සල්ලි ගැහුවා
    මැද බෝල් ගැහුවා
    ගුඩු ගැහුවා ( කුඩු එහෙම නෙවෙයි හොදේ වරදවා තේරුම් නොගත්වා)
    ONE BUMP ගැහුවා
    අයිස් පයිස් ( අපිනම් ඔකට කිවුවේ වෙන නමක් මට ඒ නම මතක නැහැ.)
    එල්ලේ ගැහුවා
    ගල් කෙටුවා (වරදවා තේරුම් ගන්නේ නැතිව නොදන්න අය සිටී නම් අහන්න හොදේ)
    එළු වන් කෑම කලා
    Whats the time Mr wolf කලා
    අර නූලක් ගැටගහලා ඇගිලි 10 අතරට දාගෙන එක එක රටා හදන සීන් එකක් කලා

    ම්......මතක් වෙන්නැහැනේ..සමරක් ඒවගේ නම් මතකයි සෙල්ලම මතක නැහැ සමහරක් ඒවගේ සෙල්ලම මතකයි නම මතක නැහැ. මතක් වෙන වෙන විදිහට කියන්නම් කෝ. සෙල්ලම් වලට අමතරව අනුන්ගේ වතු වලට පැනලා අඹ කජු පුහුලන් වගේ දෙවල් කන එක තමයි පට්ටම ආතල් වැඩේ. තාත්තිට හොරෙන් ගගේ නාන්න යන එකත් පට්ටම ෆන් තමයි. අහ් තව නියම වැඩක් තිබුනා අපේ සෙට් එකේ ඒකට කියන්නේ කොච්චි කොටනවා කියලා. කොල්ලෝ ටික එකතු වෙලා කොච්චි මිරිස් ගෙනල්ලා ගැට හරි දුඹුක් හරි සියඹලා ලුනු ටිකකුත් දාලා (දැනුත් කටට කෙල උනනවා) හොදට අත් වංගෙඩියක කොටනවා. මේක කරන්නේ දවසේ අන්තිම හරියේ ඒ කරලා අට්ටාලෙට නැගලා කනවා. ෆන්ම තමයි. අට්ටාලේ කි‍යන්නේ ගස් උඩ ලෑලී ගහලා ‍හදන පියස්සට.

    කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. වෙලාව මදි‍. මතකයන් අළුත් කල මෙන්ම සාම්පුදායික බ්ලොග් මාතෘකාවලට වඩා වෙස් කතිතාවතක් ඇති කල හා ඇති කල හැකි මාතෘකාවක් WAP හිතලා තියෙනවා. නියම වැඩක්. හොද අදහසක්. මේ වගේ අළුත් දෙවල් තමා ඕන. මේ මගින් මටත් නව අදහසක් ආවා ලියන්න. ඉස්සරහට ලියන්නම්.

    ReplyDelete
  17. dan masa 2,3ka idala blog kiyewwa witharak unata meka dakkama nam comment 1k noda inna bari una.
    samawenna sinhala akuru liwe nathi unata.mehema type karala lassanata thiyana blog pitu katha karanna kamathi na mama.convertor 1n try karath hariyata liyawenne na.
    aye punchi kaleta mawa aragena giya me lipiya.ay malli batta panina eka.8 batta,6 batta.thawa puwak kolapathaka wadi wela kata hari kiyala adan yana eka.polkatu 2kata lanuwak dala ewa udin awidina 1.loke aaapassata karakenawa nam kiyala hituna

    ReplyDelete
  18. @බිඟුවා...!
    @ත‍රිඳු
    @ශාකුන්තල
    @රනා
    @ගීත්
    @muthu

    කට්ටියටම අතිතය මතක් කර දුන්නාට මට පින් ... හි හි හි

    ReplyDelete
  19. අයිස්පයිස් වලට අපි කිව්වෙ කම් අලෝන් කියල (come alone)

    ReplyDelete
  20. රනා said...

    "සීයේ මට සතයක්
    මොකටද පුතේ සතයක්
    සියඹලා කන්න සතයක්
    සියඹලා ගහේ නම මොකක්ද
    කලුකුම්බර දේවතාව
    යක්කු නටන බංගලාව
    ටකා ටිකා ටුකා...

    අපි නං ඔහොම නෙමෙයි නතර කරන්නෙ..
    මෙහෙමත් කියනවා...

    සීයේ මට සතයක්
    මොකටද පුතේ සතයක්
    සියඹලා කන්න සතයක්
    සියඹලා ගහේ නම මොකක්ද
    කලුකුම්බර දේවතාව
    යක්කු නටන බංගලාව
    ලංසි කෙල්ල නානවෝ
    සැං පවුඩර් ගානවෝ
    අම්මෙ මාව මරනවෝ
    මරන පොල්ල ගේනවෝ
    ටක් ටික් ටුක්
    චීන වලල්ලක් "

    තව අපි මෙහෙමත් ගැන්නා

    එහා වත්ත මුර කරන්නෙ නයයි මුගටියයි...
    ඒ දෙන්න මැරුන දාට වලයි පෙට්ටියයි....
    ඒ කොම්පැනි මේ කොම්පැනි සිගරට් කොම්පැනි...
    එයින් එකක් බීපු දාට කොල්ලො බඩගිනී...
    ටක් ටික් ටුක්...
    චීන වලල්ලක්...

    ReplyDelete
  21. ඔයාලා බිත්තරේ සෙල්ලං කරලා තියෙනවද?

    ReplyDelete
  22. @BEAUTIFUL SRI LANKA
    ස්තුතියි.

    @මධු වීරකෝන්
    නියමයි ඔබට නියමට මතක තිබිලා තියනවා .... එලස් ... මටත් යන්තමට මතකයි ... විශාල රවුමක් අැදලා ... බිත්තරය කියලා එකක් කලා ... එකමද වයිම කියලා මතක නැහැ ...

    ReplyDelete
  23. වැප්>> මට අමතක කරන්න බැහැ ඒ කාලේ... ජීවිතේ සුන්දරම ලස්සනම කාලේ... හැබැයි වයිම කියන්නෙ අල්ලන සෙල්ලමට, අපි එකට හොරා පොලිස් කියලත් කියනවා... නමුත් බිත්තරේ වෙනස්... බිත්තරේ කරන්නෙ ලොකූ බිත්තරයක් ඇදලා ඒක හතරකට හරි හයකට හඩි බෙදනවා... ඊට පස්සෙ කොල අත්තක් අරගෙන බෙදපු ඉරි දිගේ දුවන ගමන් මැද ඉන්න අයට කොල අත්තෙන් ගහනවා... වැදුනොත් අවුටි... ඉතිං මැද ඉන්න අය බේරෙන්න ඕන....

    තව අපි ටින් කැඩුවා, ක්‍රිකෙට් ගැහුවා, එල්ලෙ ගැහුවා...
    ආයෙ යන්න පුලුවන් නන් ඒ කාලෙට...

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....