Saturday, December 11, 2010

මව්රට,සිංහලයා, බුදුදහම හා සෝම හිමි.

මීට වසර හතකට පෙර (2003 දෙසැම්බර් 12), ලාංකීක සිත් තුල සදාකාලික මතකයක් තබමින් අප අතරින් සමුගත් ගංගොඩවිල සෝම හාමුදුරුවන් හට නිර්වාණ සුවය පතමින් මෙම ලිපියේ ආරම්භය මෙසේ සටහන් කරමි. උන්වහන්සේගෙන් අප සමාජයට වූ සේවවා අතිමහත්ය, නමුත් ඒ පිළිබඳ කතා කරනවාට වඩා මා සෝම හිමියන්ගේ අදහස් මත කෙසේ නම් වෙනස් වූවේද යන්න මෙසේ සටහන් කරන්නෙමි.

සාමන්‍යයෙන් සෑම අයෙක්ම, තම ජීවිතය තුල විරුවන් ලෙස ඉතා සීමිත පිරිසක් විශ්වාස කරනවා මෙන්ම ඔවුන් පසු පස ගමන් කරයි. ඒ අනුව බුදු දහම , සිංහල ජාතිය හා මගේ මව් රට පිළිබඳ නව දැක්මක් එක් කල ගංගොඩවිල සෝම හිමිපාණෝ රට දැය සමය යන කාරනා පදනම් කරගෙන මාගේ ගුරුවන්නේය. මටත් ජාතියක් ඇත මටත් දර්ශනයක් ඇත මටත් රටක් ඇත යන අභිමානය, අවබෝදයෙන් කෙසේ නම් භාවිත කරන්නේද යන්න මොනවට පැහැදිලි කරදිම මා ලැබූ භාග්‍යක් කොට මම සළකමි.  බුදු දහම තුල ඇති මිත්‍ය මත හා බො‍රු ආටෝපයන් ඉවත් කරමින් ගෙන හැර දැක්වූ ධර්ම දේශනා අදටත් මතකයේ එලෙසම රැඳි ඇත. ස්වාධින රූපවාහිණියේ විකාශය වූ අදුරෙන් එළියට වැඩසටහත් ඉන්පසුව ‍ටිඑන්එල් හි විකාශය වූ ධර්ම ප්‍රදීප වැඩසටහනත් නොවරදාවම බැලුවෙමි.‍ උපතින්ම බෞද්ධයෙකු වූ මා සෝම හිමියන්නේ දේශනා කරන කොට, බුදු දහම යනු කුමක් දැයි මට තේරෙන ප්‍රමාණයට ග්‍රහණය කරගතිමි. සියලු අන්‍ය ආගම් හා දර්ශණයන්ට ගරු කරමින් බුදුදහමට හිමිවිය යුතු තැන සලසා දිමට  හා එයට අනවශ්‍ය ලෙස බලපෑම් කිරිමට තැත් කරන මූලධර්මවාදීන්ට එරෙහිව නැගීසිටිම කෙසේ කලයුතුද යන්න මනා කොට උන්වහන්සේ වදාළ සේක. දේව සංකල්පය විස්තර සහිතව ඉදිරිපත් කිරිම හා බුදු දහමට ඇති සම්බන්දය අර්ථ කතනය සමාජය තුල නව පෙරළියක් කළහ. 

සිංහලයා යනු කවරෙක්ද? සිංහ‍ලයෙක්ව ඉපදිම පුරුවේ කර්මයක්ද? අනාගතයේදී සිංහලයාට සිදුවන්නේ කුමක් දැයි යන අදහස් ඉතාමත් නිර්භිත ලෙස සමාජ ගත කල උන්වහන්සේගේ හදිසි අභාවය තවමත් අභිරහසකි. උන්වහන්සේගේ ජාතිකත්වය පිළිබඳ අදහස ජනතාව අතරට යාම ත්‍රස්තවාදය මැඩලීම සඳහා පිටුබලයක් වූ බව කිව යුතුමය. නුදුරු අනාගතයේදි සිංහල ජාතිය වැනසෙන ආකාරය හා නැතිවී යාම ගැන මනා අවබෝධයකින් යුතුව ඉදිරිපත් කල අදහස් අප හිත් තුල ජාතිය පිළිබඳ ආදරයක් හා අභිමනයක් මෙන්ම දැඩි කණගාටුවක්ද ඇති කලහ. දැන් දැන්  එය සිදුවන බවට ඇස්පනා පිටම සාක්ෂි ඇත. ලෝකය පුරා සිටින සියලු සිංහලුන්ට ඇති එකම මව් රට ශ්‍රී ලංකාව පමණි. එබැවින් එය රැක ගැනීම හා සුරක්ෂිත කොට අනාගතපරපුරට දායද කිරිම වර්තමාන සිංහලයාගේ  යුතු කමක් හා වගකීමක් වන බව දැඩි ලෙස අවධාරණය කිරිම උන්වහන්සේ නිතර තම දේශණ වල මාතෘකාව කොට ගන්නා ලදී.

බහු වාර්ගික, බහු ආගමික බවට තර්ක කරමින් සිටි අමුතු පිරිසකට දැඩි බලපෑමක් එල්ල කිරිමට හැකිවූ අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අවසානයේදි, උන්ගේම ක්‍රමන්ත්‍රණයකට අසුවී අපවත් වීම සිංහලයෙකු බෞද්ධයෙකු ලෙස දැඩි කම්පනයක් ඇති කල සිදුවීමකි. ඔබ වහන්සේගේ මග ගත් තරුණ කැලක්, අද මගේ මව් රට පෝෂණය කරමින් සිටින බව මහත් වූ ආඩම්බරයෙන් මෙසේ සටහන් කරමි. 

මම සිංහල බෞද්ධයෙක් වෙමි ...........

පෙර ලිපි

වැප්

13 comments:

  1. ගංගොඩවිල සෝම හිමිපානන්ට අජරාමර නිවන්සුව ලෑබෙවා....

    සදාකල් සිංහලය බෑබලී රෑකෙවා....

    ජයෙන් ජය....

    ReplyDelete
  2. සන්තෝසයි !

    ReplyDelete
  3. කවුරු හරි හිතනව නම් දැන් ලංකාවෙ තියෙන්නෙ නිවැරදි බුදු දහම කියල...ඒක ‍රැවටීමක්...නැත්තම් තමන්ම තමන්ව රවටා ගැනීමක්....නිවැරදි බුදු දහම ගැන යම් අදහසක් ලබාගන්න ඕන නම් ත්‍රිපිටකයේ "අංගුත්තර නිකාය" අඩුමගානෙ කියවන්න....නැත්තම් හැමෝටම වෙන්නෙ රුසියාවෙ ගිහින් ආචාර්ය උපාධි අරන් පෙට්ටියෙන් ගෙදර එන්න....මේ ප්‍රකාශය සසර දුකින් එතර වෙන්න නියම මග සොයන අයට දෙන මග පෙන්වීමක්..." ඉහත ප්‍රකාශය ගැන "' බුද්ධාගම්කාරයන් "" ගෙන් මේ ගැන සමාව ඉල්ලමි "

    ReplyDelete
  4. සෝම හිමියන්ට උන්වහන්සේ සිදුකල ධර්ම දානමය පුන්‍ය බල මහිමයෙන් උතුම් නිර්වාණය අවබෝධ කිරීමට හැකිවේවා...!!!

    ReplyDelete
  5. වටිනා කාලෝචිත ලිපියක් සහෝ...

    ReplyDelete
  6. මමනම් බෞද්ධයෙක් නෙමෙයි ! නමුත් කිහිප වතාවක්ම සෝම හිමියන්ගේ බණ අහලා තියෙනවා. ඒ වචන හුඟක්ම කනට ප්‍රියයි සහ ආගම් භේදයකින් තොරව අහගෙන ඉන්න පුලුවන්. හොඳ ලිපියක් වැපෝ !

    ReplyDelete
  7. රටක් නලවන සිතක් සනහන බණක් යළි කවදා අසන්නද?

    ReplyDelete
  8. හොඳ කාලීන ලිපියක්.
    සෝම හිමියන් රට තුල ඈති කල බොදු ප්‍රබෝධය මන් හිතන්නෙ ඉන් පසු පහල වූ කිසිම දේශකයානන් වහන්සේ කෙනෙකුට ඈති කල හෑකි වූවේ නෑ..

    ReplyDelete
  9. ආගම ධර්මය නැත්තටම නැතිවී යමින් තිබියදි සෝම හිමි කරන ලද සේවය ඉමහත්ය. එහිමියන්ගේ සේවය අමතක නොකිරීම වැප් ගේ හොඳ ගුණයකි. අපේ වැප් සෝම හිමියන්ගේ ගුණ කියා දන්නා ආගම ධර්මය අදහගෙන ඉන්නා විට සෝම හිමි ගෙන් පසුව පැමිණි අය නොදන්නා දේශපාලනයට ගොස් මුලින් කල කී දේ ද විනාශකර ඇත.

    ReplyDelete
  10. මීට හ‍ර බ‍ර කමෙන්ටුවක් දැම්මට ත‍රම් මගේ බුද්ධි මට්ටම ප්‍රමාණවත් නැත.

    ReplyDelete
  11. ඔන්න ඔහොම ඔලුවයි කොන්දයි කෙලිං කරං කියමුකො. බොහොම අගෙයි !

    ReplyDelete
  12. මටනං ඔය ඔක්කොම ටී.වී එකේ යත්දි බලන්න බැරිඋනා. මෙන මෙතන තියෙන උන්වහන්සෙ දේශනා කරපු බණ නං බාගෙන ඇහුව.

    http://www.pirith.org/

    කැමැත්තෝ බාගනිත්වා....!

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....