Wednesday, November 30, 2011

ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

දුර තියා ඇඳින ගතිමි
හූ හඬ පසුබිමේ තබා
සිනහා වි මුලු හද පුරා

ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ


නොදුටු රුව දැක ගතිමි
හිත් පුරාවට අඳුර තුල
තුරුලු වී මුලු රැය පුරා

ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

රැය පහන් වු බව දිටිමි
ආදර හසරැල් නගා
ශුංගාර වී මුලු රැය පුරා

ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

ආදරය හදේ සඟවා
ලොවම පසෙක ලා
ඉන්නටම එන්නේ නැහැ

ඔබ මගේ නොවන බව පසක් කල නිසා


විචාරය
මෙහි මුල් කවියේ මුල් පදයට අනුව ඔවුන් කලින් හමු වි නැත. ලේඛකයා අන්තර්ජාල යුගයේ වන බැවින්, මෙය එකල පැවති ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් හරහා ඇතිවූ හාදකමක් ලෙස සැලකිය හැක. පසුබිමින් හූ හඩක් ගැන පවසයි. එය අනිවර්යයෙන්ම කොළඔ දුම්රිය පල බව විස්වාසයෙන් යුතුව පැවසිය හැක. ඒ අනුව මොවුන් අන්තර්ජලාය හරහා දැන හැඳින මුල් වරට කොටුව දුම්රිය පලේ "ව" යන්න යටදි පෙම් වතුන් ලෙස හමු වුවා විය හැක. මන්ද එකල //ව\\ යන්න බොහෝ හමු විම් වලට සංකේතය විය. මුල් කවියේ හතරවන පේළියේ මෙන්ම ඉතුරු කවි දෙකකත් //ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ\\ යන්න පුන පුනා පවසන බැවින් මෙය අසම්මත අනියම් පෙමක් ලෙස අර්ථ ගැන්විය හැක. හූ හඬ පසුබිමින් කියා පවසන දේත් එයටම ඇඳා ගත හැක

දෙවන කවිය අනුව, කොළඔ කොටුව දුම්රිය පලේ හමුවිමෙන් අනතුරුව ඔවුන් දැන හැඳින ගෙන, එනම් හොඳින් එකි නෙකා අවබෝද කරගනිමින් තුරුලු වෙලා සිට ඇත. තුන් වෙනි කවිය හා දෙවනි කවිය එක්ව ගත්විට, ඔවුන් ඒක යහනකට රාත්‍රිය ගත කර ඇති බව මොනවට ප්‍රකාශ වෙයි. එහිදි ඔවුන් අසීමිත ලෙස කම්සැප විඳිබවත් ව්‍යංගයෙන් පවසා ඇත.

කෙසේ වෙතත් ඔවුන්ගේ අදාරය අසම්මත නිසා, ලෝකේ මොනවා කිව්වත් ඒ සියල්ල බිඳ දමින් දෙදෙනා එක් වන්නේ නැතුව වෙන් වෙලා තියනවා. එතන හේතුව හරියට පැහැදිලි නැති නිසා මේ කවියේ රසය උපරිම වි ඇත. එනම් කවිය රස විඳින පුද්ගලයාට එය හිතා ගැනිමට ලේඛකයා ඉඩ දි තිබේ.

අර්ථ රසයෙන් ව්‍යංග රසයෙන් හා රසවිදින්නාට කෙලින්ම සත්‍ය සිදුවිම පවසා නොසිටිම නිසා මෙම කවිය උත්කෘෂ්ට නිර්මානයක් බව කිව යුතුමයි. අන්තර්ජාල යුගයේ බිහිවූ විශිෂ්ටතම කවි අතර මෙම කවිය ඉහලින්ම තියනවා


:DDD
වැප්

29 comments:

  1. තම පෞද්ගලික අත්දැකීම් කවියට නැගීමෙහිලා මෙම කවියා සුවිශේෂි සමත්කම් දක්වන බව මෙම කවි පංතිය කියවීමෙන් මොනවට පැහැදිලි වේ!

    ReplyDelete
  2. අඩේ මේ සමුද්‍ර දේවිට කියන්නේ ;-)

    උඹ මොනවහරි රසකැවිල්ලක් කෑවද?

    ReplyDelete
  3. Sabith සමග 100% එකග වේ

    ReplyDelete
  4. මූ නයිට් මේල් එකේ කොහෙද ගිහිං තියෙන්නෙ. යකෝ කෝච්චියේ ලයිට් තිබුනෙ නැද්ද?

    ReplyDelete
  5. වැපා . . .නයිට්මේල් නගිනව වගේ . . . හා හා . . ඔහොම යං

    ReplyDelete
  6. --විචාරය--

    දුර තියා ඇඳින ගතිමි
    හූ හඬ පසුබිමේ තබා
    සිනහා වි මුලු හද පුරා
    ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

    මෙහිදී කවියා කෝච්චියක ගමන් කරන බවක් හූ හඩ පසෙකින් ඇසෙන නිසා අපට අවබෝධ වෙයි.කවියා තමා අතට ගත් යමක් පිළිබඳව පවසන බවක් පෙනේ. ඔහු එය අතේ තබාගෙන තරමක් දුරට කර ඒ දෙස බලා සියළු දුක් අමතක කර සිනා සුන බවක් අපට පැහැදිලි වෙයි. නමුත් එය මොහොතකින් නැති වී යන බවක් ඔහුට මතක් වූ බව අවසාන පදයෙන් පැහැදිලි වෙයි.

    නොදුටු රුව දැක ගතිමි
    හිත් පුරාවට අඳුර තුල
    තුරුලු වී මුලු රැය පුරා
    ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

    අඳුර තුල යැයි පවසන බැවින් මේ රාත්‍රී කාලය විය යුතුය. නොදුටු රුවක් දැක ගැන්මට ඔහු තම අතේ තිබූ දෑ භාවිතා කර ඇති සෙයකි. එනම් ඔහුගේ අතේ තිබී ඇත්තේ ගංජා සුරුට්ටුවක් බව අපට නිගමනය කළ හැකිය. ඔහු මුළු රැය පුරාම ගංජා සුරුට්ටුවෙන් මත් වී විකාර රූප දුටු බව අපට මේ කවියෙන් පැහැදිලි වේ. අවසාන පදයෙන් පැහැදිලු වන්නේ ඒ විකාට රූප සියල්ලකම මායාවක් යැයි ඔහුට පසුව අවබෝධ වුනු බවක්ය.

    රැය පහන් වු බව දිටිමි
    ආදර හසරැල් නගා
    ශුංගාර වී මුලු රැය පුරා
    ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

    ගංජා සුරුට්ටුවෙන් මත් වූ කවියා තමන්ට නොදැනීම රැය පහන් වූ බව අවබෝධ වෙයි. ඔහුට පසුගිය රාත්‍රියේ තමා විඳී ගංජා සුරුට්ටුවේ ආශ්වාදය නැවත් සිහියට නඟයි. නමුත් දැන් සුරුට්ටුව අවසාන වී ඇත. ඒ සතුට තාවකාලික බව කවියා පසක් කරගත් බව අපට අවසාන පදයෙන් පැහැදිලි වෙයි.

    ආදරය හදේ සඟවා
    ලොවම පසෙක ලා
    ඉන්නටම එන්නේ නැහැ
    ඔබ මගේ නොවන බව පසක් කල නිසා

    පෙරදා විඳි ගංජා සුරුට්ටුවේ සුවය සුරුට්ටුවේ අවසානයත් සමඟම අවසාන වන හෙයින් එය තාවකාලික සුවයක් බව කවියා අවබෝධ කරගනියි. එබැයි ඔහු නැවත ගංජා සුරුට්ටු නොබොන බව අවසාන කවියෙන් කදිමට පෙන්වා දී ඇත.

    --රජයේ අවවාදය--
    දුම් බීම පිළිකා ඇති කරයි. මෙවන් බ්ලොග් දැකීමෙන් ඔබේ දරුවාත් දුම් පානයට යොමුවිය හැකිය.

    ReplyDelete
  7. විචාර පස්සේ බැරියෑ...
    "ශුංගාර"

    ඕක දැක්ක ගමන් කිව්වෑකි කවියා කවුද කියලනං...

    ReplyDelete
  8. පෙරවදන - //ලේඛකයා අන්තර්ජාල යුගයේ වන බැවින්, මෙය එකල පැවති ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් හරහා ඇතිවූ හාදකමක් ලෙස සැලකිය හැක.\\

    01. ඔහු විසින් බුකි, බස් හෝ පස් හෝ වෙන යම් සමාජ අඩවියක් හරහා හඳුනාගත් ඇයගේ ස්කයිප් ලිපිනය ලබාගත් ඔහු ඇය හා ස්කයිපයෙන් දොඩමළු වී ඇත. මෙහි පසුබිමෙන් හූ හඬක් ඇසීමෙන් අදහස් වන්නේ ඔහු බෝඩිමක සිටිනා බවත් එහි සිටින අන් මිතුරන් මොහුගේ ක්‍රියාවට විහිළුවට මෙන් හූ කියන බවයි..

    02. ස්කයිපය හරහා දෙදෙනාම වීඩියෝ කැමරාව ඕන් කරගෙන කථා කරමින් සිට ඇති අතර ඇයගේ සැමියා හෝ පෙම්වතා මේ මොහොතේ හදිසියේ ඇය සිටි තැනට කඩා පාත් වී ඇති නිසා ඇය ඔහුට අයිති නැති බව ඔහුට තේරුම් යයි.. නමුත් රෑ ඇය ගැන සිතමින් කාලය ගත කොට ඇත..

    03. ඇය ගැන සිතමින්ම රාත්‍රී සයනයේ සිටින විට සිවිළිමේ බැඳි මකුළුදැළින් ඇගේ රූ දුටු ඔහු ඇය හා විඳින ශෘංගාරාත්මක රස තනියෙන් විඳ ඇති බව වැටහේ..

    04. කොතරම් සිහින මැවුවත් ඇය ඔහුට හිමි නැති බව යළි සිහි වන්නේ පෙරදා ඇය හා ස්කයිපයෙන් දොඩමළු වූ විට ඇයගේ සැමියා හෝ පෙම්වතා පැමිණි වග සිහි වූ නිසා යැයි උපකල්පනය කළ හැක..

    මේ අනුව මෙම කව් පෙලෙන් දැක්වෙන්නේ සමාජ අඩවි හරහා සිදු වන තවත් එක් රැවටීමක එක් පැතිකඩකි...

    - ස්තූකියි..!!

    ReplyDelete
  9. අර අඥාත කියන කතෘ ද මේකත් ලියල තියෙන්නේ?

    ReplyDelete
  10. "දුර තියා ඇඳින ගතිමි
    හූ හඬ පසුබිමේ තබා
    සිනහා වි මුලු හද පුරා
    ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ"

    කවියා බලා හිඳී..ඔහුට දුර තියාම ඇසෙන හූ හඩින් ඔහු හැඳින ගනී..ඒ කුමක්ද..?අනෙකක් නොව රේල්ලුවයි...ඔහු සිනා සෙන්නේ මුවින් නොව හදින්ය..එසේ සිනහා සීමටනම් ඔහු මේවන විට සිටිනුයේ පියවි සිහියෙන් නොවිය යුතුය... අවසාන පදය දෙස බැලීමෙන්ම එය පසක් වේ..ඔහු රේල්ලුවට අයිතිවාසිකම් කීමට කැමැත්තක් ඇතත් එය ඔහුගේ නොවන බව යන්තමට මෙන් ඔහුට දැනෙයි.. එසේනම් මොහු සිටින්නේ සිහියත් අසිහියත් අතර තලයකය.. මේ අන් යමක් විය නොහැක..ත්‍රෛයිලෝක විජය පත්‍ර ධූම පානයෙන් හෝ ශ්‍රීමත් මදන මෝදක සවිය විය යුතුය...

    "නොදුටු රුව දැක ගතිමි
    හිත් පුරාවට අඳුර තුල
    තුරුලු වී මුලු රැය පුරා
    ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ"

    සැබෑවක්මය...චිත්ත රෑප මැවීමෙහි ලා ඉහත දැක්වූ මධ්‍ය භාවිතයන් හැර අන් යමක් සමත් වේද..? නැත මේ නම් එම මත් වී විකල් වූ මනසයි...ඔහු චිත්ත රූපයක් මවාගෙන මුළු රැයක් පුරාවට එයට තුරුළුව හිඳී...එහෙත් පාන්දර වන විට ඒ රූපය ඔහුට හිමි නැති වග ඔහුට දැනෙන්නට පටන් ගනී..සමහර විට ඒ පාරේ නිදන බැල්ලියක විය යුතුය...මත් පව කෙමෙන් කෙමෙන් පහව යද්දී උගේ ගඳ දැනුනා විය හැක..නොඑසේනම් මවාගත් නාරි දේහයට වඩා මවිල්වලින් ගැවසීගත් සුනඛ ශරීරයේ ගති සෝබාව දැනුනා හෝ යාන්තමින් පෙනුනා හෝ විය හැක.. එසේ නම් මේ හිමිදිරියයි...

    "රැය පහන් වු බව දිටිමි
    ආදර හසරැල් නගා
    ශුංගාර වී මුලු රැය පුරා
    ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ"

    කතා දෙකක් නැත..ඉහත දැක් වූ දේම සිදුව ඇත..හිමිදිරියේ කවියා විසින් බැල්ලව නිසි සේ හැදින ගෙන ඇත..රාත්‍රිය පුරා මතින් මත්ව නුරාවෙන් ගිනි වැඳී වැළඳගෙන සිටි බැල්ලගේ හිමිකාරීත්වය තමාට නොවන වග ඔහු පසක් කර ගනී..

    "ආදරය හදේ සඟවා
    ලොවම පසෙක ලා
    ඉන්නටම එන්නේ නැහැ
    ඔබ මගේ නොවන බව පසක් කල නිසා"

    අරුමයකි..එක් රැයක් රේල් පාර අයිනේ කානුවක බැල්ලක වැළඳ නිදා සිටියා මදිවාට ඔහු එම බැල්ලට අයිතිවාසිකම් කීමටද සැරසෙන හැඩය...ඔහු ආදරය කරන්නටද පටන් ගෙන ඇත..අහෝ ප්‍රේමය..ඔබට ගිය කල... රාත්‍රියක් වැළඳ සිටි පමණින් බැල්ලකට පෙම් බඳින තරමටම ප්‍රේමය බාල්දු වූ අන්දම...

    එහෙත් ඔහුට අවසානයේදී සිහිය එළඹේ...වහා ලොකය ඔහු දෙස බලා සිටිනා බැව් සිහිව බැල්ල අතැර දමා විත් අන්තර් ජාලයෙහි මෙකව ලියා තබන ලදි..

    ප්‍රේමය මනරම්ය..රැයක් ගෙවූ පමණින් බැල්ලකට කවි කියනා තරමටම එය උත්කෘෂ්ඨය..කවිය ඔබට ජය..!

    ReplyDelete
  11. කවුද අප්පේ වැපානිස් අයියට හූ කිව්වෙ...? සික්...! මෙහෙමත් නරි..! :DDDDD

    ReplyDelete
  12. මට නම් පේන්නේ මේ බීපු මිනිහෙක් පාරේ වැටිලා ඉද්දී එතෙන්ට ආව බල්ලෙක්ට අතවරයක් කරන්න හදන ඇනිමල් සෙක්ස් වරත්තු කවියක්...

    බල්ලා අහකට දුවන හින්දා වෙන්න ඇති "ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ " කියන්නේ...

    හූ කියන්නේ මේ විකාරේ බලන් ඉන්න කොල්ලෝ...

    කොහොමහරි පහුවදා උදේ සිහිය ආවම තමයි ඌට සීන් එක තේරිලා ගෙදර යන්නේ...අන්තිම කවි දෙකෙන් කියන්නේ ඒක...

    ලොවම පසෙක ලා
    ඉන්නටම එන්නේ නැහැ

    කියන්නේ සීන් එක ලෝකෙටම චාටර් වුණ හින්දා ආයේ පැත්ත පලාතේ එන්නෑ කියන එක...

    ReplyDelete
  13. නිර්මාණය එලය... නිර්මානයට වැප් දුන් විචාරයද එලය.. සහෘදයන් ඊට පසු දුන් විචාර ! අති උත්කෘෂ්ඨය.එලම එලය... නිර්මාණය කැලේය..

    ReplyDelete
  14. වැප් කවිය වගේම උඹේ විචාරයත් මරු මචං....

    ReplyDelete
  15. මගේ නෙවෙයි කියා මුල ඉඳන්ම දැනුන නම් මගේ වගේ හැසිරුනේ ඇයි?


    ප ලි- මුල් පද ටික කියවද්දී ඇත්තටම මම හිතුවේ බලන් ඉන්න මිනිස්සු හූ කියල කියල! :D

    ReplyDelete
  16. අනේ මන්දා මචං.. රට්ටු මොනවා කියනවද මන්දා බං.. හලේ.. මගේ දෑසට මෙව්වත් පේනවනේ....... :-D :-D

    ReplyDelete
  17. දැන් මෙතන විචාර කීයක් තියෙනවද ? මොකක්ද මේකට ගැලපෙනම විචාරය? වැපා පොඩ්ඩක් උදවු කරපන්කො මේ පටලැවිල්ල ලිහා ගන්න..

    ReplyDelete
  18. තමන්ගේ කථාවක් අනුන්ගේ ලෙස ගොතා කීමෙහි කතුවරයා දක්වන දක්ෂතාවය ඉතා අගය කල යුතුය.... කමෙන්ට් ගැන කිවහොත් මාරයා සතු විචාර බුද්ධිය නිසි පරිදි මෙහෙයවා නැති බවක් හැඟේ...

    ReplyDelete
  19. ඇදගෙන නානවද මන්දා...............:DDD

    ReplyDelete
  20. ඕනෙම බලු බෙට්ටක් හොඳට ඔතල ගත්තම මාර්කැට් කරන්න ඇහැකි නෙව බලාගෙන යනකොට.

    ReplyDelete
  21. @Sabith
    දැන් මේ කවිය තේරුම් ගියේ විචාරයක් තියන හින්දා ..මේක පුද්ගලික අත්දැකීමක් ගනටය දාන්න තරම් තත්වයකට සබිත් වැටුනා කියන්නේ... මල්ලෙන් සබියා පැන්න වගේ ... මීට වඩා මම දිර්ගව කතා කරන්නේ නැහැ සබියා ගැන

    @තිස්ස දොඩන්ගොඩ
    කවිය ඒ මේ අත දාන්න පුලුවන් උනාට මම හිතුවේ නැහැ කොච්චියක නමක් එක්ක කමෙන්ටුවක් වැටෙයි කියලා. පේනවා නේද මොරටුව පැත්තේ ගිය ඈයෝන්ගේ අතීත ආවර්ජනයන්. රට්ටු හිනා වෙයි බොලව්

    @Dar[K]
    සබියා සමග එකඟ වෙනවා නම් සබියට කියපු දේටත් එකඟ වෙයන් මලේ

    @රංග - මගේ ලෝකය
    මම නයිට් මේල් එකක ගියලු. ඒමදිවට උගේ බ්ලොග් එක බොරු කිව්වත් උගේ කමෙන්ට් බොරු කියන්නේ නැහැ කියන එක පැහැදිලි වෙනවා.... //යකෝ කෝච්චියේ ලයිට් තිබුනෙ නැද්ද?\\ කොටසින් ඒ කියන්නේ මූ ගිය දවසේ නයිට් මේල් එකේ ලයිට් තිබිලා ..මුකුත් කරගන්න බැරි උනාද නැද්ද කියලා ඌ පස්සේ කියයි :DDD

    @ඕනයා
    මේක කියනවා මට ඔහොම යන්නලු ..ඒ කියන්නේ මේකාගේ කුපාඩි කම පිටිපස්සෙන් එනවා කියන එක.. වෙනසක් නැහැ කාව හරි ඉස්සර කරලා යවන්න හදන්නේ ඌ ඊට පිටිපස්සෙන් එන්න තමයි

    @පූසා - හොරිකඩ
    බලන්න මෙච්චර මහින්සි වෙලා ලොකු විචාරයක් දිලා. හොදට කවියෙන් කවිය ලස්සන විචාරයට ලක් කරලා.මේ වගේ හොඳට විචාරයට ලක් කරන්න පුලුවන් තමුන් ලද අත්දැකිමක්. අනික පුන පුනා කියනවා මත්ද්‍රව්‍ය ගැන. හොරිකඩ පුසෝ කුප්පමේනිය අමතක කරලා දැන් ගංජා වලට බැහැලා මනෝ ලෝක වල පූසියන් හොයන් යන බව ලස්සනට චිත්‍රයට නගලා තියනවා

    @මාරයාගේ හෝරාව
    දැක්ක ගමන් කියන්න පුලුවන් කියන්නේ හොඳ පුහුණුවක් පළපුරුද්දක් තියනවා කියන එක. ඊට අමතරව විචාරය ගැන ගත්තොත් ඔහුත් පදෙන් පදේ ලස්සනට විහිදවලා ලියලා තියනවා. කෝච්චිය කියන වචනය හැම තැනම යොදලා තියනවා..ඒ කියන්නේ මුල් විචරයේ බලපෑම් මේ විචාරකයා මත පැටවිලා තියනවා. එම නිසා මෙම බැල්ලක් හා සම්බන්ද කරන විචාරයටද කුමක් හෝ සම්බනදයක් තියනවා. තවත් කියනවා නම් බැල්ලක් විචාරයට එක්කාසු කලා යනු, ඔහුත් බැල්ලක් අතර සම්බන්දයක් සමීපව තිබි ඇති බවයි

    @සෝරෝ
    කවියේ හෝ සමජ අඩවියක් නොවූ ස්කයිප් නම් සංවාද මෘදුකංගය ඔහුගේ හිතට අවේ කොහින්ද. මෙය ඔහුගේ අත්දැකිමක්. අවස්ථාව ලද විගස ඉදිරිපත් කිරිමක් බව ලොවටම හොදට පෙනේ

    @෴සොඳුරු සිත෴
    ඔව් ඔහු තමයි

    @Ansh Lucky Sri Jay
    මොකෝ උබ කාර් පදිනවද? ඒකේ එක රෝදයක් ලොකුයි:DD

    @වින්චැට් කිරිල්ලී.
    ඒකනේ කියන්නේ නරි නෙමෙයි හිවල්ලු

    @Beetle
    පටන් ගැන්මෙදිම කියනවා වරත්තු කවියක් කියලා. ඊට අමතරව ඇනිමල් X එකක් සම්බන්ද කරලා. ඒකියන්නේ මොහු වරතු කවි හා ඇනිමල් මේව්වා හොදට දන්නවා. එක්කො පශු වෛද්‍ය වරයෙක් නැත්නම් ..ඒ ජාතියේ කෙනෙක්...

    @Weni
    ස්තුතියි

    @prasanna86k
    ස්තුතියි

    @ආගන්තුකයා | Stranger
    උබලා ගැන තමයි කියලා තියෙන්නේ

    @niroshini
    එහෙම තමයි අප්පා සමජා ජාල පිස්සුව ගහපුවාම

    @Pasan
    කරනන් හොදයි කියන කොට වහකදුරු

    @cjgayan
    මටත් ටැපලිලා බන් කෝක ඇත්තද කෝක බොරු කියලා මටත් හොයාගන්න බැහැ

    @අභීත
    හික් හික් එහෙමද ඇ?

    @නචියා
    මම නානවා බලන් ඉදලා අනික් අයත් මේ ලිඳේම නානවා බන්

    @සියල්ලටම

    බොහොම ස්තුතියි මචන්ලා මෙවන් උත්කෘස්ට නිර්මාණයක් විවිද විදිහට දැක්කාට :DDD

    ReplyDelete
  22. කොමෙන්ට් කියවන්න ඉස්සෙලම කිතුන කෝච්චි ගමනක් ගැන කියන්නෙ කියල.

    ReplyDelete
  23. හපොයි වැෆා අයියා මොකක්ද තීරනේ දිගටම කවි ලයනවද නැත්නම් මේ අවසන් කවියද :D

    ReplyDelete
  24. අනේ බොල,
    හරියට රවුමක් ‍ ‍ෆ්‍රී හෑන්ඩ් ඇඳලා ඊ තලයක් ගහලා මෙය රවුමකි කිව්වා වගේ
    හික් හික්

    ReplyDelete
  25. මේක සමකෝණී ත්‍රිකෝණයක් වෙන්න බැරිද?.අර ඹබත්(ඹබ්සර්වර් අන්කල් නෙමේ),මාත්,ඇයත් හිදින වගේ සීන් එකක්? :D

    ReplyDelete
  26. වැපා ඉල්ලගෙන කාල වගේ....

    ReplyDelete
  27. මදෑ..ඉඳල ඉඳල මේකගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාන්න හැදුවා...මට මේක සම්භාව්‍ය වැඩියි. ...

    ප.ලි.
    පහු ගිය දවස් වල වැඩි කමට බෙහෙත් ටික හරියට ගන්න බැරි වෙලා වත්ද

    ReplyDelete
  28. මම කිව්වෙ වැඩ වැඩි කමට

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....