Thursday, December 6, 2012

දෙවියෝ සහ පිටසක්වල ජීවින්

මා තවම දෙවියෝ දැක නැත්තේය. පිටසක්වල ජීවියෙක්ද දැක නැති මුත් සමහර උන් කියන්නේ "උබ කණ්නාඩියක් ඉස්සරහට පල කියාය". දෙවියන් දැකිමට පමණක් මම කන්නාඩිය ඉදිරියට යන බව ඒ නරකාදීයන්ට මතක් කර දෙන්නේය. දෙවියෝ එන්නේ සතුන්ගේ පිටේය. පිටසක්වලයා එන්නේ පීරිසියකය. මාරම සීන් එක කියන්නේ මුන් ඔක්කොම එන්නේ මනුස්ස ලොකයේ සතුන් පිටේ හෝ පොසිලේන් පිරිසියකය. අම්මපා මුන්ට ලැම්බෝ ගිනියක් හෝ අඬුකෝප්පයක් දෙන්නට දේසපාලුවෙක් නැතුවාද යැයි මට විටෙක සිතෙන්නේය. ඒක හිතලුවක්ම වෙන්නේ දේසපාලුවා දෙවියන් පස්සේ යන්නේ පොල් ගෙඩියක් ඇද බන්න පමණක් යැයි මගේ යටි බඩ වරක් කියූ නිසාය. දෙයියෝ හා පිටසක්වල ජීවියා ගැන මූලික හැඳින්විම මෙතනින් ඉවර කරන්නේය. හුටා අමතක උනා, පිටසක්වලයා දකින්නේ රෑට එලියක් විදිහට නිසා ඌව හම්බුවෙන්න විදිහකුත් නැතුවාය කියා කිව්වා ඕන්.

දෙයියාට දෙයියා කියන්නේ ඌ මාර සිරා පොරක් නිසාය. හොඳ වැඩ කරන නිසාය. අපිට උදව් පදව් කරන නිසාය. දෙයියා හැකියව ඇති එකා නිසා මොනම කාරනයකටවත් මනුසතා සමඟ කේන්ති ගොස් අච්චු නොකර සිටින්නේය. දෙයියා ගැන කතාවට පිටසක්වලයා එන්නේ මෙන්න මෙතනදීය. පිටසක්වලයා ඇවිත් පෘතුවියට ගේම් දෙන හැටි හොඳ හැටි ෆිල්ම් වලින් දැක ඇත්තේය. දෙයියෝ හෙන හොඳ එකාය, පිටසක්වලයාට මේ ලෝකෙට එන්න තරම් දැනුමක් ඇත්නම් ඌ අපිට කෙලවන්නේ නැත. ඉතින් බලාපල්ලා දෙයියෝ හෝ පිටසක්වලා අපිට කවදාවත් හතුරු කම් කරන්නේ නැත්තේය. උන් අපේ යාලුවන්ය, නෑදෑයන්ය, අසල්වැසියන්ය, අපේම අපේම ෆිට් පොරවල්ය.


ඉහත කරනු සැලකිල්ලට ගැනීමෙන් දෙවියන් හා පිටසක්වලයා දෙකෙකු නොව එකෙකු බව විටින් විට මට සිතෙන්නේය.


වැප්

24 comments:

  1. අද රෑට වැපාව උසසන් යයිද දන්නේ නෑ දෙයියෝ වෑන් එකකින් ඇවිත්

    ReplyDelete
  2. ඔන්න ඉති๬ අ‍යියා හදන්නේ දෙයියා *ල් කරන්න....

    ReplyDelete
  3. වැපාව අද ෂුවර් එකටම පියාඹන ගුරුලේත්තුවකින් ඇවිල්ලා උස්සං යනවා.

    ReplyDelete
  4. කවුරු මොනා කීවත් මල්ලි රෑ ජාමෙ එහෙම කන්නාඩියකින් මූන බලන්ඩෙපා ඕන්..යක්කුන්ට භූතයන්ට බය උනහම තොවිල් පවිල් කරලා හරි ගොඩ දාන්න පුළුවන් උනාට..මිනිස්සුන්ටම බය උනාම ආයි ගොඩ දානවා නම් බොරුළු !
    :-D

    ReplyDelete
  5. අයියෝ ලංකාවේම තිස් තුන් කොටියක් ඉන්න එකේ , එක දෙයියෙක් දැක්කේ නෑ කිව්වම පුදුමයිනේ...:)

    ReplyDelete
  6. වැපාගෙ දෙයිය පල්වෙලාද මන්ද........ :D

    ReplyDelete
  7. මට කියන්න තියෙන්නෙත් සෝඩා ගුණේ කියපු එකම තමයි.

    ReplyDelete
  8. දෙයියනේ පිටසක්වළ ජීවියෙක් කියල කියන්න විදිහක් නැද්ද බං එතකොට ඔය කියන එකෙක් ගෙයි දොරකොඩ හිටං හිටියොත්.

    ReplyDelete
  9. දෙයියොම බලන්ඩ ඕන..... මෙන්න මෙයා එලියට බැහැලා

    ReplyDelete
  10. ‍පුංචි පහේ පෝස්ට් එකකට කාරණාවක් දුන්නට උඹට තැන්කූ.. පස්සේ මාව මරන්න හදන්න එපා ඕං කිව්වා...

    ReplyDelete
  11. <–– මෙන්න බලාගනින් දැකල නැත්නම් දෙයියෝ

    ReplyDelete
  12. කම්මැලි හිතුනම ඕවගේ ඒවා හිතෙනවා තමා.... හි හි

    ReplyDelete
  13. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! මේ මූනේ....මූනෙ කිව්වේ මූ නේද? වැපා උඹට අමතක වුනා වත්ද දෙයියන්ගේ විරුද්ධ පදේ මාරයා කියල.

    ReplyDelete
  14. මෙලෝ දානයක් නොතේරේ මාරයා කිව්වා අපි ආවා. දෙයියෝ පල්වෙලාද කොහෙද.

    ReplyDelete
  15. දිව්ය ලෝකෙ ඉන්න 33කෝටියක් දෙවිවරු පෘතුවියට බැස්සත් චීනෙ උන්ම්ව් විතරක් එකෙ දෙයිය්යට 10 ගානෙ ඉන්නව බන්. ඉතින් මොකටැයි බය වෙන්නෙ :P

    ReplyDelete
  16. අනේ අම්මප දැන් නෙව දැක්කේ..මක්කෙයි මෙතුවක් කල් කොරේ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  17. අලේ මන්දා මේවා.. :D :D

    ReplyDelete
  18. හියැක් හූ.. මේකාට පිස්සු හොඳටෝම :)
    හූ හූ

    ReplyDelete
  19. මේක කියවද්දි මට මතක් උනේ පමළ දෙයියව !

    ReplyDelete
  20. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  21. වැපාට ලගදී ඉදන් මොනා වෙලාද මේ

    ReplyDelete
  22. දෙයියන්ගෙ හාල් කැවිලද...? අනේ මන්දා මටත් වෙලාවකට ඔහොමම හිතෙනවා වැප් අයියේ.... ජය..!

    ReplyDelete
  23. "ඉහත කරනු සැලකිල්ලට ගැනීමෙන් දෙවියන් හා පිටසක්වලයා දෙකෙකු නොව එකෙකු බව විටින් විට මට සිතෙන්නේය."

    මේ දේ නම් මටත් හිතිලා තියෙනවා අවංකවම

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....