Sunday, December 9, 2012

මම සිංහල බෞද්ධයෙක්මි

බුදු දහම, සිංහල ජාතිය, උඩරට, පහත රට, කුල ගෝත්‍ර.  මොන යම් හේතුවකට සමාජය කණ්ඩායම් ගත වේ. එය පවතින තත්වයයි. කුල යෙන්, ආගමෙන් ජාතියෙන් මිනිසුන් වෙන්ව පවතියි. තමන්ගේ කොටස උසස් කිරීමට වෙර දරයි, තම වර්ගයා ආරක්ෂා කිරීමට ඔනෑම දෙයක් කරයි. එය මිනිස් ස්භාවයයි. මෙයින් මිදිය හැක්කෙක් නොමැත. ආගම ජාතිය පැත්තකට තැබුවත් අවම වශයෙන් තම යහලුවන් කණ්ඩායම හෝ මෙසේ උසස් කොට සලකයි. ඔවුන්ව ආරක්ෂා කිරීමට වෙරදරයි. එසේ නොකරන්නා මිත්‍ර දෝහියෙකි. බුදු දහම වසර 2500 කට වඩා ඈතකදී ශ්‍රි ලංකාව තුල පැල පදියම් විනි. එය පිටස්තර ආගමකි, දහමකි, දර්ශනයකි. සිංහල ජාතියේ ආරම්භව තවමත් විවාදසම්පන්නය. නමුත් ශ්‍රි ලාංකීක ජාතියේ ආරම්භය සුදු නෙලුම් මතින් තවලම් උඩින්  1995 පසු සිදුවූවකි. සිංහල ජාතියත් බුදු දහමත් විනාශ වී යන බව බුකියේ බිත්ති පුරා ඇලෙවෙමින් යන පොස්ටර් සාක්ෂි දරයි. නමුත් බොහෝ විට එහිදී සිදුවන්නේ ජාති හිතේෂි කම හෝ තම වර්ගයා රැක ගැනිම නොව තවත් වර්ගයක් හෝ ජන කණ්ඩායකම් උමතු කිරීම පමණී. ජාතිය හෝ ආගම රැකීමට share කිරිම හෝ like කිරීම පදනමක් නොවෙයි.

මා උපන්නේ උපැන්න බෞද්ධයෙක් ලෙසය. ජාතියෙන් සිංහල වූයෙමි. ගෙදරින් එලවන නිසා දහම් පාසල් ගියෙමි. ඉගෙන ගත්තේ බුදු රදුන් උපන් ස්ථානයත් බුදු වූ ස්ථානයත් පිරිනිවන් පෑ ස්ථානයත් පමණක් යයි මට විටෙක සිතෙයි. නමුත් මල් රැගෙන යාම, උදෑසන බුදුන් වැදීම, පෝලිමට පන්සලේ සිට පන්තිකාමර වලට පැමිණීම වැනි, අදටත් ප්‍රායෝගිකව සැඟවුනු හික්මවිමක් එතුල නැතුවාම නොවෙයි. ඉන්දියාවෙන් පැමිණියත්, දැනුමේ හැටියටත් මම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බර වෙමි. ජාතියෙන් සිංහල වීම ගැනද එසේම වූ ආඩම්බරයක් ඇත. සිංහල ජාතිය බෞද්ධ දර්ශනයෙන් පෝෂනය විය, ශිෂ්ට සම්පන්න විය. සියල්ල කාලයත් සමඟ වෙනස් වේ යන ධර්මතාවයට යටත්ව බෞද්ධයෝත් සිංහලයොත් වෙනස් වී ඇත. සැබෑ ලෙසම ආගම හා ජාතිය වෙනුවෙන් කතා කිරීම අද නිවට කමකි. මෙය සංකල්පමය වශයෙන් ජනසමාජය තුලට මේ වන විටත් බලෙන් ඇතුලු කර හමාරය. ඔය අතර දේශපාලන වාසි හෝ වෙන යම් වාසි සඳහා ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටින හිවලුන්ද නැතුවාම නොවෙයි.

බුකිය පුරාවට පැතිර යන්නේ සමහර කඩවලින් බඩු ගන්න එපා යන පොස්ටර්ය. නමුත් ප්‍රායෝගිකව එය කරනවා නම් සිදු කල යුත්තේ එම කඩවල ඉදිරිපිටය, නමුත් එසේ කරන්නේ නැත. මන්ද යත් එම සාප්පු සංකීර්ණ ඉදිරිපිටට යන ඔනෑම අයෙකු එවා තුලට ගොස් ඇඳුමක් මිල දී ගනිති. අර කඩෙන් බඩු ගන්න එපා මේ කඩෙන් බඩු ගන්න යැයි කීම විහිලුවකි. ඔය කොයි කඩෙත් තියෙන්නේ මෙරට නිශ්පාදන නොව. බුදු දහම හෝ සිංහල ජාතිය රෑකීමට බුකිය පුරා අනවශ්‍ය පොස්ටර් ගැහීම, අන්‍ය ජාතින් අන්‍ය ආගමිකයන් මගේ දහමට මගේ ජාතියට කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් සිදු කරයි. 

සමාජය දැනුත් කිරීම හා කුපිත කිරිම යනු කාරනා දෙකකි. මට මගේ දේ ලොකුවන්නා සේ ඌට උගේ දේ උසස් වෙයි. හැබැයි සමහර අයට නම් උගේ දේ පමණක් ලොකුය. තමාගේ දේට හෙණ ගැහුනත් කමක් නැත. තමා ජාතිවදියෙකු නොවේ යයි මුමුණයි. එසේම ඌ ජාතිහිතේෂියකුද නොවෙයි.


සිංහල බෞද්ධයෙකු යයි ඔනෑම තැනක ප්‍රකාශ කිරිමට දිරියක් වූ පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් වී බොහෝ කල්ය. නමුත් ඒ සංකල්ප තවමත් අප අතර ඇත.

තමා උසස් විය යුත්තේ අනෙකා පහත හෙලා නොව!

පෙර ලිපි

වැප්

20 comments:

  1. සෝම හාමුදුරුවෝ හිටියනම් මොනවා කියයිද කියලා මං කල්පනා කරන්නේ...

    ReplyDelete
  2. අපිත් ඉතින් සිංහල බෞද්ධයෝ තමයි...උපතිනුයි බොක්කෙනුයි දෙකෙන්ම

    ReplyDelete
  3. බෞද්ධයකු වීම ගැන නම් බොහොම ආඩම්භරයි සහ සතුටුයි , නමුත් සිංහල කැල්ල ගැන නම් ..........

    ReplyDelete
  4. දැන් නම් ලෝක විනාශෙ වෙන එක ශුවර්ම තමා. මූ පෝස්ට් තුනක්ම් දාලා මේ මාසෙට :o

    ReplyDelete
  5. නැවතත් හෙමින් පරන චරිතයට අවතීර්ණ වෙන්න වගේ යන්නේ... එක ලඟ ලිපි දෙකක් දැමීම අතිශය සතුටට කාරණයකි...

    බුවාගේ කතාවමයි මටත් කියන්න තියෙන්නේ... සිංහලයෙක් වූවාට වඩා මට බෞද්ධයෙක් වීම ගැන ආඩම්භර වීමට හැකියැයි සිතමි..

    ReplyDelete
  6. අවාසනාවට බුදු දහම රැකගන්නට අපිටම නොහැකි වී ඇත.. මොනව වුණත් අපි බුදු දහමේ ආරක්ෂකයින් බව අපිම කියා ගමු. අවසානයට හමුවේ බුදු දහම ලංකාවෙන්ද වියැකී යනු ඇත. එය රැක ගැනීමට අවංකව වෙහෙසිය යුතුය..

    ReplyDelete
  7. වැපා ඉන් ඇක්ශන්...

    ReplyDelete
  8. ඔබ "නොව" යන වචනය පාව්චිචි කර ඇත්තේ නොවේ යන අරුතින බව පෙනේ.

    මෙය වැරදි යෙදුමකි.

    "නොව" යැයි යෙදුවොත් විකල්පයක්ද දිය යුතුයි. "එසේ නොව මෙසේ ය" යන ආකාරයෙන්.

    ReplyDelete
  9. කතන්දර මහත්තයෝ ඔබතුමා පුළුල් භාෂා ඥාණයක් ඇති අයෙක් බව බොහොම කලාතුරකින් දකින මේ වගේ කොමෙන්ට් නිසා දැනෙනවා. ඔය කක්කා කතා චූ කතා අතරේ අපේ බ්ලොක්ක කරුවන්ගේ සිංහල දැනුම වර්ධනය කරන්න බ්ලොක්කයක් එහෙම පටන් ගන්න හිතෙන්නෙ නැද්ද? මොකද ඔය ඔබතුමා පෙන්නුවා වගේ වැරදි යෙදීම් බ්ලොක්ක වල අපි මොන තරම් දකිනවද?

    ReplyDelete
  10. ඔව් බන් මුන් ටික කරන්නේ සිංහල කම ,බොදු කම පෙන්නන්න
    කරන වැඩ මිසක් ඇත්ත බොදු වැඩ නෙවේ.කවද හරි ලංකාවේ
    රෙද්ද කදෙන්නෙත් මේ බොරු බොදු සිංහල පුත්තු ටික හින්ද...
    උබේ අදහසම තමා මාත් කියන්නේ..

    මචන් උබේ අකුරු පොඩි වැඩි ..

    ReplyDelete
  11. මේ පෝස්ට් එකේ අරමුණ මට අපැහැදිළිය. ෆේස්බුක් එකේ පැතිරී යන මුස්ලිම්/ඉස්ලාම් විරෝධී රැල්ල හෙළාදකින එය අවසානයේ ගංගොඩවිල සෝම ඔසවා තබයි. එහෙත් අප දන්නා පරිදි වර්තමානයේ පැතිරී යන මේ මුස්ලිම්/ඉස්ලාම් විරෝධී රැල්ලේ ආරම්භකයකු වන්නේ සෝමය. අද අප දකින්නේ ඔහු (හා තවත් අය) විසින් ඇතිකළ බලවේගයක වර්තමාන ස්වරූපයයි. ඔහු මෙහිදී නිවැරදි වන්නේ කෙසේදැයි මට නොවැටහේ.

    ReplyDelete
  12. මම සිංහලද නොවෙමි මම බෞද්දයෙක්ද නොවෙමි මට විශේෂිත ජාතියක් හෝ ආගමක් හෝ නැත. නමුත් අසාදාරණයට පත්වන ඕනෑම ජාතියක් හෝ ආගමක් මගේ ආගමයි ,ජාතියයි. දැනට මා දකින්නේ ඉක්මනින් ගලවා ගත යුතු ජාතිය සිංහල බවත් ආගම බෞද්ද බවත් පමණි. එහිදී කොන්දේසි විරහිතව ක්‍රියාත්මක වීමට ඕනෑම විටක මා සුදානම්ය. ඉහතින් වැටකොළු පතෝල වැනි අදහස් දක්වා ඇති අයට මා මතක් කර දෙන්නේ ජාතියක් හැටියට සිංහලයින් පොන්නයෝය. නුපන් දරුවන්ට කේන්දර හදන්නොය, කටින් බතල හිටවන්නොය. එවැනි ජාතියක් අවදි කිරීමට වෙණ නාදයක් ප්‍රමාණවත් නොවේනම් හෙන නාදයක් හෝ පැතිර වීමේ වරදක් මා දකීනෙ නැත. අතීතයේ සිට සිදුවුයේ අප කල්පනා කරමින් තර්ක විතර්ක කරන අතර තුර අනිකුත් අය ක්‍රියාත්මක වීමයි. අත්දැකීම් වලින් ඉගැනීමක් නොලබන මේ ජාතිය තවමත් එසේය. එහා ගෙදරට හෙන ගැහුවද කම් නැත අපේ ගෙදර තවම නිරුපද්රිතය. ...........;)

    ReplyDelete
  13. Visit Length:
    1 min 28 secs
    Browser:
    Firefox 17.0
    OS:
    Win7
    Resolution:
    1280x768


    Total Visits:
    6
    Location:
    Avissawella, Western, Sri Lanka
    IP Address:
    Sri Lanka Telecom (112.135.193.87

    onna oya maha loku sinhalayage sinhala kama...

    gedara adrs ekath ona nam dennam...
    tel no ekath ekka...

    ReplyDelete
  14. බෞද්ධ දෙයියෙක් කියන්නේ මේකා සම්‍යක්දෘෂ්ටික දෙවියෙක් කියන එකයි... අපේ හසිත මලයා කියන විදිය මාකොල අළුත් නුවර වැප්නි බණ්ඩාර යනු සම්‍යක්දෘෂ්ටික දේවතාවෙකි...

    ReplyDelete
  15. Buddhism = Religion

    Sinhalese = Language

    There are all kinds of races and people who are Buddhism and in the same way there are so many Sinhalese who practice different religions.

    Could someone explain the connection between Sinhala and Buddhism?

    Buddhism = 90% Hinduism as practiced in Sri Lanka.

    These same people who talk of Buddhism are the ones who kill the Noble Philosophy.

    ReplyDelete
  16. //Buddhism = 90% Hinduism as practiced in Sri Lanka.

    These same people who talk of Buddhism are the ones who kill the Noble Philosophy.//


    ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  17. මචන් මේ ප්‍රශ්න මේ තරම් දුරදිග යන්න කලින් අපි කතා කරද්දි; අද මේ වෙන දේවල් වලට විරුද්ධව කතා කරන කට්ටියම එදා අපිට විරුද්ධව අවි අමෝරාගෙන ආපු හැටි තාම මතකයි.

    මොනවා උනත් ආයේ උඹ ලියන්න ගත්තු එක හොඳ දෙයක්.

    ප.ලි: බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙනවා කියන එකෙන්ම මූලික බෞද්ධ සන්කල්ප බිඳ වැටෙනවා නේද..?

    ReplyDelete
  18. සිංහල බෞද්ධ, දෙමල බෞද්ධ, මුස්ලිම් බෞද්ධ, ඉංග්‍රීසි බෞද්ධ, ජර්මන් බෞද්ධ, ජපන් බෞද්ධ, වියට්නාම බෞද්ධ, උළුඳු වඩේ, පරිප්පු වඩේ, ඉස්සො වඩේ, ........

    ReplyDelete
  19. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....