මේ ලඟකදි පිස්සෙක් ලියලා තිබ්බා කාලය ගැන. පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා. (ඇනෝ කවුද කියලා හෙව්ව අයට මෙතන තියනවා ඔත්තුව :DDD )
මේ ලඟකදි අන්ධයෙක් ආවා ගෙවල් පැත්තේ උදව්වක් විදිහට පොතක් ගන්න කියාගෙන. පොත කාටහරි දෙන්න කියලා ගේ ඇතුලට ගිහින් රු 10 කොළයකුයි රු 20 කොළයකුයි අරගෙන ඉස්සරහ දොරෙන් එලියට එනකොටම මේ මනුස්සයා මගෙන් අහනවා ගෙදර බුලත් විට කන අය එහෙම ඉන්නවද කියලා. මම නැහැ කියලා කිව්වාම මේ මනුස්සයම කියනවා. පුවක් තියෙද කියලා ඇහැව්වේ කියලා. මට ඉතින් ඔව්වෑ නිච්චියක් නැහැ දොලොව රත්වෙලා ඉන්න කාලයක් නේ මේ දවස් ටික. කොහොම හරි මේ මනුස්සයා සල්ලි දුන්නාම මගෙන් ඇහැව්වා කෝකද 10 කොලය කෝකද 20 කොලය කියලා. හොඳ පැහිච්ච පුවක් වලු දෙකක් ගේ ඉස්සරහා ගහේ තිබිලා. ( දැන් ඉතින් දහසක් දේවල් කියපල්ලා මගේ හදවත පෑරෙන්න :DDD )
මේ ලඟකදි ගෝලයෙකුයි බාස් කෙනෙකුයි ඔන්න ලැට් වලක් බඳිනවලු. මේක කඩන් වැටෙන මකුළු පස තියන තැනක් හින්දා අඩියේ ඉඳන් බඳින්න ඕනෙලු. බාස් දැන් පහලට බැහැලා වැඩ පටන් ගන්තාලු. ගෝලයා ඇහැව්වාලු කොහොමද දැන් මේ කලු ගල් පහලට එවන්නේ කියලා. බාස් කිව්වාලු උඩ ඉදන් පහලට දාන්න මං අල්ලගන්නම් කිව්වලු. කියන පරක්කුවට තඩි කලු ගලක් අරන් " ආ බාසුන්නැහේ කියලා" අතඇරියාලු පහලට. බාසුන්නැහෙත් ලේ පෙරන් ලැට් වලේ පස් කිමින් අර තඩි කලු ගල බදා ගත්තලු ( හුකු හුකු ඔව් ඔව් මාකොළ පැත්තේ තමයි :DDD මෝඩ හැත්ත )
මේ ලඟකදි ඔන්න අපිත් ගියා එහෙම තැනකට ඔය කලුඅග්ගල හරියේ. කියලා වැඩක් නැහැ වාහන සද්දෙත් නියමෙට තියනවා. අපිට වෙන් වෙච්ච බිල්ඩිං එකේ එක පැත්තක තියන අර කොරිඩෝවද මොකේද ඉඳන් අත් දෙක එලියට දාපුවාම අත්දෙක තියෙන්නේ වෙන ඉඩමක. ඒක කමක් නැහැ නේ. සිමෙන්ති ගලෙන් බැඳපු බිත්ති වලට ගාලා තිබ්බේ මැටි. කසිප්පු කාරයෙක්ට බාගයක් අරන් දිලා දෙපාරක් හූ කිව්වා නම්, අඩු වියදම් කපරාරුවක් කරගන්නවා කියලා එතන හිටපු අපේ එකෙක් කිව්වා. ( මෙහෙම හිටියට අපිත් පොෂ් තමයි :DDD )
මේ ලඟකදි දෙවනි පාර මුල්ම වතාවට සිරිපා කරුණා කරන්න කියලා අපේ ගෙදර ඈයොයි නෑයෝයි ගියා හැටන් පාරෙන්. සමන් දෙයියන්ගේ පිහිටෙන් අපේ කකුල් වලින් කිසි අතුරු අන්තරාවක් නැතුව සිරිපා කරුණා කරගත්තා. සිරිපා කරුණා කරන පාරේ වංගු වල තියනවා සල්ලි කඩන තැන් හරහා යන පාරවල්. එතනින් යනකොට නූලක් බැඳලා මිනිස්සුන්ව බය කරනවා හාස්කම් ගැන කියලා. බය කරනවා කිව්වේ සමන් දෙයියෝ කරපු උදව් නෙමෙයි, දීපු අච්චු තමයි කියන්නේ. අනේ ඉතින් අපේ අම්මත් පිං කැටේට සල්ලි දැම්මා. පහළට කරුණා කරලා වැන් එක ලඟට ආපු ගමන් උබට පින් පුතේ කියලා අපේ අම්මා කිව්ව වචන ටික නම් මට ආයේ කවදාවත් අමතක වෙන එකක් නැහැ. ( බෞද්ධකම රැකෙන හැටි අහිංසක වන්දනාකරුවන්ව මුලා කරන විදිහෙන්ම පේනවා )
දැන් ඔක්කොම ඉන්සටන්ට්. පඩියක් බැහැ ගන්න බැහැ දැන් ඉන්න එකලාට කකුල් රිදෙනවා. තැඹිලි ගෙඩියක් බොන්නේ නැහැ, ලොඳයක් කන්නේ නැහැ. කැඳ ටිකක් බොන්නේ නැහැ. ඔක්කොම ක්ෂණික. පහළට කරුණා කරනකොට ඔහොම කියන කතාවක් ඇහිලා මත් පිටිපස්ස හැරිලා බැලුවේ අම්මාගේ අත අතරින්නේ නැතුවමයි. වයසක සීයා කෙනෙක් කිසි අමාරුවක් නැතුව මෙන්න බොලේ පහල බහිනවා. මාව පහු කරනකොටම " හමුදාවේ පුතලාට පිං සිද්දවෙනවා මේ පඩි ටික දාලා දුන්නාට" ( ඔන්න අපිට වෙච්ච දේ )
අග්ගලා කයි ඩෝං පුතයි
හෙලේ නගියි ඩෝං පුතයි
වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි
නැඟලා බහින් ඒ නඩේට සම්මා සම්මා සම්බුදු සරණයි
එහෙම කිව්ව ඒ අම්මාට පහළ කඩෙන් කොපි එකයි
එහෙම කිව්ව ඒ මල්ලිට ඉහළ කඩෙන් කහට එකයි
අපේ බුදුන් අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
කිරිකෝඩුත් වන්දවන්න
(මතක නැහැ) වන්දවන්න
අපි ගෙනාපු අග්ගලා
වෙන නඩයක් උස්සලා
අපි ගෙනාපු අග්ගලා
නඩේ ගුරා උස්සලා
නඩේ ගුරා හරිම හොරා
අග්ගලා ටික ඔක්කොම කා
අපි ගිය දවසෙම තව එකෙක් සිරිපාදේ ගිහින් තිබ්බා කෙල්ලෝ රොත්තක් එක්ක.......
වැප්
සිරාවටම කළුගල අරූ අතෑරියද.......හික් ගෑවෙන්න ඇතිනෙ....
ReplyDeleteඅල්ලගෙන ගියේ අම්මගෙ අතද......? නැත්නම්.....
ReplyDelete//( දැන් ඉතින් දහසක් දේවල් කියපල්ලා මගේ හදවත පෑරෙන්න :DDD )//
ReplyDeleteමං නං ඔන්න මුකුත් කිව්වේ නෑ.... හි හි
අනේ වාසනාවන්... කළුඅග්ගල දිහා ඇවිත් හොරෙන්ම ගියාට... සමන්ගිර වන්දනා කළාට නෙවී..
ReplyDeleteවඳින්න යන මේ නඩේට තාලෙට මේ සින්දුවත් තියෙන්නේ...
ReplyDeleteකිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට සම්ම සම්බුදු සරණයි
කලු අග්ගලඩෝං පුතා..
මාකොල ලැට් "ඩෝං" පුතා...
මාකොල ලැට් "ඩෝං" පුතා...
ReplyDeletehik hik hik
අහ් ඒ උබද ? හික් හික්...
ReplyDeleteතව එකෙක් ගිහින් තිබ්බ තමයි... ෆොටෝ ටික දැක්කම අනේ හපොයි කියවුනා...
මරු සිදුවීම් ටික...
ඉතින් මල්ලිට තිබ්බනෙ ඒ ගල කී පලියට ඔහොම දාන්නෙ නැතුව කඹේක හරි ගැට ගහලා බාන්න .. පව් දෙයියනේ අර බාසා...
ReplyDeleteබොරු නේද... :D
ReplyDeleteපුවක් ගහේ ගෙඩි දැකලා පුවක් කෝ කියලා අහන අන්ධයින්ට සල්ලි දෙන එවුනුත් ඉන්නවනේ!!!! ඔව් ඔව් මාකොළ පැත්තේ තමයි :DDD මෝඩ හැත්ත
ReplyDeleteයකඩෝ මාකොළ ඉන්නේ සුපිරි මිනිස්සුනේ
ReplyDeleteඅපි ගෙනාපු අග්ගලා - බස් එකේදී පොඩිවෙලා
ReplyDeleteවඳින්න යන මේ නඩේට - උඩ මළුවේදී කපුටො කොටයි
වැඳල බහින මේ නඩේට - තුන් සරණේ සරොං දෙකයි
එහෙම කියපු ඒ අයියගෙ - සරම කඩන් බිමට වැටෙයි
එහෙම වුනොත් ඔය නංගිට - නොමිලෙම අග්ගලා ලැබෙයි
අර මතක නැති ටික මෙහෙමයි
ReplyDeleteකිරි කෝඩුත් වන්දවන්න
හොර ජෝඩුත් බන්දවන්න
වැඳලා බහින සුදු නංගිට
ReplyDeleteපහළ කඩෙන් කෝපි එකයි
එහෙම කීව ඒ අයියට
නංගීගෙන් තොත්තු එකයි
අහක බලන් යන නංගිට
බූට් එකක් වැදිල වගෙයි
එහෙම කීව සීයලාට
හැරමිට්ටෙන් පහර දෙකයි
//පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා.\\
ReplyDeleteමට මේ පෝස්ට් එකේ ආතල්ම සීන් එක මෙන්න මේ ටික.. ඉස්සර උඹලා ගත්ත ඇනෝ ආතල් එකේ රහ මට තේරෙන්නේ මේ මෑතක ඉඳන්... ඒක සුපිරි.. දැන් ටිකකින් බලපන්කෝ මේ කමෙන්ට් එක යටින් තියෙන ආතල් එක....
උඹට මතකද වැප් අර වංගුව ලග තුන්මන් හන්දියේ දවසක් උඹට හම්බ උන ගෑණු ළමයා. එදා උඹ ඒ ළමයට කිව්ව කතාව නේද ඒ ආපිට කැරකුනේ... වතාවක් උඹ සපුගස්කන්ද පන්සලට ගිහින් අර යකාගේ සල්ලි පෙට්ටිය කොහේද කියලා බැලුවේ නැත්තං අර දේ එහෙම වෙන්නේ නැහැනේ... ඒකෙන් මේකෙන් උනේ උඹට කන්න තිබුන පොල් ගස් දෙකත් කපා දාන්න.. දැන් අතින් වියදං කරං පොල් කද්දී සනීපයි නේද..? ඒ වැඩ යකාට ගියාවේ ලබන සතියේ කලුතර යන්න එද්දී ගිය පාර අරං ගිය තෙල් බෝතලේ මතක ඇතිව අරං පලයං... ඒක උඹට මතක් කරන්න කියලා අර මල් අම්මා කිව්වා ගිය සතියේ පොලේදී හම්බ වෙලා... උඹ දැන් උන්දැව දැක්කම මග අරිනවා කියලා හරියට ආඩපාලි කිව්වා.. ලොකුකම පැත්තක තියලා යන එන ගමන් වචනයක් දොඩලා පලයං... සුදු චුටිත් දීගේ අතෑරලා ගෙදර ඇවිල්ලා... හැබැයි බලාගෙන දරුවෙකුත් එක්ක ඇවිත් තියෙන්නේ... නොදන්න තාලෙට පලයං...
ReplyDeleteඔන්න Fuzzy Logic වලට මාරයාගෙන් එව්වෑයින්ම උත්තරයක් :-)
ReplyDeleteඅඩෝ පෝස්ටුවට වඩා මේකේ කමෙන්ට් ටික ආතල්!! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හම්මේ උඹ දැකපු කල්? උඹේ අවුරුදු තුන හරිද දැං? ඒකද මේ බ්ලොගේ පාලුවට ඇරලා තියෙන්නෙ?
ReplyDeleteමාකොළ තමා මාකොළ :P
ReplyDeleteමාර රහ කතා සෙට් එකක්නේ... නියමයි නිෂාන්ත...
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්