Tuesday, April 23, 2013

සයිබර් සිහිණ උළෙල - 2013

කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යයි. කලෙක යුතුකම්ද, කලෙක වගකීම් ද, තවත් විටක කිසි අරමුණක් නොමැතිවද ගෙවීයන ජීවිතය තුල ආපසු හැරී බැලීමට සිදුවන දිනයක් ඔබද අත්විඳ ඇතිවාට කිසිම සැකයක් නැත. කාර්යබහුල රැකියාව, පුද්ගලික වැඩ, සමාජයේ වැඩ මේ විවධ වූ කාර්යයන් වල නිරත වෙමින් මදකට හෝ ඒ සියල්ලෙන්ම මිදී විනෝද වන්නට ලැබෙන්නේ බොහොම අතලොස්සක් වූ පිරිසකටය. එයද කලකට පසුවය. එවන් වූ සුන්දර මොහොතක් පහුගිය 21 වන දින සිංහල බ්ලොග් අවකාශයේ සියල්ලන්ටම උදාවිය. මහරගම පැවති මෙම සුන්දර මොහොත අත්විඳිමට ලංකාවේ නන්දෙසින් එකසිය පනහකට අධික සහෘදයන් පිරිසක් එක් රෝක් වූහ.

වසර 2011 දී ප්‍රථමයෙන් ආරම්භ වන සයිබර් සිහින බක් මහ උළෙල මෙවර වර්ෂ 2013 දී තුන්වන වතාවටත් සාර්ථක අයුරින් නිමාවට පත්විය. සාම්ප්‍රදායික අවුරුදු උත්සවයකට නව අරුතක් දෙමින් හැබැහින් නිතර හමු නොවන විවිධ අදහස් මෙන්ම නානා විද සමාජ මට්ටම්වලින් පැමිණෙන සියල්ලන්ම එකම අරමුණක පිහිටුවා සැමට විනෝද වීම පෙරදැරි කරගෙන මෙවරත් එම උලෙළ සංවිධනායක කරනු ලැබුයේ තවත් නවකයන් පිරිසකි. සංවිධාන කමිටුවද කලින් කලට වෙනස් වෙමින් අලුත් අදහස් සමඟ නවමු මුහුණු වරකින් පැවැත්වීම  මෙහි ඇති සූවිශේෂිත්වයි. සමරු කලාපයක් හා  සමාජ සත්කාරයක් මේ හා බැඳි පවතින බවද අප අමතක නොකළ යුතුය.

පැමිණෙන සියල්ලන්ම එකිනෙකා හඳුනන්නේ නැත, එසේ පෙර හැඳින ගැනීමක් තිබුනා නම් එයද මෙවැනි අවස්ථාවක සිදූ වූවකි. මෙවර මුහුණු පමණක් දුටුවන්, 2014 වසරේ පැවැත්වෙන සයිබර් සිහින බක්මහ උළෙලේ හොඳ මිතුරන් වනු නොඅනුමානය.

මෙන්න මම දැක්ක ලිපි

මෙන්න ඇල්බම්

ඉහතින් දැක්වෙන්නේ මට හමු වූ හා කියවන ලද බ්ලොග් අඩවි බව කරුණාවෙන් සලකත්වා. මඟ ඇරුණු එවා ඇත්නම් දැනුවත් කරත්වා

සංවිධායක මඩුල්ලට මාගේ හද පිරි ප්‍රණාමය

2011 හේ විස්තරය මෙතන

වැප්


18 comments:

  1. මම දැක්කා තරියා, සුදු මහත්තයා. ලියන්නා, මඩිස්ස, අටම්පහුර හෙමත් ලියලා තියනවා.

    ReplyDelete
  2. මටනං තියෙන ගැටළුව වෙනදට වඩා මූ හෙන වැදගත් සයිලියකට මේක ලියලා තියෙන්නේ ඇයිද කියලයි..? මූත් වැදගත් වේගන එනවද..?
    :D :D :D

    ReplyDelete
  3. මාරයා අයියා.. මූ වැදගත් වෙනවද නැත්තං මූව් බ්ලැක්මේල් කරාද දන්නෙ නෑ කවුරු හරි.. “වැදගත් වෙයං.. නැත්තං අවුරුදු උත්සවේදී ගත්ත අර ෆොටෝ එක/ වීඩියෝ එක පබ්ලිෂ් කරනවා“ කියලා.. :D :D

    ReplyDelete
  4. වසරටම පෝස්ට් දෙකයි.. මොනාද වැප් අයියෙ..!!

    ReplyDelete
  5. ගයාන් අයියගෙ වලන චිත්‍රය උඩ ක්ලික් කලාම වයි ඇෆ් ඇම් එකේ බිග් බෑන්ග් සෝ එකක සිරා වීඩියෝ එකක් එනව :D :D

    ReplyDelete
  6. බලමු තව පෝස්ට් ඉස්සරහට එයි වගේ! අර අඩුපාඩු ටික හදා ගත්තනම් පංකාදු පහයි නේ!

    ReplyDelete
  7. @හෙන්ඩ්‍රි - ඒ ටිකත් දැම්මා
    @මාරයා - පල යකෝ
    @චතුවා - ඔව් ඔව් සහතික ඇත්ත
    @නෙරා - ඒ මදෑ

    @සිහින - වැරදිමක් ..තාරකායාගේ විඩියෝවක් නැහැ

    @නාඩියා - මට නම් ඒවා අඩුපාඩු නෙමෙයි ඇත්තමට මේ වගේ එකක

    ReplyDelete
  8. වයසට යනකොට මිනිස්සු වැදගත් වෙන්න එපැයි.. ‌‌නේද වැප් අයියේ.. හි හි...
    මට මීට වඩා ඇල්බම් දැක්කනේ අප්පා... නම් කියන්න දන්නේ නැති අය නිසයි ප්‍රශ්නේ...

    ReplyDelete
  9. //සයිබර් සිහිණ උළෙල - 2013

    සිහිණ නෙමෙයි පුතා. සිහින කියලා නිවැරදි වෙන්න ඕන.

    -සනාත

    ReplyDelete
  10. ඇයි මමත් ඇල්බම් එකක් දැම්මෝ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. වැප්පයියව දැක හදුනා ගන්න ලැබීමම හෙන සතුටකි ඈ...

    ReplyDelete
  12. වැපා සුදු වෙලා මහත් වෙලා,,ඔන්න මම නම් පොටෝ බැලුවා

    ReplyDelete
  13. වීඩියෝ ටිකනම් පට්ට..! ෆන් එකේ හොඳම.

    ReplyDelete
  14. මේ ලිපිය හරිම අගෙයි මට මග හැරුණ තැන් කීපයකටම යන්න පාර පෙන්නලා තියනවා.. බොහොම ස්තුතියි... ඔබව අදුනා ගන්න ලද එක ගැනත් සතුටුයි...

    ReplyDelete
  15. ඔක්කොම එකම වහලක් යටින් :P

    ReplyDelete
  16. අයියා එක්ක නම් එදා කතා කරන්න බැරි වුනා.ඒ වුනාට හඳුනාගන්න ලැබුන එක සතුටක් :)

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....