වෙනසක් තිබුනේ නැහැ ඒ බෙල් සද්දේ. එදත් ඒ සද්දෙටම පාන්දර නැගිටිනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නේ අද ඉන්නේ මගේම ශක්තියෙන්. මේ ඇඳ සුවපහසු උනත් වෙලාවට හිතෙනවා දවස ගෙවන විදිහ නොතේරුනු ඒ දවස් කොච්චර සුන්දරද කියලා. උදේම හැමෝම එකතු වෙලා පන්සිල් ගත්තා දෙවනි බෙල් සද්දෙට කෑම මේසය ලඟ වාඩි උනා. කෑම කාලා ඉස්කෝලේ යන ඊලඟ බෙල් සද්දෙට කොහොමවත් කැමති උනේ නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ වෑන් එක එන්නේ ඔක්කොම එකතු කරන් යන්න. එකම වාහනයේ එකම බෝතල් එකම බෑග් අරන් ඉස්කෝලේ ලඟින් බහිනකොට හැමදාම දකින්නේ, පංතියේ යාලුවෝ අතේ එහෙම කිසිම දෙයක් නැහැ. හැබැයි කවුද මන්දා ලොකු ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි එයාලා එක්ක එනවා. අහම්බෙන් වගේ මූණ ඉඹලා ඔලුව අතගාන්නේ පන්තියේ ටීච්ර් විතරයි. ගානක් හරියන්නේ කලා තුරකින්.
අද මල්ලි මාත් එක්ක රණ්ඩු උනා. පෙරේදා නැන්දාලා ආවා. මේ වගේ ගොඩක් දේවල් කනට ඇහෙනවා, පුදුමෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. කාලේ ඔය විදිහට ගෙවිලා යද්දි ළමා කාලේන් තරුණ කාලෙට එද්දි ඉන්න තැනින් කිහිප දෙනෙක්ම වෙන තැනකට මාරු කළා. එතනත් වැඩි කලක් ඉන්න බැරි උනේ වයස 18 ක් උන හින්දා. ත්‍රිවීල් පාක් එකේ හිටපු හොඳම අයියයි එයා බැඳපු අක්කයි හමුදාවට දාන්න ඇප්ලිකේෂන් එකක් ගෙනැත් දුන්නේ යන්න තැනක් ඉන්න තැනක් නැතිව කන්න බොන්න විතරක් එහෙට වෙලා ඉන්න හින්දා කියලා හිතෙන්නේම නැහැ. යාලුවෝ එක්ක රස්තියාදුයි, රෑ ගමන් යන එකයි නැවැත්තුවේ ඒ අයියාට පින්සිද්ද වෙන්න.
සාමාන්‍ය පෙළ කරන්න අයිඩෙන්ටිය හදන්න ඕනේ. අයිඩෙන්ටිය හදන්න උපැන්නේ ඕනේ. සමාන්‍ය පෙළ ඉවර උනා. අධ්‍යාපණ සහතිකේ තියෙන්නේ 11 වසර දක්වා පමණක් ඉගෙනුම ලැබු බවට සටහනක්. ඇප්ලිකේෂන් එක පුරවලා හමුදාවට දාන්න කලින් අයිඩෙන්ටිය හදන්න ඕනා හින්දා පරණ හිටපු තැනට යන්න උනා. විස්තර වල තිබුනේ එතන එකුස උපන් සහෝදරයෙකුත් හිටියා කියලා. රූපෙන් ටිකක් සමාන උනත් මේ ලෝකේ මගේම කවුරුත් නැති නිසා දුක් නොවුනට මගේම අයියා මාත් එක්ක කාලයක් හිටියා කියලා දැනුනාම එකපාරටම තනි කමක් දැනුනා. මගේම අයියා කලින්ම හමුදාවට ගියත් කවදාවත් මල්ලි කියලා මට කතා කරලා තිබුනේ නැහැ. සටහන් වෙලා තිබ්බ දුරකතන අංකයක් හරහා මගේම අයියට කතා කරලා එයාලගේ ගෙදර ගියා. එතකොට අයියා බැඳලා. ඒ බැන්ද අක්කට නංගිකෙනෙක් හිටියා. එයාව බඳින්න කියලා මගේම අයියයි බැඳපු අක්කයි කිව්වා.
හමුදාවට අප්ලිකේෂන් දැම්මත් තාම රස්සාවක් නැහැ, ආපහු ආවේ ත්‍රීවිල් පාක් එකේ අය්යලාගේ ගෙදර. ටික දවසකට පස්සේ මගේම අයියට කොල් කලත් එයාගේ ෆෝන් එක වැඩ නැහැ. සමාන්‍ය පෙල නැති උනාට හමුදාවට අය කරුණු තේරුම් ගත්ත හින්දා අද මට මගේම කියලා රස්සාවක් විතරක් තියනවා. වෙසක් දවසට අවුරුදු දෙකක් තුනක් හිටපු පැත්තේ පන්සලට යන එක පුරුද්දක් වෙලා!!!!!!!!!!!!!!!!!!
වැප්
වැප්
මේ මොන හුට්ටස්පරයක්ද බන් ?
ReplyDeleteදැන් තොට තේරුනාද? :D
ReplyDelete"එඩ්‍රස් නැති මිනිස්සු?"
ReplyDeleteඉඳහිට දානයක් දෙන මට්ටමින් එහාට ළමා නිවාස ගැන, සාමාන්‍ය සමාජයෙ කෙනෙක්ගෙ අවධානය යොමු වෙන්නෙ කලාතුරකින්. පොදු ජීවන රටාව තුළ සිටින කෙනෙකුට නොතේරෙන විශාල ගැටළුවකට මේ දරුවා තනිවම මුහුණ දුන් විදිහ හරිම තාත්විකව අකුරු කරලා තියෙනවා.
සමහරුන්ට ජිවිතෙ මෙහෙමයි.. අද මම ඇවිදිද්දි මට මුණ ගැහෙන බොහො චරිත ඇතුලෙ තියන කතා.. මටත් දවසකදි දැනුනා මෙච්චර දුරක් ආවෙ මගෙම උත්සහයෙන් කියලා.. සමහර මිනිස්සු මට එත්තු ගැන්නුවා උඹ මෙච්චර දුරක් ආවෙ උඹෙම උත්සහයෙන් කියලා.. එත් අපි හැමොටම හැමොම කරගන්න අහඹු උදව් පදව් වලින් අපෙ කතා සියල්ල ගලන් යනවා.. සමහරු කීපයක් අකුරු කරනවා.. දහසක් කතා එලියට නෑවිත් හැංගිලා යනවා :D
ReplyDeleteහ්හ්ම්ම් . .. සංවේදී ලියවිල්ලක් බන් . . . මේ වගේ ළමයි හදලා අතරමන් වෙන එක නතර කරන්න කවදා සිස්ටම් එකක් හැදෙයිද මන්දා . .
ReplyDelete