Monday, December 16, 2013

(ඔෆිස්+පැදුරු+බීච්) පාටි

දෙසැම්බරය 2013, කම්මැලි කමේ උපරිමයකට ආපු කාලයක් පහු කරලා ටිකක් විතර කුසීත කම මඟ ඇරුන විදිහ බ්ලොග් එකේ දාන්න තමයි මේ හදන්නේ. ඔෆිස් පාටිය පැත්තකින් තියමු. ඒක ඉතින් ෆුල් ඔෆිසියල්නේ. පැදුර තමයි පැදුර... ඒකට දාන්න තිබ්බ නම තමයි දන්සැල් පැදුර කියලා.  අපේ ගෙදර කියන ගෘප් එකේ මම ඇත්තෙත් නැහැ( මේ වෙනකොට ඒකේ සාමාජිකයෙක්මි). පැදුරට එනවාකියලා රෙජිස්ටර් උනෙත් නැහැ. ඒත් ඔන්ලැයින් මොකක් හරි තියනවා නම් ගිහින් ඔලුව දාලා එන්න තියන අමාරුව නම් තාම හොඳ වෙලා නැහැ. පැදුර ගැන ආරංචි යන දවස් වල රාජ් කාරයා ඇහැව්වා මගෙන් යනවාද කියලා. යන්නත් ඕනේ කියන මතේ හිටියත් ඒක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ ප්‍රදියා ආයිත් ඇහැව්වම යන්නේ නැහැ කියලා හිටියත්, තුන් දෙනෙක්ම ඉන්න එකේ යන්න ඕනේ කියලා තීරනයට ආවේ සිකුරාදා. ඒ වෙලාවේම තීරණය ක්‍රියාත්මක කරමින් රාජ්වත් දැනුවත් කරලා ප්‍රදියවත් සෙට් කරගත්ත. ප්‍රදියයි මායි 11 ට විතර මාකොළින් පිටත් උනා 154 වන්දනාව පැයකින් ඉවර වෙයි කියලා හිතලා. කිරිබත්ගොඩ ඉදන් දෙහිවලට යන්න පැයක් හොඳටම ඇති උනත් මේ යකා කොට කොට ගියා පැය එකාහාමාරක් විතර. බොරැල්ල දැන් ෆට්ට ටැෆික් වෙලා. කරුමෙට නයිට් රේස් වලට පාරවල් වහලා හින්දා ඔක්කොම වාහන හරවලා එන්නේ බොරැල්ලෙන්. ඒ මදිවට හවුස් ඔෆ් ෆැෂන් එකත් වාහන සේල් එකක් දාලා. 

කොහොමින් කොහොමින් හරි 12.30 පහු වෙලා තුන්දෙනා එක්ක, පැදුර තිබ්බ පාර පැත්තක තියලා ටුක් ටුක් එකේ බීච් සයිඩ් අතුරු පාරවල් දෙකකම ‍ගියේ නොදන්න කමට නෙමෙයි. ත්‍රීවිල් බුවත් පාරවල් දන්නේ නැති ගානට අපෙන් ගානක් කඩා ගත්තා. (කවදාවත් මාරු නොවන 500 යේ කොලයක් තිබ්බ හින්දා රාජ් කාරයාගේ කීයකටද මන්දා කෙල උනා). උදේ පාන්දරම බ්ලොග් කාරයෝ දෙන්නෙක් හම්බුන හින්දා යන්තම් අපිත් දන්න කියන උන් ඉන්න එක ගැන සතුටක් ඇති උනා. 350 ක් ගෙවලා එදින දොරටුවෙන් ලියාපදිංචි වෙලා පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා. ඊට පස්සේ ඉතින් පැදුර පැත්තක තියලා හෙව්වේ කන්න බොන්න මොනවද තියෙන්නේ කියලා. අපරා‍දේ කියන්න බැහැ පොල්කට්ටට කැඳ කෝප්ප දෙකක්ම බිව්වා හකුරු කෑලි දෙකක් එක්කම(320). ඊට පස්සේ ඔලුව කරකව කරකව ඉන්න කොට ඔක්කොමට ඇවිත් පැදුරේ ඉදගන්න කිව්වා. ඉල්ලීම අහක දාන්නත් බැහැ. බිම වඩි වෙලා විනාඩි දහයක් ඉන්නත් බැහැ.  කොහොමින් කොහොමින් හරි ඇඹැරැල්ලා අච්චාරුව තියන තැන පැදුරේ වාඩියක් දැම්මා(300) .  ටිකක් වෙලා යන කොට ඉන්නම බැහැ පැදුරේ, නැගිටලා ගිහින් පුටුවක වාඩිය දාගත්තා. ඔය අතර තුර කස්ටිය අඳුනගන්න වැඩේ නැගලාම ගියා. මුල්ම කිහිප දෙනා සුහද සාකච්චාවකිනුත්, පහු පහු වෙනකොට අතඉස්සිම පමණක් විම හිතට සතුටක් ගෙන දෙන කාරනයක් උනා. 

කන වෙලාව ආපු හැටියේ, මාලු කෑම එකක් අරන් (150) එලිමහනේ මේසයක් උඩට ගියා. කෑම එක නම් එලටම තිබ්බා. නෙලුම් කොලයක කෑව හින්දා තවත් පට්ට. අයීස් ක්‍රීම් එකකටත්( 125) වග කියන ගමන් ඇතුලට ඇවිත් කෙලිනම් ගියේ කුස්සිය පැත්තට. පැදුරේ සංවිදායකයෝ බරටම වැඩ. එයාලට වද නොකර අපි කුස්සියෙනුත් එලියට ගියේ කන්කුන් කඩන තැනට. ඒ හරියේ වෙනම බෝතල් සද්ද ඇහෙනවා. බයිට් වලටයි සැන්ඩි වලටයි වගකිව්වේ කස්ටිය තරහා උනොත් එහෙම හරි නැති හන්දා :D. ඊට පස්සේ අයිත් ගිහින් ඇබරැල්ලා අච්චාරු ටිකක් කලා පුටුවකින් වාඩි උනා ‍විතරයි මෙන්න එනවා. තව කෑම වගයක් (කොකිස්/කැවම්/හකුරු/කෙසෙල්/හැලප)  එපා කියන්යෑ කෑවා ඒකත් (25). අහා කියන්න අමතක උනා ඔය අතරේ පැදුර පටන් අරන් කට්ටිය සින්දු කියනවා හරි. ඈතින් එනවා මල්ලක්. මොනවද දන්නේ නැහැ , ඔලුව දාලා බැලින්නම් ටොෆි, පුරුද්දක් විදිහට ටොෆි කන්නේ නැතත් ඒකත් කලා දැම්මා (24). ඊට පස්සේ ඔහොම කැරකි කැරකි ඉන්න කොට හවස් වෙලා. දැන් ඇති වෙලාව 4.30ට විතර, මෙන්න එනවා කට්ලට් සහ පාන්( -30) පාන් පෙති නම් පහකට වඩා කන්න ඇති. ඊට පස්සේ බෙලි මල් එකකුයි හකුරු කැල්ලකුයි අරන් කෙලින්ම ගියේ එලියට (-50). ඊට පස්සේ ඉතින් දිගටම එලියේ. ලාවට වගේ වැස්සක් ආපුහින්දයි, පැදුරත් ඉවර උන හින්දයි, ශාලව ඇතුලේ මේසයක්ම දාලා තිබ්බා. (-200). ඒක දිගටම නැගලා ගියත් රාත්‍රී හතට අපි ගෙවල් බලා පිටත් ‍උනා....

සංවිධායක මණ්ඩලයටයි.... ආපු එවුන්ටයි ... ස්තුතිය යන අතරේ කන්ඩ දීපු එවුන්ට විසේස ස්තුතියක් මෙන්න !

කතාව ඉවරයි ..රූප රාමු නැත


තව පොඩ්ඩෙන් අමතක වෙනවා 21 බිච්පාටිය හරි. මෙන්න මෙතන වැඩිදුර http://cyberfestival.blogspot.com/2013/12/18.html

වැප්

14 comments:

  1. මේක දාලා තියෙන්නේ නං බීච් පාටියේ උන්ට කියලා “උඹ එන්න එපා අයියේ“ කියලා කියව ගන්න කියලයි මට හිතෙන්නේ.. ඇයි යකෝ තුන්සිය පණහක් දීලා හත් සිය පණහක කන උන් දහ දෙනෙක් ආවොත් සංවිධායක මණ්ඩලේ අනාථයිනේ...

    ReplyDelete
  2. කටලට් සැන්විචි ඇහැටවත් දැක්කේ නැත ... :( නෙලුන්කොලේ බත් කෙල්ලොගෙ අතින් කනකොට තවත් රසය ... :D :D

    ReplyDelete
  3. හම්මේ කෑම උඹට 750 යි ඇයි මචන් මල්පැන් එතකොට එව්වත් එක්ක 1000 යි නේව හික්ස්

    ReplyDelete
  4. මම හිතුවේ උඹට පැදුරු පාටියේ සංග්‍රහ වලටත් ඒ ඒ ගනන් ගෙවන්න වුනා කියලා.

    ReplyDelete
  5. @මාරයා - කට කට
    @පොඩි මෑන් - එහෙම පිනක් පැදූනේ නැහැ
    @රාජ් - හිහි ඒක වෙනම කතාවක්
    @හෙන්රි - නැහැ ඒ ඒ ගානං මුලික ගෙවිමෙන් අඩුකාලම ..පට්ට ලාබයක් ආවේ :D

    ReplyDelete
  6. මල් පැන්වලටත් බිල දැම්මනං මලයා 3000පනිනවා ගාන... අපි ඉතිං 9 විතර වෙනකම්ම හිටියනේ...

    ReplyDelete
  7. පැදුර මිස් වුනා... බීච් පාටි එකත් මිස් වෙන ලකුණු

    ReplyDelete
  8. යකෝ උඹ හිටපු ටිකට කොහොමද ඔච්චර ගොඩක් ජාති කෑවේ . විස්වාස කරහං මං කෑවේ , පොටැටෝ චිප්ස් කෑලි දෙක තුනකුයි , ඉස්සෝ හතර දෙනෙකුයි , බීෆ් කෑලි දෙකකුයි විතරයි , පෝක් කැලි දෙකකුයි විතරයි , ඒ ඇරුනහම සැර අඩු දේකට තිබ්බේ උදෙන්ම ගහලා ගිය පබියර එක විතරයි

    ReplyDelete
  9. කන්කුක් කන්න ලැබුණේ නෑ නේද ? කෑවා එවුන් යහතින් ඉන්නවද දන්නේ නෑ

    ReplyDelete
  10. මේකෙ කෑම විතරමද කොහේදෝ තිබිල තියෙන්නේ... :P

    ReplyDelete
  11. //// පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා.///
    අතේ ගහගන්න මුකුත් හම්බවුනේම නැද්ද? :D

    ReplyDelete
  12. @නලින් අපි නම් ඔව්වා දන්නේ නැහැ
    @අභියා - අපරාදේ යකෝ
    @අටමා - ඔය කියන එව්වා දැක්කෙමනැහැ
    @සුදීක - මේ ඉන්නේ
    @දමිත් - නැතුව නැතුව
    @අරූ - තිබ්බා බලාගෙන ගහන්න :D

    ReplyDelete
  13. මම නම් පාන් සහ කට්ලට් ඇල්ලුවෙ එකපාරයි... :D

    ReplyDelete
  14. බීච් පාටියක්නම් මතක් කරන්න එපා, පට්ටම පන් එකක් ගත්තා.. එත් ඉතින් කට්ටිය සුරාවට යන එක තමයි නරක නේද..?

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....