Thursday, April 10, 2014

සිහින උලෙළේ අමතක නොවන සිදු වීම්

මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.

සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා. 

2011 දි,  ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.

2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.


2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :D

තව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න


<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

එහෙන්ම් 20 හමු වෙමු

වැප්

23 comments:

  1. ඔන්න අයිය කියපු නිසා දැම්ම.... පස්සේ වෙලාවක ඇවිත් කියවන්නම් ඈ....:D

    ReplyDelete
  2. මම පළවෙනි කමෙන්ට් එක දාන්න ආවෙ සෝඩා ඉස්සර වෙලානේ.
    පස්සෙ එන්නම් කියවන්න............................:P

    ReplyDelete
  3. ඔයා හිතන් ඉන්නේ ඔයා හැමදාම සභාපති කියලද?

    ReplyDelete
  4. කබ්බෙක්April 10, 2014 at 10:47 AM

    අයියෙ ඔයා ගියපාර ඇයි ඔයාල මොනව කරන්නද කියන ලකප්‍රෑන්ස් ටී සර්ට් එකක් නේද ඇදගෙන හිටියෙ? ඇත්ත කියන්න අයියෙ ඔයා නේද ඒ කක්කි බ්ලොග් එක ලිව්වෙ?

    ReplyDelete
  5. අර බැනපු නංගි එක්ක ඔය අයියා ලිෆ්ට් එක ඇතුලෙදි අල්ලලා සෙල්ලං කරනවලු නේද දැං?

    ReplyDelete
  6. අර බැනපු නංගිට ඔයා දැන් කඩේ යනව කියල ආරංචියි. ඒක ඇත්තද අයියේ ?

    ReplyDelete
  7. අර සබාපතිය හොයාගෙන ඇවිත් බැන්න නංගිට අයිය කඩේ යනව කියල ආරංචියි :D

    ReplyDelete
  8. ඉබ්බෙක්April 10, 2014 at 10:54 AM

    ආරාධිත අමුත්තව නොපෙනෙන ගානට උදේ ඉදන් ගහල ඉන්න ඇති

    ReplyDelete
  9. කබ්බෙක්, ඇනෝවෙක් ඇවිත් තියෙන නිසාත් ලකෆ්‍රෑන්ස් ගැන සඳහන් නිසාත් මේ බ්ලොග් පෝස්ට් එක කම්මැලි බ්ලොග් කලාවට හුස්ම ටිකක් පිඹීවි...

    ඔන්න උඹ කිව්ව විදිහටම දැම්මා වැපා..... ;)

    ReplyDelete
  10. කැස්බෑවෙක්April 10, 2014 at 10:56 AM

    නොදකින්. කොමෙන්ට් මොඩරේට් කරපු මේ බ්ලොග් එකට හෙන හතම වැදියන්.

    ReplyDelete
  11. මේ පාර කැමරාකරණය වැපා ගත්තා නම් මොකද?

    ReplyDelete
  12. ඒ නංගිගෙං බැනුම් ඇහුවට පාඩුවක් උනේ නෑ නේද අයියා?

    ReplyDelete
  13. මම නෙමේ බන් මේ ඇනෝ දාන්නෙ. මට ඉන්න ලක්ස සංකයාත පාටකයො

    ReplyDelete
  14. කොල්ලෙක්April 10, 2014 at 11:11 AM

    මම දැක්ක සිහින උලෙල ෆේස් බුක් පිටුවේ Weniwel Priyantha කියල හාදයෙක් අවුරුදු කුමාරයාගේ ඇට අතගෑමේ තරගයක් තියෙනවා කියල තියෙනව. මම හිතන් ඉන්නෙ මේ පාර ඒ තරගෙට සහබාගි වෙන්න.

    ReplyDelete
  15. මොනා උනත් මම ඉල්ලා හිටිනවා හැමතැනම කැමරා හයි කරලා වලියක් ගියොත් එහෙම අපිට එවෙලේම පුළුල් තිර දර්ශනයක් ලබා දෙන්න කියලා... ගිය අවුරුද්දේ මිස් උනානේ අපරාදේ...

    ReplyDelete
  16. මේ පාර අර වාදෙක ගඳරුවන් කියලා ඩයල් එකක් උගෙ යාළුවගේ අක්කව රූම් එකකට අදින්න ගිහිං බුකියේ චා උනා නේද? ඒ වලිය යයි වගේ මේ පාර.

    ReplyDelete
  17. කවුද යකෝ මම ඇට අත ගානවා කිව්වෙ..ඈක්කා..මම කිව්වෙ අවුරුදු කුමාරයගෙ ඇට ගනිනවා කියලා..මුන්ගෙ වලත්ත කමට ඒකත් හිතුවෙ දෙක ගනී කියලයි..ඒක දෙකයි ඒකෙ මොනවා ගනින්නද ? ඒ දෙක ඇර ඉතුරු ටික.. :-D

    ReplyDelete
  18. //ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ// නැතුව නැතුව ඒ වගේ සොදුරු මතක වීඩියෝ කරගන්න එපැයි :D

    ReplyDelete
  19. හයියෝ වැප්ටත් වෙලා තියන දේවල්.... අපිනං ඔය වලිවෙලාවේ මහරගම උඩ තට්ටුවේ..... තැංකූ මේ සටහනට

    ReplyDelete
  20. මගේ තියරිය නම්-
    වලි නං ෂේප්
    ෂේප් නං ෂේප්!

    ReplyDelete
  21. සිහින පුතා ඇනෝ කමෙන්ට් දාගෙන ඇවිල්ලා අන්තිමට එකක් ප්‍රොෆයිල් එකෙන්ම වැටිලා නේද? හයියූ.........

    ReplyDelete
  22. මූ මේකෙ ඉන්න හැම කෙල්ලටම කඩේ යනවා. හැබැයි බඩු ගන්නෙ වෙන උන්. අවුරුදු ගානක් බ්ලොග් ලියලා තාම ගොඩ යන්න පුලුවන් උනාද මූට. මූ දන්නෙ ඇනෝනිමස් බ්ලොග් ලිය ලිය එක එකා ෆෝම් කරන්න විතරයි. මේ වගේ එකෙක්ගෙ ටෝක්ස් වලට ෆෝම් වෙන උන් ගැන මට ඊටත් වඩා දුකයි අප්පා.

    (හුටා! වැටුනා නේද රියල් ප්‍රොෆයිල් එකෙන්)

    ReplyDelete
  23. සාමය සාමය සාමය සාමය !!!!
    සාමය ලෝකයේ පතුරමු!! :D

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....