Thursday, January 7, 2010

සිංහල බ්ලොග් කියවන කට්ටිය අඩුවෙලාද?

පහුගිය මාස හතර පුරාම මම වැඩිපුර කලේ සිංහල බ්ලොග් කියවපු එක. වඩා වැදගත්, හොද ලිපියක් /කවියක් හෝ ටෙක්නිකල් දෙයක් දැක්කනම් මම අනිවර්යේනම සටහනක්-කමෙන්ටුවක් දැම්මා. ඔය අතර පිස්සා/දුකාත් ඔයදේම කලා. මම හිතනවා ඒ දෙන්නා ඒ මං කියපු කාරනාවට එකගවෙයි කියලා. කොහොම උනත් මෙ අවුරැද්ද පටන් ගත්තාට පස්සේ මම කමෙන්ට් දැම්මනං දැම්මේ ඉතාම අතලොස්සක් වු ලිපි වලට පමණයි. හැබැයි අලුත් අවුරැද්දට සුබපැතුම් එක්කරපුවාට මමත් එක් උනා.

කමෙන්ට් අඩු වෙන්න හේතුව කුමක්ද? මම පොඩිසොයාබැලිමක් කලා. සමහරවිට මෙම නිගමන වැරදි වෙන්න පුලුවන්, සමහර විට ඔබ එකග වෙන්නත් පුලුවන්.

1. දේශපාලනය සිංහල බ්ලොග් තුලට පැමිණිම
අද ඊයේ වැඩිමනක් අලුතින් ලියවිලා තියන ලිපි බැලුවොත් එවා ඔක්කොම දේශපාලන ලිපි. මමත් ඔය ඔක්කොම කියෙව්වා. එවා ඇත්තද බොරැද කියලා මම දන්නේ නැහැ. හැබැයි ගොඩක් එවා මඩ ගහ ගැනිලි කියලා මට හිතුනා. ඒ එක්කම කාවවත් රජ කරන්න මගේ සටහන් - කමේන්ට් අනවශ්‍යයි කියලා හිතුන හින්දා එම දේශපාලන ලිපි එකකටවත් මම කමෙන්ට් දාන්න ගියේනැහැ. මොකද ඒක අනවශ්‍ය වැඩක්. අනික අපි අපි මොන එකකට ගැටුම් හදා ගන්නවද මෙ ඉන්න ටිකට. ජන්දේ ඉවරඋනාම ලොක්කෝ එකට අඩි ගහයි එත් අපි මෙහේ හිත් අමනාපකම් ඇති කරගෙන .


2. ලිපි වල ගුණාත්මක බාවය අඩු විම
තමුන්ට කැමති දේ ලිව්වත් එක අපිට වැදගත් වේන්න ඔනා එහෙම උනොත් තමයි අපිට එකට කමෙන්ට් එකක් දාන්න හිතෙන්නේ. නැත්නම් ඔහේ උඩින් පල්ලෙන් කියවගේන යනවා එච්චරයි. තව දෙයක් සිංහල බ්ලොග් කියව්නනේ නිකන් ඉන්න බැරි අමාරැවකට නෙමෙයි එවායින් වැදගත් දෙයක් ජිවිතයට එක් කරගන්නයි. එහින්දා අලංකාරවත් රචනා විදිහට වඩා වැගත් වෙන්නේ එහි අඩංගු කරැණු තමයි. සමහර විට මං මෙලියන එකත් එච්චර වැදගත් නැත්නම් කවුරත් ඔහේ මෙක කියවල යනවා මිසක් කමෙන්ට් දාන්න යන්නේනැහැ. කවුරැ හරි අලංකාරවත් බව ලිපියක් ලියද්දි එකතු කරලා තියනවනම් එක් අනිවර්යයෙන්ම හැමොම කියවනවා මොකද එහි ලිවීමේ රසයක්ද එකතු වි ඇති බැවිනි. අනික අපේ මව්බසින් යමක් කියවනකොට ඒක හිතට වදිනවා අනික් භෂා වලින් කියවනවාට වඩා.

3. අපහාසාත්මක ලිපි පලවිම
දේශපාලන මඩ ගැසීම් වලට අමතරව අපේ දේවල් ගැරහීම , එවාට අපාහස කිරීමෙන් හා අනවශ්‍ය ඉලිපුම් ඇතිකර ලියන ලිපි නිසාත් සිංහල කියවන පාඨක පිරිස අඩුවිගෙන යන බවයි මගේ හැගිම. මොකද මට උනත් හිතෙනවා සමහර ලිපි කියවද්දි අපි මේ අපිටම නේද අපහාස කරගන්නේ කියලා. ඔය අතර මම දැක්කා අපේ ඉතිහාසය/ ආගම / සංස්කෘතියට අපහාස වෙන විදිහට යම් යම් ලිපි ලියලා තියනවා. මම ඉතින් ඔවාට අමුතුවෙන් උදාහරණ සපයන්න ඔන නැහැනේ.

මට තේරැන් ගිය මුලික කරනා ටික තමයි ඔය. එත් තව වෙන්ත කරැනුත් තියෙන්න පුලුවන්. මම නම් දැන් පුරැද්දක් විදිහට සිංහල බ්ලොග් කියවනවා. එත් ඉතින් කමෙන්ටුවක් දාන්නේ මට හිතුට ඇල්ලුවෙත් විතරයි. ඔය අතර සමහර ලිපි තියනවා ගොඩක් කමෙන්ට් තියන. මට කියන්න හිතුන දේ කවුරැ හරි කලින් ලියලා තිබුණොත් මාත් අමුතුවෙන් කමෙන්ට් දාන්න යන්නේ නැහැ. සමහර විට තව එක අලුත් කමෙන්ට් එකක් දැක්කත් ලිපි ලියපු එක්කේනා සතුටු වෙනවා / දිරිගැන්වෙනවා ඇති. එත් එතින් ඒ මගේ හැටි. සමාවෙන්න ඔනා ඔක ඉතින් හදාගන්නේ නැතු පුරැද්දක් තමයි.


බොහොමයක් බ්ලොග් ලිපිවල දාලා තියන කමෙන්ට් අඩුබව දැනුනු නිසා ලිව්වා

වැප්

35 comments:

  1. කමෙන්ට් අඩු වෙන්න තවත් දෙයක් තමයි කට්ටියටම වැඩ වැඩි වීම. මේ දවස් වල අපේ විශ්වවිද්‍යාලේ exam . තව අදුරන කට්ටියට ලඟදිම exam තියන බව දැන ගන්න ලැබුනා. ඉතින් බ්ලොග් බලන පාඨක පිරිසෙන් සැලකිය යුතු පිරිසකට බිසී නිසා කමෙන්ට් අඩු වෙනව ඇති. කොහොමටත් ඔබ කියන දේත් ඇත්ත. මේ දවස් වල නම් සින්ඩියේ කියෙව්වම කමෙන්ට් එකක් දාන්න හිතෙන පොස්ට් එහෙමත් අඩුයි. ගොඩක් ඒවා අපි කලින් දන්න ආරංචි (ඉංග්‍රිසි අඩවි වල ගියපු වගේ) නැත්නම් දේශපාලන මඩ :D

    ReplyDelete
  2. මේක සාමාන්‍ය ලක්ෂණයක්. බ්ලොග් අවකාශය කියන්නේ බ්ලොග් අවකාශයම මිසක්, සාමාන්‍ය ප්‍රධාන පෙළේ ජනමාධයක් නෙවෙයි. පුවත්පතක්, රූපවාහිනී නාලිකාවක් හෝ රේඩියෝ නාලිකාවක් නෙවෙයි. බ්ලොග් ලියන අයගෙන් 90%ක් දෙනා සාමාන්‍ය සිවිල් පුද්ගලයින් වීමත් ඒකට ප්‍රධාන හේතුවක්. විශේෂයෙන්ම ඉංග්‍රීසි බ්ලොග් අවකාශය මීටත් වඩා සංකීර්ණයි. ඉතින් තව ඉදිරියට ඔය කියන විදිහේ දේවල් වැඩිවෙනවා මිසක් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. සිංහල බ්ලොග් කියවනයෙන් (http://blogs.sinhalabloggers.com) හොඳ ලිපියක් ‍‍හොයාගැනීමට අපහසු වෙනවානම්, තමන් කැමති බ්ලොග් අඩවිය විශේෂීකරණය කරගෙන Google Reader (http://reader.google.com) වැනි සේවාවක් භාවිතා කරමින් තෝරා බේරාගත් බ්ලොග් අඩවි කියවන්නත්, මිතුරන් හුවමාරු කරන අන්තර්ගතයන් කියවන්නත් පුලුවනි.

    ReplyDelete
  3. ඒක තමයි මමත් බැලුවෙ හැමදාම comment එකක් දාල යන වැප් ට මොකද උනේ කියල.
    "දේශපාලනය සිංහල බ්ලොග් තුලට පැමිණිම"
    මේකනම් ඇත්ත තමයි...

    ReplyDelete
  4. මට හිතෙන්නේ උඹ කියන කතාව ඇත්ත . . . .

    ReplyDelete
  5. විභාගය තමයි ප්රධාන සිද්දිය.
    තවත් දෙයක් තමයි comment type කරලා submit කරද්දි network down වීම. ඊළඟ වතාවෙ comment කරන්න , කලින් idea එකම එන් නෑ.

    ReplyDelete
  6. මට නම් එහෙම එකක් එච්චරම දැනුනේ නෑ.. මොකද මගේ අසරණ බ්ලොග් එකට මහා පණ්ඩිත, බහුස්‍රැත පොරවල් එනවා අඩුයි නේ.. හැමදාම වගේ එන්නේ, කමෙන්ට් කරන්නේ, මගේ ජීවන චක්කරේ අවබෝධ කර ගතිපු, හැබෑවටම මාත් එක්ක දුක සැප බෙදා ගන්න කැමති, පොළවේ පය ගහලා ජීවත් වෙන බොහොම පොඩි පිරිසයි..

    පුංචි බූන්දියේ ඉදලා පටන් ගත්තම, කමෙන්ට් කරන්න හිතෙන හැම තැනටම මමත් කමෙන්ට්ස් දානවා.. මේ වෙලාවේ, භේද සලකන්නේ නැතුව හැමෝන්ගෙම බ්ලොග් වලට, කමෙන්ට් කරන සියළුම දෙනාට පිස්සාගේ ආචාරය පල කරන්නත් කැමතියි.. මොකද ඒක අපිට වචනයක් දෙකක් උනාට, ඒ බ්ලොගයේ අයිති කාරයාට ඒක මහා මෙරක් බව මම දන්න නිසා...

    සමහර බ්ලොග් අයිතිකාරයෝ ඉන්නවා, අපි මොකක් හරි කමෙන්ට් එකක් දැම්මම, ඒක නිකං ඌට කිසි වැදගැම්මක් නැති වගේ සලකන එවුන්.. දෙතුන් පාරක් මට්ටු උනාට පස්සේ, මම ඒ බ්ලොග් වලට කමෙන්ට් කරන්නෙත් නෑ, දැන්..

    ඔන්න ඔහොමයි මගේ කමෙන්ට් කෙරුවාව.. හෙ හේ...

    ReplyDelete
  7. මට හිතෙන්නේ Comments බලාපොරොත්තුවෙන් Blog ලියන්නවත් Comments මත යැපෙන්නවත් නරකයි..මේ Blog සෙල්ලමට මම නම් අලුත්.ඒත් ලියන කියන සෙල්ලම හොදට දන්න කෙනෙක් විදිහට මම කියන්නෙ අපේ Target එක වෙන්න ඔනේ අපි අපි නෙමෙයි කියලයි...තරහ වෙයි කියලා හරි මගේ යාලුවනේ කියල හරි Comments දාන එකෙන් අපි ඒ මනුස්සයට අපරාධයක් කරන්නේ..එතකොට ඇන්දෙනව නේ..කියවන කෙනෙකුට Comment එකක් නොදා ඉන්න බැරි වැඩ කරන්නයි අපි දැනගන්න ඔනේ..

    ReplyDelete
  8. ඔයා කියන දෙ හරි. දෙශපාලනය රිංගුවා වැඩියි. දැන් හැබැයි කස්ටියටත් වැඩ වැඩියි. අවුරුද්දෙ මුල, කස්ටියකට විභාග, කමක් නැහැ . ඔයා කරගෙන යන වැඩෙ කරන්න... එක හොදයි... මගෙ බ්ලොග් එකට ඉස්සලාම කෙමෙන්ට් එක දැම්මෙ ඔයා මම හෙව්වා හෙව්වා ප්යාගෙ බ්ලොග් එක අද හම්බ උනෙ..

    ReplyDelete
  9. එකඟයි, දේශපාලනික ලිපි පළ විම හා පක්ෂපාතිවීම බහුල වීම අපේ රටේ දේශපාලන සංස්කෘතියට අනුව පුදුමයක් නෙමේ. ඔබ කියන "ජන්දේ ඉවරඋනාම ලොක්කෝ එකට අඩි ගහයි එත් අපි මෙහේ හිත් අමනාපකම් ඇති කරගෙන." කියන කතාව වටිනා එකක්.

    සංස්කෘතික, ආගමික හා ඉතිහාසයේ වැරදි පෙන්වන හා ඒවා ගැන විමර්ශන කරන ලිපි ගැන වැරද්දක් කියන්න බැරි ඒ තුළින් නොදුටු යථාර්තය හා ප්‍රඥාව පහළවන නිසා. නමුත් එසේ නැතිව ඒවාට අපහාසාත්මක ගණයේ ඒවා ලියයි නම් එයින් පාඨකයන් අතරේ ප්‍රතිපේක්ෂ වීමටත් පිළිකුළට ලක්වීමත් පුදුමයක් නෙමේ.
    අනිත් කාරනාව තමා අපේ මිනිස්සුගේ හිත්වල තියෙන අපිරිසිදු භාවය, ඒක නිසා ක්මෙන්ට් නොකරන්නත් ඇතැම් අය ක්මෙන්ට් කරන්නත් බය වෙනවා (බිලොග්කරුගෙන් හෝ වෙනත් ක්මෙන්ට් කරුවන්ගෙන් එල්ල විය හැකි දේ නිසා).

    අනිත් කාරණාව බිලොග් ලිපි බහුල වීම හා එයින් ඇතැම් බොහෝ දේවල් නීරස වීම.

    තව ඉතිං හේතු ඇති ඕන තරම්!

    ReplyDelete
  10. කැම්පස් අයට exam නිසා කියන එකත් එක හේතුවක් වෙන්න ඇති. අපිටත් ඉස්සරහට තියනවා.

    චැප් එක්ක එකඟයි. දේශපාලන ජරාව මේකෙ පුරාම දැන්. වෘත්තීය දේශපාලනය කරන අයත් වෙන දේකට නෙමෙයි මඩ ගහන්නම බ්ලොග් ලියනවනේ. මම නම් දැන් වැඩිය සින්ඩිය බලන්නේ නෑ. මම follow කරපු අයගෙ feeds විතරයි ගොඩක් වෙලාවට බලන්නේ.

    ReplyDelete
  11. ඇත්ත චැප්
    අපි අමාරුවෙන් ලියන අදහස්වලට හොදයි කියලා හරි බැනලා යන අය හරි ඉන්නකොට තවත් ලියන්න හිතෙනවා. නමුත් කමෙන්ට් 0 කියලා පේනවාතරම් හිත රිදෙන තවත් දෙයක් නැහැ.

    ඔයා තාමයි චැප් හැමදේටම කමෙන්ට් කරන්නේ
    බොහොම ස්තුතියි.
    ඔයා විතරක් හරි ඉන්නවට

    ReplyDelete
  12. @ අකිල. @ෙරාෂාන් හෙරත්.@ සුසිත රවින්ද සෙනරත්
    උබලා කරන වැඩෙ හරි ඔක්කොමට කලින් විභාග ෙගාඩ දාගන්න ඔනා . ඊට පස්ෙස් පුලුවන් අනික්ව ඔක්ෙකාම කරනනන. ඒහින්ද ඒවට මුලිකත්වය දිලා කටයුතු කරන්න. විභහග කරන ඔක්ෙකාටම මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  13. සිංඩියට එන හිට්ස් නම් අඩුවක් නෑ, සතියක් ගානේ වැඩිවීමක් මිස, අඩුවීමක් නෑ, නමුත් දැන් බ්ලොග් වැඩියි, ඉතින් පොස්ට් එකක් ලියපුවහම සිංඩියේ මුල් පිටුවේ තියන කාලය අඩුයි. මේකට එක හේතුවක් උනා පුවත් අඩවි, ඒවා නම් දැන් මුල් පිටුවේ පෙන්නනේ නෑ.

    ගොඩක් දැන් බ්ලොග් බලන අය කියවල යනවා මිස comment එකක් අදාන්නේ නෑ. ගොඩක් අලුත් අයට ඒක පුරුදු නැතුව ඇති. මම උනත් ඔකොම වගේ බ්ලොග් බැලුවට comment එකක් ලියන්න කම්මැලියි. (නරක පුරුද්දක්)

    අන්මුත් ඒක කරනවානම් ගොඩක් බ්ලොග් ලියන කෙනේ දිරිමත් වෙනවා.

    බ්ලොග් වල තිබුනු ගොඩක් ගුනාත්මක බවනම් දේශපාලනය බ්ලොග් නිසා අඩුවෙලා, මම නම් ඔය බ්ලොග් එකක් වත් දිහෑ ඇහැක් ඇරලා බලනේ නෑ නිකන් අර කිවුවා වගේ කරන්නේ මඩ ගැසීම පමණක් නිසා.

    comment නෑ කියලා සැලෙන්න එපා වැප්, හොදට ඉස්සර ලිවුවා වගේ ලියන්න, අපි බලනවා :) comment නොදැම්මත්.

    ReplyDelete
  14. @Supun Sudaraka
    ඒක අැත්ත දියුණුව කියලා වෙන්ෙන් ඔන ඒපා ඒක්ෙකාම ඒක ෙගාඩට ඒන ඒක. ඔය කියපු ඒක තමයි කරන්න වෙන්ෙන්

    @Saranga Rathnayake
    ඔක තමයි මට උෙන් කියවන කියවන හැම ඒකක්ම මඩ. ඔය අතෙර් වටිනා ඒකක් හම්බ උනත් ඒකත් මඩ වලින් වැහැලා යනවා . හි හි හි

    @දුකා
    ස්තුතිය ෙමකට කෙමන්ට් ඒකක් දැම්මට හි හි හි


    @.::පිස්සා::.
    මත් ෙමන්න මෙක ෙබාෙහාම වටනා දෙයක් විදිහට සලකනව "පොළවේ පය ගහලා ජීවත් වෙන බොහොම පොඩි පිරිසයි"

    ReplyDelete
  15. @NewsMaster
    කියන කතාෙව් අත්තක් තියනවා

    @චතුරංග රූපසිංහ
    ස්තුතිය මචන්

    @~බිன்ku~
    "නමුත් එසේ නැතිව ඒවාට අපහාසාත්මක ගණයේ ඒවා ලියයි නම් එයින් පාඨකයන් අතරේ ප්‍රතිපේක්ෂ වීමටත් පිළිකුළට ලක්වීමත් පුදුමයක් නෙමේ"
    ඔයා කියපු මෙදෙ සමහර බ්ෙලාග් වලට වෙලා තියනවා

    @දසුන් මධුසංඛ වානගුරු
    ඒක තමයි මාත් ෙගාඩක් ඒවාට කෙමෙන්ට් දාන්ෙනා ඒත් මඩ/නිරස ඒවා තියන විට ඔක්ෙකාම ඒපා වෙනවා

    ReplyDelete
  16. @රවා
    හිහි ෙකාෙහම හරි හම්බඋනාෙන් ....

    @කාලිංග
    "සිංඩියේ මුල් පිටුවේ තියන කාලය අඩුයි" ඔය හින්දා සමහරක් වැදගත් වටිනා ලිපි මග හැෙරනවා බැරිද අපිට ෙමකට විසදුමක් ෙදන්න. වටින ලිපියක් නම් සැලකිය යුත පිරිසක් යනවා. ඒහින්දා ඒක රෙටින් කරලා සිනඩියෙ පැත්තකින් දාන්න වගෙ


    @සියල්ලටම
    බලාෙගන ගිහම මෙකත් වටිනා ලිපියක්, නැතිනම් මෙපමණ කෙමන්ට වැටෙන්ෙන් නැහැ . හි හි හි .

    ඡන 26 න් පස්ෙස් ෙද්ශපාලන මගඩිය නම් ඉවරවෙයි ඒතකන් ඉවසමු

    ReplyDelete
  17. මම බ්ලොග් කරනයට ආදුනිකයි ඒත් අයියා ලියපු මේ ලිපිය මම සිරාවටම පිළිගන්නවා...
    මම සිතිජ...

    ReplyDelete
  18. @සිතිජ
    ස්තුතියි. ඒත් මතකයිනේ කාලාම සුත්‍රය

    ReplyDelete
  19. මෙහෙමයි, මම සින්ඩියේ පළ වන සියළුම ලිපි කියවන්නෙත් නෑ, මට කියවන්න හොඳයි කියන ඒවා තෝරගෙනයි කියවන්නේ. ඒ කියවන ඒවායිනුත් කමෙන්ට් එකක් දාන්න තරම් කික් එකක් එන ඒවාට විතරයි කමෙන්ට් කරන්නේත්.

    ඒක සිදුවෙන්නේ ඒ් ඒ් ලිපිය මගේ interests සමග ගැළපෙන ප්‍රමාණය අනුව.

    ඉතින්, අපි ලියන ලිපි වලට අදාළ interests තියන අය අඩු නම් අපිට ලැබෙන කමෙන්ට්ස් අඩු වෙන්න පුළුවන්.

    ඒ කෙහොම වෙතත්, අපිට ලැබෙන කමෙන්ට්ස් වලින් තවත් ලිපියක් පරළ කරන්න අවශ්‍ය කික් එක ලැබෙන බව මම පිළිගන්නවා.

    ReplyDelete
  20. @Roshan Herath
    ඊලග පාර කමෙන්ටුව පෝස්ට් කරන්න කලින් ලියපු කමෙන්ට් එක කොපි කරගන්න. එතකොට නෙට්වර්ක් එක ඩවුන් උනත් ආපහු පේස්ට් කරන්න පුලුවන්නේ

    ReplyDelete
  21. @supun
    ස්තුතිය

    @ගයාන් තාරක
    නියමයි. මට මග අැරනු ඒකක් ලියලා ගියාට. ෙගාඩක් ස්තුතියි

    ReplyDelete
  22. මටත් දැන් නම් සිරාවටම එපා වෙලා තියෙන්නෙ මේක.. කොච්චර මහන්සි වෙලා ලිව්වත් වැඩක් නෑ

    ReplyDelete
  23. මම නම් මේ බ්ලොග් කෙරුවාවට අලුත්..

    දේශපාලනේ ගැන තියෙන ඒවා..මඩ පෝස්ට් නම් කොහොමත් බලන්නේ නෑ..අනිත් වා නම් බලනවා..වෙලාව තියෙන හැටියට කොමෙන්‍ටුත් දානවා..


    ගූගල් ඇනලිටික්ස් වලින් පෙන්වන විදියට නම් සිංහල රීඩරෙන් මගේ සයිට් එකට ගොඩක් හිට්ස් එනවා..

    ReplyDelete
  24. @කණියා
    ගනන් ගන්න එප මචං කියවන කට්ටි ඔන තරං ඉන්නවා. කමෙන්ට් නොදැම්මට ....



    @එල්ජි
    එක් ඇත්ත.

    ReplyDelete
  25. comment karanne nethi unata mama nam sindiya hemada balanawa ... Comment karath nethath hema post akakama mokak hari watinakamak thiyanawa. hebei boru one nehe ne mama Politics nam Balanne nehe.... anith aka office ake blog balanna lebena akath loku deyak .. comment kara kara inna giyoth rassawath sune sun.... anisa gedaradi eda thibboth comment karanawa... :)

    ReplyDelete
  26. බ්ලොග් කියවන්න, ලියන්න නම් එන පිරිස ගොඩක් වැඩි වෙලා. අවුරුද්දකට කලින් මම බ්ලොග් එක පටන්ගත්ත කාලේ තිබුනට වඩා ගොඩක් වැඩි බ්ලොග් ගණනක් අද තියෙන අතරම පෞද්ගලිකව මගේ බ්ලොග් එකට එන සංඛ්‍යාවත් ගොඩක් වැඩියි කියලා නිරීක්ෂණය කරලා තියෙනවා.

    බ්ලොග් ගොඩක් වැඩිවීම කමෙන්ට් අඩුවෙන්න හේතුවක් වෙන්න ඇති. සින්ඩිකේටරය Categorize කලෙත් මේ ලෝඩ් එක බැලන්ස් කරගන්න උදව්වක් වෙන්නයි.

    ඔබ කියන rating ක්‍රමය කලක් සින්ඩිකේටරයේ තිබුනා. නමුත් ඇතැම් පුද්ගලයෝ ඒක වංචාකාරී විදියට තමන්ගේ ලිපියට තමන්ම රේටිං දාගන්න ගත්ත නිසා එය අයින් කරන්න සිදුඋනා.

    ReplyDelete
  27. @wath
    ඔව් ඔව් මොනවා කරන්නත් රස්සාව බෙරගන්න වෙනවා

    @ඉන්දරේ
    ඔව් එ අදහස ගොඩක් හොදයි.

    රේටිං විදිහ
    මෙකට ඉතින් ටිකක් 'වඩා වැඩි විදිහක්' [advance intelligent sys] එකක් හදන්න ඔනා. එම හොර විදි වලක්කවන්න.

    ReplyDelete
  28. මමත් මචං ගොඩාක් වෙලාවට ලියද්දි හිතනවා කමෙන්ට් ආවන් නාවත් කමක් නෑ මම ලියනවා කියලා . . .

    ඒත් ලියලා දාපු වෙලාවෙ ඉඳන් බලන්නේ කවුරු හරි කමෙන්ට් කරලද කියලා . . .

    "බ්ලොග් වලට ඉන්ධන තමයි කමෙන්ට්" නෑ කියනවද . . ?

    ReplyDelete
  29. @දුකා
    කතාව 100 ට 100 ක් හරි. මම මෙපරණ ලිපියත් අැවිත් බැලුෙව් අලුත් කමෙන්ටුවක් තියනවද කියලා. හි හිහි

    ReplyDelete
  30. මම බ්ලොග් ලියන්න ආව මුල් කාලේ දකින දකින බ්ලොග් එකේ කමෙන්ට් කරන්න පුරුදු වෙලා හිටියා. ඒ කාලේ වෙලාව තිබුණා ඇත්තටම. හැබැයි දැන් වැඩ වැඩි නිසා කියවන ගොඩක් බ්ලොග් ලිපි වල කමෙන්ට් එකක් ලියවෙන්නෙ නෑ. කාලිංග කියනවා වගේ ඒක නරක පුරුද්දක්.

    තවත් හේතුවක් කියනවා නම්, මම කැමති නෑ "එළ මචං එළ" ටයිප් එකේ කමෙන්ට් දාන්න. එහෙම අවශ්‍ය වෙන වෙලාවල් කලාතුරකින් එනවා (උදාහරණයක් විධියට, අළුත් අයගේ ලිපි වලට, පොඩි ළමයි ලියන ලිපි වලට). නමුත් ඒක අර්ථවත් දෙයක් නෙමෙයි.

    ජුගුප්සාව දනවන බ්ලොග් අඩවි අතළොස්සක් හැරුණාම සින්ඩියේ පළ වෙන හැම ලිපියක්ම මම කියවනවා. මට කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම නොපැකිළ ඒක කමෙන්ට් එකකින් දානවා. නමුත් කාල වේලාව ගැටළුවක්.

    ReplyDelete
  31. aaha....wep ta keti kaalayak thula ithaama wishala prekshaka praticharayak thiyenawa wage..mama nam me wasare kiyawana prthama blog eka thamai meeka..e nisa sinhala blogersla innawada merunada kiyalawath danne nehe. hebei oya kiyana widihata documents walata comments adu wenna pradana hethuwak wenna eththe 2 wenida wesikili walak heeruwane anna eeka ethule monawada thiyenne balanna hemooma datha kata medagena balagena hitiyane. ithin ee hethuwen anith seerama dewal amathaka wenna ethi ape undelaata.

    ReplyDelete
  32. athweradiimakin 26 n 6 weti ethi bewin 6 hamba una kenek 2 kata madak pitupasata wannata 6 situwa eya 26 lesa uchcharanaya karathwa.

    ReplyDelete
  33. කමෙන්ට් කියන්නේ නම් බ්ලොග් එකක් ලියන කෙනාට හම්බ වෙන ඔක්සිජන් එකක් වගේ. කමෙන්ට් නැත්නම් ලියන්න හිතෙන්නේත් නැහැ වගේ. මන් නම් පුළුවන් හැම වෙලේම ලිපියක් බැලුවනම් කමෙන්ට් එකක් දාලම තම යන්නේ.

    ReplyDelete
  34. @ශකුන්තල
    @ගීත්
    @ම

    ස්තුතිය... මං මෙ පරණ ලිපිය බැලුව අයිත් කවුරැ හරි කෙමන්ටුවක් දාලාද කියලා ...

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....