ළමා කාලය, එහෙම නැත්නම් කුඩා කාලයේ මතකය ආවර්ජනය කරන්න කවුරුත් කැමතිය. තවටිකක් වැඩි පුර කියනවා නම් මතකද ගියපාර ලිපිය "
හෝ 10 20 30 40 ............ එකයි දෙකයි තුනයි කියලා" කට්ටියගේ ප්රතිචාර ගොඩයි. එම ලිපියට ලැබුණු සටහනුත්, නිකමට වගේ කිරිල්ල කියලා ගුගල් වල හොයලා බැලුවහම ඒක අවෙත් නැති එකයි, තව ටිකක් එක විස්තර කරනවා නම්, කිරිල්ල නැති සිංහල බ්ලෝග් වලින් වැඩක් නැති හින්දත්, ලියන්න කියලා හිතුනා පොඩි කාලේ ආසාවෙන් කපු ගඩා ගෙඩි ගැන. දැනුත් ඉතින් කොහේහරි දැක්කොත් ලැජ්ජාව පැත්තකින් තියලා කඩාගෙන කනවා...

ඉස්සර ඉස්කොලේ ඇරෙන්නේ 1.30 ට. බස්යෙන් බැහැලා ගෙදර එනකොට පයින් එන්න තියනවා 1 කි.මි විතර. දැන් නම් පාර දෙපැත්තම තාප්ප වලින් වෙන් වෙලා, ඉස්සර එහෙම නැහැ, දෙපැත්තම කැලැව, එන අතරමග පාර අයිනේ ගස් වල ගිහින් තියන වැලක් තමයි "පඩ" කියන වැල් ජාතිය, පුදුම රහක් තියෙන්නේ, කොළපාට ගෙඩි ඉදුනහම කහපාට වෙනවා, හරියටම වැල් දොඩම් හෙවත් පැශන් ෆුරැට් වගේ. ඔවා ඉතින් කාලයකට විතරයි. එත් අවුලක් නැහැ අනික් කාල වලටත් ඔන තමරම් ගඩා ගෙඩි තියනවා. කිරිල්ලා, ඔක ඉතින් වැඩිපුර යොදාගන්නේ උණබට තුවක්කුවට, කෑමටත් නරකම නැහැ, කෑවහම කොහු කොහු වගේ ගුලියක් කටේ ඉතුරැවෙනවා. ඔය වගේම තව ජාතියක් තිමයි, ඇඹිල්ලා, හරිම පොඩියි, ගහ පිරෙන්න ගෙඩි එනවා, හිරියට ලියට් දාලා වගේ. ඇඹිල්ලා ඉතින් ඇඹුල්ම ඇඹුල්.
නමිනං එහමෙ කාලා තියනවාද? ගහ මුල තමයි ගෙඩි එන්නේ, මාර රහයි. ගොඩක් වෙලාවට කටින් තමයි කඩන්නේ, අප්පේ කියලා වැඩක් නැහැ සමහර දාට පණුවෝ පිරේන්න ඉන්නවා, අවුලක් නැහැ නමිනං පනුවෝ, උනුත් ඇඹුල්, කෑමත් ඇඹුල්. තව තියනවා, ඉස්සර අපේ වත්තට එහා පැත්තේ රබර් වත්තක් තිබුනා, ඔකේ ඉතින් ගඩාගෙඩි ගොඩයි, ඇඹුල් පේර, එරමිණිය ගෙඩි, ගදපාන ගෙඩි හැම තැනම. අපිට ඉතින් වෙන මොනවද? දෙනවා ගේම ඔක්කොටම.
ලාවුලු, ඔකේ ජාති දෙක්ක තියනවා. කහපාට ලොකු ගෙඩිය, අනික කිරි ලාවුලු, පොඩියි ඉදුනාහම දම් පාටට හුරැ දුඹුරැපාටක් තියනවා. ඒ එක්ම චුයන්ගම් වගේ ටිකක් අමු එවා කැවොත්. කහලාවුලු වලට එච්චාර කැමති නැහැ, එත් මුකුත් නැත්නම් ඒවා රජබොජුන් තමයි. තවදෙයක් තියනවා, ගොරකා, ඔකේත් දේකක් තියනවා, උයන්න ගන්න එවා වල මැද කනවා, අනික් එවා රට ගොරකා, කහපාට ගෙඩිය, හැබැයි කෑවොත් ඉතින් පහුවදාට එළිවෙනකම් බඩ යනවා. එත් ඉතින් කනවා. ඒ ගහනම් තාමත් තියනවා. එත් ඉතින් දැන් කන්නේ නැහැ.
පලු වීර වගේ එවානම් අපේ පැති වල නැහැ. එත් කොන් නම් කාලා තියනවා, ලොකු ගහක් අපේ පන්සලේ තියනවා. ඒ එක්කම පන්සල් වත්තේ දං ගසුත් තියනවා, අපරදේ කියන්න බැහැ, දහම් පාසල් ගියොත් ඔවාත් ඉතින් බලන්න යනවා. තව මොනවද අපි කාපු ගඩාගෙඩි ...... ?
හොදම දෙයක් අමතකවෙනවා, දන්නවද? බිං පොල්. මරැ පොඩිම පොඩියි, කලුපාට හරියට කාබරංකා ගෙඩියක් වගේ, මැද්දේ පොඩි කිරිරහ මදයක් තියනවා. ඔක ඉතිං අමෘර්තය වගේ. කාබරංකා කිව්වහම මතක් උනේ, බිලිං එහෙමත් නරකම නැහැ. එත් ඉතින් මාර ඇඹුල්. ඉදලා හිටලා බෙලි ගෙඩියකටත් ගේම දෙන්වා.
ඔවා තමයි ඉතින් අපි කෑවේ.... තාමත් මතක්වෙන් කොට කටට කෙල උනනවා... ඒත ඒ පරිසරය දැන් ඇත්තේම නැහැ .... හැම තැනම ගෙවල් ... තාප්ප ... නිකමට වත් කිරිල්ලා,ඇඹිල්ලා ගහක් දකින්න නැහැ. .....
කිරිල්ලා නැති සිංහල බ්ලෝග් එකට ගඩා ගෙඩි සෙට් එකක්ම එකතු කලා. දැන් ඉතින් අවුලක් නැහැ ... අඩුම ගානේ අන්තර්ජාලයේවත් තියනාවා .....

වැප්