Friday, February 12, 2010

කමෙන්ට් දැම්ම බව SMS එකකින් දැනගන්න

කොහොමද අපේ ලිපියකට සටහනක් දැම්ම බව ඉක්මනින් හා ලෙහෙසියෙන් දැන ගන්නේ, පොඩි දෙයයි. අපිට පුලුවන් සටහන්ක දැමු බවට අපේ phone එකට SMS එකක් ගෙන්න ගන්න.

කවුරැත් දන්නවා මොබිටෙල් වලන් emailtosms යවන්න පුලුවන් කියල, ඉතින් අපි ඔක අපිට ඔන වැඩකට මෙහෙම යොදා ගමු. මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ, ඔබත් මොබිටෙල් පාරිබෝගිකයෙක් නම්. 94718XXX555@sms.mobitel.lk ජිමෙයිල් වලින් ඊ-මෙයිල් එකක් යවලා බලන්න. එය ඔබගේ ෆෝන් එකට එයි එස්එම්එස් එකක් විදිහට.

ඔන් ඔක පුලුවන් අපිට අපේ බ්ලොග් එකට දාගන්න. කරන්න තියෙන්නේ ගුගල් බ්ලොග් එකක් නම් පාවිච්චි කරන්නේ. wordpress කොහොමද කියලා දන්නේ නැහැ ...

1.Comments සෙටිං වලට යනවා
2.Comment Notification Email අන්තිමම තියනවා කියලා ටෙක්ස් බොක්ස් එකක් ඔකට දාන්න "94718XXX555@sms.mobitel.lk" එක. මතක ඇතුව ඔයලාගේ නොම්බර් එක දාන්න ...

3. ඊට පස්සේ Comments setting එක save කරගන්න
4.දාලා බලන්න ටෙස්ට් කමෙන්ටුවක් ඔයලාගේ බ්ලොග් එකට

ආ දාන පරක්කුව විතරයි. SMS ඔයගේ ෆෝන් එකට ඇවිත් ඇති. හැබැයි ඉතින් සටහන් ගොඩක් වැටේන බ්ලොග් එකකට මේක වාතයක් වෙයි. මොකද phone එක SMS වලින්ම පිරිලා යයි ...

දන්නවා ඇතිනේ වැපාට තියෙන්නේ නොකියා 1100 එකක්. එහින්ද SMS පිරෙන එක වැපාට කරදරයක් නෙමෙයි. මොකද ඔය phone එකේ කෙටි පනිවිඩ ගොඩක් තියාගන්න පුලුවන්නේ ....

ඔක්කොම ගුගල් වලින් කතා කරන්නේ වෙන කරන් දෙයක් නැති හින්ද. මොකද දැන් ගුගල් කියන්නේ ජිවිතයේ කොටසක් ...

වැප්

27 comments:

H. Madhawa Ranga said...

මම මේ ක්‍රමේ බ්ලොගිං පටං ගත්තු කාලේ ඉඳල කරනව, මම කරන්නෙ නම් mms එකක් එවාගන්න එක, මගෙ බ්ලොග් පෝස්ට් වලට එන කොමෙන්ට් වලට.

KaniRockz said...

වැප් අයියේ පොඩි අවුලක් තියනව.. ඒ විදියට sms එක ආවම අපිට ඒකෙ තියන දේ කියන්න බැහැනෙ.. ???? ගොඩක් එන්නෙ.. අනික තමයි ඉස්සර නම් ඔය sms සිද්දියේ අකුරැ 160ට වැඩිය තිබුනොත් sms එක යන්නෙ නැ.. දැන් නම් ඒක හරිද දන්නෙ නැ :)

වැප් said...

@H. Madhawa Ranga
අයියෝ එහෙමද මම දැන ගත්තේ දැන්තමයි .... දැන ගත්ත ගමන්ම ලිපියකට එකතු කලා

@KaniRockz
මල්ලියේ දැන ගන්න පුලවන් දාපු කෙනයි. දාපු ලිපියයේ ලින්ක එකයි විතරයි. අනික්ව තාම දන්නේ නැහැ ... මොකද සිංහල අකුරැ කොහෙමත් එන්නේ නැහැ .... මගේ phone එක දන්නවනේ ....

තරිඳු said...

අප්පා මට තියෙන්නෙ ඩයලෝග් නෙ.........

වැප් said...

@තරිදු
එහෙනම් ඉතින් සොරි තමයි. මොකද කියන්නේ මාරැ වෙමුද මොබිටෙල් වලට ... මටත් වෙච්ත දෙයක් ... මොබිටෙල් මාකටින් කරන්නත් උනා ....

KaniRockz said...

අහ්.. මගේ එකට නම් මම සිංහල දාගත්ත :p බලමු wordpress වලත් ඕක පුලුවන්ද කියල මම බලන්නම්.

KaniRockz said...

අහ් තව එකක්.. email2sms වලින් sms සිංහලෙන් යවුවම.. ඒ phone එකේ සිංහල තිබුනත් ????? ගොඩක් විදියට එන්නෙ.. මට හිතෙන විදියට ඒක මොබිටෙල් සර්වර් එකෙන් මොකක් හරි ප්‍රොසෙස් වෙලා එන්නෙ.. (මොබිටෙල්ලගේ සිංහල යුනිකේත නැද්ද කොහොද :D) නිකන් phone එකෙන් සිංහල sms එකක් යැවුවොත් නම් ඒක වැඩ.

වැප් said...

@KaniRockz
එලස් එලස් ඔයා wordpress වලට බලලා කියන්න

හම් වෙන්න ඇති. මොබිටෙල් එවුන් දන්නවද සිංහල යුනිකෝඩ් ....

ගයාන් තාරක said...

ඩයලොග් වලට mms යවන්න පුලුවන්. හැබයි එන එව්වට කැපෙනවද කොහේ
මේක බලන්නකෝ. http://goo.gl/BGaz

දොඩන් said...

ආපෝ, 1110i ෆෝන් එකේ සිංහල තිබිලත් මොනවාදෝ ඉලක්කම් සහ ඉංග්‍රීසි අකුරු වගයක්නෙ එන්නෙ.

දොඩන් said...
This comment has been removed by the author.
V said...

එලකිරි බොහොම ස්තුතියි

මාරයාගේ හෝරාව said...

ස්තූතියි.මල්ලී

වැප් said...

@ගයාන් තාරක
ඔව් මම දන්න විදිහට සල්ලි කැපෙනවද කොහෙද?

@දොඩන්
ඔව් මොබිටෙල්ලා යුනිකෝඩ් වලට මොනවද කරනවා

@ව් [v]
එලස් එලස්

@මාරයාගේ හෝරාව
හේ මාරයටත් ෆොන් තියනවා ...

.::පිස්සා::. said...

ලංකාවට ගියාම තමා, දාගන්න වෙන්නේ..

වැප් said...

@.::පිස්සා::.
ඉන්න එවුන් මදිවට තව එකෙක් එකතුවෙනවා අපේ ගොඩට ..... හි හි

H. Madhawa Ranga said...

මොබිටෙල් වල සිංහල යුනිකෝඩ් වැඩ කරනව. ෆෝන් එක යුනිකෝඩ් සපෝට් නම් ෆෝන් එකට යුනිකෝඩ් වලින් එවන මැසේජ් එනව. මම ඒක චෙක් කරල තියෙනව නොකියා 3110 වලට.
(sms කොහොමද දන්නෙ නෑ, නමුත් mms එලට වැඩ.)
wp වලත් ගොඩ යෑමක් තියෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම, සමහරවිට පොඩි ප්ලගිනයක්)

Sujeewa de Silva said...

මම පාව්ච්චි කරන්නෙ Dialog එකක්. ඒක දැන් වෙනස් කරන්නත් අමාරුයි. මේකෙ MMS මාර්ගයෙන් ඊමේල් එකක් ෆෝන් එකට ගෙන්න ගන්නකොට කැපෙන්නෙ වෙන GPRS පාවිච්චියට අදාළ ගාස්තුව. (මම දන්න විදිහට 1kb වලට සත එකක් හෝ දෙකක්(+බදු) ගානෙ කැපෙනවා.)

ඒත් Dialog වල දැන් පුලුවන් මාසෙකට රු.50ක්(+බදු) ගෙවන්න 75MB data package එකක් ෆෝන් එකට සම්බන්ධ කර ගන්න.(‍Mobitel සහ අනිත් ඒවගෙත් ඒ වගේ යමක් පුලුවන් ඇති.) එතකොට මාසෙ GPRS පාවිච්චිය යම් විදිහකින් ඊට වැඩි වුණත්, අමතර MB එකකට රුපියල(+බදු) ගානෙ තමයි කැපෙන්නෙ. අවශ්‍ය වෙලාවක කම්පියුටරයට USB modem එකක් හැටිහටත් ෆොන් එක පාවිච්චි කරන්න පුලුවන් ‍ලොකු බිලක් දාගන්නෙ නැතුව. (ඕනැ නම් ඊට වඩා ලොකු data package එකක් වුණත් ගන්න පුලුවන්.)

Dialod වල  ඊමේල් MMS හරහා යවන්න +9477XXXXXXX@mms.dialog.lk ඊමේල් ලිපිනය හැට්යට දාන්න ඕනැ.(අනිත් ඒවා ගැන නම් දන්නෙ නැහැ.)

අහන්න දේකුත් තියනවා. ෆෝන් එකකට සිංහල යුනිකෝඩ් දාන හැටි දන්න කෙනෙකුට කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. (මම පාවිච්චි කරන්නෙ නොකියා N 70 එකක්. ඒකට Ş8;ුලුවන්ද මන්දා?)

වැප් said...

@H. Madhawa Ranga
නියමයි

@Sujeewa de Silva
මම දන්නෙ නැත .. සමා වුව මැන ...

Anonymous said...

මම පොඩි ටෙස්ට් පාරකටත් එක්ක ඔය දුන්න එක වෙනස් කරල 94718XXX555@mms.mobitel.lk දීල පොඩි පහේ පික්චර් 1 කුත් දාල යැවිව මෙන්න බොලේ බඩු වැඩ :D :D :D

සහන් said...

ඕක Airtel වලට වැඩ නැතෑ.......?

වැප් said...

@ඇනී
ඒලස් නියමයි

@සහන්
සිම්පල් ප්ලෑන් ඔහොම තමයි

CD Athuraliya said...

මට නම් no comments තමයි. :P ඒත් උත්සාහ කරල බලනවා...
බොහොම ස්තුතියි!

sithija said...

අයියා මම දැන් තමා මෙහෙම සීන් එකක් දැනගත්තේ. අයියාට ගොඩාක්ම ස්තූතියි මේ ක්‍රමය මට කියලා දුන්නට. අයියා මම ඔය සිස්ටම් එක දාලා අළුත් ක්‍රමයක් හිතලා බැලුවා. අයියා කිව්වනේ මේ ක්‍රමය wordpress වලට දාන්න විදියක් හොයාගෙන නෑ කියලා. මම හිතන විදියට wordpress වලටත් මෙහෙම කරන්න පුළුවන් වේවි. wordpress වලින් හදපු බ්ලොග් එකක‍‍ට ප්‍රතිචාරයක් දැම්මාම ඒක ඊමේල් එකකට එනවනේ (ඒ බ්ලොග් එකේ අයිතිකරු සඳහන් කළ ඊමේල් එකකට) ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ ඊමේල් ලිපිනයේ සැකසුම් පිටුවට ගිහිල්ලා Email Forward කරන option එක පාවිච්චි කරල එන ඊමේල් Phone එකට යවන එක මම හිතන විදියට මේ ක්‍රමයත් හරි යයි. කරලම බලන්න.

Kasun Nadeeshana said...

නියමයි මාර වැදගත් ලිපියක්

වැප් said...

@Kasun Nadeeshana
පරණ ලිපියක් උනත් දිරි ගැන්වීමට තුති

ගිහාන් said...

මමත් ඔය ක්‍රමය යොදාගෙන විවිධ දේවල් කරල තිබුනට බ්ලොග් එකට දාන්න පුලුවන් කියල දැනගත්තෙ දැන් තමයි.. ස්තූතියි වැප්!

Post a Comment