Sunday, March 7, 2010

යන හැම තැනව මං අන්තිමයා

පූර්විකා
දන්නවානේ යන යන හැම ලිපියකම මං තමයි අන්තිමට කමෙන්ට් දාන තැනට පත්වෙලා තියෙන්නේ .. දුකේ බැහැ ..... උහුල ගන්න බැරි දුකට තමයි මේ ලියන්නේ


ආ දා පටන්
හැම තැනම ගියෙන්
දුන්නේ මගේ හදෙන්
සටහන් හිත හොඳින්

දැන් නැහැනේ වෙලාවක්
වෙන තැනක වෙන වැඩක්
කියවන්න වෙන දෙයක්
උනේ නැහැ සති දෙකක්

ඉස්පාසුවක් ආ හින්දා
ලිපි කිහිපයකක් බැලු හින්දා
සටහනුත් තිබු හින්දා
අනේ මං අන්තිමයා

අත ඇරියේ නැහැ වැඩේ
උනත් අන්තිමයා ඒ වැඩේ
කලා මං මගේ වැඩේ

කියවන්නට වෙලාවක්
අනේ මට වෙන කෙනෙක්
කියා දෙන්නට කලාවක්
බලන්නට ලිපි පෙළක්

මේ දවස් වලා කාල සටහන් මේන්න මෙහෙමයි

උදේ 5.30 ට - නැගිටිනවා
උදේ 8.15 ට - වැඩට ඉන්නවා
හවස 5.30ට - ගෙදර එන්න පිටත් වෙනවා
හවස 8.00ට - ගෙදර
හවස 8.30ට - කොම්පියුටරේ ඉස්සරහා
රාත්‍රි 12.30ට - නින්දට

ඉස්සර රැ 10 හෝ 10.30 ට නිදි, නැගිටින්නේ උදේ 6.30 ට විතර, දැන් ඔක්කොම කන පිට ...................... අඩුම ගානේ උදේ දවල් රැ කැවේ මොනවද කියලාවත් මතක නැහැ... මෙහෙම දිගටම යන්න බැහැ .... තීරණයක් ගන්න වෙනවා ....... වෙන මොනවා උනත් පැය පහ මාරක නින්දෙන් ඇති වැඩක් තියනවාද? මං ඒ කාලේ ඉඳන්ම හදා ගත්තු ක්‍රමයක් තිබ්බා මොන වැඩේ තිබුණත් රැ 12 පන්නන්නේ නැහැ කියලා. විභහග තියන කාලවලත් මං ඔක හොඳට ආරක්ෂා කලා. මෙච්චර කාලයක් ඒක උපරිමයෙන්ම කලා. අනේ මෙ පහු ගිය සති දෙකේම ඒ ප්‍රතිපත්කියටත් කෙල වෙලා ගියා ... මක් කරන්නද අනේ කලේ වනේ වසේ කව්වාලු ...

වැප්

29 comments:

බිඟුවා...! said...

මම පළවෙනි කොමෙන්ට් එක දැම්මා මෙන්න

/බිඟුවා...!

Raven said...

හප්පා.සෑහෙන දරුණු කාලසටහනක් නෙ තියෙන්නෙ.
මටත් ඉස්සරහට ලියන්න කියන්න නම් වෙලාව සෑහෙන දුරට මදිවෙයි.

චතුරංග රූපසිංහ said...

හැමෝටම වැදගත්, හැමොම බලාඉන්න, ඹබට වාසියක් නැති වැඩක් වුනත් හුදී ජනයාගේ යහපත සදහා උත්සාහය අත්හරින්න එපා. ඔබේ එම කැපකිරීම ගැන දන්න නොදන්න අපි සියලුදෙනා වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්නම්.

තරිඳු said...

අප්සට් ගන්න එපා සහෝ. මේ දුක් විඳින්නෙ රටක් වටින වැඩකට කියල අපි දන්නවනේ....

බුද්ධි said...

''අප්සට් ගන්න එපා සහෝ. මේ දුක් විඳින්නෙ රටක් වටින වැඩකට කියල අපි දන්නවනේ....''

ඒ වැඩේ ගොඩ ගියොත් හිතට දැනෙන කික් එක හැමදාටම ඉතුරුයිනේ.ඒ හින්ද දුක්වෙන්න එපා හොදේ

චේජනා said...

anthimayata comment karanna be kiyala kohewath thibune ne neda malli?

දුකා said...

මේ මේ මලේ පිස්සු නම් කෙලින්න හදන්න එපා. මහන්සි නොවී දියුනු වුනු අය ඉන්නවාද මේ ලෝකේ ??? නෑ නේ??

උත්සාහය අතහරින්න එපා. කම්මැලි වෙන්න එපා. දවසකට පය 5ක් නිදා ගත්තත් ඇති ඔය වයසට. නාකි වුනාම දවසට පැය 8 නිදා ගනින්. උඹට ජය

Anonymous said...

ලාංකීය සිතුවිලි නිර්මාතෘට ජය වේවා

වැප් said...

@බිඟුවා...!
තුති ... උබ නම් මේකට හරි ඉස්සෙල්ලා දම්මා එත් මං යන යන හැම තැනම දැන් අන්තිම හරියේ

@Raven
ටිකක් විතර දරුණු තමයි

@චතුරංග රූපසිංහ
එක් ඇත්ත ඒ හන්දාම කරනවා හිකිස්

@තරිඳු
වැඩේ වටින හන්දා තමයි මෙච්චර හරි කැපකීරිමක් කරන්නේ .. එත් මට වටින ලිපි ගොඩක් මග හැරිලා ගිහින්

@බුද්ධි
කික් එක්නම් එයි. එත් මට මග හැරැනු ලිපි .. හපොයි

@චේජනා
ඒක හරි තමයි .. අන්තිමට හරි කමෙන්ටුවක් දානවා ...

@දුකා
වෙලාවකට දියුණුව කියන්නේ අපි කර්ය බහුල වෙන වෙන වැඩක් නේද කියලත් හිතෙනවා..
[තව නාකි වෙන්න දේකුත් නැහැ ....]

වැප් said...

@Anonymous
ස්තුතියි ඇනි .. එත් මේක තරඟයක් නෙමෙයි .. හිකිස්

රවා said...

බය වෙන්න එපා වැප්.. අන්තිමයගෙ පළවැනිය උබ...

වැප් said...

@රවා
ඒක හරි ඉස්කොලේ යනකොටත් ඔය සින් එකම තමයි මට උනේ කවදාවත් 25 වෙනියාගෙන් මෙහා ඇවිත් නැහැ .... එකමදේ වෙනස් වෙනස් ආකරයට ...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මමත් අන්තිමයා මගේ කාල සටහන් දැක්කොත් ඔයාලා මට බ්ලොග් ලියන එක නවත්තන්න කියයි

punchisamanalee said...

නිදා ගන්නවාද වැඩ කරනවාද කියන දෙකින් එකක් තෝරා ගන්න තමයි අපට වෙලා තියෙන්නේ.....

රවා said...

වැපා උබට වැඩිය මම ඉස්සරහින් වැපා... මම පන්තියෙ 35 වනියා 43 දෙනෙක් ගෙන්...කොච්චර උත්සහා කරත් බැරුව ගියා 42 වැනියාවත් වෙන්න. අරුන් මොනවත්ම ලියන්නෙ නැහැනෙ... අන්තිමයා කියලා දුක් වෙන්න එපා...

වැප් said...

@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
දවසක ඔයගේ කාල සටහන්ත් දාන්න


@punchisamanalee
වැඩ තියනකොට නිදාගන්න .නිදන් ඉන්නකොට වැඩ කරන්න

@රවා
හිකිස් එක්ත් මරු තමයි

KaniRockz said...

වැප් අයියා.. ඔයා මගේ බ්ලොග් එකේ නම් එකෙන්ම දාල තියනව.. :P

මාරයාගේ හෝරාව said...

වැප්ට 1 වෙන්නම ඔනම නම් මම පෝස්ට් එකක් ලියලා දාන්න කලින් කියන්නම්. එතකොට බැරියැ කියවන්නේ නැතිව හරි1 වෙන්න.

නින්ද නම් මොනවද? කොච්චර වෙලාව ලැබුනත් මම නිදිය ගන්නේ දවසට පැය 4යි. ඒත් උපරිම ට්‍රයි කරලා...

වැප් said...

@KaniRockz
එහෙමද එහෙනම් හිත හදා ගන්නවා

@මාරයාගේ හෝරාව
ඒකත් මරු අයිඩියා පාර ... එත් මට කලින් වෙන ගෝතයෙක් කමෙන්ට් එකක් දායිද?

හපොයි පැය 4 ක් මක් කරන්නද? ඔබ නම් මාරයෙක් ම තමයි

isaman said...

හැමෝම ඔහොම තමා සහෝදරයා... ගනන් ගන්න එපා. (හැමෝටම ඔය විදිහට නිසා හැමෝම ඔබ වෙනස් කියලා හිතන්නෙ නැහැ.)

Hipo said...

අන්තිමයා වුනත් මොකෝ වියයුතු දේ වුනානම්. ඕවා ප්‍රශ්ණ නෙවේ. උත්සහය අත අරින්න එපා.

රාජිත අනුරාධ said...

නියමයි චැප් ඔහොම යං...

වැප් said...

@isaman
එක්ත් ඇත්ත මට විතරක් අවේණික කාරනවක් නෙමෙයි

@Hipo
ඒක හරි විය යුත්ත වෙනවා නම් කොතක හිටියහම මොකද?

@රාජිත අනුරාධ
ස්තුතියි ප්‍රතිචරයට

සහන් said...

ඔන්න මම අන්තිමයා...............

මනුසත් said...

උඹට වැඩිය අන්තිමයෝ ඉන්නවා. ඒක නිසා ගනන් ගන්න එපා

වැප් said...

@සහන්
උබ නෙමෙයි අන්තිමයා ....


@මනුසත්
දැන් නම් වැඩ අඩුයි .. ඒ හන්දා ගානක් නැහැ ... කව්වා වගේ බලන් ගිහාම අපි ඔකොම පළවෙනායාවත් අන්තිමයාවත් නොවෙයි

ගීත් said...

කාලය ගැන නම් කථා කරලා වැඩක් නැහැ. කාලය කාලයට ooන විදිහටයි යන්ෙන් අපිට පාලනය කරගන්න බැරි තත්වයක් උදා weලා තිෙයන්ෙන්.

ෙම් mage පැය 24 geweන හැටි

පැය 12 ක් කාර්යාලෙය්
පැය 3 ක් මහ පාෙර්
පැය 6 ක් නිදි
පැය 3 ක් නාන්න ෙරදි hooදන්න සහ උයන්න.

ගීත් said...

උබ අන්තිමයා හරි ෙවනවා. මට සහබාගි ෙවන්නවත් බැරි තත්වයක්. ෙකාම හරි ෙම් පාර නම් මම අන්තිමයා හරි උනා :)

වැප් said...

@ගීත්
හේ අද තමයි දැක්කේ ...

Post a Comment