Thursday, April 8, 2010

අවුරුදු 8 කට පස්සේ ඉස්කොලේ ගියා

ආ මේක දැක්ක ගමන් හිතන්න එපා, අයිත් මම ඉස්කොලේ යනවා කියලා. එත් ඉතින් අවු 8 පස්සේ හරිම ආසාවෙන් තමයි ඉස්කොලේට ගියේ. පරණ මතකයන් අවදි කර ගනිමින් යාලුවොටික පහුගිය දවසක බිග් මැච් ඉවර වෙලා අපේ පාසලට පැමිණියා අලුත් වෙනස් කම් මොනවද කියලා බලන්ට. සැහෙන වෙනස් ... පුදුම සතුටක් දැ‍නුනේ අපි හිටපු පන්ති කාමර ටික දැක්කහම. මතක ඇතිනේ මම කලින් පොස්ට් එකක කිව්වා හයේ ඉඳලා අට වෙනකල් E පන්තියෙත්, ඉන්පසු B පන්තියටත් වැටුනා කියලා. ඒ එක්කම ආයිත් උසස් පෙල කරද්දි නැවත වරක් අර E එකේ හිටපු සෙට් එක හම්බුනා. ඒ කස්ටිය තමයි මේ පල්ලෙහා ඉන්නේ.

ෆොටෝ දෙකක් දාන්න උනේ .. එකෙක් ෆොටෝ ගන්න වැඩේ කරපු හින්ද... නැතන්ම් සමුහ චායාරෑපය අවුල් යනවානේ. මම ඉතින් ඔයා අලුත් එව්වා ඔපරැට් කරන්න දන්නේ නැහැ. එහාන්දා මං චායරැප දෙකේම පෙනී සිටිනවා .. හි හි [ඔය සමූහ ඡාය රූප දෙකනම් ඉස්කොලෙදි ගත්ත එව්වා නෙමෙයි හරිද]

දන්නවානේ කස්ට්ය, වැප් කොහෙමත් පිලිවෙලට වැඩ කියලා. එහන්දා පටන් ගමු ඉස්කොලේ නම තියන තැනින්ම.


ඊට පස්සේ බලමු, ඉස්රහර ගේට්ටුවෙන් එනකොට අපේ බුදු මැදුර පේන හැටි. ඒ දවස් වල මාස තුන හතරකට සැරයක් එනවා එක පන්තියක් මෙතන බුදුන් වඳින. එතකොට ඉතින් අපි මෙතන තමයි වැඳගෙන ඉන්නේ ...
[ වලාකුලක් අතුලේ දාගන්න]


උසස් පෙළ තියන පන්ති හා දහය හා එකොලහ වසර තිබුණේ මෙන්න මේ හරියේ.



ඔන්න ඔහොමයි අපි අවු 8 කට පස්සේ ඉස්කොලේ ගියේ.. ඔය දකුණු ඇත පැත්තේ දොරක් තියන පන්තියේ තමයි අපි උසස් පෙළ කලේ. ඔතන තමයි කස්ටිය සින්දු කිව්වේ හා පේ ෆොන් කාඩ් සෙල්ලං කලේ හා ඉගෙන ගත්තේ ... මම නම් ඔව්වාට එච්චර සම්බන්ද උනේ නැහැ. මොකද වැඩි පුර මම 2 කට කලින් හෙවත් 11 ට විතර නම් ටික මාක් කලාට පස්සේ, මෙන්න මේ පල්ලෙහා චායාරුපය හරියේ තියන තාප්පයෙන් පැනලා ගෙදර ගොයා ....



ඉස්කොලේ විස්තරය ඉවරයි ... අයිත් 2011 ගියාම මේ ගැන ලියන්නම්. [ ඔතන ඉන්න ඔක්කොමල්ලා දැන් මාමලා ... එකෙක් පියෙක් උට දුවක් ඉන්නවා දැන් ... මාස 2 ක විතර ]

වැප්

14 comments:

හෙළයා said...

ෂං... පරණ මතකයන් සුන්දරයි...

චතුරංග රූපසිංහ said...

අම්මෝ තාප්පේ උස

බුද්ධි said...

අර තැඹිලි පාට ටී එක ඈදං ලැජ්ජාවෙන් ඉන්න එක්කෙනාද ඔයා?

රවා said...

සුද්දො වගෙ ලංකාවෙ එකෙක් වත් නැහැ..මොකද බන් උඹෙ බඩ මගෙ අම්මෙ.. ඉස්කොලෙ පොස්ට් එකට පින්තුරයක් දාලා උඹ ලොකෙටම පෙන්නුවා උඹට රා කල හතක් ඇතුලට දාගන්න පුළුවන් වෙයි කියලා.. නෙද...

වැප් said...

@හෙළයා
හම් එදා අපි පැය භාගයක් විතර ඉස්කොලේ ඇවිද්දා ...

@චතුරංග රූපසිංහ
ටිකක් විතර උසයි

@බුද්ධි
ඔව් ඔව් ...[අනේ ම‍ගේ කට]

@රවා
කොහෙද බොල මට බඩක්, ඇරත් උබ දන්නවාද ඒක හදාගන්න මම ගත්ත මහන්සියක්

[ සුද්දෝ ... හා හා ෆැලැෂ් එක නොතිබ්බානම් උබට හිනාව විතරයි කිහිප දෙනෙකුගේ පෙන්නේ {මමත් ඇතුලුව }]

Bandara( බණ්ඩාර) said...

අපිටත් ඉස්කෝලේ කාලේ මතක් වෙනවා. ඒත් යාලුවෝ කොහෙද ඉන්නේ කියලාවත් දැන් ආරංචියක් නෑ.අපි ඉස්කෝලේ ගි‍යේ මීට වසර 14කට කලින්...

Hasitha said...

තමන් ගිය ඉස්කෝලෙට ආයි ගිහින් ඉස්කෝලෙ පුරා යද්දී අතීතයේ කරපු වැඩ කිඩ කොච්චර නම් මතක් වෙනවද ?

wath said...

ඒ වැප් ... මම චමිල අඳුරනව. අපොයි දැන් අපි තරහ වෙලා... හ්ම්..

වැප් said...

@Bandara( බණ්ඩාර)
හෆොයි එහෙමද ... කොහොම හරි හොයා ගන්න් .. කවුරුත් කැමැත්තෙන් ඇති එකතු වෙන්න අනිවා

@Hasitha
හම් ඒක හරි ....

@wath
ඇ ඒ කො‍හොමද .... ඒබුවා අදුනන්නේ ... ඔයත් ඇන්ඩ්ටිවත්ද?
බ්ලොග් යුර්එල් එකේ නම තමයි ම‍ගේ ජිමෙයිල් එන්ට කෝ කතාවක් දාන්ට

wath said...

ඇන්ඩ්ටිවත්ද???

වැප් said...

@wath
NDT

පිස්සා පලාමල්ල said...

ජීවිතේ හොදම කාලේ නේද මචන් ඉස්කොලේ කාලේ

වැප් said...

@පිස්සා පලාමල්ල
ඔව්නේ ...

Ansh Lucky Sri Jay said...

සා.. සෝක් යාලුවො ටික ..
:D :D

Post a Comment