Saturday, April 10, 2010

ටැබූ සබ්ජෙක්ට් - බෞද්ධායට අපහාස - NGO කලාව

[ඔහු මේම නින්දිත විවේචන ලිපි ලියනේනේ බෞද්ධයට පමණක්ම නොව නමුත්, මෙහෙදි මා කතා කරන්නේ බුදු දහම පැත්තේන් පමණි]
දඹදිව උපත ලද හා ලොවට ශ්‍රේෂ්ට මෙන්ම ඉතා ප්‍රයෝගික දහමක් පහදා දුන් බුදරුරජානණ් වහන්සේට, ගෞතම යන කෙටි නමින් හඳුන්වා දීමට තරම් තම මනස මෙහෙයවිය හැකි මේ අපුරු බ්ලොග් ලියන්නා, ඔහුටම අනුව බෞද්ධයෙකු නොවන බව පවසා සිටියි. කෙසේ වෙතත් අද බුදුරදුන් හිටියා නම් මෙම අමාන්ත්‍රණයට උපේක්ෂාවෙන් අසා සිටිනු ඇත. වසර 2010 ගෙවා දමන මේ යුගයේ මානව ශිෂ්ඨාචාරයේ අති දියූණු යයි සම්මතය. එහෙත් එම දියුණුව තුල අවම ස්වයං විනයක් පවත්වානොගැනීම හෝ තමාට අදාල නැති දෙයක් අපහාස වන අන්දමෙන් විවේචනය කිරිම කොතෙකු දුරට ඔය කියන්නා පරිදිම මානුෂික වන්නේද?

කතා කලොත් [පරණ ලිපි වල ඇති රචනයන් අධ්‍යනයෙනි] මුලු අමාෂයම පිරෙන්ට මානුෂිකත්වය කඩා ඉහිරෙයි එහෙත් කරන වැඩ කාට හෝ පල ප්‍රයෝජනයක් නැති අපහාසයකි, උපහාසයකි, විවේචනයකි. රටට කඩා වැදි මෙවන් NGO මාෆියවේ උතුරා යන ප්‍රේමය ප්‍රකාශ කරිම් පටු කොට ඇත්තේ තවත් එවන් බෞද්ධයාට අපහාස කරන්නෙකුට හැර වෙන කා හටද?. එකෙකු මියයවන්න උත්සාහ කිරිමත් තව එකකු වෙනුවෙන් වටරවුමක බොඩ් කැල්ලක් ඉසිමට අමතක නොකර මේ NGO නඩය මෙතරම් බෞද්ධයා හා විරුද්ධ වන්නේ මන්ද? ලිවිම් නිදහස නැතැයි කියමින්, වල් බූරු නිදහසේ ගැඹුරටම පිහිනා යන මෙවුන් දිය බුං ගහන්නේ බෞද්ධයාගේ හා එම සංස්කෘතියේ ඇති අඩුපාඩු කම් විවේචනය කිරිමෙනි. විවේචනය හා විවධ වු අදහස් මතින් හොඳදේ ඔප වි සමාජ ගත වීම අත්‍යවශ්‍ය කරුණක් වුවත්, බුදරජානණ වහන්සේගේ ලිංගය පිහිටි ස්තනයෙන් අපේ සමාජයට හෝ සමාජ ප්‍රතිශෝධනයට උත්පේරකයක් වන්නේද? හුදු අපහාසයම තම මාතෘකාව කොට ගනිමින්, ඉපැරණි පුස්කොළ හා පොත් පත් පෙරලමින් මේ සොයන්නට උත්සුකවන්නේ නිවනට මාර්ගය හෝ දුකින් මිදිමේ මාවතද? අවයව, පොතේ සඳහන් පරදි අනුරුවකට ගෙන ගොරිලෙකුට සමාන කිරිමට තම නැණැස මෙහෙය වන මොහුට, තේරුම් ගැනීමට නොහැකි කරුන බවට පත්ව ඇත්තේ සියල්ල වෙනස් වෙනවා යන්නයි. එනම් එම පොත් පත් හෝ පුස්කොළ පොත් වල, චරිකයකට හෝ වර්ණනාවකට, වැඩි අගයක් දිමට යම් අතින් දැමු කොටසක් ඉදිරිපත් කරන බව මොහුට අමතකය. නමුත් මොහු එම කර්තවයය එදාට වඩා හොදින් අද සිදු කරයි.

වටිනා ලිපි හෙවත් සමාජය‍ වෙනුවේන් ලිපි කිහිපයක් පල කර බෞද්ධායට හා සංස්කෘතිය අපහාස වන ලිපියක්ද අතර තුර රිංගා දමන්නේ කාගේ උවමනාවක්ද? සත්‍ය අරමුණ අපේ සංස්කෘතියට අපහාස කිරිමේන්, ලිපියට වැඩි අවදානයක් ගැනිමද? නැතිනම් මුදලට වහල් වි ඉල්ලක ගත සමාජ අපහාසයක්ද? සමාජයක හෝ සංස්කෘතියක වැරදි හා අසම්මත දේ ඇත. එයයි සමාජය හා විවිධත්වය. නමුත් මේ මහා හසල දැනුමක් ඇත්තවුන්ට එය වැට හෙන්නේ නැත. එම විවධත්වය යොදාගෙන හා විවදත්වයේ නාමයෙන් මෙසේ සමාජ සංස්ථා හෝ ‍ඉතිහසය තුල ශ්‍රේෂ්ට යයි සම්මත පුද්ගලයන්ට අපහාස කල හැකිද?

සත්‍ය ලෙසම සමාජ ශොධනයකට ලිපි ලියන්නේ නම්, හා ඒ අතර තුර බුදුරජාණන් වහන්සේගේ අවයවය පිහිටි තැන සෙවිම යනු. දොවාගත් කිරි කලයට ගොම බින්දවක් දමා ගැනීම වැනිය.

වැප්

16 comments:

Anonymous said...

මට කීමට ඇත්තේ ඔබ ඉන්දියාවෙන් එපිට රටකට ගොස් නැති (සමහර විට ඔබට මැදපෙරදිග පිලිබඳ අත්දැකීම් ඇති) සැබෑ නිදහස යනු කුමක්ද යන්නවත් නොදන්න ඒ පිලිබද කිසිදු අත්දැකීමක් නැති දේශප්‍රේමියෙකු බවයි.

I only got two words for you. "GROW UP"

මාරයාගේ හෝරාව said...

Anonymous....

අනේ ඇනෝ නොදන්නා කමටයි අහන්නේ ඇත්තටම ඔය කියන නිදහස මොන වගේද?
රට රටවල් ගානේ යෑමට නොහැකි වීම නූගත් කමට හේතුවක්ද?
දේශප්‍රේමියකු වීම අපරාධයක්ද?
ඔබ වැනි රට රටවල සංචාරය කර ඇති නිදහස පිළිබඳ සියළු දේ දන්නා උගතෙකුගේ දැනුමට අපහාස කළා යැයි නොසිතනු මැන.
අපි ඉතින් මෙ රටෙ ඉපදිලා ,මෙ රටෙ හැදෙන වැඩෙන දේ කාලා,ලොකු මහත් වෙලා ,අපේ රටෙ පාසල් වල අකුරු කරලා, යන්තම් ඔහේ ජීවත් වෙන අය නෙව. අපි ඉතින් අපේ තියෙන මෝඩ කමට සහ අර ඔහේලා කියන විදියට කොදෙව් මානසිකත්වය නිසා මෙ උපන් බිමට ආදරෙ කලාට..
මොන දේ උනත් මෙකම බදාගෙන ඉන්නවා මිසක් වෙන මොනවා කරන්නද..?
ගැත්තාට අවසර...

kolu said...

බුදුන්ගේ අවයව ගැන විග්‍රහ කර අනෙකුත් පුද්ගලයනුත් NGO නඩයට අයීතියද?

Anonymous said...

Gon katawak, budu hamuduruwange lingaya gana newei, Darshanaya gana hithanna

රවා said...

වැපා මෙතන මෙ වගෙ ප්‍රශ්නයක් තියන්නෙ..කිපදෙනෙක් ඉන්නවා. ඉංග්‍රිසි ටිකක් හොදට ඉගෙන ගෙන. මාක්ස්, ලගෙ , ලෙනින් ලගෙ පොත් කියවලා... එ රට වල්වල එම්බසි ඉස්සරා හිඟා කාලා. කොහොමහරි වීසා එක ගහගෙන රට යනවා. ඇමරිකාව, බිරිතානය ඔය පැති වල මිනිස්සු හැසිරෙන හැටි දැකලා.. ලංකාවට ආපු හාම උන්ට අමතකයි උන්ගෙ අම්මාගෙ නමත්.. උන් එක්කලා තර්ක කරන්න යන එක උන්ගෙ වචන වලින්ම කියතොත් pointless වැඩක්.. බුදු හාමුදුරුවො වචනෙන්ම වදාරලා තියනවා.. කෙනෙක් බුදු හාමුදුරන්ට බනිද්දි තරහා ගන්නෙ නැතුව අහන් ඉදලා එයා කරන චොදනාවෙ හරි වැරැද්ද විමසන්න කියලා.
මෙතන තියන්නෙ මෙයාලගෙ මොලවල ප්‍රශ්නයක්.. බුදු හාමුදුරුවො දෙශනා කරලා තියන කරුණු ගැන අවබොදයක් නැති මිනිස්සු.. මෙගොල්ලා හිතන්නෙ විද්‍යාව, ගණිතය තමයි හැමදෙම කියලා, තර්කයට අහුවෙන්නෙ නැත්නම් එවට හිනාවෙනවා. හිතන් ඉන්නෙ ලොකය, විශ්වය හදලා තියන්නෙ මිනිස්සු කියලා, මෙයාලා ඇණ ගන්නෙ දුර වැඩි ඇතක නෙමෙ. මෙයාල දැන් ටිකක් සල්ලිත් එක්ක උඩ පැන පැන හිටියට පරම්පරාවල් අන්තිම දුකෙනුයි ,තරහවෙනුයි කෙලවර වෙන්නෙ..

Anonymous said...

These days the whole western world talks about the sexual abuses committed by the Roman catholic Fathers in Ireland .
Sri Lankan press hides the sexual scandals by Christian priests while giving extra coverage if something like that happens by a Buddhist priest.

We are aware of the N.G.O s WHO'S PAYING WHO who's insulting our religion and our culture who's conspiring to destroy our religion DON'T WASTE YOUR TIME WE WILL NOT LET THAT HAPPEN

Kathandarakaraya said...

කට්ටිය වැරදි පාරේ නේද යන්නේ?
ටැබූ සබ්ජෙක්ට්ස් කියන මාතෘකාවේ තේරුම ගැන හිතන්න.
අදහස් දැක්වීමේ වරදක් නැහැ. වචන වල තේරුම සාපේෂවයි අපි දකින්නේ. අපහාස වුනා කියන්නේ කොහොමද?

taboosubjects said...

බබාල ටික සෙල්ලම් කරල ඉවරවුනාම ගිහින් හොඳට අත හෝදගෙන කෑම කන්න හොඳේ?

මාරයාගේ හෝරාව said...

ආ ලොකු උන්නැහේත් ඇවිත් තියෙන්නේ..
අපි නම් ඉතින් බබාලා නෙව.
අපි මොනවා දන්නවද..?
මෙන්න උගතා,
මෙන්න වැඩිහිටියා..
මෙන්න පොර..

Anonymous said...

@ මාරයාගේ හෝරාව
ඔය උඩින් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ ඇත්ත ටැබූ නෙමෙයි.
ටැබූ කමෙන්ට් කරන්නෙ OpenID එකෙන්.

Danfun said...

" දඹදිව උපත ලද හා ලොවට ශ්‍රේෂ්ට මෙන්ම ඉතා ප්‍රයෝගික දහමක් පහදා දුන් බුදරුරජානණ් වහන්සේට "

- ඔබ පටන් ගත් විලසින් ඔබේ ලේඛන කලාවේ බර තැබීම පැහැදිලියි. නමුත් වෙනස් අයුරකින් අදහස් දක්වන්නෙකු අතින් ඔබේ ලේඛන රටාව සමඟ නොගැලපෙන ලිපි ලියැවීම සාමාන්‍ය ස්වභාවය නොවේද ?

ඔබගේ අරමුණ අනුව, ඔබට අවශ්‍ය බුදු දහම මාර්කට් කර ගැනීම නම්, කළ යුත්තේ ඊට පරිබාහිර උන්ගේ ලිපිවලින් ඊට සිදුවන අතවර ගැන තැවීමට වඩා, ඒ සඳහා ඔබින ලිපි වැඩියෙන් පළ කිරීම බව තමයි මගේ හැඟීම. - ස්තුතියි.

වැප් said...

@සියල්ලට
අදහස් දැක්වු සියල්ලන්ටම තුති .................

මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ ඔබට කැමති පරිද වෙනස් කරගත හැක .........

Thamara said...

මේ.. මේ.. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. කවුද මේ ටැබූ කියන්නේ.
බලු පැටියෙක් ගැනද කියන්න්නේ?

CD Athuraliya said...

බුදුන්ට ගෞතම යැයි නමින් ආමන්‍ත්‍රණය කරමින් බාල ගණයේ එෆ්.එම්. නාලිකාවක පුහු අධිමානය ප්‍රකට කරන ඔහු ගැන දෙවරක් සිතිය යුතු නැත. මිත්‍යාවේ ගැලී ඇත්තේ තවුදැයි පාඨකයාට බුද්ධිමත් පාඨකයාට අවබෝධ වනු ඇත. ඉතා අගනා ලිපියකි!

යෝගී... said...

හිතේ තියෙන දේ කොන්ද පන ඇතුව කිව්වාට උඹට මගේ ආචාරය !

Prabhath Darshana said...

වැප් ගේ කතාව ඇත්ත.
මේ අජූත එන්.ජී.ඕ. කාරයින් විසින් අ‍‍ගේ ඉඳන් කන හැපීමට දරන උත්සාහය නීචයි. නින්දිතයි. එහෙත් බුදු වදනට අනුව උපේක්ෂා ජනකයි.
පවු අසරණ එන්.ජි.ඕ. කාරයො.

Post a Comment